ඉතා හොඳ පරිශ්‍රමයක්.. හරියට පිලිපදිනවනම්...
රටක ජාතින් අතර ආගම් අතර විවිධ අන්දමේ නොගැලපීම් හා ඔවුනොවුන් අනුගමනය කරනා වත් පිලිවෙත් හා විශ්වාශයන් අතරේත් විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්..
මිනිස් සමාජයක වුනත් එක වගේ අදහස්, චර්යා ධර්ම තියෙන දෙන්නෙක් හමුවෙන්නේ කලාතුරකින්නේ..
අපි සටන් කල යුත්තේ හා වාද විවාද තුලින් ගැටිය යුත්තේ වරද නිවැරදි කර ගැනීමට හා හරි මතය උඩට ඔසවා ගැනීමට පමනෙකි. එය සැමවිටම මත ගැටුමක් පමනක් විය යුතුයි. ඒවා කිසිදා මිනිස් ගැටුම් දක්වා දිග් ගස්සා ගත යුතු නොවේ.
නමුත් මෙතැන වෙන්නේ ඊට හාත්පසින් විරුද්ධ මත ගැටුමකට වඩා එහා ගිය ගෙවල්වල සිටින අපේ අම්මලාට පවා නිගරු කරනා අන්දමේ සම්ප්‍රප්ඵලාප දෙඩවීමකි..
හැමදාම එකම තැන පල්වෙමින් නිසරු වාද බේදයන්ට මුල පුරා අපි අපිටම කිති කවා ගැනීමක් හා ලේ ප්‍රකෝප කර ගැනීමක් සිදු කර ගනිමින් සිටී..ප්‍රතිවාදියා එය හොඳීන් අවබෝධ කොට ගෙන ඇති සැටියක් ඔවුන් අනුගමනය කරනා සුක්ෂම උපාය මාර්ග තුලින් මොනවට තහවුරු වේ..
අපි ඔවුන්ගේ සුක්ෂම උගුලට අසුවෙනවාද නැත්නම් සාරා සංඛ්‍ය කල්ප ගනනාවක් පුරා අප දිවි පුදා රැක ගත් හා අප හෙල රජ දරුවන් දිවි පුදා රැක දුන් අපේ ආගම වෙනුවෙන් අපිට මීට වඩා යමක් කල හැකි ක්‍රම වේදයකින් පෙනී සිටිනවාද යන්න මෙහිදී අපි තුලනාත්මකව විමසුමට බඳුන් කල යුතුයි..
එසේ පෙනී සිටීමට නම් මීට වඩා සංවිධානාත්මක හා ධනාත්මක අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කල යුතු බවයි මගේ හැඟීම...
මේ සියලු චණ්ඩි කම් හා අභියෝගයන් කරන්නේ කාමරයක කොම්පිටයුටරයක ඉදිරියේ සැඟව සිටයි.. එසේ නියම හැඟිමෙන් සටන් කල යුතු නම් මෙසේ බැන අඬ ගසා ගන්නවාට වඩා මහා පරිමාණයෙන් කල හැකි හා කලයුතු දෑ බොහෝ තිබෙන බවත් අමතක නොකල යුතුය. එය කල හැකි උපරිම අයුරත් අපි දන්නා බව ප්‍රතිවාදීන්ට මෙහිදී විශේෂයෙන් මතක් කර දිය යුතුමය...
තවමත් රටක මහජාතිය වශයෙන් අපි එවන් අසාධාරණ තීන්දුවලට සේන්දු වි නැත්තේ අපි සදාචාර සම්පන්න ජන කොට්ඨාශයක් වශයෙන් තවමත් ලාංකීය මුද්‍රාව වෙනුවෙන් ආවේගයට වඩා බුද්ධිය පෙරටු කොට ගෙන පෙනී සිටිනා හා ක්‍රියා කරනා සද්ජන සමූහයක් නිසාවෙනි.
පිරිසිදු චේතනාව පෙරදැරිව ගත් ආරම්භයට මල්ලිට මගේ ආචාරය...
සැමට තෙරුවන් සරණයි...