එම්.ඩී.ගුණසේන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ~ 06 දා ~ උදේ නිවෙසට පැමිණි මුහුණ වසාගත් අයෙක්‌
    එම්. ඩී. ගුණසේන සමාගමේ
    කළමනාකාර අධ්‍යක්‍ෂට සහ බිරිඳට පිහියෙන් අනී

    එම්. ඩී. ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආනන්ද ගුණසේන මහතාට සහ ඔහුගේ බිරිඳට ඊයේ (06 වැනිදා) පෙරවරුවේ නාඳුනන පුද්ගලයකු විසින් නිවස තුලදී පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම නිසා ප්‍රතිකාර සඳහා ඒ දෙදෙනා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. නාඳුනන පුද්ගලයා මුහුණ ආවරණය කරගෙන නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයේ ගුණසේන මහතාගේ නිවසට පැමිණ සිව්වැනි තට්‌ටුවට ගොස්‌ පිහි ඇනුම සිදුකර පළාගොස්‌ ඇතැයි මිරිහාන පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

    පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ ගුණසේන මහත්මිය ශල්‍යකර්මයක්‌ සඳහා යොමුකර ඇතැයි ද ඇයගේ තත්ත්වය තරමක්‌ බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

    කන්දවත්ත නිවසේ ගුණසේන යුවළ සමග මෙහෙකාරිය වාසය කරන අතර මෙහෙකාරියගේ කෑගැසීම නිසා පිහිය බිම දමා සැකකරු පළාගොස්‌ ඇති බව පොලිස්‌ විමර්ශනවලදී හෙළි වී ඇත.

    බස්‌නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් නුගේගොඩ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත මිරිහාන වැඩ බලන මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති රොෂාන් අනුරුද්ධ මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. කුමන අරමුණකින් මෙම පිහි ඇනුම සිදුකර ඇතිදැයි මෙතෙක්‌ හෙළිවී නැත.

    2013 ජනවාරි 07 සඳුදා
    චමින්ද සිල්වා - ප්‍රදීප් සමරකෝන්