එල්ලුම්ගහ පරීක්‍ෂා කර බලති

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    එල්ලුම්ගහ පරීක්‍ෂා කර බලති

    වැලිකඩ එල්ලුම්ගහ පරීක්‍ෂා කර බලති

    චමින්ද සිල්වා

    වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගහේ ක්‍රියාකාරිත්වය වැලිගෝනි එල්ලා පරීක්‍ෂා කිරීමට එහි බලධාරීන් පියවර ගෙන ඇත.

    වැලිකඩ සහ බෝගම්බර සිරගෙවල්වල තිබෙන එල්ලුම් ගස්‌ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අලුගෝසු සහ සහාය අලුගෝසු තනතුරු හතරක්‌ පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ. 22 වැනිදා වන විට අයෑදුම්පත් 25 ක්‌ ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    ඒ අතර ද්‍රවිඩ ජාතිකයෝ තිදෙනෙක්‌ ද වෙති. එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට රජය අනුමැතිය දෙනු ලැබුවහොත් ඊට අදාළ අලුගෝසු හා සහාය අලුගෝසු තනතුරු පිරවීමට අයදුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කීය.

    මීට පෙර අලුගෝසු තනතුර සඳහා වසර පහකට ගිවිසුම් අත්සන් කරනු ලැබුවත් මෙවර බඳවා ගැනීමේදී එම ගිවිසුම අවුරුදු පහළොවක්‌ දක්‌වා වැඩි කිරීමට අදහස්‌ කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


    source - divaina
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕක කරන්න වෙන එකෙන් අපරාධ අඩුවෙයි නම් කරන්න තියෙන එකම දේත් ඒකනම් කරන්න ඕනෙ ඉතින්. හැබැයි පබ්ලික් කරන්න හොඳ නෑ. අපේ සම්ප්‍රදායට අනුවම අප්‍රසිද්ධියේ නිලධාරි ඉන්න තැන විතරක් කරන්න ඕනෙ. නැත්තං අර මුස්ලිම් රටවල් ගානට වැටෙනවා අපේ රටත්.:baffled:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    mamanam personally mekata kamathi naha...

    හ්ම්.. ඒ වුනාට හිතන්න උඹේ පවුලෙ කෙනෙක්ට කවුරු හරි අධමයෙක් මොකක් හරි කරදරයක් කළොත්, මැරුවොත් උඹ එපා කියනවද කියලා. :oo: මටත් වෙලාවකට හිතෙනවා පවු කියලා. ඒ වුනාට අපිට වුනොත් අපි උනත් මරණ දඬුවම දෙන්නෙපා පවු කියලා කියන්නේ නෑ.
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Aparada karayo tama personaly mekata kemati nette?? Rate aparada, karana hema ekawama ellala marannna one,,