එලකිරි කුරුළු උයන

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    එලකිරි කුරුළු උයන



    අපේ එලකිරියේ ඉතින් මාලු හදන අය බව්වො හදන අය ත්‍රෙඩ් දාල තිබ්බා
    මම දාන්න යන්නේ කුරුල්ලෝ හදන අය ගැන හිතලා ත්‍රෙඩ් එකක්..
    මම මේ වෙනකොට හදල තියෙනවා පරවියෝ/ගිරව් වගේ එවුන්.
    මේ ටිකේ විස්තර හොය හොය ඉන්නකොට හම්බවුණා තවත් නියම කුරුල්ලෙක් හීලෑ කරලා ගෙදර හදන්න..

    උගේ නම තමයි කොකටියල්

    `
    56_cockatiel-1.jpg


    වර්ණ හා දේහ ලක්ෂණ:

    ඉහත රූපයෙනුත් දැක්වෙන පරිදි මොවුන්ගේ විශේෂම දේහ ලක්ෂණය වන්නේ හිසෙහි තිබෙන ඔටුන්නක් වැනි පිහාටු පෙළයි. මේ නිසා මේ සුරතලාට බොහොම විශේෂ අලංකාරවත් පෙනුමක් ලැබී තිබෙනවා.
    මොවුන්ගේ කම්මුල් දෙපස තැඹිලි පැහැ සලකුණු දෙකක් බොහෝ විට දකින්න ලැබෙනවා. ශරීර වර්ණයන් ගැන කතා කලොත්, මොවුන්ගේ ප්‍රධානතම වර්ණය ලෙස සැලකෙන්නේ තද අළු පැහැයයි. මුහුණ හා හිස ලා කහ පැහැයක් ගන්නවා. මීට අමතරව ශරීර වර්ණය ලා කහ පැහැය, සුදු පැහැය, යන වර්ණ වලිනුත් මොවුන්ව දැකගන්න පුළුවන්. සමහර අවස්ථා වල තනි සුදු මුහුණක් සහිත කොකටියල් කුරුල්ලන් ද දැකගන්න පුළුවන්. එසේම කම්මුල් දෙපස තැඹිලි පැහැ සලකුණු නොමැති සතුන් ද සිටිනවා. මේ නිසා මොවුන් තෝරාගැනීමේදී වර්ණය ට වඩා මොවුන්ගේ පෙනුම ගැන අවධානය යොමු කරන්න.
    කොකටියල් කුරුල්ලන්ගේ ගැහැණු පිරිමි වෙනස හඳුනාගැනීම නම් තරමක් අපහසුයි. නමුත් මුහුණේ වර්ණය වඩාත්ම දීප්තිමත් වන්නේ පිරිමි සතුන්ගේ බවයි සඳහන් වන්නේ. ගැහැණු සතුන්ගේ මුහුණේ වර්ණය සාපේක්ෂව තරමක් අවපැහැ ස්වභාවයක් ගන්නවා.
    ශරීර ප්‍රමාණය ගැන කතා කලොත්, මොවුන් මධ්‍යම ප්‍රමාණයේ ගිරා විශේෂයක්. හොඳින් වැඩුණු විට හිසේ සිට පෙඳය කෙලවර දක්වා දිග අඟල් 12-13ක් පමණ වෙනවා. බර ග්‍රෑම් 90-100ක් පමණ වෙනවා.

    56_cockatiel-2.jpg


    ගතිලක්ෂණ:

