එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.

Homo Sapien

Member
Dec 9, 2013
32
35
0
එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.


අපේ අනාගතය ගොඩ නඟාගන්න පොඩි කාලේ ඉඳන් අපි කොච්චර සිහින දකිනවද? ප්ලෑන් ගහනවද? ඒත් ඒවගෙන් කීයෙන් කීයද අපිට සැබෑ කරගන්න පුළුවන් වෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුවක් තමා අපේ ඉලක්ක සපුරා ගැනීමට අපි ලඟ නිසි සෑලසුමක් නැතිකම. ඒ වගේම ඒ සඳහා නිසි කාල රාමුවක් තුල වැඩ නොකිරීම. උදාහරණයක් ගනිමු. අපි උසස් පෙළ ඉහලින්ම සමත් වෙන්ඩ ඕනෙනම් ඒ අවුරුදු දෙක තුල උපරිමෙන් වැඩ කරන්ඩ ඕන. නමුත් විශේෂයෙන්ම අපේ මල්ලිලා වැඩ කරන්ඩ පටන් ගන්නේ අන්තිම මාසෙ හෝ දෙකේ. එතකොට ලොකු පීඩනයක් තියනවා. ඒ අතරෙ ගෙදර හරි සමාජෙන් හරි වෙන ප්‍රශ්නයක් ආවොත් තවත් පීඩනය ( stress එක )වැඩිවෙනවා. කාලය ගිලිහී යනවා. තව දෙයක් අපි එක පාර වැඩ කීපයක නිරත වෙලා ඉන්න කාලෙක ඒ හැම එකකටම ප්‍රමුඛතාවය දීගෙන වැඩ කිරීම හරිම අසීරුයි. මම තවත් පැහැදිලි කරන්නම්.උසස් පෙළ කරන ගමන් ඉස්කෝලෙ බෑන්ඩ් එකේ ඉන්න , ක්‍රීඩා, ශිෂ්‍ය නායකකම් කරන (කෙටියෙන් කිව්වොත් බාහිර වැඩ ගොඩක් කරන ) උන්ට හැමදේම කාලයත් එක්ක කළමනාකරණය කර ගන්ඩ හරිම අමාරුයි. උන්ගේ ඔළු නිකන් යකාගේ කම්මල වගේ වෙනවා.
ඉතින් අපේ එදිනෙදා වැඩ කාලයත් එක්ක හදා ගන්න සරල ක්‍රමයක් තමා මේ මම කියන්ඩ යන්නෙ. ඒ තමා "ගාන්ට් චාර්ට්" (Gaant chart). මේක බහුලවම භාවිත වෙන්නෙ ව්‍යාපාර ක්ෂේත්‍රයේ. නිශ්චිත කාලරාමුවක් තුල මඟ හැරීම් වලින් තොරව වැඩේ කරගන්ඩ මේක ඉතා උචිතයි. IT , Management ඉගෙන ගන්න එවුන් නම් මේ ගැන දන්නවා ඇති. මේකෙදි කරන්නෙ අපේ ඉදිරි ප්ලෑන් කිහිපය පියවර විදිහට වගු ගත කරලා ඒට ගතවන කාලයත් එක්ක Time Table එකක් හදන එක.සරලව කිව්වොත් අවුරුද්දක Project එක සතිපතා හෝ දිනපතා කරන වැඩ කෑලි වලට කඩන එක. ඒ වගේම චාර්ට් එක සැරින් සැරේ Review කරලා වැඩේ පිළිවෙලට යනවාද බලන්ඩ ඕන.
ගාන්ට් චර්ට් එක මොකක්ද, භාවිත කොරන්නෙ කොහොමද කියලා වැඩි දුර ඕනෙ නම් Google දෙය්යගෙන් අහලා බලපල්ලා.


ඒක නෙවෙයි මම කියන්ඩ ගියේ.දැන් කොහොමෙයි ඕක හදන්නේ?............
හදන්ඩ ඕන්නෑ බොලව්.

මට හම්බ වුනා Excel වලින් හදපු නියම ගාන්ට් චර්ට් Format එකක්. උඹලටත් පහල ලින්කුවෙන් Excel work sheet එකක් විදිහට ඒක බාගතෑකි.
එතනින් Gannt Chart Template For Excel කියන එක බාගන්න.


http://download.cnet.com/windows/vertex42/3260-20_4-6266331.html


63610e85c7510a0e7913463c88b3819ffced_1excel-gantt-chart-MF_large_540x352.gif


ඉහත රූපයේ සිරස් රතු ඉරකින් දැක්වෙන්නේ අද දවස. ඒක දවසින් දවසට වගුවේ දකුණු පැත්තට ගමන් කරනවා. රතු ඉරෙන් වම් පැත්තේ තියෙන්නෙ අපි ඉවර කරපු කොටස්. දකුණු පැත්තෙ තියෙන්නෙ අපිට ඉවර කරන්ඩ තියෙන වැඩ.

Functions ලියල තියෙන නිසා අපිට වැඩි වැඩක් නැහැ. Today's date සහ start date විතරක් වෙනස් කරාම ඇති. ඉතිරි සේරම Date, Calender ඒ අනුව Auto වෙනස් වෙනවා. ඕන විදිහට date සහ අපේ වැඩ ඕකෙ කොටලා දාගන්ඩ විතරයි තියෙන්නෙ. මම ඉතින් "අ"යෙන්නෙ "ආ"යන්නෙ ඉඳන් කියන්ඩ ඕනෙ නෑ. පුරුදු වුනාම උඹලටම තේරෙයි. එක දවසට විවිධ ප්ලෑන් වල වැඩ කීපයක් වුනත් වැටෙන්ඩ පුළුවන්.ඒක උඹලගේ කාර්ය බහුලත්වය මතයි තීරණය වෙන්නෙ.

හැබැයි පුතෝ හදලා විතරක් මදි ඒ පිළිවෙලට වැඩේ වෙන්ඩත් ඕන. එතකොට තමා උඹලගෙ ඉලක්ක වලට යන්ඩ පුළුවන් වෙන්නෙ.


( පසුව ලියමි. - බොලා කෙල්ලව හම්බ වෙන්ඩ යන එව්වා, උන්දෑව හුරතල් කොරන ඒවා වගුගත කරන්ඩ නම් එපා. ඒකි දැන ගත්තොත් උබලා ලව් කරන්නෙ time table එකකට අනුව කියලා ඒ project එකත් කම්මුතුයි. )
 
Last edited:

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ලොල්..මොන හුයන්නක්ද ඕයි මේ? චාර්ට් එකකට අනුව ජීවත් වෙන්න පුලුවන්නම් මොනවා කොරන්න බෑරිද බන්.. අනික මොන රෙද්දට ප්ලෑන් එකකට ජීවත් වෙනවද... ජීවිතේට නිදහසේ ගෙවෙන්න දීපන් ලිමිට්ස් ඈතිව.. හරිදේ කරපන්.. නිකන් ආටිෆිශල් මිනිස්සු වෙන්න එපා.. හිරිකිතයි.

This reminds me Dr.Sheldon Cooper :lol:
 
Last edited:

Homo Sapien

Member
Dec 9, 2013
32
35
0
ලොල්..මොන හුයන්නක්ද ඕයි මේ? චාර්ට් එකකට අනුව ජීවත් වෙන්න පුලුවන්නම් මොනවා කොරන්න බෑරිද බන්.. අනික මොන රෙද්දට ප්ලෑන් එකකට ජීවත් වෙනවද... ජීවිතේට නිදහසේ ගෙවෙන්න දීපන් ලිමිට්ස් ඈතිව.. හරිදේ කරපන්.. නිකන් ආටිෆිශල් මිනිස්සු වෙන්න එපා.. හිරිකිතයි.

This reminds me Dr.Sheldon Cooper :lol:

යකෝ, මෙතන උබලා කන හැටි, බොන හැටි, රෙන හැටි වගුගත කරන්ඩ ඕනෙ නෑ. උඹ මොනවා කිව්වත් වර්තමාන සමාජෙ ගොඩක් අය තමන්ගෙ විශේෂ ඉලක්ක වලට යද්දි හිත අස්සෙ කාල සටහනක් ගහගෙන ඒ අනුව තමා වැඩ කරන්නෙ. (උදා - පාඩම් කරන ළමයෙක් මම මේ දවසට අහවල් පාඩම ඉවර කරනවා ආදී ලෙස ) ඉතින් සහෝ මේකෙන් අපේ හිතේ තියෙන Time Table එක අපේ Computer එකට භාර දීලා නිදහස් වෙන්ඩ පුළුවන්. හැමදේම Artificial වෙන්න ඕනෙ නැහැ. අජීවී දේවල් එක්ක කරන ගනුදෙනු විතරක් මේකෙ ඇතුලත් කරපන්. ඒකයි මම මේ නූලෙ ලිව්වෙ කෙල්ලත් එක්ක කරන ගනුදෙනු ඇතුලත් කරන්ඩ එපා කියලා.
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හ්ම්ම්ම් ගුගල් කැලැන්ඩර් එකයි, any.do කියල android ඇප් එකකුයි පාවිච්චි කරනවා.
    ඔය දේවල් ගොඩක් දුරට එකෙන් කරගත්තකි..
    ඔෆිස් ඉන්ස්ටෝල් කරලාත් නෑනේ..
    මොනා උනත් බෙදාගත්තා එකට තැන්ක්ස් :D
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    හ්ම්ම්ම් ගුගල් කැලැන්ඩර් එකයි, any.do කියල android ඇප් එකකුයි පාවිච්චි කරනවා.
    ඔය දේවල් ගොඩක් දුරට එකෙන් කරගත්තකි..
    ඔෆිස් ඉන්ස්ටෝල් කරලාත් නෑනේ..
    මොනා උනත් බෙදාගත්තා එකට තැන්ක්ස් :D

    Ow machan mobile app eka wagema eka pc ekata synchronize karannath puluwan app ekak thiyenawanam watinawa.
     

    Multi Style

    Member
    Nov 26, 2013
    9
    0
    0
    Download Now Click kalama Web Page Not Available kiyala wetenawa.
    Redirect wena Site eke aulak wage. machan down karapu ekek mediafire or dropbox up karala link eka denawada? Plz.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama nam podi to-do list ekak thiyan innawa. sathiye karanna thiyena wada etc. eth ithin oka kerenna na godak welawata :D