මෙහෙමයි ඊයෙට යුක්‍රේන රුසියා යුද්දයට අවුරුද්දක් වුනානේ.මන් ඒ හින්දා පොඩි විස්තර වගයක් හෙව්වා.මට හිතෙන්නේ යුක්‍රේනේ මහ එකාට වඩා පුටින්ට පිස්සු කියලා.ලෝකේ වැඩියෙන්ම හමුදාව සදහා සල්ලි වියදම් කරන්නේ ඇමරිකාව ඒ බිලියන 800 ක් රුසියාව වියදම් කරන්නේ බිලියන 70 ඒ වගේම තමා තාක්ශනික දියුනුවටත් වැඩියෙන් සල්ලි යොදවනවා රුසියාවට වැඩිය.ඇමරිකාවට වඩා අඩුවෙන් දෙවෙනියට සල්ලි වියදම් කරන්නේ චීනේ තාම රුසියාවත් එක්ක ස්තීර යුදමය එකග තාවකට ඇවිල්ලා නෑ චීනේ ඒක තාම වැට උඩ.මන් නම් හිතන්නේ නෑ ඉන්දියාව ඕකට සම්බන්ද වෙයි කියලා මොකද තාම උන්ගේ රට දුප්පත් නිසා ඉරානේ නම් රුසියාව එක්ක යාලු වෙයි කියලා හිතන්න පුලුවන් අනික මුලු නේටෝ වලම යුද බජට් එක ට්‍ර්ලියනේකට වඩා වැඩි අරගොල්ලොන්ගේ මුලු සෙට් එකම අමාරුවෙන් එකතු කරගත්තත් බිලියන 500 ක් නෑ නේ.පහුගිය අවුරුද්දේ රුසියාවට යුද්ද්‍ය වෙනුවෙන් අවමව බිලියන 90 ගානක් වියදම් වුනාලු.ඒකියන්නේ බජට් එකටත් වැඩියෙන් වියදම් වෙලා.ගොඩක් කට්ටිය කියනවා ආර්තික බලපෑමත් එක්ක තව අවුරුදු තුනක් වගේ තමා රුසියාවට යුද්දය අල්ලන් ඉන්න පුලුවන් වෙන්නෙ කියලා.රැසියාවේ මුලු ගීඩීපී එක කැලිෆෝනියාවේ එකටත් වඩා අඩුලු.යුද්දය පටන් ගත්තට කමක් නෑ මුලින් අඩුම චීනේ වත් යාලු කරන් රුසියාවේ ආර්තිකය ඉතාමත් දරුනු විදිහට කේස් වෙයිලු ජපානෙත් කේස් දැම්මානේ.බූමියේ වාසිය ගත්තත් රුසියාවයි චීනෙයි එක ලග නිසා හරියට වැදුනොත් නිකන්ම උලුවස්සට හේත්තු වෙනවා මොකද නේටෝ එක ඕස්ට්‍ර්‍ර්ලියාව දක්වා පැතිරිලා හින්දා.ඇමරිකාව අරුන්ට හති වැටනකන් අල්ලන් ඉදලා ගහන පැලෑන් එකක් තියෙන්නේ.උබටල හිතෙන විදිහට රුසියාව මේ කරන්නේ මෝඩ වැඩක් නෙමෙයිද යුක්‍රෙනෙට නැතිවෙන්න දෙයක් නෑනේ.
