එයා පොඩි කාලේ

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    උපදේශයට පන්සීයයි!

    හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.
    "ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.
    "ඒ කොහොමද?"
    "මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."
    "ඊට පස්‌සෙ මොකද වුණේ?"
    "මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."
    "ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"
    "ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
    ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.
    :dull:

    අපිත් මුලින් කිව්වේ එහෙම තමයි!

    එක්‌තරා රටක ආණ්‌ඩුකාරයෙක්‌ එරට පිස්‌සන්කොටුව නැරඹීමට ගියේය.
    "ඔහේ කවුද?" එක්‌ පිස්‌සෙක්‌ ඔහු ඉදිරියට පැමිණ ඇසුවේය.
    "මම තමයි මේ රටේ ආණ්‌ඩුකාරයා."
    එවිට මඳ සිනහවක්‌ පෑ පිස්‌සා මෙසේ පැවසීය.
    "අපිත් ආපු දවස්‌වල නම් කිව්වේ ඔහොම තමයි. නමුත් ඉන්ජෙක්‌ෂන් දෙකක්‌ තුනක්‌ වැදුනහම ඕක හරියයි.
    :P

    ඒ එයා පොඩි කාලේ!

    විදේශීය සංචාරකයෙක්‌ එක්‌තරා රටක කෞතුකාගාරයක්‌ නැරඹීමට ගියේය.
    එහි ප්‍රදර්ශනයට තබා තිබුණු හිස්‌ කබලක්‌ දුටු සංචාරකයා එහි සිටි නිලධාරියෙකුගෙන් මෙසේ ඇසුවේය.
    "මේ හිස්‌කබල කාගේද?"
    "ඒක අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ."
    එයට මඳක්‌ ඔබ්බෙන් තවත් කුඩා හිස්‌ කබලක්‌ තිබෙනු දුටු සංචාරකයා එය කාගේ හිස්‌ කබල දැයි නිලධාරියාගෙන් ඇසුවේය.
    "ඒක එයා පොඩි කාලේ." නිලධාරියා පිළිතුරු දුන්නේය.
    :rofl:

    දරු දෙක මොක

    මැදපෙරදිග රැකියාවකට ගොස්‌ සිටි කාන්තාවක්‌ වසර පහකට පසු ආපසු පැමිණියාය.
    නිවෙසට පැමිණි විගසම ඇය සිය දරු දෙදෙනා ගැන සැමියාගෙන් විමසුවේ මෙසේය.
    "දරු දෙක මොක....."
    බිරියගේ මේ අණ්‌ඩර දෙමළ භාෂාව ඇසීමෙන් සැමියා අන්දුන් කුන්දුන් විය.
    ඉන් පසු කුස්‌සියේ තිබුණු කොස්‌ ගෙඩියක්‌ දුටු ඇය "මේ බොල් බොල් මොක" කියා සැමියාගෙන් ඇසුවාය.
    අමුතු භාෂාව ඇසීමෙන් සැමියා මහත්සේ කෝපයට පත්විය.
    "මේ කෙටි කාලෙට මේකිට සිංහලත් අමතක වෙලා" ඔහු තමාටම කියා ගත්තේය.
    "ෂර්ට්‌ එක ඉරිල. මොක........" ඇය යළිත් සිය අප්‍රභංශ භාෂාව පටන් ගත්තාය.
    ඔහුගේ කෝපයේ රතු ඉර පැන්නේය.
    ඇගේ කෙස්‌ වැටියෙන් අල්ලා ගත් ඔහු ඇයට පහර කීපයක්‌ ගැසුවාය.
    ඒ සමඟම ඇය "බුදු මාමේ... මෙන්න මාව මරන්න හදනවෝ..... මාව බේරා ගනියෝ........." යනුවෙන් යටි ගිරියෙන් කෑ ගසමින් අසල පිහිටි සිය ඥතියකුගේ නිවස කරා දිව ගියාය.
    :no:

    දුකක් නැහැ

    තමුසෙගෙ වයිෆ් තමුසෙව දාලා ගියානං, ඇවිල්ලා අපිත් එක්ක අඩියක් ගහලා ඒ දුක නැතිකර ගන්නවා. පඩි දවසේ කාර්යාලයෙන් එළියට යමින් සිටියදී පියල්, ජයරත්නට කීවේය.
    ‘ඒක කරන්ඩ බෑ බං.’ ජයරත්න පිළිතුරු දුන්නේ බැරැරුම් පෙනුමක් මුහුණට නඟා ගනිමිනි.
    ‘ඇයි සල්ලි නැද්ද?’ පියල් වහා ඇසීය.
    ‘නෑ, දුකක් නැහැ.’ ජයරත්න කීවේ සිනාවක් නඟමිනි.
    :lol:


    තරග ව්‍යාපාරය

    ‘ඇයි තමුසෙට හිරේට එන්ඩ සිද්ධ වුණේ?’
    පැරණි සිරකරු තමා සමීපයට පැමිණි අලුත් සිරකරුගෙන් විමසීය.
    ‘ආණ්ඩුවත් එක්ක තරගයට බිස්නස් එකක් කළැයි කියල නෙ.’ අලුත් සිරකරු කීවේය.
    ‘මොනවා... මොකද්ද බිස්නස් එක?’ පැරණි සිරකරුවා විශ්මයෙන් ඇසීය.
    ‘සල්ලි අච්චු ගැහිල්ල.’ අලුත් සිරකරු කීවේ තරමක උජාරුවකිනි.
    :nerd:


    ඒත් කෙස් නෑනෙ
    ඔයාගෙ ඔය පෙන්ඩන්ට් එක ඇතුළේ කාව හරි මතක් වෙන්න මොනවා හරි දාලා තියෙනවද? එක් සාදයකදී සරණපාලගේ බිරිඳ ගෙන් රම්‍යා විමසුවේ ඇය පැලඳ සිටි ලස්සන මාලය දෙස ආශාවෙන් දෑස් රඳවමිනි.
    ’ඔව් අනේ හස්බන්ඩ් මතක් වෙන්න මං එයාගෙ කෙස් රොදක් මේකෙ දැම්මා.’ සරණපාලගේ බිරිඳ පිළිතුරු දුන්නාය.
    ’ඒත් ඔයාගෙ හස්බන්ඩ් නැතිවෙලා නැහැනෙ.’ රම්‍යා සෝපහාසයෙන් මෙන් කීවාය.
    ’එයා ජීවත් වෙන එක ඇත්ත. ඒ වුණාට එයාගෙ කෙස් ටික නැති වෙලානෙ.’ තම සැමියාගේ තට්ට හිස සිහි කරමින් සරණපාලගේ බිරිඳ කීවාය.
    :rolleyes:
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    තරග ව්‍යාපාරය

    ‘ඇයි තමුසෙට හිරේට එන්ඩ සිද්ධ වුණේ?’
    පැරණි සිරකරු තමා සමීපයට පැමිණි අලුත් සිරකරුගෙන් විමසීය.
    ‘ආණ්ඩුවත් එක්ක තරගයට බිස්නස් එකක් කළැයි කියල නෙ.’ අලුත් සිරකරු කීවේය.
    ‘මොනවා... මොකද්ද බිස්නස් එක?’ පැරණි සිරකරුවා විශ්මයෙන් ඇසීය.
    ‘සල්ලි අච්චු ගැහිල්ල.’ අලුත් සිරකරු කීවේ තරමක උජාරුවකිනි.
    :nerd:

    මේක නම් එල කතාව....:D:D.