    නිතරම විවිධ ශබ්ද නගමින් සිටීමට කැමති පක්ෂි විශේෂයක්. මේ නිසා ඔබ මොවුන්ගේ කෑගැසීමේ ශබ්ද වලට අකමැති පුද්ගලයෙක් නම් මොවුන් මිලදීගැනීමට පෙර සිතා බැලිය යුතුයි. ඉතාම බුද්ධිමත් පක්ෂි විශේෂයක් වන කොකටියල් මිනිස් වචන උච්චාරණය කිරීමේ හැකියාව දක්වනවා. එසේම විසිල් ගැසීමේ පුරුද්දක් මොවුන්ට තිබෙනවා. විවිධ ගීත වල තාලයන් විසිල් හඬින් ගැයීමට මොවුන්ට පුරුදු කරන්න පුළුවන්. මොවුන්ගේ ගැහැණු සතුන්ට වඩා පිරිමි සතුන් ක්‍රියාශීලී බවින් වැඩි බවත්, ශබ්ද නැගීමට වැඩි පෙළඹීමක් ඇති බවත් දකින්න ලැබෙනවා. එසේම පුහුණු කිරීමට පහසු වන්නේද පිරිමි සතුන්වයි.
    මොවුන් කුඩා කල සිට හීලෑ කරගත්තොත් තමන්ගේ ස්වාමියාට බෙහෙවින් හිතවත් වෙන බව දැකගන්න පුළුවන්. එසේම මොවුන් පුහුණු කිරීම පහසුයි. වැඩිහිටි කුරුල්ලන් වුවත් පහසුවෙන් හීලෑ කරගත හැකියි. නමුත් කුඩා පැටවුන් මිලදීගත්තොත් මෙය වඩාත් පහසු බව කිව යුතුයි. කෙසේ නමුත් මොවුන් එළිමහනට පැමිණියොත් ඉගිලී යා හැකි බැවින් නිවසින් පිටත නිදැල්ලේ රැගෙන යාම එතරම් සුදුසු නැහැ. හීලෑ කරගත් පසු මෙම සුරතලුන් නිවස ඇතුලේ නම් නිදැල්ලේ තබන්න පුළුවන්. නමුත් බළලුන් වැනි සතුන්ගෙන් මොවුන්ව ප්‍රවේසම් කරගැනීමට කල්පනාකාරී වන්න.
    මොවුන් තනිව ජීවත් වෙනවාට වඩා තවත් සහයකයෙක් සමඟ සිටින්නේ නම් වඩාත් සතුටින් ජීවත් වන බව දැකගන්න පුළුවන්. කෙසේ නමුත් තනි කොකටියල් සුරතලෙක් ඔබ මිලදී ගන්නේ නම් අනිවාර්යයෙන්ම දිනපතා පැය කීපයක් සුරතලා සමඟ කාලය ගත කිරීමටත් සෙල්ලම් කිරීමටත් වගබලාගන්න. නැතිනම් මොවුන් පාළුවෙන් දුකට පත් වී රෝගී වීමටත් ඉඩ තිබෙනවා. සෙල්ලම් කරන වයසේ ළමුන් සමඟ හොඳින් හිතවත් වෙන කොකටියල් කුරුල්ලන් ළමුන් සමඟ හොඳ බැඳීමක් ඇතිකරගන්නා බැවින් ළමුන්ගේ මානසික සුවයට ඉතාම හොඳ බව බොහෝ රට වල පිළිගැනෙනවා.

    56_cockatiel-3.jpg


    සෞඛ්‍යය:

    ඉතාම හොඳ ආයුකාලයක් හිමි කුරුළු විශේෂයක් බව කියන්න පුළුවන්. හොඳින් පෝෂණය ලබා දෙමින් හා ව්‍යායාම කිරීමට ඉඩකඩ ලබා දෙමින් ආරක්ෂිතව තබා ගත්තොත් අවුරුදු 15 සිට 25 දක්වා පමණ මොවුන්ට ජීවත් විය හැකි බව සත්ව විශේෂඥයන් පවසනවා.

    Price in SriLanka = 3000/- +


    විස්තරේ උපුටා ගත්තේ නම් petslanka වෙබ්සයිට් එකෙන්.
    ඔයාලගේත් ඉන්න කුරුල්ලෝ ගැන විස්තර දාන්න බලන්න.කුරුල්ලෝ ගැන දිගටම කතා කරමු මේ ත්‍රෙඩ් එකේ..

     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මාත් හරි ආසයි කුරුල්ලෙක් ඇති කරන්න. මුං පොඩි කාලෙම අරන් හැදුවොත් වෙන්න ඇති පුරුදු වෙන්නෙ නේද? කොහෙන්ද පැටව් ගන්න පුලුවන්? කීයක් වගේ වෙනවද? කතා කරන්න පුරුදු කරන්නෙ කෝමද විස්තර කරපං. මට ඕන කුනු හරපයක් දෙකක් කියවගන්න මාර ආතල් මේ සත්තු. පෙට්ශොප් වල විකුනන්න ඉන්නෙ ලොකු කුරුල්ලො ඒව අරන් පුරුදු කරන්න බෑ නේද? කරනවනම් ලෙසටම කරන්න ඕනි මට.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් හරි ආසයි කුරුල්ලෙක් ඇති කරන්න. මුං පොඩි කාලෙම අරන් හැදුවොත් වෙන්න ඇති පුරුදු වෙන්නෙ නේද? කොහෙන්ද පැටව් ගන්න පුලුවන්? කීයක් වගේ වෙනවද? කතා කරන්න පුරුදු කරන්නෙ කෝමද විස්තර කරපං. මට ඕන කුනු හරපයක් දෙකක් කියවගන්න මාර ආතල් මේ සත්තු. පෙට්ශොප් වල විකුනන්න ඉන්නෙ ලොකු කුරුල්ලො ඒව අරන් පුරුදු කරන්න බෑ නේද? කරනවනම් ලෙසටම කරන්න ඕනි මට.
    :rolleyes::rolleyes: