එයා දැන් ලොකු ළමයෙක්

Jun 5, 2013
68
40
0
එයා දැන් ලොකු ළමයෙක්


කතාවක් මුල් කරගෙන හොඳ Script එකක් ලියලා Film කරනවා කියන එක ලෝකෙ හැමතැනම දකින්න තියෙන කාරණාවක්. කතාවක් වුණාට ඒක එසේ මෙසේ කතාවක් වෙලත් බෑ. ඒක ඇතුළෙ පාඨකයාව ජීවත් කරවන්නත් රචකයා සමත් වෙන්න ඕන. ඒ දේවල් එහෙම වෙනකොට පොතෙන් කරන Filmඵවල ඊටත් එහා ගැඹුරක් තියෙන්න ඕන. ගැඹුර කෙසේ වෙතත් මොන විදියකින් හරි Audions එක රඳවලා තබා ගැනීමේ හැකියාවක් නම් තියෙන්නම ඕන. ඔය කියන කරුණු දෙකම සාක්ෂාත් කරගන්න Film එකක් නෙවෙයි. Film Series එකක්ම තියෙනවා. Filmඵ කරපු පොත තමයි Harry Potter පොත් මාලාව. Filmඵ තමයි ඒ පොත්වලින්ම නිර්මාණය වුණු Harry Potter Series එක.

මෙන්න මේ කියන Harry Potter කතා මාලාවේ කතුවරිය තමයි J. K. Rowling. ඇය උපත ලබලා තියෙන්නෙ දකුණු එංගලන්තයේ ඩෙප්ස්ටෝව්වල ග්වෙන්ට් කියන ස්ථානයේ 1965 අවුරුද්දෙදි. එක්ස්ටර් විශ්වවිද්යාKලයෙන් අධ්යාeපනය ලබපු Rowling ගුරුවරියක් විදියටත්, ලේකම්වරියක් විදියටත් කටයුතු කළාට ජීවත් වෙන්න තමන්ට ලැබෙන ආදායම ප්ර්මාණවත් වුණේ නෑ. සැමියා Rowling එක්ක තිබුණු සම්බන්ධතා අතහැරලා වෙන්වෙලා ගියාට පස්සේ Rowling කළේ එයා කරමින් හිටපු Job එකෙනුත් ඉවත් වෙලා එඩින්බර්ග්වල කුඩා මහල් නිවාසයක ජීවත්වෙන එක. මේ කාලයේදී තමයි Harry Potter කියන පොත ලියන්න පටන් අරගෙන තියෙන්නෙ. ආපනශාලාවක කුඩා මේසයක් උඩදී ලෝකය පුරාම ව්යාතප්ත වුණු හැරී පෝටර් උපත ලබනවා. මෙන්න මේ විදියට තමයි පොත් පිටු අතරේ ලියැවුණු Harry Potter නටන, දඟලන චරිතයක් බවට පත්වුණේ. Harry Potter පොත් පෙළේ මුල්ම පොත නිකුත් වුණාට පස්සේ මුල් සතියෙ විතරක් අමෙරිකානු ඩොලර් මිලියන 90ක් උපයන්න සමත් වෙලා තියෙනවා. ඉන් පස්සෙ නිකුත් වුණු පොත් දෙකක් මුල්ම සතියේදී ඩොලර් මිලියන 250ක ආදායමක් ලබන්න සමත් වෙලා තියෙනවා. මේ වෙනකොට භාෂා 61කට පරිවර්තනය කරලා තියෙන Harry Potter පොත් රටවල් 200කට වඩා ව්යාකප්ත වෙලා තියෙනවා. ඉතිං, ඒ තමයි Harry Potter පොතේ විස්තරේ.

ඊට පස්සේ J. K. Rowling ගෙන් මුල්ම පොත මිලදී ගන්න Waner Brothers චිත්රපට සමාගම ඒකෙන් Film එකක් කරන්න සූදානම් වුණා. Film එකට Casting කළේ, නළු නිළියන් තෝරා ගැනීම සිද්ධ කළේ 1999දී. එදා Harry Potter Film එකට තෝරාගත්ත අලුත්ම ළමා නිළිය තමයි 'එමා වොට්සන්' කියන්නෙ.

Emma Charlotte Duerre Watson

Emma ඉපදුණේ 1990 අප්රේිල් 15 වැනිදා ප්රංමශයේ පැරිස් නුවරදී. වයස අවුරුදු 5ක් වෙනකම් පැරිස්වල හිටපු Emma මවුපියන්ගේ වෙන්වීමත් එක්කම එයාගෙ අම්මා සහ සහෝදරයා එක්ක වෙනම ජීවත් වෙන්න පටන් ගත්තා. ඒත් Emma සති අන්තය ගත කරන්න ගියෙ London තියෙන තාත්තගෙ නිවෙසට. පොඩි කාලෙ ඉඳලම නිළියක් වෙන්න ඕන කියන හීනය ඔළුවෙ තියාගෙන හිටපු Emma, Oxford{z Stagecoah Theatre Arts එකට සම්බන්ධ වුණේ ගායනය, වාදනය වගේම රංගන ශිල්පයත් හැදෑරීමේ බලාපොරොත්තුවෙන්. මේ කාලයේම පාසලේ තිබුණු නාට්යවලට සම්බන්ධවෙලා හිටියත් නිළියක් විදියට Emma කලඑළි බහින්න පටන් ගත්තෙ Harry Potter Film Series එකත් එක්ක.

මේ Film Series ඒකේ මුල්ම Film එක වුණු ‘Harry Potter and the Philosopher’s Stone සඳහා නළු නිළියන් තෝරා ගත්තේ 1999 වුණාට Film එකේ වැඩකටයුතු ඉවර වෙලා මේක Release වුණේ 2001 අවුරුද්දෙ. Release කරපු ඉස්සෙල්ලම දවසෙ වගේම පළමු වැනි සතියෙදිත් 2001 වසරෙ ආදායම් වාර්තා තියන්න පවා මේ Film ඒක සමත්වෙලා තියෙනවා. මේ Film එක නිසා Young Artist Award එක දිනා ගන්නත් Emma සමත් වෙලා තියෙනවා.

මේ විදියට ඊට අවුරුද්දකට පස්සෙ Harry Potter and the Chamber of Secrerts, Film එකක් 2004 දී Harry Potter and the Prisoner of Azkhan Film එකක් Release වුණා. ඒ වගේම තමයි හතර වැනි Film එක විදියට ඇය රඟපෑවෙ Harry Potter and the Goblet of Five ඒ 2005 අවුරුද්දෙදි. මේ Harry Potter චිත්රපට මාලාවේම පස් වැනි _Film එක වුණේ Harry Potter and the Order of the Phoenix. පස් වැනි Film එක Release වුණේ 2007 අවුරුද්දෙදි. මේ චිත්රෙපටයත් සමඟම ලෝකය පුරා මුල්ම සතිය තුළ චිත්රපටය ප්රුදර්ශනය කිරීමෙන් ඩොලර් මිලියන 332.7ක මුදලක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.
කොහොම වුණත් ඇය කියල තියෙන විදියට Harry Potter Filmවලින් විතරක් පවුම් මිලියන 10ක් උපයා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඇය කියලා තියෙනවා මේ මුදල් ප්රේමාණය නිසා කිසිම දවසක රැකියාවක් කරල මුදල් හොයන්න ඕනෙත් නැහැ කියලා.

Harry Potter Film Series ඒකේම අනිත් Film තමයි 2009 දී Release වුණු Harry Potter and the Half - Blood Prince සහ 2010 Release වුණු Harry Potter and the Deathly Hallo Part I. මේ Film එකේ Part II Release වුණේ 2010දී.
Harry Potter Filmඵවලින් මිදිල ඇය වෙනම Film එකක් විදියට රඟපෑවෙ 2007 දී Ballet Shoes කියන Nove එකෙන් නිර්මාණය වුණු Ballet Shoes Film එකෙන්.

මොන විදියට ලිව්වත්, මොන විදියට කියෙව්වත් Emma කියන්නෙ මේ වෙනකොට හොඳ ආදායම් මාර්ගයක් තියෙන නිළියක් වගේම Model කෙනෙක්. ඉතිං වැඩියෙන්ම Harry Potter ගැන කිව්වෙ. Emma පිටුපස හිටපු ප්රබලතම සාධකය Harry Potter කියන චිත්රපට මාලාව නිසා. ඉතිං Emma සඳහන් වුණු අලුත්ම කතාව තමයි පසුගිය ලෝක මිහිතල දිනය දවසෙ ඒ කියන්නෙ මාර්තු 23 වැනිදා අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී හිටියාය කියන සිදුවීම.

සිදුවීම වුණේ මෙහෙමයි. ලෝක මිහිකත දිනය සමරන්න Green Campaign කියන වැඩසටහනේ එක් අංගයක් වුණු Natural Beauty කියන ඡායාරූප ප්රේදර්ශනයට Emma උඩු කය නිරුවත් විදියට ඡායාරූප වලට පෙනී සිටීමයි. ජලය හා ස්වාභාවික මල් වර්ගද මේ ඡායාරූපවලට පෙනී සිටීම සඳහා ඇය සම්බන්ධ කර ගෙන තියෙනවා. මේ Emma ජීවිතේ පළමු වැනි වතාවට අඩ නිරුවත් ඡායාරූප පෙළකට පෙනී සිටීම කියල තමයි එයා කියන්නේ.

ඉතිං අපි එදා Harry Potter Film වලින් දැකපු පුංචි කෙල්ල දැන් දැන් කරන වැඩත් නරක නෑ. එයාටම හිතෙන්න ඇති හැමදාමත් මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ කියලා. ඒත් අපිටනම් කියන්න තියෙන්නෙ 'එයා දැන් ලොකු ළමයෙක්' කියලා.

 

malith86

Member
Oct 4, 2012
176
7
0
awurudu 23kma hitiya kiyanneth loku deyakne ada kale hatiyata penne nadda ara Hannah Montana wela thiyena de :P
 
Last edited: