එල්ලුම් ගසෙන් ගැලවුනු එරික් බචෝ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,071
    1,174
    113
    එල්ලුම් ගසෙන් ගැලවුනු එරික් බචෝ
    ============================

    1960 දසකය් අග භාගයේ එම්. එස් ප්‍රනාන්දු අපූරු ගීතයක් ගායනා කළේය. එහි නම බචෝට වෙච්ච දේ යන්නයි. එම ගීතයට පාදක වූයේ 1950 කාලයේ මෙරට මහත් ආන්දෝලනයට ලක් වූ නඩුවකි . ඒ එරික් බචෝ සිය පෙම්වතිය ඝාතනය කිරීමේ සිදුවීමය.

    බචෝගේ පෙම්වතිය වූයේ 18 හැවිරිද මර්ලින් ලුඩ්වයික් පිහියකින් ඇන මරා දැමූ බචෝ පිහියත් සමග පොලිසියට භාර විය. පණ මෙන් පෙම් කළ පෙම්වතිය වෙනත් පුද්ගලයකු හා හාද වීම දරාගත නොහැති වූ බචෝ ඇයට පිහියෙන් ඇන මරා දැමීය. ඔහු මර්ලින්ට ලියූ අවසන් ආදර හසුනද එවක ප්‍රසිද්ධියට පත් විය.

    මර්ලින් ඝාතනය කරන විට එරික් බචෝ 23 හැවිරිදි තරුණයෙකි. වසර කීපයක් පැවති මෙම ආදර සම්බන්ධයට කණ කොකා හැඬුවේ වරායේ කරමින් සිටි රැකියාව බචෝට අහිමි වීම නිසාය. ඉන් පසු මර්ලින්, බචෝ සමග පැවැති ප්‍රේම සම්බන්ධය අත හැර අයිවෝ මාටිනස් නම් වෙනත් තරුණයෙකු සමඟ සම්බන්ධයක් ඇතිකර ගත්තාය. මෙයින් කෝපයටපත් එරික් බචෝ මර්ලින්ගේ නිවෙසට ගොස් ඇයට පිහියකින් ඇන මරා දැමිය.

    එරික් බචෝ නඩු විභාගයේදී බචෝගේ ඉරණම තීන්දු කරන්නට බලපාන තීරණාත්මක සාධකය වූයේ ඔහු මෙම මිනිමැරුම සැලසුම් සහගතව කළාද නැතිනම් හදිසි කෝපය මත සිදු කළාද යන්නය. විවිධ නීති තර්ක ඉදිරිපත් කෙරුණ අතර අවසානයේ බචෝට මරණ දඬුම නියම විය.

    මේ පිළිබඳව පැවති ඉහළ උසාවි නඩු විභාගයේදී එච්. ඇන්. ජී. ප්‍රනාන්දු විනිසුරුතුමා ජූරි සභාවේ 6.1 අනුමැතිය මත මරණ දණ්ඩන ය නියම කරන ලද අතර විත්තිකරුගේ තරුණ වයස සලකා යම්කිසි අනුකම්පාවක් ලබා දෙන ලෙස අග්‍රාණ්ඩුකාරවරයාට නිර්දේශ කළේය. බචෝ එල්ලා මැරීමට නියමිත දිනය වූවේ 1956 අප්‍රෙල් 20 වැනිදාය. එහෙත් ඔහුට අග්‍රාණ්ඩුකාරවරයාගේ සමාව හිමිවීම නිසා එල්ලා මැරීම වෙනුවට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමකට යටත් කළ බව ලංකා නීති වාර්තාවල සඳහන් වේ.

    එරික් බචෝ සමස්ත ලංකා බෞද්ධ මණ්ඩලයට ලිපියක් ලියමින් තමා බුද්ධාගම වැලඳගැනීමට කැමැත්ත පළකරන බව පැවසූ අතර කොතලාවල ආණ්ඩුව එය එතරම් ගණන් ගත්තේ නැත.

    1956 බණ්ඩාරනායක රජය පත් වූ විගස ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණ තුනක් ගන්නා ලදි. මහ රැජින විසින් ලාංකිකයන්ට පිරිනමනු ලබන නම්බුනාම නවතා දැමීම, මරණ දඬුවම අහෝසි කිරීම සහ රාජ්‍ය උත්සවවලදී මත්පැන් භාවිතය නවතා දැමීම එම තීරණ විය.

    අධිකරණ ඇමැති ඇම්. ඩබ්ලිව්. එච්. ද සිල්වා ගේ නියෝගයෙන් මරණ දඬුවම නතර වූ අතර ඒ අනුව මුලින්ම නිදහස් වූයේ එරික් බචෝ ය. මරණ දඬුවම 1956 අප්‍රේල් 18දා අහෝසි කෙරුණු අතර 20 වැනිදා එල්ලා මරා දැමිමට නියමිත ව සිටි බචෝ එල්ලා මැරීමෙන් නිදහස් විය. සිරදඬුවම් විඳිමින් සිටි එරික් බචෝ සිරකුටිය තුළ සිට පොතක් ලියූබව ද සඳහන් වේ.

    අපරාධකරුවන් සඳහා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ඇරැඹුණේ යටත් විජිත යුගයේදීය. ඉංග්‍රීසි පාලන යුගයේදී බරපතළ චෝදනා ලැබූවන් එල්ලා මැරීම සිදු කෙරිණි. එල්ලුම් ගහට අමතරව එදා වෙඩි තබා මරා දැමීමද ක්‍රියාත්මක විය. ඉංග්‍රීසි පාලන යුගයේ ප්‍රධාන බන්ධනාගාරය වැලිකඩ වුවත් එල්ලුම් ගහ පිහිටා තිබුණේ පෑලියගොඩය. වැලිකඩ හිර ගෙදර 'චැපල්' ශාලාවේ දකුණු පස පහළ මාලය පෝරකයට වෙන් කෙරිණි. එහි මුල්වරට මිනිසකු එල්ලා මැරුවේ 1884 පෙබරවාරි 11 වැනිදාය. බණ්ඩාරනායක ආණ්ඩුව මරණ දඬුවම ඉවත් කළද අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනයෙන් පසු විජයානන්ද දහනායක අගමැතිවරයා යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.

    අතීතයේ දී ලංකාවේ සැලකිය යුතු පුද්ගලයන් පිරිසක් මරණ දඬුවමින් සිය දිවි කෙළවර කරගත් බව ප්‍රකාශ වේ. බ්‍රිතාන්‍ය යුගයේ එල්ලුම්ගහ ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස වෘත්තියෙන් වතු අධිකාරවරයෙකු වූ පුද්ගලයෙකුට වත්තේ ‍සේවකයෙකු මරා දැමීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා දී තිබේ. 1856 තරම් ඈතකදී කෑගල්ලේ කඩපිළකදී මරණීය දඬුවම ප්‍රසිද්ධියේ සිදුකළ අවස්ථාවක් ගැනද වාර්තා වේ. ඉන් පසුව මෑතකදී බණ්ඩාරණායක මිනීමැරුම් නඩුවේ එල්ලුම්ගහ නියම වූ මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, තල්දූවේ සෝමාරාම යන තිදෙනාගෙන් තල්දූවේ සෝමාරාමට මරණ දඬුවම නියම වූයේ ප්‍රිවි කවුන්සල තීන්දුවෙනි. සිරගෙට නියම වූ පසුව ක්‍රිස්තියානි ආගම වැලඳගත් ඔහු 1962 ජූලි 6 වැනි දින එල්ලා මරණ ලදි.

