එල්.ටී.ටී.ඊ. යානාවක කොටස් හමුවේ
කොටි සතුව තිබෙනවා යැයි, දයා මාස්ටර් හෙලිකළ යානාවද මේ ? මැයි,13,(විමසුම) – මෙහෙයුම්හි නිරත හමුදා භට පිරිස් විසින් එල්.ටී.ටී.ඊ. ගුවන් යානා කොටස් කිහිපයක් සොයාගෙන තිබෙන බව, යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කරයි.
අද උදෑසන පුතුකුඩුඉරිප්පු නැගෙනහිර ප්‍රදේශයෙන් මේවා සොයාගත් බව යුධ හමුදාව සඳහන් කරයි.
සොයාගෙන තිබෙන එල්.ටී.ටී.ඊ. සැහැල්ලු ගුවන් යානා කොටස් අතර ගුවන් යානා එන්ජිමක්, ගුවන් යානා සන්නිවේදන කට්ටලයක්, සැහැල්ලු ගුවන් යානාවල ප්‍රධාන රෝද පහක්, කුඩා රෝද තුනක්, පාවිච්චි කරන ලද ප්‍රධාන රෝද දෙකක්, ගුවන් නියමුවන් භාවිතා කරන "හෙඩ් ෆෝන්" හතරක්, බැටරි චාජර්ස් තුනක්, ඩිජිටල් මීටර් තුනක්, ගුවන් යානාවල භාවිතා කරන පරිගණක කිහිපයක්, ගුවන් පථ විදුලි බුබුළු විසි තුනක්, ඇතුළු සැහැල්ලු ගුවන් යානා අමතර කොටස් රැසක් සොයාගෙන තිබෙන බව, හමුදාව කියයි.
මෙම ගුවන් යානා අමතර කොටස් පොලිතීන් මළුවල බහා පොල්වත්තක වලදමා තිබියදී හමුදාව සොයාගෙන ඇත.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා මීට පෙර සඳහන් කර තිබුණේ කොටින් සතුව තවත් ගුවන් යානාවක් තිබෙන බවට දයා මාස්ටර් විසින් හෙළිකර තිබෙන බවයි.
නමුත්, ඒ පිළිබඳව හමුදාවට තොරතුරු නොමැති බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණි.