එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාථයෝ ...
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කිසිදු අයුරකින් අඩු නොවන නිසා එම ප්‍රතිරූපය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අසාර්ථක උත්සාහයක නිරත වී සිටී. ඒ සඳහා මඩ කලාවක් ද උපයෝගී කරගනිමින් එම දේශපාලන පක්ෂ දෙකේම ඇතැම් කථිකයෝ කරළියට පිවිසී සිටිති.ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ ජනාධිපතිතුමාට හා එම පවුලට මඩ ප්‍රහාර එල්ල කිරීමය. ඒ සඳහා යොදාගෙන තිබෙන නවතම තුරුම්පුව සරත් ෆොන්සේකා මහතාය. සරත් ෆොන්සේකා මහතා ප්‍රතිපත්තිමය කරුණු හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකර ජනාධිපතිවරණය සඳහා මඩගැසීමේ කලාවක් තෝරාගැනීම කනගාටුදායකය. තමන්ට ප්‍රතිපත්තිමය වශයෙන් ජනතාවට ඉදිරිපත් කිරීමට කිසිවක් නොමැතිනම් හොඳම දෙය වන්නේ නිකරුණේ මඩ ප්‍රහාර එල්ල නොකර නිහඬව සිටීමයි.
තමන් මඩ ගැසුවොත් තමන්ගේම අතේ මඩ තැවරෙන බවත් වෙනත් කෙනෙකුට ඇඟිල්ල දිගුකරන විට තමන් දෙසට ඇගිලි 4 ක් එල්ල වී තිබෙන බවත් සරත් ෆොන්සේකා මහතා නොදන්නේ ද යන සරල ප්රශ්නය මතුවේ.
එම නිසා සරත් ෆොන්සේකා රනිල් වික්රමසිංහලාගේ සෝමවංශ අමරසිංහලාගේ, මංගල සමරවීරලාගේ රවුෆ් හකීම්ලාගේ මනෝ ගණේෂන්ලාගේ ලණු කා මඩ ගොහොරුවක එරෙමින් සිටීම මහජනතාව මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිති. එම නිසා මඩ නාගන්නේ නොමැතිව මඩේ එරෙන්නේ නොමැතිව හංසයාට පිහිනීම අභියෝගයකි.
එම අභියෝගය ජයගැනීමටනම් සරත් ෆොන්සේකා ජෙනරාල්වරයා සිටගත යුත්තේ කුමන පැත්තේ ද? යන්න සිතා බැලිය යුතුයි. නමුත් ෆොන්සේකා මහතා සිටගෙන ඇත්තේ ඔහු ඇතුළු රණවිරුවන් කුරුසයේ තබා ඇණගැසූ පිල සමඟවීම කනගාටුවට කරුණකි. එම යථාර්ථය සරත් ෆොන්සේකා මහතා තේරුම් ගන්නේ ජනවාරි 27 වෙනිදාය.

Last edited: