එපා_එපා_මස්_කන්නට_කිරි_අම්මාගේ . . .

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මං දන්නවා මං මේක දැම්ම ගමන් අපේ උන් මාව මරාගෙන කන බව... :Dඒත් කියන්න තියෙන දේ දාන්න තියෙන දේ නොදා ඉන්නත් බැහැ නොවැ...:yes:

    කලින් මමත් හරක් මස් කෑවා තමයි... දැන් අවුරුදු ගාණක ඉඳල හරක් මස් නම් කටේ තියල නෑ, තියන්නෙත් නෑ....:no:
    එහෙම කිව්වට මම KFC ගිහින් තලු මර මර චිකන් කාලා තියෙනවා... :baffled::baffled:

    (මම කාලයක් ට්‍රයි කලා කිසිම මසක් නොකා ඉන්න ඒත් මට බැරිඋනා ඒක හරියටම කරන්න:dull::dull:)

    මං උඹලට හරක් මස් තියා වෙන මසක්වත් කන්න එපා කියන්නේත් නෑ... කන්න කියන්නෙත් නෑ... :no::no:

    තමුන්ගේ කැමැත්තට කොරගත්තාවේ කිව්වලු...

    ඒත් මේකත් පොඩ්ඩක් බලලා හිටියනම් (කතාව ඇත්ත නේද?)
    :confused::yes:

    View attachment 45751



    පසුව ලියමි:- මගේ පොයින්ට්ස් කැපුවයි කියලවත් කුණුහරුපෙන් බැන්නයි කියලවත් මම උඹලා එක්කල තරහ නෑ... :no::D ඕන කෙනෙක්ට අනිත් එක්කෙනාට කරදරයක් නැත්තම් ඕන දෙයක් කරගත්තාවේ... :rolleyes:
    මේ පොස්ට් එකට මම රිප්ලයි කරන පළමු සහ අවසාන වතාව... :rolleyes:

    ඕන් මං ගියා...;)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    +6
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එකක් කියන්නම් ඔය හරක් මරණ එක කුකුලන්ට මාලුවන්ට compare කරන්න හදන්නේ හරක් මස් කන එවුන්මයි.



    තිත්ත ඇත්ත.:yes:
     
    • Like
    Reactions: HondaMPLG

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    එකක් කියන්නම් ඔය හරක් මරණ එක කුකුලන්ට මාලුවන්ට compare කරන්න හදන්නේ හරක් මස් කන එවුන්මයි.



    තිත්ත ඇත්ත.:yes:

    :yes::yes::yes::yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් පිං මචන් බෙදාගත්තට . ගව ගාතනයට විරුද්ධව බෞද්ධයෝ ඔක්කොම එකතු වෙන්න කාලේ හරි දැන්. නැත්තම් අපේ ගරු හාමුදුරුවන්ගේ ජීවිත පරිත්‍යාගය ගඟට කැපු ඉනි වගේ වෙයි :angry::angry::angry::angry::angry::angry:


    You must spread some Reputation around before giving it to chathupatiya again.
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    නීති ඔයවිදිහට ක්‍රියත්මක වෙන්නෙ නැති එකතමයි ප්‍රශ්නෙ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මේ අය මට හම්බය කියනවා, මට තියෙන එකම එළකිරි ID එකත් මේක ඒකත් 2007 නැතුව 2011,2012,2013 නෙමේ

    මම මාගේ ශාතෘවරයන් වහන්සේගේ නමින් දිවුරලා කියන්නේ ,

    1) මුලින් කියන්න ඕන මම කිසිම මස් මාංසයක් කන්නේ නැහැ දැන් අවුරුදු 6 ඉදන් !
    2) මම කියන්නේ නැහැ අනික් අයට එහෙම කරන්න කියලා
    3) සමහරු කියනවා කොහෙද බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා මස් කන්න එපා කියලා... ඔව් නීතී පනවලා නැහැ ! ඒක තමන්ට අයිති දෙයක් බුද්ධාගමේ ඉගැන්වීම් නීතී නෙමේ ....අනෙක් ආගම් වල එහෙම නැහැ !



    මුලින් මෙතන ඉන්න කට්ටියගෙන් මම ඉල්ලනවා කුණු හරුප කියලා මට හම්බයෙක් කියලා හංවඩු ගහලා මට බනින්නේ නැතුව බුදුන්ගේ මග යන පිරිසක් හැටියට බුද්ධිමත්ව කථා කරමු කියලා



    මුලින් කියන්න ඕන
    ජීවිතය පූජා කල සංඝයාවහන්සේගේ ක්‍රියාව පිරිසුදු චේතනාවක් වන්නට ඇති !

    මොකද බොරුවට උපවාස කරනවා කියා ලෙමන් පෆ් කන මිනිසුන් සිටින රටේ 
    සංඝයාවහන්සේගේ කෙනෙක් ජීවිතය පූජා කර එක කොයි තරම් උතුම් ක්‍රියාවක්ද ! 


    හරක් මස් කන්න එපා හරක් මරන්න එපා කියලා කෑගැහුවට දැන් සමහර අය කියනවා පිට රටින් ටින් කල හරක් මස් ගේන එක හොදයිලු

    ඒක හොද වෙන්නේ කොහොමද ? මේ හරක් මස් නෙමේ කුකුල් මස් මාළු කන ඌරො කන එවුන්ගේ බඩ ජාරී කමට තව ලෝකේ කොහෙ හරි රටක කොහෙ හරි තැනක අහිංසක හරකෙක්, කුකුලෙක්, මාලුවෙක්, ඌරෙක් මැරෙන එක තමා වෙන්නේ

    මේ බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලා කියන්නේ එහෙමනේ...
    ඒත කොට ආණ්ඩුවට බදු ගහන්නත් පුළුවන්ලු රටත් හැදෙනවලු !

    ඔව් ! මේකේ අවසානය තමා ආණ්ඩුවේ ප්‍රබලයෙක්ට ටින් කල හරක් මස් ගේන වෙනම වියාපාරයක් ගෙනයාමට අවශ්‍ය වටාපිටාව සැකසීම...

    මෙය බොරුනම් ඔබ කාලයට ඉඩදී බලා සිටින්න...කාලය ඔබට උත්තර සපයයි ..

    එතකොට අපේ මේ රටේ මහ පොලොව මත නෙමේ ...ලෝකේ කොහේ හරි තැනක සතෙක් මැරෙනවානේ මේ කන එවුන්ගේ බඩ ජහරි කමට හරියන්න..

    පළමු පියවර හැටියට ඕක ඇති කියල සමහරු කියයි !එකත් මේකට උත්තරයක් කියලා හිතෙනවානම් ඒ දේහරි ....කාලය ඔබට උත්තර සපයයි ..

    මේක මරණ එක විතරක් නෙමේ එහෙනම් කියන්න ඕන මේවා කන්නත් එපා කියලා
    මේවා කන අපේ බෞද්ධයටවත් මේකේ ආදීනව පැහැදිලි කරලා දෙන්න ඕන

    මේ බෞද්ධ සංවිධාන වල ස්ථිර ඉලක්කයක් නැහැ මට පේන විදිහට ...
    යම් ප්‍රබෝධයක් ඇති කරා, වැහිලා නැතිවෙලා තිබුණු යම් කරුණු පාදලා ගත්තා

    ආරක්ෂක ලේබම් කිව්වහම හලාල් ප්‍රශ්නේ දැන් ඉවරයි කියලා ඒ ගමනත් නැවැත්තුවා
    අර හලාල් එකත් බාගෙට නැවැත්තුවා එකත් වැඩි හරියක් බාන්ඩ වල තාමත් ගහලා තියෙනවා
    ඔන්න ඕකයි තත්වේ.. මේ වගේ බොරු දේවල් පස්සේ තමයි මේ සංඝයාවහන්සේලා යන්නේ
    ඒ වෙන මොනවටත් නෙමේ මේ පවතින දේශපාලකයින්ට අවශ්‍ය ජාතිවාදය මදිවට ආගම් වාදය අවුස්සන්න....

    ඒකයි ආරක්ෂක ලේබම් කිව්වහම "හලාල් ප්‍රශ්නේ දැන් ඉවරයි" කියලා ඒ ගමන නැවැත්තුවේ
    එතනින් පේනවා මේ සංඝයාවහන්සේලාගේ නිල නොවන න්‍යායාචාර්ය ආරක්ෂක ලේබම් බව
    දැන් කියනවා බුද්ධ ශාසන අමාත්‍යංශයත් ඔහුට පවරන්නලු....


    දැන් මට බනින්න ! එකයි මෙතන ඉන්න සමහර කරන්නේ !

    එත් ඉතින් මොකක් හරි ආගම ගැන ප්‍රශ්න කලොත් මම හම්බයා වෙනවා..
    ඉස්ලාම් ආගමේ ප්‍රශ්න කීරීම තහනම් ! යම් යම් දේ ඒ ආගමේ කිව්වත් ප්‍රශ්න කීරීම ජීවීතය නැති වෙන්න තරම් ප්‍රශනයක් මැදපෙරදිග රටවල වගේ ! දෙවියන්ව ප්‍රශ්ණ කිරීම තහනම් ! කලොත් දඩුවම් !

    ඉතින් බුදුදහම වෙනස් වෙන්නේ ඒකයි !
    නමුත් බුදුන්වහන්සේ කියලා තියෙන්නේ තමන්ගේ ධර්මය ගැන ප්‍රශ්ණ කරන්න සාකච්ඡා කරන්න කියලා සැක හැර දැනගෙන අවබෝධ කර ගන්න කියලා

    අවබෝධ කරවීමයි බුදුන්වහන්සේගේ මාර්ගය !
    අවබෝධකොට වරදින් මුදවා ගැනීමයි බුදුන්වහන්සේගේ මාර්ගය !
    ඒනිසා තමයි තමන්ගේ ශ්‍රී පතුල් ගෙවනකම් භාරතය පුරා වඩිමින් අවුරුදු ගණන් ධරම දේශනා කලේ

    අවිහිංසාවාදය බුදුන්වහන්සේගේ මාර්ගයයි !
    අවිහිංසාවාදය අගයන පමණක් නොව එලෙස තමන්වහන්සේගේ ජීවිතය හැඩගැස්සවා ගත්තා ආදර්ශමත් වුණා....
    එකල හිටිය තව ආගමික නායකයින්ට වැරදි දෙයක් හොයාගන්න බැරිවුනේ ඒකයි උන්වහ්සේට නිගරු කරන්නට

    නැතුව තැනක කිහිපයක රැස්වීම් පවත්වා අවුරුද්දෙන් දෙකෙන් මේ ඇති වෙච්ච සමාජ පරිහානිය හදන්න බැහැ ! එහෙම බැරි වුනාම !
    තමන්ගේ මතය අනික් මිනිස්සුන්ට ඔබ්බන්න......

    අනුන්ගේ කඩ ගිනි තියන එක
    කුණු බිත්තර ගහන එක
    වේවැල් වලින් ගහන එක

    බුදුන්වහන්සේගේවත් , බෝධිසත්වරයෙක්ගේවත්, පසේ බුදුන් කෙනෙක්ගෙවත් රහතන්වහන්සේ කෙනෙක්ගෙවත් ක්‍රමය වුනේ නැහැ

    තමන්ගේ මතය අනික් මිනිස්සුන්ට ඔබ්බන්න......

    අනුන්ගේ කඩ ගිනි තියන එක
    කුණු බිත්තර ගහන එක
    වේවැල් වලින් ගහන එක

    එකම බුදුන්වහන්සේගේවත් , එකම බෝධිසත්වරයෙක්ගේවත්, එකම පසේ බුදුන් කෙනෙක්ගෙවත් එකම රහතන්වහන්සේ කෙනෙක්ගෙවත්

    මාර්ගය වෙලා තියෙනවනම් මේ දැන් ඉන්න බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලාට අයිතියක් තියෙනවා
    එහෙම කරන්න නැතුව උන්වහන්සේලාට කිසිම අයිතියක්
    බුදුවරුන්ගේ මග ආක්‍රමණය කරමින් බෞද්ධන් වැරදි මාර්ග වලට පොලබවන්න.
    එසේ කීරීමෙන් ලැබෙන ආනිසංසත් තමන්වහන්සේලාට ලැබෙන බව සැලකිල්ලට ගැනීම වටී.

    තමන්ගේ මතය තහවුරු කරන්න අවබෝධ කීරීමෙන් බැහැ !
    සින්හලුනි ඉදිරියට වරෙව් ! කියලා අනිත් ආගමිකයින්ට හිරිහැර කිරීම නොවටී

    මේ සංවිධානවලට උදව් කරන්නේ නැති ! ඔවුන්ගේ මග යන්නේ නැති බෞද්ධයින්ට !
    බෞද්ධ සංවිධාන වල මූලාසන හොබවන සංඝයාවහන්සේලා ආමන්ත්‍රණය කරන හැටි මදකට විමසා බලන්න...

    කොන්ද පන නැති නිවට බෞද්ධයෝ!
    හම්බයොන්ට කඩේ යන එවුන් !

    අවිහිංසාවාදය, අවබෝධ කරවීමයි කියන්නේ කොන්ද පන නැති කම නම් ඔවුන් වක්‍රාකාරව කියන්නේ බුදුන්වහන්සේටත් කොන්ද පන නැති බවයි

    එහෙම තියෙද්දී මෙතන අය ..... බෞද්ධයෙක් පවා ප්‍රශ්නයක් නැගුවහම කුණු හරුපෙන් බනින එක
    ඒ මනුස්සයගේ දෙමවුපියන්ට බනින එක නවත්වන්න


    මතක තබා ගන්න අපි යා යුත්තේ බුදුන්වහන්සේ ගිය මග නැතුව අසපු සංඝයාවහන්සේලා ගිය මග නොවේ..

    සංඝයාවහන්සේලා මාර්ගපල ලබලා නැති නිසා වැරදී දේ සිදු වෙන්න පුළුවන් සිදු කරන්න පුළුවන්

    එහෙම දෙව්දත් වගේ සංඝයාවහන්සේලාත් බුදුන්කලත් හිටියා වැරදි මූලයන් වල ඇලී සිටින මරණ මංචකෙදී තමයි දෙව්දත් තෙරුන්ට තේරුනේ..සිදු කලේ වැරදි දේ කියා...
    ඒ තමා විසින්ම අවබෝධ කරගෙන මිසක් බුදුන් වහන්සේ බලෙන් කරපු දෙයක් නෙමේ!
    දෙව්දත් තෙරුන් නොයෙකුත් අකටයුතුකම් බුදුන් වහන්සේ කරද්දීත්..... බුදුන් වහන්සේ අවිහිංසාවාදයෙන් කටයුතු කළා ....
    නැතුව බුදුන් වහන්සේ සතුවැ තිබු බලයන් යොදා ගත්තේ නැහැ දෙව්දත් තෙරුන්ව හිංසා කරන්න...


    මම මේ අවිහිංසාවාදයෙන් තොර සංවිධානවල සාමාජිකත්වය නැති !
    ඔවුන්ගේ මග යන්නේ නැති බෞද්ධයෙක්
    මම යන්නේ බුදුන් ගිහියන්ට පෙන්වා දුන් මග පමණයි

    එහෙම අය මෙතන ඉන්නවා ඔවුන් හම්බයෝ නොවෙයි

    අවිහිංසාවාදය අවබෝධකරවීමෙන ප්‍රශ්න නිරාකරණය කිරීම කියන්නේ කොන්ද පන නැති කම නම්
    ඔව් ඔබලාට අපි කොන්ද පණ නැති සිංහලයෝ !

    නමුත් බුදුන්වහන්සේට......එසේ අපව පේන්නේ නැහැ !
    ධර්මයට ....එසේ අපව පේන්නේ නැහැ !
    ධර්මය හරියට අනුගමනය කරන සංඝයාවහන්සේලාට..... එසේ අපව පේන්නේ නැහැ !

    අපිට ඒ ඇති !



    ඔබ වපුරන දේ තමයි ඔබ නෙලාගන්නේ

    ඒ දේ තමයි මේ රටේ තිබු සමහර සංවිධාන වලට වුනේ....
    ත්‍රස්‌තවාදී සංවිධාන , වැරදි කෝණවලින් අල්ලාගත් ආගමික සංවිධාන, විවිධ වැරදි අරමුණු තිබුණු දේශපාලනික සංවිධානවලට වුනේ
    ඔවුන් වපුරපු දේ ඔවුන් නෙලා ගත්තා

    "හම්බයෝ" කියලා සදහන් කලේ මේ අය මුස්ලිම් අයට කථා කරන්නේ එහෙමනේ
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇත්තටම මේ කිසිම ආගමක ඉන්න කෙනෙක්ට මේ ගැන සිතන්න අවශ්‍ය නැහැ වගේ තමයි මට මේ දවස් වල ඇහෙන දකින දෙයින් වැටහෙන්නේ !

    ඔවුන් මේවගේ අදහස් ඇති thread පස් යට සැගවෙන්න හරිනවා !

    ඔවුන් කරන්නේ මත කරපින්නා ගෙන යාමයි
    එහිදී ඔවුන්ට මනුෂ්‍යත්වය වැදගත් නැහැ ...
    වැදගත් ජාතිය... ආගම.... කුලය.... විතරයි

    තමන්ගේ ජාතිය වැදගත් !
    තමන්ගේ ආගම වැදගත් !
    තමන්ගේ කුලය වැදගත් !

    මේවා වෙන් කරගෙන සීමා දාගෙන අනිත් මනුස්සයාගේ ඇදහිල්ලට පහර ගසන එකයි වැදගත් ඔවුන්ට
    තමන්ගේ මතය අනෙක් අය මත පහර දී හෝ මිනී මරා හෝ පැටවීමයි !

    හැම ජාතියකම හැම ආගමකම නොමිනිසුන් වලිකන්නේ ඒ සදහායි !

    ඔවුන්ට අවශ්‍ය එකිනකා අතර ගැටුම් පමණයි !

    එහෙව් මිනිසා සතුන් සුරැකීමට ගන්නා උත්සාහය කුමක්ද ?
    එය සත්ව කරුණාවද ????

    ඔය මිනිස්සුන්ට වටින්නේ මනුස්සකමද නැතිනම් ආගමද ?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    @ රිදුන කෙනාට, :rofl: මම මස් කන එක අතෑරියෙ මීට අවු:7 කට කලින් මචන්..චිකන් තියා මොන මගුලක්වත් අදටත් මන් කටේ තියන්නෑ.. :D