එල්ලුම්ගහ පරීක්ෂා කර බලති
වැලිකඩ එල්ලුම්ගහ පරීක්ෂා කර බලති
චමින්ද සිල්වා
වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගහේ ක්‍රියාකාරිත්වය වැලිගෝනි එල්ලා පරීක්ෂා කිරීමට එහි බලධාරීන් පියවර ගෙන ඇත.
වැලිකඩ සහ බෝගම්බර සිරගෙවල්වල තිබෙන එල්ලුම් ගස් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අලුගෝසු සහ සහාය අලුගෝසු තනතුරු හතරක් පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ. 22 වැනිදා වන විට අයෑදුම්පත් 25 ක් ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.
ඒ අතර ද්‍රවිඩ ජාතිකයෝ තිදෙනෙක් ද වෙති. එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට රජය අනුමැතිය දෙනු ලැබුවහොත් ඊට අදාළ අලුගෝසු හා සහාය අලුගෝසු තනතුරු පිරවීමට අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කීය.
මීට පෙර අලුගෝසු තනතුර සඳහා වසර පහකට ගිවිසුම් අත්සන් කරනු ලැබුවත් මෙවර බඳවා ගැනීමේදී එම ගිවිසුම අවුරුදු පහළොවක් දක්වා වැඩි කිරීමට අදහස් කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
source - divaina

මටත් වෙලාවකට හිතෙනවා පවු කියලා. ඒ වුනාට අපිට වුනොත් අපි උනත් මරණ දඬුවම දෙන්නෙපා පවු කියලා කියන්නේ නෑ.