එයාර් පෝට් ටැක්සි සර්විස් එක හරියට හදමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Taxi service එක බලන්න සිංගප්පූරුවේ එයාර්පෝර්ට් එකට පොඩ්ඩක් ගොඩ වෙමු.

    එයාර්පෝර්ට් එකක් කියන්නේ මිනිස්සු විශාල වශයෙන් යන එන තැනක්. රටක් දියුණු වෙන්න වෙන්න ගුවන් ගමන් ප්‍රමාණය වැඩි වෙනවා. ලෝකය ඉස්සරහට යන්න යන්න ගුවන් ප්‍රවහනය වැඩි වෙනවා. ඉතිං එයාර්පෝර්ට් අනිවාර්යයෙන් ගොඩක් බිසි වෙනවා.

    ලෝකේ එයාර්පෝර්ට් හදන කොට ඒවා ප්‍රධාන නගර සහ ජනාවාස ප්‍රදේශ සමග පහසුවෙන් සම්බන්ධ කරන්න ඕනේ. මෙහිදී අනිවාර්යයෙන් බස් සේවාවක්, දුම්රිය සේවාවක්, ටැක්සි සේවාවක් අවශ්‍ය වෙනවා වගේම පුද්ගලික වාහන වලින් පැමිණීමේ අවස්ථාවත් තියෙනවා. ඉතිං මේ සියළු ප්‍රවහන ක්‍රම හොඳින් කළමනාකරණය කරලා, එකිනෙක සම්බන්ධ කරලා, ඒවායේ තොරතුරු පහසුවෙන් හොයා ගන්න දැන්වීම් ගහලා, ඒවායේ මිළ දර්ශන ඉදිරිපත් කරලා, ජනතාව දැනුවත් කරලා, හොඳින් මෙහෙයවා ගන්න යාන්ත්‍රණ හදන්න ඕනේ. එසේ නොවුන හොත් විශාල ප්‍රවහන ගැටලුවක් පැන නගිනවා.

    සිංගප්පූරුවේ එයාර්පෝර්ට් එකේ පැහැදිලිව මේ සියළු ප්‍රවහන ක්‍රම තියෙනවා. රටේ ඕන මුල්ලක ඉඳලා කෝච්චි සහ බස් එනවා එයාර්පෝර්ට් එකේ ඇතුලටම. නගරය හා සම්බන්ධ වෙන්න වෙනත් බුක් කර ගන්න පුළුවන් ටැක්සි ක්‍රම ඕන තරම්. ඒ වගේම පාරේ දුවන ටැක්සිත් එයාර්පෝර්ට් එකට ඇවිත් පෝළිමේ ඉන්නවා මගියෙක් ගන්න බලාගෙන. අවශ්‍ය අයට ඌබර්, (පික්මී වගේ) ග්‍රැබ් ටැක්සි ගන්න පුළුවන්. සියළු අයට අවස්ථාව තියෙනවා වගේම ඒවායේ පැහැදිලි සාධාරණයක් සමග තරඟකාරීත්වයක් තියෙනවා.

    අනෙක් පැත්තෙන් මගීන් ට අවශ්‍ය තොරතුරු ගන්න තැන්, දැන්වීම්, මිළ ප්‍රදර්ශනය කිරීම් තියෙනවා. පැහැදිලිව ගමනාගමනට සම්බන්ධ සියළුම පහසුකම් වලින් එයාර්පෝර්ට් එක ඇතුලේ බෝඩ් දාලා පැහැදිලි කරනවා. අවශ්‍ය නම් තොරතුරු සපයන්න එයාර්පෝර්ට් එකේම ඇම්බැසඩර් ලා දාලා ඉන්නවා. මගීන්ට සිය අවශ්‍යතාවය පරිදි පෝළිමක් තොර ගන්න පුළුවන්. ඒ පෝළිමේ කෙළවර තව ඉන්නවා ටැක්සි මෙහෙය වන්නෙක්. ඔවුන් ඒ ටැක්සි රථ සම්බන්ධීකරණය කරලා පෝළීමේ ඉස්සරහට ගන්නවා. ගොඩක් retirement එකේ ඉන්න අය තමයි මේ වගේ පොඩි රැකියා කරන්නේ.

