චීනය හෝ ඉන්දියාව ආර්ථික බලවතුන් වෙන්නේ නෑ.එයාලගේ රටවල තියෙන පරිසර දූෂනය,කෲර ධනවාදය සහ ජනගහනයේ පිපිරීම නිසා මේ රටවල් ව්‍යාකූල වෙන එක තමයි වෙන්නේ..දැනට පවතින ලෝක ආර්ථික රටාව අනුව ආසියාව දියුණුවීම වලක්වන්න බෑ. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව මීළග වසර 50 තුල අති විශාල ලෝක ආර්ථික බලවතුන් බවට පත් වනවා. එතකොට මේ කලාපය මැනිපියුලේට් කරන්න බටහිරට යම් රටක් අවශ්‍ය වෙනවා. භූ-භෞතික පිහිටීම අනුවත්, නාවික මර්මස්ථානයක් නිසාත් ලංකාව කියන්නේ මේ කලාපයේ තීරණාත්මක බලය පාලනය කිරීමේ ස්ථානය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට සගවන මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ස්වාභාවික ගෑස් නිධිත් මේ අත පෙවීමට යම් සම්මාදමක් එක් කරනවා. එනයින් බලන කළ, ලංකාව තුළ බටහිර රූකඩ “යැංකි-ඩිකී“ ආණ්ඩුවක්, ඊශ්‍රායලය මැදපෙරදිග අස්ථාවර කරන මර්මස්ථානය ලෙස භාවිතා කරනව වගේ ආසියාව අස්ථාවර කරන්න යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ කටේ පිහිටීමත්, චීනයට මැදි දුර මිසයිලයක් විදින දුරින් පිහිටීමත් මේ කාරණයට බලපාල තියනවා. ඒ විතරක් නෙවෙයි, ඕනෑම අවස්ථාවක යුද සැපයුම් මධ්‍යස්ථානයක් විදියට ලංකාව දරන වැදගත් කම අති විශාලයි. මෙන්න මේ කරුණු තමා ඔබ කියන දේ වෙන්න බලපාන ප්‍රධාන හේතු.
නමුත් ඇමරිකාව ප්රමුඛ බටහිර රටවලට දකුනු ආසියාවේ ඔවුන්ට හිතවත් සහ බලවත් රටක් හැදීම අත්‍යවශ්‍යය වී තිබෙනවා. මේකට පකිස්ථානය තෝරාගැනීමට ඔවුන් අකමෙති එය මුස්ලිම් රටක් වීම නිසා.නේපාලය වගේ රටකුත් ගැලපෙන්නේ නෑ.තියෙන හොඳම විකල්පය තමයි ශ්‍රී ලංකාව. මේ බටහිර රටවල් ආසියාවේ ඔවුන්ගේ නියෝජිතයා සහ එම කටයුතු මෙහෙයවන අධ්‍යක්ෂක ලෙස මාව පත් කරලා තියෙන්නේ.අපේ අරමුන මම ඉක්මනින් ලංකාවේ රාජ්යනායකත්වය ලබාගෙන ලංකාව බටහිර රටවලින් ඩොලර් බිලියන සිය ගානක ප්‍රදානයක් තුලින් ලංකාව බටහිර රටක මට්ටමකට ගෙන ඒමයි.ඒ කියන්නේ විශාල ආර්ථික සහ අධ්‍යපනික සංවර්ධනයක් කරන්න බලාපොරොත්තුවෙනවා.තව වසර කීපයකින් ඇමරිකාව,එංගලන්තය,ප්‍රංශය,ඕස්ට්‍රෙලියාව,කැනඩාව වගේ රටවලට යන්න ශ්‍රී ලාංකිකයන්ට වීසා ඕනි නෑ.එහේ ගිහින් ජොබ් කරන්නත් පුලුවන්.ඒවගේම ඒ රටවල ඉන්න සුද්දන්ට ලංකාවට එන්නත් වීසා ඕනී නෑ.මෙහෙම කරලා ලංකාව බටහිර රටවලට හිතවත් බලවත් සංවර්ධිත රටක් කරන්න තමයි සැලස්ම.ලංකාවේ සෞඛ්‍යය සේවාවන් ,අධ්‍යපනික තත්වය,සහ රැකියා උසස් මට්ටමකට ගේන ඒම මගින් ලංකාවට යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා දෙන්න අපි ඉන්නේ.







