මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.
මමත් ඔයාගෙ කතාවටනං එකඟයි,
දේකට හිනාවෙන්න කලින් හිනාවෙන්න හේතුව දැනගෙන ඉන්නත් ඕනෙ... ඒක තමයි ඔතන අවුල...
මම දකින විදිහට,
බස් එක, ත්රීවීල් එක, බයික් එක, ලැම්බෝගිනිය වගේ, වාහනේ මොක උනත් පදින එකා සනත් නිශාන්ත කෙනෙක්නං මුලු කතාවම උගෙ ජීවිත කතාව වගේ වෙනව...
හැබැයි ඒ වගේම තමයි,
පාරට වාහනයක් දානකොට අපි යටත් වෙන්න ඕනෙ නීති පද්ධතියක් තියෙනව,
මගී ප්රවාහනයෙදි, ඒක අනික් වාහන වලටත් වඩා තදට ක්රියාත්මක කරන්න වෙනව...
මම කියන්නෙ, බස්, කුලී රථ වගේ වාහන වලට...
ඒවට පිටින් ගිහින් වැඩ කරල කෙලවුනාට පස්සෙ නාහෙන් අඬන එකනං තේරුමක් නෑ...