එල්ලා මරණ දමන ඉරානයෙන්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
එල්ලා මරණ දමන ඉරානයෙන්

දිනෙන් දින පුද්ගලයින් එල්ලා මරණ දමන ඉරානයෙන් තවත් කාන්තාවක් එල්ලා මැරීමට යාමේ කනගාටුදායක පුවතක් විදෙස් මාධ්‍ය විසින් හෙළිදරව් කර තිබේ. ඒ තම ස්වාමිපුරුෂයා මරා දැමීම සම්බන්ධයන් වරදකාරිය වූ 22 හැවිරිදි ඉරාන ජාතික කාන්තාවක් ඉදිරි සතියේදී එල්ලා මැරීමට ඉරාන රජය නියෝග කර ඇති බව අද (12) වාර්තා කළේය.


සෙයිනාබ් සිකාවන් නම් මෙම කාන්තාවට සිය සැමියා මරා දැමීමේ චෝදනාවට වරදකරු කරමින් 2012 වසරේදී එම වරදට මරණ දඩුවම නියම විණි. ඒ වනවිටත් දහ හත් හැවිරිදි වියේ පසුවූ ඇය ගැබිනියක්ව සිටීම හා අවුරුදු දහඅටට අඩුවීම හේතුවෙන් ඇයට හිමි මරණ දඬුවම කල් දැමීමට එරට අධිකරණය නියෝගකර සිටියේය. සිය පෙම්වතා සමගින් අවුරුදු 15 වන විට විවාහ වූ ඇයට සිය ස්වාමියාගේ නෙයෙකුත් තාඩන පීඩන මැද ජීවත්වන්නට සිදු විය. ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව දන්වා සිටියදී සැමියාගෙන් නිරන්තරයෙන් ගුටි බැට කෑ සෙයිනාබ් තම සැමියාට එරෙහිව ඉරාන පොලීසියට පැමිණිලි කළේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ කිසිවක් සම්බන්ධයෙන් පියවර නොගැණුනි. ඒ කළකිරීම මත ඇය ඔහුගෙන් මිදී සිය දෙමව්පියන් කරා ගිය අතර හදිසියේ සැමියා මියයෑම සම්බන්ධයෙන් ඇය චෝදනා ලබන්නට වූවාය. ඒ අනුව ඇයට එරෙහිව පැවති නඩු විභාගයෙන් සිය සැමියා මැරීමේ චෝදනාවට ඉරාන අධිකරණය විසින් ඇය වරදකාරිය කරනු ලැබුවාය.



කෙසේවෙතත් වසර තුනකට අධික කාලයක් කල් දැමූ දඩුවමත් සමගින් උරෝමෙහි මධ්‍යම බන්ධනාගර ගත ව සිටි ඇය එහි සිටි වෙනත් රැදවියෙකු සමගින් යළිත් විවාහ වූවාය. එම දෙවන විවාහයෙන් ගැබ් ගත් පසු ඇයගේ දඬුවම ක්‍රියාත්මක වීම තවත් කල් දැමිණි. මෙසේ සිටියදී පසුගියදා ඇයට දරුවා බිහිවීමත් සමග සෙයිනාබ්ට හිමි මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව ඉරාන බලධාරීන් සනාථ කර සිටියේය.

මෙහි ඇති ශෝචනීය සිද්ධිය වන්නේ ඇය බිහිකර ඇති දරුවා මළ දරුවෙක් වීමය. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර්තාකරන්නේ
මරණ දඩුවම් නියමවීම හේතුවෙන් ඇයට ඇතිවූ කම්පන තත්වයක් නිසා දරුවා මියයන්නට ඇතැයි සැක කරන බවයි.

කෙසේවෙතත් ඇයට නියමවී ඇති මරණ දඩුවම යළි සක්‍රියවිමත් සමග ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධානවලද දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව සදහන්.
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    බඩේ ගිණියම තියෙනකන් මොනවා තිබුනත් වැඩක් නෑ.
     

    Similar threads