එයාර්_ඉන්දියා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගුවන් යානා තුළ මකුණන් සිටීමට හේතුව කාලගුණය බව 'එයාර් ඉන්දියා' සමාගම පවසයි



_102720575__100618168_airindiaplanein2018.jpg



එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමයි






නිව් යෝක් සිට බටහිර මුම්බායි නගරය කරා පැමිණි 'එයාර් ඉන්දියා' ගුවන් යානයක මකුණන් සිටීමට හේතුව කාලගුණ වෙනස් වීම යැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික ගුවන් සමාගමය. ව්‍යාපාරික පංතියේ ගමන් කළ මගීන් කීපදෙනෙකු ගුවන් යානයේ අසුන්වල සිටි මකුණන් සපා කා ඇති බව දැක්වෙන ඡායාරූප කීපයක් පසුගිය සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ පුළුල් ලෙස සංසරණය විය. මේ සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ. එමෙන්ම, ගුවන් යානයට "විශාල ලෙස මකුණු නාශක දුම් ගැසීමට" ප්‍රතිඥා දී තිබේ. විශාල ණය ප්‍රමාණයක් තිබියදීත් ක්‍රියාත්මක වන එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමය. නව ගුවන් සමාගම් වෙළෙඳපොළට ඇතුළු වීම නිසා ඇති වූ තරගකාරීත්වයත්, දුර්වල සේවා සහ නිතර ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඇතිවී තිබෙන නරක නාමයත් සමග එයාර් ඉන්දියා සමාගමට වෙළෙඳපොළෙහි සිය ස්ථානය අහිමි වී තිබේ.


_102720577__96735671_india.jpg





මීට වසර කීපයකට පෙර මුම්බායි සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් යානයක මීයෙකු සිටීම නිසා ගුවන් ගමන අතර මැද ආපසු හැරවීමට සිදු විය.





එයාර් ඉන්දියා: 'හැමෝම වෛර කරන ගුවන් සමාගම'

බීබීසී දිල්ලි ප්‍රවෘත්ති සේවයේ අයේෂා පෙරේරා ගේ විග්‍රහය.



එයාර් ඉන්දියා ගැන නිතර ඇසීමට ලැබෙන්නේ අමිහිරි පුවත්ය. විටෙක ගුවන් යානය තුළ මීයන් රැඳී සිටි බවට පුවත් පළ වෙන අතර, තවත් විටෙක අවහිර වූ වැසිකිළි ගැනත්, අකාර්යක්ෂම ගුවන් සේවා කාර්යමණ්ඩලය ගැනත් පුවත් පළ වී තිබේ. මෙවැනි නිෂේධාත්මක පුවත් සිරස් තල හේතුවෙන් මෙම ගුවන් සමාගම "ජාතියට ලැජ්ජාවක්" ලෙස පුවත්පත්වල සඳහන් වී තිබිණි. කෙසේවෙතත්, සත්‍යය මීට වඩා තරමක් වෙනස්ය. ඇත්තෙන්ම, මේ අත්වැරදීම් බොහොමයක් එයාර් ඉන්දියා සමාගමට සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබුණි.

මෙය ලොව ඉහළම නූතන අහස් යාත්‍රා හිමි සමාගම් අතුරෙන් එකක් ලෙසත්, ගුවන් ගමන් කර්මාන්තය තුළ සිටින හොඳම නියමුවන් කීපදෙනෙකු ඔවුන් යටතේ සිටින බවත්, ඔවුන්ගේ ගුවන් කාර්යමණ්ඩලය කිසි දිනෙක මගීන්ට බරපතළ තුවාල සිදුවන ආකාරයෙන් හැසිරී නැති බවත්, ඔවුහු සිය සමාගම ගැන වර්ණනා කරමින් පවසති. ඉන්දියානුවන්ට මෙම ගුවන් සේවය ගැන තිබෙන මහත් ආවේගාත්මක හැඟීම එක්තරා ආකාරයක අමිහිරි සෙනෙහසකි. මෙවැනි සිදුවීම් ගුවන් සේවා ක්‍රියාදාමය තුළ සාමාන්‍ය සිද්ධීන් ලෙස ඔවුන් සලකන අතර, ඔබ අපේක්ෂා කරන ආකාරයෙන් සමාගම අපකීර්තියට පත් වන්නේ නැත. නමුත් දේශීය ගුවන් ගමන් සඳහා නිර්මාංශ ආහාර සැපයීමට ගත් තීරණයට බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ විය. ජූලි මස 17 වන දින නිව් යෝක් සිට මුම්බායි දක්වා පියාසර කළ ගුවන් යානයේ සිටි මගීන් මකුණන් විසින් සපා කෑම ගැන එයාර් ඉන්දියා සමාගම සමාව ඉල්ලා සිටියේ ඉන් සතියකට පසුය. සමහරු සිය දෑත් මකුණන් සපා කා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පළ කර තිබූ අතර, තවත් අය ආසනවල ඡායාරූප දක්වමින් ඒවායේ මකුණන් ජීවත් වන බවට පවසා තිබුණි.



world-44982390


ඉන්දියාවේ පැරණිතම ගුවන් සමාගම වන එයාර් ඉන්දියා 2007 වසරේ සිට පාඩු ලබමින් ක්‍රියාත්මක වේ. මෙම සමාගම පෞද්ගලීකරණය කිරීමට 2017 ජූනි මාසයේදී ඉන්දියාවේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි. එහෙත් මධ්‍යම ආණ්ඩුවෙන් කොටස් විකිණීම පාලනය කිරීම හේතුවෙන්, එය ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත් වූයේ නැත. ඕනෑම ගැනුම්කරුවකුට මෙම ගුවන් සමාගම මිලදී ගත හැකි වන්නේ ඩොලර් බිලියන 5ක ණය සමග වන අතර, එය සමාගමේ මුළු ණය මුදලින් හරි අඩක් පමණි.




bbc-blocks-dark.png
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි පාඩු ලබන ඉන්දියාවේ එයාලයින් එකද මත්තල ගන්න එන්නේ. :rofl:අවුලක් නෑ වික්කාමසිංහ මත්තල ඉන්දියාවට දුන්නම උබට පුළුවන් ප්ලේන් වල ඉන්න මියෝ එළවන්නයි මකුනොන්ට බෙහෙත් ගහන්නයි, හිර වෙච්ච කක්කුස්සි ටික හොදන්නයි. :yes::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අප්පටසිරි පාඩු ලබන ඉන්දියාවේ එයාලයින් එකද මත්තල ගන්න එන්නේ. :rofl:අවුලක් නෑ වික්කාමසිංහ මත්තල ඉන්දියාවට දුන්නම උබට පුළුවන් ප්ලේන් වල ඉන්න මියෝ එළවන්නයි මකුනොන්ට බෙහෙත් ගහන්නයි, හිර වෙච්ච කක්කුස්සි ටික හොදන්නයි. :yes::lol:


    මීයෝ කතාව කලින්ම ඇදුන එක හොදයි. නැතිනං මුන් කියයි මට්ටල වී ගබඩාවේ හිටිය මීයෝ ප්ලේන් එකට රිංගල කියලා :baffled::nerd:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මීයෝ කතාව කලින්ම ඇදුන එක හොදයි. නැතිනං මුන් කියයි මට්ටල වී ගබඩාවේ හිටිය මීයෝ ප්ලේන් එකට රිංගල කියලා :baffled::nerd:

    ඔව් ඔව් අන්තිමට ඒකටත් වන්දියක් ඉල්ලයි ඉන්දියන් කාරයෝ :rofl:
     

    Similar threads