එය මෙසේ සිදුවිය
දිනය : සැප්තැම්බර් 18, 2008
ස්ථානය : ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් හී අති සුපෝඛභොගී කාර්යාල සංකීණයක රැස්වීම් ශාලාවකි. එහි වූ විශාල වට රවුම් මේසයේ පුටු වලට බරදී සිටිනුයේ ඇමරිකාවේ පළමු ගණයේ ආර්ථික විශේෂඥයන් මෙන්ම ෆෙඩරල් ආණ්ඩුවේ නීති සකසන්නන් සමූහයකි. එක ලඟ පැනවු අසුන්වලට වී උනුනුන් සමග කසු කුසුවකට මුල පුරා සිටි දෙදෙනෙකි. එයින් එක් අයෙකු වන්නේ ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් 'හෙන්රි පෝල්සන්' ය. අනෙකා ඇමෙරිකාවේ ෆෙඩරල් සංචිතයේ සභාපති 'බෙන් බර්නාන්කෙ' ය. ඔවුන්ගේ නළලත විවිද රටා මවමින් නැගෙන රැළි සහ මුහුණුවල රැඳුනු සිහින් දහඩිය මොනවට කියා පානුයේ ඔවුන් යෙදෙන සංවාදයේ බරපතල භාවයයි.
රැස්වීම පටන්ගත යුතු වේලාව එළඹෙමින් තිබේ. බර්නාන්කෙ නැගී සිට සභාව ඉදිරියට පැමිනෙන්නේ මුහුණේ වූ බැරෑරුම් බව වඩ වඩාත් උත්සන්න වෙමින් තිබියදීය. කෙලවරක රැඳුනු විශාල පැතළි රූපවාහිනී තිරයේ දිස්වනුයේ නොයෙකුත් ප්‍රස්ථාර හා සංඛ්‍යා ලේඛණයි.
"මහත්වරුනි, සුභ උදෑසනක් වේවා ඔබ සැමට !"
"තවමත් මට ඔබ වෙත සුභ උදෑසනක් වේවා කියා පැවසීමට පුළුවන්කම තිබුනත්, හෙට උදෑසන එසේ පැවසීමට පුළුවන් වේදැයි මට සැක සහිතයි"
"මහත්වරුණි, ඔබ සැම දන්නා පරිදි අපගේ සියළුම මූල්‍ය ආයතන අවදානමකට ලක්කරමින් ලීමන් සහෝදරයෝ ආයතනය මීට දින තුනකට උඩදී තම මූල්‍යමය බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කලා. ඔබ සැම දන්නා පරිදි මේ මූල්‍ය ආයතන සියල්ලම පාහේ තම ප්‍රාග්ධන ආයෝජන වලින් වැඩිම ප්‍රතිශතයක් ක්‍රියාවට නැංවූවේ ලීමන් සහෝදරයෝ ආයතනය හරහා තමයි . . . . . දැන් ඔවුන් සියල්ල විශාල අර්බුදයකට ලක්වෙලා . . "
"මේ ආයතන බේරා ගැනීම සඳහා අපගේ අතිරික්තයන්ගෙන් ඩොලර් බිලියන 700 ක මුදලක් ඉතා හදීසි අවශ්‍යතාවයක් සේ සලකා මුදා හල යුතුයි . . . ."
"අපි මෙය සිදු නොකාලොත් ලබන සඳුදා වනවිට අපට ආරිථිකයක් ඉතුරු නොවේවි . . . "
සභාව තුලින් මතු වනුයේ විශාල ඝෝෂාවකි.
"මේ අර්බුදයට කවුද වගකිව යුත්තෙ ?" නැගී සිටි නීති විශාරදයෙක් තම ප්රශ්නය ඉදිරිපත් කලේය.
"මහත්වරුනි, ඒක පිලිතුරුදීමට ඉතාම පහසු ප්‍රශ්ණයක්. කෙලින්ම හෝ වක්‍රව අපි සියළුම දෙනා ආර්ථික විශෙෂඥ්ඥයන් වශයෙන් මෙයට වග කිව යුතුයි"
යලිත් සභාව තුලින් මහා ඝෝෂාවකි.
"එහම කොහොමද වෙන්නෙ. අපගේ උපදෙස් හරි ආකාරව පිලි ගත්තානම් එසේ සිදු නොවිය යුතුයි . . . . " තවෙකෙක් නැගී සිට ඉතා ආවේග ශීලිව පවසයි.
"ආයෝජනය කරන ප්රාග්ධනය සඳහා ඉතා හොඳ සහ වැඩිම ප්රතිලාභ ලැබන විදිහට යෙදවිය යුතුයි කියා තමයි අපි ඔවුනට උපදෙස් දුන්නේ. ඔබ සියල්ල ඊට එකඟ වෙනවා ඇති . . . . "
"මහත්වරුණි, එය සිදුවූයේත් එසේමයි. ඔවුන් ආයෝජනය කල මුදුලට ඉතාම හොඳින් ප්රතිලාභ ලැබුනා . . . ඒත් දැන් එය එසේ නොවෙයි . . . ප්රශ්නය ඇත්තෙ එතනයි . . . ."
"කොහොමද එහෙම වෙන්නෙ ? ඇයි දැන් ඒ ප්‍රථිලාභ නොලැබෙන්නෙ ? කොහෙද ඔවුන් තම මුදල් ආයෝජනය කලේ ?"
මෙපමණ වෙලාවක් නිශ්ෂබ්දව සිටියෙක් තම ප්රශ්නය මුදා හලේය.
හෙන්රි පෝල්සන් සහ බෙන් බර්නාන්කෙ මුහුණට මුහුණ බැලීය. ඉන්පසු කට හඬ අවදි කරණුයේ හෙන්රි පෝල්සන්ය.
"මහත්වරුණි, මම මේ පවසන්නට යන දේ මේ රැස්වීමේ ශාලාවෙන් පිට නොවිය යුතුයි. ඒ සියල්ල තම දිවි පරදුවට තබා හෝ රහසක් වශයෙන් රැක ගන්නවා කියා ඔබ සියල්ල එකඟ විය යුතුයි. මේ කිසිම දෙයක් මාධ්‍ය තුලට නොයා යුතුයි. එසේ උවහොත් අප රටක් වශයෙන් ඉතිහාසයේ ලබන විශාලතම නින්දාව එය වනු ඇති."
නැවතත් සභාවේ කසු කුසුවකි.
"හොඳයි අපි පොරොන්දු වෙන්නම් මෙය රහසක් වශයෙන් තබා ගැනීමට. අපිට සියල්ල පවසන්න. කොහේද මේ ප්රාග්ධනය ආයෝජනය කලේ ? " තවෙකෙක් නැගිට ප්‍රකාශ කලේය.
හෙන්රි පෝල්සන් කටහඬ අවදි කරමින්, "මහත්වරුනි මුළු ලෝකයෙන්ම වැඩිම ප්රතිලාභ ලැබෙන ආයෝජනයක් අපි කලා."
"ඔව්, ඉතින් ඒ කොහෙද ?" නැවතත් ප්රශ්නයකි.
"ශ්‍රී ලංකාවෙ . . . . . . . . . අපි ඒ මුදල් ආයෝජනය කලේ ශ්‍රී ලංකාවෙ සක්විති රණසිංහ ලඟ . . . . . "
"ඌ, පහුගිය සැප්තැම්බර් 9 වෙනිදා ඔක්කොම සල්ලිත් අරන් පැනල ගිහිල්ලා . . . . . "
පසු වදන : සක්විති රණසිංහ පැදුරටත් නොකිය චෙන්නායි නගරයට පැන ගියේ 2008, සැප්තැම්බර් 9 වන දිනයි. ලීමන් සහෝදරයෝ බංකොලොත් බව ප්‍රකාශ කලේ සහ අර්බුදය පටන් ගත්තේ 2008, සැප්තැම්බර් 15 වන දිනයි.
http://dhumee.blogspot.com/

una eka kiyawala...lolz ....elama thama..patta ...