    ටැක්සිය එනවා, ඒ එන තැන බේ එකේ අංකය මගියට කියනවා, මගියා ගියහම ඩ්‍රයිවර් උන්නැහේ බැහැලා ඇවිත් බෑග් එක පටවලා දෙනවා. ඊට පස්සේ ටැක්සි නම් මීටරේට යනවා. එයාර්පෝර්ට් එකට එනවට වෙනම පොඩි ගාණක් එකතු වෙනවා.

    ඉතිං ලෝකේ බොහෝ එයාර්පෝර්ට් වල මේ තත්ත්වය පැහැදිලිව දකින්න පුළුවන්. කෝච්චිය, බස් එකේ, ටැක්සි වල සහ පුද්ගලික වාහන වල මේ ගමන යන්න ලැබෙනවා.

    හැබැයි ලංකාවේ හැමතැනම වගේ මෙතනත් තියෙන්නේ විකාරයක්. Trade Union, වෙළෙඳ සංගම් , මංත්‍රීලගේ යාළුවෝ නෑයෝ, මුදලාලිලා, අකාර්යක්ෂම කළමනාකරුවෝ තමයි වැඩේ දුවන්නේ.

    එයාර්පෝර්ට් එකට යන්න පැහැදිලිව වෙන්වුන දුම්රිය සේවයක් නෑ. ලංකාවේ කෝච්චි වෙලාවට යයි එයි කියලා විශ්වාස කරන්නේ නැති නිසා ප්ලේන් එකක් අල්ල ගන්න යන්න කෝච්චි පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ. කෝච්චියෙන් බැහැලා එයාර්පෝර්ට් එකට ලේසියෙන් යන්නත් ක්‍රමයක් නෑ. කෝච්චි නිනර ඇත්තෙත් නෑ. බස් ටිකක් තියෙනවා ඇති. යන කවුරුත් අහලා නෑ. ඒවායේ සම්බන්ධීකරණයක්, දැන්වීමක්, මගීන් දැනුවත් කිරීමක්, ඒවා නවත්වන තැනක් ආදී සංවිධානය වීමක් මේ ගුවන් තොටුපොළේ නෑ. මේක එකම ගාල ගෝට්ටියක්

    ඉතිං මේකේ වැඩිපුරම තියෙන ප්‍රවහන මාධ්‍ය තමයි එයාර්පෝර්ට් ටැක්සි සේවය. කාර් 3000 කට වැඩිය දන්න තරමින් මේ සේවයේ ඉන්නවා. ඔවුන් එයාර්පෝර්ට් එකට කිට්ටුව වාහනේ පාක් කරගෙන ඉන්නේ. මගීන් එන පර්යන්තය අග පොඩි කඩ කීපයක් තියෙනවා. ඒවා තමයි මගීන්ට මේ ටැක්සි ලබා දෙන්නේ. මේ අය ටැක්සි ඕනේද කියලා අහලා පොඩි වදයකුත් දෙනවා. මේ කඩයකට ගිහින් අපි ගමනාන්තයක් තෝරා ගත් විට මිළක් කතා කර ගන්න පුළුවන්. දිවයිනේ විවිධ නගර වලට යන්න මිළ තීරණය කළ ලිස්ට් එකක් ඔවුන් ලඟ තිබෙනවා. ඒක අනුව මගියා එකග නම්, ඒ කඩයෙන් කෝල් කරලා ඊළඟට හයර් එකක් ගන්න පෝළිමේ ඉන්න කැබ් එක ගෙන්වනවා. කඩේ කෙනෙක් මගියා එක්ක පාරට ගිහින් මේ කැබ් එකට මගියා නග්ගනවා. කඩෙන් ගාණක් තියා ගෙන මුදලක් කැබ් ඩ්‍රයිවර්ට දෙනවා. ඉතිං මේ ක්‍රමේ එච්චර විනිවිදභාවයක් නෑ. අක්‍රමිකතා ගොඩක් තියෙනවා. එයාර්පෝර්ට් එකම වෘත්තීය කර ගත්ත ඩ්‍රයිවර්ලා පොළීමේ ඉඳගෙන මේක කරනවා. ගොඩක් අයගේ වාහන ඒ අයගේ නෙවෙයි, වෙන කාගේ හරි. සමහර අය මේක වාහන කීපයක් දාලා කරගෙන යනවා. ඒ අය යම් ගෙවීමක් ගුවන් තොටුපොළට කරනවා.

    ඌබර් පික්මී මේක අස්සට යන්නේ මෙතන තියෙන සිස්ටම් එකෙන් පිට. ඒක අනිවාර්යයෙන් ලාබෙට දෙන්න පුළුවන්. මොකද කඩේට කොමිෂන් දෙන්න නෑ, එයාර්පෝර්ට් එකට ගෙවන්න නෑ. හයර් ගන්න එතනම බලං ඉන්න ඕනේ නෑ. මීටරේට ගෙවන නිසා හූරං කෑම ගැන සැක හිතෙන්නේ නෑ. හයර් එකක් එන අයත් යන ගමන් එකක් අරගෙන යන්න පුළුවන් එක හුස්මටම. ඒ නිසා ඌබර් සහ පික්මී වල මිළ අඩුයි. ඒ අයටත් ලාබයි, මගියටත් ලාබයි.

    පැහැදිලිව ඌබර් පික්මී නිසා එයාර්පෝර්ට් ටැක්සි සේවයේ අයට අවාසියක් වෙනවා. මිළ සමග තරඟ කරන්න අමාරුයි.

    හැබැයි මේ දෙකම එයාර්පෝර්ට් එකට ඕනේ. කෝච්චි හා බස් හරියට නැත්නම් මිනිස්සු ටැක්සි මත රඳා පවතිනවා. ඒක මේකේ ප්‍රධාන ප්‍රවහන මාධ්‍යය. ඒ වගේම විශේෂයෙන් ත්‍රීවීල් වලටත් ඇතුලේ හයර් ගන්න එන්න ක්‍රමයක් නෑ. Drop off කරන්න තියෙන්නේ වෙනම කොණක. ත්‍රීවිල් එකක එයාර්පෝර්ට් ගියොත් වෙනම කොණක බහින්න තියෙන්නේ. එන කොට එකක් ගන්නවා නම් එළියටම පයින් එන්න ඕනේ බෑග් තල්ලු කරගෙන පාර දිගේ. මේවා ඉතා වැරදි පරිපාලන තීන්දු.

    මේ ප්‍රශ්නය උඩින් බලලා විසඳන්න බෑ. ගුවන්තොටුපල කළමනාකරණයේ තමයි මූලික ගැටලුව තියෙන්නේ. ඈත ගමක කෝච්චි ස්ටේෂන් එකක් වගේ මෙහේ එයාර්පෝර්ට් එකක් කළමනාකරණය කරන්නේ. Trade Unions, වෙළෙඳ සංගම් සහ දේශපාලන කොන්ත්‍රාත්, දේශපාලන පත්වීම් එක්ක කිසිම තැනක් හරියට පාලනය කරන්න බෑ. ඒක තමයි අපේ සිස්ටම් එක.

    ඒ වගේම මේකට අපි කියනවා technological disruption එකක් කියලා. අලුත් තාක්ෂණය එනකොට කලින් තිබුණ ක්‍රම බිඳ වැටෙනවා. කොච්චර උත්සාහ කළත් තාක්ෂණය දිනන එකක් තමයි වෙන්නේ. ඒවා නවත්තං ඉන්න බෑ. වේගයෙන් අනුගත වෙන අය දිනනවා. ඒ නිසා early adjuster කෙනෙක් වෙන එක වාසියි late obstructor කෙනෙක් වෙනවට වඩා.

    ඉතිං මේ ප්‍රශ්නයට විසඳුම දෙකෙන් එකක් වත් නවත්වන එක නෙවෙයි. දෙකම වර්ධනය කරන්න පුළුවන් ආර්ථිකයක් හදන එක. වඩා හොඳ කළමනාකරණයක් එයාර්පෝර්ට් එකට ගේන එක. මේවාට මේ දේශපාලන ක්‍රමයම වෙනස් වෙන්න ඕනේ. මිනිස්සුත් වෙනස් වෙන්න සූදානම් වෙන්න ඕනේ. ගොඩක් අය රට වෙනස් කරන එක ගැන කතා කළාට තමන්ගේ වාරේ ආවාම තමන්ට වෙනස් වෙන්න බෑ කියනවා. ඒක තමයි මිනිස් ස්වභාවය.

    හැබැයි පරක්කු වෙලා වෙනස් නොවී බැරි තැන වෙනස් වෙනවා. එදාට රේස් එක ගිහින් ඉවරයි.

    පැතුම් කර්නර්
    #අපේවැරැද්දමොකක්ද
    #රටහදනහරිපාර
    #හරිත
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    හෑලි ලියන්නැතුව රනිල්ට කියන්න කියපන්. රනිල් එක්ක නේද ඉන්නෙ