මචන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ගෙන් කරන සාධාරණ ඉල්ලීමක් විදියට මේක කියන්නම් තරහ වෙන්න නම් එපා........
උඹල දෙන්නට වෙන වෙන්න උනේ ඇයි කියලා නම් මම දන්නේ නෑ (මට දැනගන්න ඕනත් නෑ)
හැබැයි මොනව උනත් දැන් ඒ කෙල්ල වෙන කෙනෙක් එක්ක විවාහවෙලා ඉවරයි........
ඒ කෙල්ලගේ පැත්තෙන් හිතලා මම ඔය රතු පාට කරලා තියන දේවල් ටික සම්පූර්ණයෙන්ම අමතක කරපන්......මම දන්නවා අමාරු වැඩක් තමයි කියලා......
But if there is a will there is away
උඹ අහල තියනවද කතාවක් ලෝකේ බහුතරයක් මිනිස්සුන්ට තමන් කැමති විදියේ රස්සාවක් හම්බෙන්නෙත් නෑ තමන් කමති කෙනාව marry කරන්න හම්බෙන්නෙත් නෑ කියලා.....

මම දැනට පලවෙනි දේ නම් අත් විඳිනවා..... අනිත් එකත් ගොඩක් දුරට එහෙම්ම වෙයි......
උඹ කියනවත් වගේ ලංකාවේ හිටියොත් කවදහරි එයාව හම්බෙයි......සමහරවිට තනියම.....නැත්තං husband එක්ක.....එහෙමත් නැත්තං අනාගතයේ දවසක පොඩි එකාත් එක්ක......

හැබැයි එදාට උඹේ පරණ ආදරවන්තිය විදියට නෙවෙයි......ජීවිතේ ගොඩක් පාඩම් කියාදීපු මිතුරියක් විදයට එයාව සලකලා කතාබහ කරපන්.......
උඹ ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ කියලා post එක කියවද්දිම තේරුනා...... ඒත් හිතට ආපු දේවල් හින්දයි මේ ටික කෙටුවේ......
අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ මචන්......වැරදි අඩුපාඩු අපි හැමෝම අතින් සිද්ධවෙනවා.....

ඒවා හදාගෙන ඉස්සරහට යන එකයි වැදගත් වෙන්නේ......ජය වේවා......