    එල්ලුම්ගහට නියම වූ ප්‍රථම පොලිස් නිළධාරියා වූයේ සන්සෝනි පෙරේරා නම් අයෙකි. ආටිගල මිනීමැරුම් නඩුවේ විත්තිකරුවකු වූ ඔහුද සිය ජීවිතය නිමකර ගත්තේ එල්ලුම් ගසෙනි. මේ නඩුව විභාග වන විටත් ඔහු විශ්‍රාමික පොලිස් නිළධාරියෙක් වීම විශේෂත්වය විය. ජෝන් සිල්වා ඝාතනය හා හාරලක්ෂ මංකොල්ලය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ කොළොන්නාවේ මිනීපෙට්ටි ජේමිස් නොහොත් ජේමිස් සෙනෙවිරත්නත්, පිරිවෙන් ආයුර්වේද සිසුවකු වූ ප්‍රේමලාල් රාජපක්ෂත්, පොලිසියේ සේවය කළ මුණසිංහ, හමුදාවේ සේවය කළ පෙරේරා යන අයද මරණ දඬුවමට යටත් වූහ.

    එසේම බණ්ඩාරගම ලෑතරබාස් නම් පුද්ගලයා ඇතුළු තවත් තිදෙනෙකුටද මරණ දඬුවම නියම වූයේ වයිට්හවුස් නම් වත අධිකාරවරයාගේ ඝාතනය සම්බන්ධයෙනි. වැටුප් මුදල් රැගෙන ගිය පාසල් ගුරුවරයෙකු මරා දැමීම හේතුවෙන් වතු කම්කරුවෙකු වූ වේලායුධන් හට මරණ දඬුවම නියම විය. ලංකාවේ එල්ලුම්ගහ තහනම් කිරීමට පෙර අවසන් වශයෙන් එල්ලුම්ගහට නියම වූයේ චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවාටය. ඒ සිය පෙම්වතිය මැරීමට දඬුවම් ලෙසිනි. එල්ලුම්ගහට නියම වූ අය සම්බන්ධයෙන් ප්‍රකට කතාවන් ද ගොඩනැගී තිබේ.විශේෂයෙන් එක් පුද්ගලයෙකුට මරණ දඬුවමට පෙර කණ්ණාඩියකින් මුහුණ පෙන්වූ විට ."බාරෝ උඹේ කෙරුමා අදින් ඉවරයි" යනුවෙන් පවසා ඇත.

    1976 ජුනි 23 වැනිදා දක්වා එලෙස ක්‍රියාත්මක වූ එල්ලුම් ගහ යළි අක්‍රිය වූයේ 1979 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මරණ දඬුවම ඉවත් කිරීමත් සමඟය.

    එරික් බචෝ සිදුවීම අළලා කවිකොළ, ගීත සහ බයිලාද නිර්මාණය විය.

    ප්‍රේම සිතින් ආලේ පුදා ශෝක සදා දී නිබඳ
    එරික් බාචෝ අතරමං වුනා
    ආදරයෙන් ව්යරු වෙලා ජීවිත සුනුව්සුනු කලා
    එරික් බචෝ දුකට පත්වුනා

    වරක් ලවු කරපු කෙල්ල අමතර බැන්නේ
    එරික් බචෝ ගැන කියනවා අසනු ළමයිනේ
    සීලේ හොදින් රැකගෙන හිට් බචෝ තරුණට
    ආලේ නොමැති මාලය වැටුනාලු බෙල්ලට

    ආලේ වැඩ්නිසා මවුපියන්ට රහසේ
    කාලේ ගතකෙරුවා බචෝ කෙල්ලගෙ නිවසේ
    කෙනෙක් බචෝගේ අගනිට බැදගෙන ආලේ
    මලක් සේම ලව් කරමින් සිට්යා දෙවේලේ

    කලක් මෙසේ ගතවෙනකොට ආලේ කරමිනා
    එරික් බාචෝගේ කරුමෙට රස්සාව නැතිවුනා
    මර්ලින් ලුඩ්වයික් බචෝගෙ රුව ඇති අගනි
    ඩාලින් කිය කියා හිටපු බචෝ එපා වුනා

