එල්ලිල මැරුණනෙ

gehanl

Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    වරකාපොලට කිට්ටුව මායින්නොලුව කියන ගමේ හිටියලු රජයේ ඉහල තානාන්තරයක් දරපු මහත්තයෙක්, එයාට හිටියලු ලස්සන දුවෙක්. මොකක් හරි හේතුවක් නිසා ඒ දුව එල්ලිලා මැරුණලු. දැන් වගේ එල්ලිලා මැරෙන එක සාමාන්‍ය කරණය වෙලා තිබ්බෙ නැති යුගයක් නිසා ඒක හරිම අනුවේදනීය සිද්දියක් උනාලු. ඒ සීන් එක අළලා සින්දුවකුත් හැදුනලු.. ලෙනාඩි වීරසිංහ සහ ලක්ශ්මී බායි කියා දෙදෙනා අතින් ටවර් හෝල් යුගයේ නිර්මාණය වෙච්ච මේ ගීතය 1967 දි ලෙනාඩ්ගෙ දරුවො දෙන්නා එරංගා සහ ප්‍රියංග විසින් ආයෙම ගායනා කරලා ගුවන් විදුලියට බාර දුන්නලු.

    ඔච්චර බලගතු ඔපිසර ගේ දුව

    එල්ලිලා මැරුණනෙ පොඩිනෝනෝ ...
    So much powerful officer’s daughter
    hanged and died my small lady ...

    කැලේට දුවලා වැලක් කඩලා
    එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ ....
    Ran to the jungle plucked a creeper
    hanged and died my small lady ...

    හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ
    එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ ...
    Tom tom beating funeral taking

    hanged and died my small lady ....

    සමහරු අහලා නැතුවත් ඇති.. ගුවන් විදුලියෙ මේක ප්‍රචාරය වෙලා ප්‍රසිද්ද සින්දුවක් වෙනකොට එවකට රජයෙ ඉහළ තනතුරක් දරපු පොරක්ගෙ දුවෙකුත් එල්ලිලා මැරුණලු. මේ සින්දුව slbc එකේ play වෙනවා අහපු අර ලොකු පොරට මල ඉතිරුවලු, කොහොම හරි ටික දවසකින් මේ සින්දුව තහනම් වෙනවා. ඒ තහනම් වීමත් එක්ක සින්දුව කියපු දෙන්නා කලකිරිලා ලංකාවෙනුත් යන්නම ගියාලු. මේ සින්දුව පහුගිය දශකයේ නම් ඉදහිට නන්ස්ටොප් වලත් ඇහුනා. දැන්නම් ඇහෙන්නම නෑ වගේ..

    එල්ලිලා මැරීම ඇතුළු සියදිවි හානි කරගැනීම හෝ අනුබල දීම මැරුන එකාට හෑලි ලිවිම, අනුකම්පාව දනවන මත පලකිරිම, අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. සෝශල් මීඩියා වල පවා කෙනෙක් සියදිවි හානිකරගැනීමට තැත්කිරිම, අනුබල දීම , ප්‍රවර්ධනය කිරීම community guidlines උල්ලංඝණය කිරිමක් විදියටයි සලකන්නෙ.

    #Gehan_S_Jay
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    ඒ කාලෙත් කෙල්ලෙක් නම්, ලස්සන නම් එල්ලිලා මැරුණම සින්දුත් ලියලා තියේ නේද? අද වෙනසකට තියෙන්නේ කෙල්ලෙක් නම්, ලස්සන නම් එෆ්බී එකේ මරණේ උඩ දාන එක.

    පුළුවන් නම් මේ සින්දුව හොයල දියන්...



    ------ Post added on Feb 27, 2025 at 2:40 PM
     
    • Love
    Reactions: gehanl and Candid-B

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ මේ දැන් ටිකකට පෙර එල්ලිලා මරුන කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් දැක්ක ෆ්බ් එකේ. හේතුව නම් දන්නේ නැ.


     
    • Like
    Reactions: gehanl

    gehanl

    Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    අඩෝ මේ දැන් ටිකකට පෙර එල්ලිලා මරුන කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් දැක්ක ෆ්බ් එකේ. හේතුව නම් දන්නේ නැ.



    ඒක දැක්කම තමා මේකත් ලිව්වේ
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    අඩෝ මේ දැන් ටිකකට පෙර එල්ලිලා මරුන කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් දැක්ක ෆ්බ් එකේ. හේතුව නම් දන්නේ නැ.




    ඒ කෙල්ල අපේ වලතරයා එක්ක චැට් කරපුව වගයක් කමෙන්ට් වල තිබ්බ...


     
    • Wow
    Reactions: gehanl and NAdee56