වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ එකම දියණිය අතුරුදන් වී සිට පිළියන්දලින් හමුවූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇයව සොයා ගෙන තිබුණේ පිළියන්දල ප්‍රදේශයේ ඇගලූම් කම්හලක සේවය කරමින් සිටියදීය.වැදි නායකයාගේ දියණියගේ සැමියා දුන් ඔත්තුවක් මත ඇය සොයා ගත් බව පොලිසිය පවසා තිබිණි.
එහෙත් ඇය සිය සැමියා සමග ගමට යෑම ප්‍රතික්ෂේප කළ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.එයට හේතුව ලෙස දක්වා තිබුණේ ඇගේ රත්තරන් බඩු වගයක් උකස් කර ඇති බවත් ඒවා සින්න වීමට යන නිසා ඒවා බේරා ගැනීමට අවශ්‍ය මුදල් උපයාගෙන මිස යළි ගමට නොයෙන බවත්ය.