    පව් නොබලා ඒ අගනිය දුර දිග නොබලා
    ලවු කෙරුවා තවකෙනෙකුට බචෝ එපා වෙලා
    තවත් තරුණෙකුට ඇය ආලේ බැදගෙන
    ඉවත්කෙරුවා බචෝව උගෙ තරම නොම දැන

    එරික් බචෝ හට එපා වෙලා ජීවිතේ
    පිහියක් රැගෙන ගියා ඇයව මරන්නට පුතේ
    කෙල්ල එනවා දැක්කා හින්දා ලගට මහතුනේ
    අල්ල ගත්ත හැට්යෙ දමලා ඇන්නා දෙවියනේ

    දමලා ඇන්න තව පාරක් ඇගේ පපුවට
    මැරලා වැටුනා ලේ ගලම්න් දුකයි බලන්ට
    ගව් ගනනක් දුර ඉදලා එන තරුණන්ට
    ලවු කරන්ට පෙර ටිකක් හිතලා බලන්ට

    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,131
    1,426
    113
    මේ කතාවේ කියැවෙන පහත සිද්ධි දෙක ගැන මම දන්නා දෙයක් කියන්නම්.

    //ජෝන් සිල්වා ඝාතනය හා හාරලක්ෂ මංකොල්ලය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ කොළොන්නාවේ මිනීපෙට්ටි ජේමිස් නොහොත් ජේමිස් සෙනෙවිරත්නත්, පිරිවෙන් ආයුර්වේද සිසුවකු වූ ප්‍රේමලාල් රාජපක්ෂත්, පොලිසියේ සේවය කළ මුණසිංහ, හමුදාවේ සේවය කළ පෙරේරා යන අයද මරණ දඬුවමට යටත් වූහ.//

    //එසේම බණ්ඩාරගම ලෑතරබාස් නම් පුද්ගලයා ඇතුළු තවත් තිදෙනෙකුටද මරණ දඬුවම නියම වූයේ වයිට්හවුස් නම් වත අධිකාරවරයාගේ ඝාතනය සම්බන්ධයෙනි.//

    මේ මිනීමැරුම්/මංකොල්ල කෑම් දෙකම එකිනෙකට සම්බන්ධයි. වයිට් හවුස් මිනීමැරුම කියන්නේ මාදම්පේ වතුයායේ පඩි සල්ලි මංකොල්ල කන්න ගිහිල්ලා ලෑතර බාස් හෙවත් ඒ ආර් පීටර් පෙරේරා නැමැත්තා ජෝන් එඩ්වින් ෆ්‍රෑන්ක් වයිට් හවුස් නමැති වතු අධිකාරිවරයා ඝාතනය කිරීමයි. මේ නඩුවෙන් මේ විත්තිකාර ලෑතර බාස් හෙවත් පීටර් පෙරේරා ව බේරාගන්න මුදල් හොයා ගන්න එයාගේ මස්සිනා වෙච්ච ජේමිස් සෙනෙවිරත්න හාරලක්ශේ මංකොල්ලේ සිදු කළා. මේ සිද්ධි දාමය නිසා දහදෙනෙකුට දිවි අහිමි උනා.

    පළමු මංකොල්ලයේදී ජෝන් වයිට්හවුස් වෙඩි තබා ඝාතනය කල අතර ලෑතර බාස් , හල්පේ මාටින්, සුරබියෙල් , කොටි ඇල්බට් එල්ලා මැරුවා. දෙවන මංකොල්ලයේදී ජෝන් සිල්වා ගෑස් මාස්ක් එකක් දැමීම නිසා මියගිය අතර ජේම්ස් සෙනෙවිරත්න,ජයනන්ද ප්‍රේමලාල් ,වර්ලිස් මුණසිංහ, විජේදාස පෙරේරා එල්ලා මැරුවා . ඔක්කොම දහයයි.
     
    • Like
    Reactions: fallend