එන්න යාලුවේ.. කියවන්න, ජිවිතයට යමක් එකතු කර &#

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
එන්න යාලුවේ.. කියවන්න, ජිවිතයට යමක් එකතු කර &a

චීන පාරම්පරික වෙදකම සහ සටන් කලාව ..

උදෑසනම අවදිවන ඔබ ඉන් පසුව කරනුයේ දත් මැදීම, මුහුණ සේදීම ආදී කර්තව්‍යයන් ය. සැමගේ දෛනික කාර්යයන් සමඟ මෙය බද්ධව පවතී. දත් මැදීමේ ක්‍රමය, මුහුණ සේදීමේ ක්‍රමය අතීතයට වඩා අද වන විට බොහෝ වෙනස් වී තිබේ. :yes:

අඟුරු කැටය වෙනුවට බොහෝ කාලයකට පෙර දන්තාලේප ආදේශ විය. සබන් ආදේශ විය. අද දවසේ මුහුණ සේදීමට උත්සාහ කරන්නෙකුගේ චින්තනය තුළ දන්තාලේප, සබන්, රැවුල කැපීමේ උපකරණ, ආෆ්ටර් ෂේව්, ආදී අවශ්‍ය දේ පිළිබඳ සිතීමක් ඇත.

Pissu.jpg

මේ සිතීම ශරීරය පිළිබඳ සිතීමකි. ශරීරය සමාජය සමඟ බද්ධ වන තැනේදී සමාජයට ශරීරය ඉදිරිපත් කිරීම පිළිබඳ සිතීමකි. විනාශ වී ගිය, ජරාවට පත් ශරීරයට සමාජයේ සැලකීම පිළිබඳ ගැටළුවකි. එය ජීව විද්‍යාත්මක තලයකදී ශරීරයේ පැවැත්ම පිළිබඳ ගැටළුවකි. එමෙන්ම සමාජයේදී පුරුෂ විඥාණගත ව්‍යුහය පිළිබඳ ගැටළුවකි.

ශරීරය පිළිබඳ සිතීමේදී දීර්ඝ කාලීනව විවිධ සිතීමේ ක්‍රම සහ විධි ගොඩ නැගී ඇත. විද්‍යාව නම් මතවාදය ප්‍රමුඛව වෙළඳපොල බලවේග ශරීරය පිළිබඳ සිතීමේ ව්‍යුහයන් ගොඩ නංවා ඇත. මද උණ, හිසේ රුදාවේ පටන් ප්‍රථමික රෝගී තත්වයන්ගේ සිට ප්‍රථමාධාරයන් ලබා දීම දක්වා පැරසිටමෝල් පෙත්ත (වෙළඳ නාමය ඔබ මතක් කර ගන්න.) ආදේශ වීම නිදසුනකි. ශරීරය පිළිබඳ සිතීම අපේ ජීවිතය තුළ අර්ථවත් වන්නේ බොහෝ විට වෙළඳපොල බලවේගයන්ට යටත්ව ය.

ශරීරය, ශරීරය ගොඩනැඟීම පිළිබඳ විවිධ තාක්ෂණයන් ලොව පුරා ක්‍රීඩා ‍ක්ෂේත්‍රයන් තුළ පැතිර පවතී. ශරීරය පිළිබඳ විවිධ විද්‍යාත්මක ප්‍රවේශයන්, තාක්ෂණයන්, විවිධ සංස්කෘතීන්ට සාපේක්ෂව ගොඩ නැගී ඇත. බටහිර වෙදකම ශරීරයට කරනු ලබන මැදිහත්වීමට අදාල න්‍යායාත්මක තත්වයන් බටහිර විද්‍යානුකූල ව ගොඩ නැගී ඇත.;) චීන වෛද්‍ය විද්‍යාව සහ ඉන්දීය වෛද්‍ය විද්‍යාව ශරීරය පිළිබඳ සිතීම වෙනස් ආකාරයකට ගොඩනංවා ඇත.


චීන වෙදකම ශරීරය පිළිබඳ විශ්වීය න්‍යායන් ඉදිරිපත් කරයි.


