බදු දැල පුළුල් වෙයි: මුදල් අමාත්‍යාංශයෙන් නව බදු සංශෝධන මාලාවක්!
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු නීතියක් බවට පත්වනු ඇත.
ප්‍රාග්ධන ලාභ බද්ද (Capital Gains Tax) ඉහළට:
පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා: 10% සිට 15% දක්වා.
භාර (Trusts), ඒකක භාර සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සඳහා: 10% සිට 30% දක්වා.
(ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභ මත මෙම බද්ද අදාළ වේ).
රඳවා ගැනීමේ බදු (Withholding Tax - WHT) ජාලය පුළුල් කිරීම:
සේවා සපයන්නන් රැසකට ගෙවීම් කිරීමේදී 5%ක බද්දක් කපා ගැනීම අලුතින් හඳුන්වා දී ඇත.
නව ලැයිස්තුව: විගණකවරුන්, තක්සේරුකරුවන්, පුද්ගලික පුහුණුකරුවන් (Personal Trainers), ඡායාරූප ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන්, සමාජ මාධ්‍ය විශේෂඥයින්, සන්නාම තානාපතිවරුන් සහ Freelancers වෘත්තිකයන් මීට ඇතුළත් වේ.
බදු සහන කාලසීමාවක් (Amnesty Period):
2023 මාර්තු 31 දක්වා ගෙවා නොමැති බදු මත එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට අවස්ථාව ලැබේ.
කොන්දේසිය: අදාළ මුල් බදු මුදල සහ දඩ මුදල් නව නීතිය ක්‍රියාත්මක වී මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන් පියවිය යුතුය.
බදු ගෙවන්නන්ට පහසුවක්:
2026 අප්‍රේල් 01 සිට ඇස්තමේන්තුගත බදු ප්‍රකාශ (SET) ගොනු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කෙරේ. ඒ වෙනුවට පසුගිය වසරේ ආදායම මත පදනම්ව වාරික ගෙවිය හැකිය.
මෙම සංශෝධන හරහා බදු පරිපාලනය සරල කිරීම සහ රජයේ ආදායම ඉහළ නංවා ගැනීම අපේක්ෂා කෙරේ.
Last edited: