එබෝලා ඩොට් කොම්...
එබෝලා ඩොට් කොම් ඩොලර් ලක්‍ෂ 2කට විකුණයි
මාරාන්තික එබෝලා වෛරසය මැඬපැවැත්වීම සඳහා වි ද්‍යාඥයින් වෙහෙස වෙමින් සිටින අතරවාරයේදී එහි නම රැගත් ඩොමේනයක් ඩොලර් ලක්‍ෂ 2කට අලෙවි කර ඇතැයි වාර්තා වේ.
එබෝලා ඩොට් කොම් ඩොමේනය මිලදී ගෙන ඇත්තේ ඖෂධීය මරිජුවානා භාවිතය ප‍්‍රචලිත කරන කැනබිස් සැටිවා නම් සමාගමකි.
ක‍්‍රිස් හුඞ් සහ ජොන් ෂූල්ට්ස් විසින් මෙම වෙබ් ලිපිනය අලෙවි කර ඇති අතර මුදලින් ඩොලර් 50000ක් සහ කැනබිස් සැටිවා සමාගමේ ඩොලර් 170000ක් වටිනා කොටස් 19192ක් ඔවුන් ඒ සඳහා ලබාගෙන ඇතැයි පැවසේ.
2008දී හුඞ් සහ ෂුල්ට්ස් විසින් මෙම ඩොමේනය නෙවාඩා ප‍්‍රාන්තය පදනම් කරගත් බ්ලූ ස්ටි‍්‍රන් වෙන්චර්ස් වෙතින් මිලදී ගෙන ඇත්තේ ඩොලර් 13500කට පමණි.
ලාස්වේගාස් රියල් එස්ටේට් ඩොට් කොම් සහ පේඬේ ලෝන්ස් ඩොට් කොම් යන ඩොමේනයන් මෙම මිලට වැඩියෙන් අලෙවි වූ බව ක‍්‍රිස් හුඞ් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ විනාශයක් පැමිණේ යයි බලාපොරොත්තුවෙන් ඔවුන් මෙවින ඩොමේනයන් මිලදී නොගන්නා බවයි.
තමන් දෙදෙනා සතුව වෙබ් ලිපිනයන් 5000ක් පමණ ඇති බවත් මෙය ව්‍යාපාරයක් ලෙස සිදුකරන බවත් ඔහු සඳහන් කර ඇත.
මේ අතර ඩොමේනය මිලදී ගත් කැනබිස් සැටිවා සමාගමේ ප‍්‍රධාන විධායක හා හිටපු නිව් මෙක්සිකෝ ආණ්ඩුකාර ගැරී ජොන්සන් පවසා ඇත්තේ එබෝලා වෛරසය පාලනය කිරීම සඳහා මරිජුවානා සතු හැකියාව පිළිබඳව පර්යේෂණ සිදුකළ යුතු බවයි.
කස්ටිය ඩොමේන් ටිකක් අරන් තියාගත්තනන් ගොඩ යන්ඩ පුලුවන් වෙයි...