1. යින්ග් සහ යාන්ග් න්‍යාය (Yin and Yang Theory)
2. පංච මූල න්‍යාය (Five Eliment Theory)
3. චින්ග් ලුඕ න්‍යාය (Jing-Luo Theory)
4. අෂ්ඨ මූල න්‍යාය (Eight Diagram Theory)



yinyangday.gif



5El_chart_large_medium.jpg



5421112006125433_2.gif



ba-gua-later-heaven.gif


විශ්වයේ චලනය පිළිබඳ චීන සිතීම මුල් කර ගෙන ගොඩනැගී ඇති මෙම න්‍යායාත්මක පදනම තවත් සිතීම් පද්ධතියකට සාපේක්ෂව මිත්‍යාමය (Myth) ස්වරූපයක් අප වෙත නිෂ්පාදනය කළද, භාවිතාව එයට ප්‍රතිවිරෝධී බව පෙන්වා ඇත.


පහත උදාහරණයන් දෙස බලන්න :yes:

උදාහරණ අංක 01 -

නව චීනයේ නිර්මාතෘ මාඕ සේතුං (Mao Zedong) සහෝදරයා තම ප්‍රතිවාදී කුවෝ මින් තාං (Kua ming Tang) හමුදා සමඟ පැවැති සටනේදී ලත් අත් දැකීමක් මෙම සිද්ධියට පාදක වෙයි.

mao_and_friends.jpg

කුවෝ මින් තාං හමුදා විසින්, තම රතු හමුදා වට කරනු ලැබූ අවස්ථාවක චීනයේ ගංගාධාර ආශ්‍රිතව පැතිර යන වසංගත මැලේරියාවට රතු හමුදාව ගොදුරු විය. මෙහිදී මැලේරියාව මැඩ පැවැත්වීමට ලබා දෙන කුවිනින් නම් බෙහෙත් දැඩි සේ හිඟ විය.

northwest_army_kuomintang.jpg

මෙහිදී චීන පාරම්පරික වෛද්‍යවරුන් වහාම කටු චිකිත්සාව (Acupuncture) ඒ සඳහා උපයෝගී කර ගන්නා ලදී. කුඩා විෂ බීජයක් පරාජය කරනු ලැබුවේ කුඩා කටුවකිනි. එය මගින් සිරුරට යෙදූ බෙ‍හෙතක් නොවීම මෙහි විශේෂයකි. විෂ බීජයක් කුඩා කටුවකින් නවතාලන්නේ කෙසේද?

article-1082294-0253BBBA000005DC-125_468x336.jpg


මාඕ සේතුං සහෝදරයා මෙහිදී කුවිනින් ගත් සෙබළුන් ඉක්මනින් සුවපත් නොවන බවත්; වමනය යෑම, සිරුර පණ නැතිව යාම ආදී අතුරු ආබාධයන් වැඩි බවත් නිරීක්ෂණය කරන ලදී.

චීන කටු චිකිත්සාව මගින් ප්‍රතිකාර ගත් සෙබළුන් ඉතා වේගයෙන් සුවපත් වන බවත්, අතුරු ආබාධයන් නොමැති බවත්, සුවපත් වූවන් නිරෝගිමත් සහ වඩා කාර්යක්ෂම බවත් නිරීක්ෂණය කරන ලදී.

මෙහිදී චීන පාරම්පරික වෙදකම මිත්‍යාමය දෙයක් ලෙස බටහිර හඳුණා ගැනුන කාලයක චීන මනස හුරු කෙරෙන්නේද එම තත්වයටම ය. යටපත් වීමට තිබූ චීන පාරම්පරික වෙදකම යලි කල එළියට බැස බටහිර වෛද්‍ය කලාව, දියුණු තාක්ෂණය සමග සබැඳි නව වෛද්‍ය කලාවක් ජනිත වූයේ එහෙයිනි.

උදාහරණ අංක 02 -

මද උණ සහ යටි බඩ පෙදෙසේ වේදනාවක් සහිත චීන කාන්තාවක් බටහිර වෛද්‍යවරයෙකු මුණ ගැසිනි. එහිදී රෝග පරීක්ෂාවේදී දක්නට ලැබුනේ එම කාන්තාවගේ කුඩා අන්ත්‍රයේ අන්තර් අපිච්චදය මත බැක්ටීරියාවක් වැවෙන බවයි:baffled: සැත්කමකින් එය සූරා ඉවත් කල යුතු බව වෛද්‍ය මතය විය.

157062080.jpg



සැත්කමට බිය වූ එම චීන කාන්තාව චීන පාරම්පරික වෛද්‍යවරයෙකු හමු විය. එම වෛද්‍යවරයා පැවසූයේ එම කාන්තාවගේ සිරුරේ ශක්තිය ගෙන යන (Vital Enargy) ගමන් මාර්ග වල (Jing-Luo) කුඩා අන්ත‍්‍ර පථයේ (Small intestine Channel) ශක්තියේ ගමනා ගමනය දුර්වල වීඇති බවයි.

ඉහත ප්‍රකාශ පසෙකට වී සිතා බලන විට පළමු රෝග පිරික්සුම අපට නිවරදි, ජීවිතයට සමීප සහ වඩාත් නිවරදි යැයි කාට හෝ සිතෙන්නට පුළුවන:rolleyes: :rolleyes: නමුදු එම චීන කාන්තාව බටහිර වෙදකම වෙනුවට චීන වෙදකමේ පිළිසරණ පැතුවාය. රෝගය ඉතාම හොඳින් සුව විය.

tcd.jpg


බටහිර වෛද්‍යවරයා පැවසූ දේද නිවරැදි විය. එය චීන වෛද්‍යවරයා පැහැදිලි කලේ මෙසේ ය.

"බැක්ටීරියාවක් වැවෙනවා තමයි. එය සූරා ඉවත් කල පසු නැවත වැවීමේ හැකියාවක් පවතිනවා. නමුත් අපේ ප්‍රවේශය ශාරීරිකයි. මෙම කාන්තාවගේ සිරුරේ කුඩා අන්ත්‍රයේ අන්තර් අපිච්චදය මත නැවත බැක්ටීරියාවක් නොවැවෙන තැනට එය ශක්තිමත් කිරීම, ගොඩ නැංවීම අපේ කාර්යයයි."

චීන වෛද්‍ය කලාව (Traditional Chinese Medicine) තම න්‍යායාත්මක, ප්‍රායෝගික දැනුම් සම්භාරය ත්‍රල ශරීරයේ ගොඩනැංවීම පිළිබඳව ඉදිරිපත් කරනු ලබන ප්‍රවේශය තුල චීන සටන් කලාව (Wushu or Chinese Martial Arts) ගොඩ නැගුනි.


pagina012.jpg


චීන සටන් කලාව (Wushu) එබැවින් ශරීරය ගොඩ නැංවීම පිළිබඳ විද්‍යාවක්ද, එය ජීවිතය සහ පැවැත්ම පිළිබඳ මිනිස් ගොඩ නැංවීමක්ද වන්නේ එහෙයිනි. ශ්‍රමයේ කායික සහ මානසික ස්වරූපයන් සමඟ ප්‍රබලව දායක වන; ජීව විද්‍යාත්මක තත්වයන් ක්‍රමානුකූලව ගොඩ නැගීමට, පවත්ව ගෙන යාමට චීන පාරම්පරික විද්‍යාත්මක ප්‍රවේශයන් කොපමණ වැදගත් වේද?

Bagua-Zhang-Basic-Styles.jpg

චීන සටන් කලාවේ අභ්‍යන්තරික සටන් කලාවන් (Internal Martial Arts) බිහි වන්නේ මෙවන් පසුබිම් තුලය.
:yes: :yes:

19_trnsFeatured.jpg



චීන ජාතික සුන්ත් සු (Sun Tzu) මෙසේ පවසන්නේ එහෙයිනි;

" මෘදු බලයට හැමෝම කැමතිය.
ජලය සියල්ලට ඉඩ දෙයි.
පසුව සියල්ල දියකර හරියි "



ඔයාලගේ ජිව්තයට යමක් හෝ එකතු වුනානම් මගේ උත්සහය සාර්ථකයි යාලුවනේ .. :love: :love:
Special Thanks and 100% credit - wushulk
 
Last edited: