ලන්කා ඊ නිව්ස් අපහාසයට මහාචාර්ය චන්න ජයසුමනගේ පිලිතුර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx



    "ලංකා ඊ නිවුස්” නම් ශ්‍රී ලංකාව තුළ තහනම් කළ, අපහාස නඩු 20 පමණ විභාග වන වෙබ් අඩවියක මාගේ පශ්චාත් උපාධිය සහ මහාචාර්ය පදවිය පිලිබඳ අමූලික බොරු සදහන් කරමින් මඩ ලිපියක් පළ විය. වෙබ් අඩවිය තහනම් වුවද සමාජ මාධ්‍යවල එවන් තහනමක් නොමැති හෙයින් ලිපිය සංසරණය විය. ඒ දුටු බොහෝ දෙනා මට පැවසුවේ "ඊ නිවුස්” මඩ නොසලකන ලෙසත් ඒවාට උත්තර නොදෙන ලෙසත්ය. අභියෝග හමුවේ, අසත්‍ය හමුවේ, මඩ ඉදිරියේ පළා යන සිරිතක් මගේ නැත. මුහුණු පොතෙන් දුරස්ව සිටින්නේ එහි සැරිසැරීමට හා ලිවීමට අමාත්‍යධුරයේ වගකීම් නිසා කාල වේලාවක් සොයා ගැනීමට අපහසු හෙයින්ය. එහෙත් ඊ නිවුස් බොරුවට ප්‍රතිචාර දැක්විය යුතු බව මම තීරණය කලෙමි. 2010-2015 රජය බිද වැටීමට එක හේතුවක් වූයේ එම රජයේ නායකයන්ට සහ ක්‍රියාකාරකම්වලට එල්ල වූ අභූත චෝදනා “මඩ” ලෙස සලකා නොසලකා හැරීමයි. අවසානයේ නැවත නැවත ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇත්ත ලෙස ඒත්තු ගැන්වීමට මඩ කරියෝ සමත් වූහ.
    දැන් අපි "ඊ නිවුස්” ලිපියේ සදහන් කරුණු එකින් එක බලමු.
    //ඔහු මේ PhD කියන උපාධිය ලබාගත්තේ කොහෙන්ද යන්න සඳහන්ව නැත. එම නිසා ඉතාමත් අපහසුතාවයෙන් පහත සඳහන් අන්තර් ජාල ලින්ක් සොයා ගෙන ඔහුට පශ්චාත් උපාධිය ලැබි ඇත්තේ, RU හෙවත් රජරට විශ්වවිද්‍යාලයෙන් බව සනාථ කර ගැනීමට අපට හැකිවිය. https://www.ringvorlesung-witzenhausen.de/.../dr-channa.../
    එසේ නම් රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන මෙම මහාචාර්යවරයා තමන්ගේ PhD උපාධිය ලබාගෙන ඇත්තේ ද රජරට විශ්වවිද්‍යාලයෙනි.//
    මාගේ PhD උපාධිය ලබාගත්තේ කොහෙන්ද කියන කරුණ සොයා ගැනීමට ඔහුට ඉතා අපහසු වූ බව කියයි. එය එවන් අපහසු කරුණක් නොවේ. මෙම උපාධියට පාදක වූ පර්යේෂණයේ කරුණු ශ්‍රී ලංකාව තුළ නිතර කතා බහට ලක් විය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය හා විශ්ව විද්‍යාල ක්ෂේත්‍ර ගැන දැනුමක් ඇති බොහෝ දෙනා මගේ PhD උපාධිය රජරට විශ්ව විද්‍යාලයෙන් ලැබුවක් බව දනිතැයි සිතමි. එහි විදෙස් පර්යේෂණ කටයුතු කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් සිදු කළ බව දන්නා අය ද බොහෝ සිටිති. පර්යේෂණ සැසි වාරවල මා ආරාධිත දේශනයක් පවත්වන විට මා ගැන හැඳින්වීමක් කරයි. ඒ සෑම අවස්ථාවකම මාගේ පශ්චාත් උපාධි අධ්‍යයනය සිදු කලේ කොහේද යන වග සටහන් කරයි. කොටින්ම මෙහි දක්වා ඇති link එකට අවශ්‍ය තොරතුරු ද ලබා දුන්නේ මා විසින්ය. කරුණු සැඟවීමට මට කිසිදු අවශ්‍යතාවක් නැත. මගේ PhD උපාධිය රජරට විශ්ව විද්‍යාලයෙන් ලබා ගැනීම ගැන මට ඇත්තේ අභිමානයකි. "වකුගඩු සටන" නමින් 2016 වර්ෂයේ දී මා ලියා සරසවි ප්‍රකාශකයන් පළ කළ කෘතියේ මගේ පශ්චාත් උපාධිය, එය ලබා ගැනීමේදී මුහුණ දුන් අභියෝග ගැන සවිස්තරව දක්වා ඇත. එම පොත මේ වන විටත් මුද්‍රණ 3 ක් අලෙවි වී ඇත. පසුගිය මහමැතිවරණ සමයේ දී මාගේ ප්‍රචාරණ කටයුතු සඳහා වීඩියෝ පටයක් නිර්මාණය කෙරිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලක්ෂයකට වඩා ජනතාව එය නැරඹීය. එම වීඩියෝ පටයේ ද මාගේ ආචාර්ය උපාධිය රජරට විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් බව රූප රාමු සහිතව පෙන්වීය. කිසිදු තැනක එය සඟවා නැත. මඩ සටහන තැබූ පුද්ගලයා මා පශ්චාත් උපාධිය ලැබුවේ කොහෙන්දයන්න නොදන්නවානම් ඒ මගේ වරදක් නොවේ.
    //එසේම එහි සඳහන් වන්නේ ඔහු Toxicology නම් “විෂවේදය“ පිළිබඳ තමන්ගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට ඇති බවයි. ආචාර්ය උපාධියක් සඳහා අවම වශයෙන් වසර තුනක කාලයක් පූර්ණ කාලීනව ගත කළ යුතුය. එහෙත් චන්න ජයසුමන එවැනි කාලයක් ගත කළේ දැයි යන්න සැකයක් පහල වී ඇත.//
    ඔහුගේ සැකය නිවැරදි නැත. මාගේ ආචාර්ය උපාධිය සඳහා වසර 4 වඩා පූර්ණ කාලීනව ගත කළෙමි.
    //එසේම රජරට විශ්වවිද්‍යලය යනු වෝහාරික වෛද්‍ය විද්‍යා {Forensic Medicine} විෂය පථයට අයත් විෂවේදය පිළිබඳ වෙනම අධ්‍යනාංශයක් වත් නොමැති ආයතනයකි. එවැනි ආයතන වල මූලික වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ට විෂවේදය පිළිබඳ අධ්‍යාපනය දීම හැරුණු කොට ඊට වැඩි යමක් සිදු නොවේ. ඒ අනුව කිසිදු පර්යේෂණ සහ සංවර්ධන කටයුත්තක් සිදු නොවන ඒ විෂය සම්බන්ධ මහාචාර්ය වරයකු හෝ ආචාර්ය මණ්ඩලයක් වත් නොමැති රජරට විශ්වවිද්‍යාලයෙන් චන්න ජයසුමනට 'විෂවේදය' පිළිබඳ ආචාර්ය උපාධියක් පිෙග්නමන ලද්දේ කවුරුන් විසින් ද යන්න විශේෂයෙන් සොයා බැලිය යුත්තකි. වඩාත් සරල ලෙසින් කිවහොත් එය කනිෂ්ට විද්‍යාලයකින් උසස් පෙළ විභාගයක් සමත් වූ බවක් පැවසීමට සමානය.//
    මෙය ලංකාවේ වෛද්‍ය පීඨ ගැන අවබෝධයකින් තොරව ලියුවකි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල විෂවේදය පිලිබඳ වෙනම අධ්‍යයන අංශ නැත. ලොව බොහෝ වෛද්‍ය පීඨවල සායනික විෂවේදය අයත්වන්නේ වෝහාරික වෛද්‍ය විද්‍යා විෂයට නොව භිෂග්වේද(Pharmacology) දෙපාර්තමේන්තුවට ය. ශ්‍රී ලංකාවේ විෂවේදයේ සායනික කොටස භිෂග්වේද(Pharmacology) දෙපාර්තමේන්තුවල ඉගැන්වෙන අතර ඉතිරිය වෝහාරික වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවල ඉගැන්වේ. මගේ පශ්චාත් උපාධියට පදනම් වූයේ වකුගඩු විෂ (nephrotoxin) පිළිබඳවයි. පශ්චාත් උපාධියට අයත් කරුණු අධීක්ෂණයට කරන අධීක්ෂකවරුන්ගේ (PhD supervisor) නිර්දේශය මත ඒ සඳහා ලියාපදිංචිය ලබා දෙන උසස්‌ උපාධි කමිටුව (Higher degree committee) PhD උපාධියේ විෂය පථය තීරණය කරයි. මාගේ පර්යේෂණ කටයුතුවලට අදාලව කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කටයුතු සිදු කලේ ශ්‍රී ලංකාව තුළ සිදු කළ නොහැකි පර්යේෂණ කොටස සම්පුර්ණ කිරීමටයි.
    //ඒ අනුව චන්න ජයසුමන ඔහුගේ PhD උපාධිය ලබාගැනීම ඔහු විසින්ම කරන ලද මගඩියක්ය යන සැකය අප තුළ පහළව ඇත. එසේ නම් මෙය බරපතල වංචාවකි. ආචාර්ය මණ්ඩල ඌණතාව මත මූලික වෛද්‍ය උපාධි පාඨමාලා පවා මහත් අසීරුවෙන් පවත්වාගෙන යන රජරට විශ්ව විද්‍යාලයෙන් චන්න ජයසුමන හිමි කර ගත් මෙම උපාධිය හොර, වංචනික එකක් බව කීමට අප පසුබට නොවන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කර ගනිමිනි. //
    රජරට විශ්ව විද්‍යාලය ගැන නොදැනුවත් කමින් ලියුවකි. රජරට විශ්වවිද්‍යාලයේ එවැනි මගඩි සිදු කල නොහැක. මට අමතරව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උසස් උපාධි පිලිබඳ කමිටුවේ නිර්දේශ මත PhD සහ MPhil උපාධි ලැබුවෝ වෙති; එවන් ඇතැම්හු රජරට වෛද්‍ය පීඨයේම ආචාර්යවරු ලෙස කටයුතු කරයි; මේ වන විටත් පශ්චාත් උපාධි සඳහා 23 දෙනකු ලියාපදිංචි වී ඇත. තමන් සේවය කරන විශ්ව විද්‍යාලයෙන්ම පශ්චාත් උපාධියක් ලැබීම වරදක් හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වීමට නුසුදුසුකමක් නොවේ. එය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ප්‍රවර්ධනය කරන දෙයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්ම පශ්චාත් උපාධි ලැබූ ආචාර්යවරු ගණනාවක් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සේවය කරති; කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි ලැබූ ආචාර්යවරු ගණනාවක් කොළඹ වෛද්‍ය පීඨයේ සේවය කරති. එසේනම් ඒ සියල්ලෝ මගඩිකරුවන්ද?
    //ඉන් අනතුරුව ඔහුට FRCP Edinburgh නමින් 'වෛද්‍ය උපාධියක්' ඇතැයි ඔහු කියයි. මෙම "වෛද්‍ය උපාධිය" යම් අයෙකුගේ පදවි හා තානාන්තර බලා ප්‍රදානය කරන Fellowship නාමයක් මිස විභායකට මුහුණදී ලබාගන්නා උපාධියක් නොවේ. ඒ නාමයේ ශ්‍රේණි 4 ක් තිබේ. ඒ නාමයන් පවත්වාගෙන යෑම සඳහා එංගලන්තයේ එඩින්බර්ග් රෝයල් කොලීජියට වාර්ෂිකව මුදලක් ගෙවිය යුතුය. එයද ශ්‍රේණි අනුව වෙනස් ය. ඉහළම ශ්‍රේනියේ නාමය පවත්වාගෙන යෑමට වැඩි මුදලක් ගෙවිය යුතු අතර පහළම එකට අඩු මුදලකි. ඒ අනුව චන්න ජයසුමන මෙම දෙවැනි උපාධිය යයි කියා ගන්නා නාමය ඔහු විසින් ලබාගෙන, පවත්වාගෙන යන්නේ එංගලන්තයට මුදලක් ගෙවමිනි. චන්න ජයසුමන ලංකාවේ ජනතාව අන්දා ඇත.//
    "FRCP Edinburgh නමින් 'වෛද්‍ය උපාධියක්’ ඇතැයි මා කිසිවිටක පවසා නැත. එය එඩින්බරෝහි රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියේ අධි සාමාජිකත්වයයි. මා එවැන්නක් පැවසූ බව කියමින් චෝදනා නගන්නා අමු තක්කඩියෙකි; වංචනිකයෙකි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු 30,000 පමණ සිටියද මෙම අධි සාමාජිකත්වය ලබා ඇත්තේ 100 අඩු පිරිසකි. වෛද්‍යවරයකුට Royal College of Physicians of Edinburgh අධිසාමාජිකත්වය ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම් ඇත. මා ඒ සුදුසුකම් සැපිරූ හෙයින් සහ එහි සාමාජිකයන් දෙපලකගේ යෝජනා ස්ථිරත්වය ලැබූ හෙයින් අධිසාමාජිකත්වය ලැබුවෙමි. මෙම සමිතියේ පමණක් නොව වෙනත් ඕනෑම පිළිගත් වෘත්තීය ආයතනයක සාමාජිකත්වය පවත්වාගැනීමට මුදලක් ගෙවිය යුතුය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) සඳහාද අපි සාමාජික මුදල් ගෙවන්නෙමු. මෙය මහා සොයා ගැනීමක් නොව සාමාන්‍ය දෙයකි. මෙවැන්නක් මෙහි සදහන් කර ඇත්තේ මේ ගැන නොදන්නා පාඨකයන් නොමග යවා මට මඩ ගැසීමට බව පැහැදිලිය.
    //මේ ආකාරයෙන් බැලූ කල ඔහු තමන්ගේ මූලික MBBS උපාධිය හැරුණු කොට අනෙකුත් සියලු පශ්චාත් උපාධි යැයි හඳුන්වා ගන්නා උපාධි වංචා සහගතව ප්‍රදර්ශනය කරන්නෙකු බව අපගේ නිගමනයයි. //
    කිසිම වංචාවක් හෝ අක්‍රමිකතාවක් නැත. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය, උසස් උපාධි ගැන දැනුමක් නොමැතිව හිතළු මත පදනම්ව නැගූ අභූත චෝදනාවක් පමණි.
    //ඒ අනුව මොහු දැනට රජරට විශ්ව විද්‍යාලයේ දරන ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය පදවිය ද ඒ සමඟම බරපතල අභියෝගයකට ලක් වේ.//
    මා දැරූ මහාචාර්ය පදවියට කිසිම අභියෝගයක් නැත. එම මහාචාර්ය පදවිය ලැබීමේදී විවිධ මට්ටම් වලදී,
    මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති-ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය
    මහාචාර්ය මැණික් හෙට්ටිහේවා- ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය
    මහාචාර්ය ලාල් ජයකොඩි- ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය
    මහාචාර්ය රිස්වි ෂෙරීෆ්- වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
    මහාචාර්ය සරත් ලේකම්වසම්- වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය
    මහාචාර්ය SAM කුලරත්න- වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය,පේරාදෙණි විශ්වවිද්‍යාලය
    මහාචාර්ය MD ලමාවංශ- ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය, පේරාදෙණි විශ්වවිද්‍යාලය
    ඇතුළු පිරිසක් ඒ ගැන අධීක්ෂණය කර ඇත. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල මහාචාර්ය පදවි පිනට ලබා දෙන්නේ නැත. ඒ සඳහා සම්පුර්ණ කල යුතු ක්‍රියා පටිපාටියක් ඇත; ලකුණු ලබා දෙන ක්‍රමයක් ඇත. මා ඒ සියල්ල සම්පුර්ණ කළ හෙයින් මහාචාර්යධුරයට පත්විය.
    //මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ සාමාන්‍ය දැනුම් තේරුම් ඇති අයකුට පවා වැටහෙන මෙම බරපතල වංචාව මෙතෙක් සැඟව පවතිනුයේ චන්න සුදත් ජයසුමන තම කෙබර PhD උපාධියේ තොරතුරු වසන් කරගෙන හිඳින නිසා සහ දේශපාලන අනුග්‍රහය නිසා ය.//
    මෙම ලිපිය මෙරට විශ්වවිද්‍යාල පද්දතිය ගැන මෙලෝ හසරක් නොදන්නා කුහකයෙක් ලියුවකි. ආචාර්ය උපාධියේ හෝ RCP Edin අධි සාමාජිකතත්වයේ හෝ මහාචාර්ය පදවියේ කිසිදු වංචාවක් නැත. මේ කිසිවක් සඳහා දේශපාලන සම්බන්ධයක්ද නැත. PhD උපාධිය මෙන්ම මහාචාර්ය පදවියද ලැබුනේ යහපාලන ආණ්ඩු සමයේය. මා ඊට එරෙහිව අදහස් දක්වමින් කටයුතු කළ සමයේය. මට දේශපාලන අනුග්‍රහයක් ලබා දීමට යහපාලන ආණ්ඩුවේ කිසිවකු හෝ ඉදිරිපත් නොවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
    චන්න ජයසුමන
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සුදුසුකම් සපුරලා නම්.... සල්ලි ගෙවලා සමාජිකත්වය ගන්න පුලුවන්
    Eka tamai ban mamat kiwe, Salli gewu pamanin wanchawak kiyanna be. Api ne danne owage membership ganna tiyena amaruwa.
    E wunata owa gena nodanna minissunta kiwwot salli denna one kiyala, un hitanne eyalatat salli tiyenawa nam membership ganna puluwan kiyala.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ලංකා ඊ නිවුස් එකේ ආර්ටිකල් එක ලියපු එකා නම් පට්ට ගොබ්බයෙක්.
    මෙලෝ හසරක් දන්නේ නැතුව ඔහේ හිතේ තියන විකාර ලියලා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    IESL , BCS ehemat salli gewala neh ganne membership ;-)
    IESL සිංහල බෞද්ධ මිනිසුන් ගෙ සල්ලි මන්කොල්ල කන්න ගන්න බලපත්‍රය
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලංකා ඊ නිව්ස් කියන්නේ බොරු හිලක්. ඕක බේස් කරලා මොකක් හරි කතාකරොත් නාන්න වෙන්නේ
    අන්තිමට ඈත්ත බොරුව හොයා ගන්න බෑරිව ඈත්තත් බොරු වෙනවා
     
    • Like
    Reactions: hirashgeff

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    මම දවසක් අපේ ලොක්කගේ වැඩකට හර්ෂද සිල්වා හම්බ වෙන්න ගියා නාවල හන්දියේ office එකට එතන අජිත් බී පෙරේරාත් හිටියා.මාත් එක්ක ගියපු කෙනා ලකුණු දා ගන්නත් එක්ක lankaenews එකේ article 1ක් හර්ෂට පෙන්නුවා.හර්ශයයි
    අජිත් බැන්න අරුට පලු යන්න,අපි unp වෙලත් ඔය මගුලේ site එක බලන්නේ නැහැ ඕකේ තියෙන්නේ සම්පුර්ණ
    බොරු මිනිස්සුන්ගේ චරිත ගාතනය කරන්න හදපු එකක් කියල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඒක නිසා මුන් දැන් ඔක්කොම මඩ නිව්ස් උන්ගේ Facebook page එකේ දානවා
    අර youtube එකෙක් ඉන්නවා නේ ඔක්කොම උන්ට mada ගහන. thushara ද මොකෙක්ද එකෙක්. ඌ දැන් සැහෙන් කාලෙක ඉදන් නේ බන් ඉන්නේ. කිසි අවුලක් නෑ ඌ ට. :lol: ඌ කියන ඒවා
     
    • Like
    Reactions: dhanuka kumara

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර youtube එකෙක් ඉන්නවා නේ ඔක්කොම උන්ට mada ගහන. thushara ද මොකෙක්ද එකෙක්. ඌ දැන් සැහෙන් කාලෙක ඉදන් නේ බන් ඉන්නේ. කිසි අවුලක් නෑ ඌ ට. :lol: ඌ කියන ඒවා
    ඌ කියන්නේ පච කියලා ෂුවර්ද? ඌ ඈත්ත කියනවද දන්නේ නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ දවස්වල මේකේ නම ගිය ජෙප්පෝ ටික ඕක අල්ලගෙන දගලපු තරමක්..

    කිව්වත් වගේ ඡන්දයක් ලං වෙද්දී ඔය මඩ නිවුස් එක ආයෙත් එලියට දායි