එලාම් වෙලාව ලෙඩ ගොඩකට අත වනයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
එලාම් වෙලාව ලෙඩ ගොඩකට අත වනයි

ප්‍රමාණවත් තරමේ නින්දක් නොලබා එලාම් ඔරලෝසුවක පිහිටෙන් අවදිවීම යනු හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි රෝග රාශියකට අත වැනීමක් යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
මිනිස් මොළයේ ස්වභාවිකවම තැනුණු ‘එලාම්‘ ඔරලෝසුවක් ඇති බවත් එහි ක්‍රියාකාරීත්වය නොසළකා කටයුතු කරන්නට යාම දිගු කාලීනව අහිතරක ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවත් ඔවුහු පවසති.
පර්යේෂක පිරිස නින්දේ ස්වභාවය අනුව මිනිසුන් කොටස් දෙකකට ඛෙදා හදුන්වති.එක් කොටසක් වේලාසනින් නින්දට යෑමට ස්වභාවිකවම හැඩගැසී ඇති පුද්ගලයෝය.ආසියා ජාතිකයින් මේ ගණයට අයත් වේ.අනෙක් කාණ්ඩය වේලාව පසුවී නින්දට යෑමට හැඩගැසී ඇති පුද්ගලයෝය.ඇමරිකා හා යුරෝපා ජාතිකයින් මේ ගණයට අයත්ය.
වේලාසනින් නින්දට යන්නෝ වේලාසනින් අවදි වන්නෝය.ඒ හා සමානව ප්‍රමාද වී නින්දට යන්නෝ ප්‍රමාද වී අවදිවන්නෝය.
මේ සමතුලිතතාවය බිද හෙළීමට කිසියම් කෙනෙකු උත්සාහ කරන්නේ නම් එය ඔහුගේ සෞඛ්‍යයට ඉතා අහිතරක වනු ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
උදාහරණයක් ලෙස වේලාසනින් නින්දට යෑමට හැඩගැසී ඇති පුද්ගලයෙකු සළකමු.නමුත් ඔහු මැදියම් රැය වන තෙක් වැඩකටයුතු වල යෙදේ යැයිද උදෑසන ඔහුට වේලාසන අවදි වීමට සිදුව ඇතැයිද සළකමු.මෙහිදී ඔහුගේ මොළයේ ඇති ස්වභාවික ‘එලාම්‘ ඔරලෝසුවට අනුව වැඩකටයුතු කිරීමට ඔහුට හැකියාවක් නැත.එනිසා බාහිරින් සහය ලබා ගැනීමට ඔහුට අවැසි වේ.කෝපි බොමින් රැය පහන් කරන ඔහු උදෑසන ඇද අද්දර තබා ඇති එලාම් ඔරලෝසුවක හඩින් අවදි වේ.
මෙසේ තමන්ට වුවමනා පරිදි සිරුර ‘බල‘ කරවා වැඩෙහි යෙදවීම අයහපත් බව පර්යේෂකයෝ කියති.නිදිවරා නැවත උදෑසනම අවදි වීමේදී සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට විවිධාකාරයේ හෝමෝන නිදහස් කිරීමට සිරුරේ පද්දති වලට සිදුවන බවත් මෙය අනාගතයේ හෘදයාබාධ,අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවීමට හේතුවන බවත් ඔවුහු පවසති.
මේ ආකාරයටම ප්‍රමාදවී නින්දට යෑමට හැඩගැසී ඇති පුද්ගලයෙකු සළකමු.ඔහුට වේලාසනින් නින්දට යන්නැයි කීම හෝ වේලාසනින් අවදි වන්නැයි කීම හෝ ඵලක් නොමැති බවත් සිරුරේ ස්වභාවික ක්‍රියාවලිය වටහාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම සුදුසු බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
හොදම දෙය තමන් රැය පහන් වනතෙක් වැඩෙහි යෙදීමට හෝ වේලාසනින් නින්දට ගොස් වේලාසනින්ම අවදි වීමට හැඩගැසී ඇති පුද්ගලයෙකුදැයි තමන්ම සොයාගෙන ඒ අනුව තමන්ගේ දින චර්යාව සකස් කර ගැනීම බව පර්යේෂකයින්ගේ අදහසයි.
වත්මන් ලෝකයේ කාර්යබහුලත්වය හමුවේ මෙවැන්නක් කළ නොහැකි බවද ඔවුහුම පිළිගනිති.
එනිසාවෙන් මොළයේ ‘එලාම් ඔරලෝසුව‘ රැවැටිය හැකි ක්‍රම කිහිපයක්ද ඔවුහු හෙළි කරති.
රැය පහන් වනතෙක් වැඩෙහි යෙදී උදෑසනම නැගිටීමට අවශ්‍ය වේ නම් ආලෝකයෙන් පිරි කාමරයක සිටීම උපකාරී වනු ඇතැයි ඔවුහු කියති.ආලෝකය යනු මොළයේ එලාම් ඔරලෝසුවේ කි්‍රයාකාරීත්වය රැවටිය හැකි හොදම උපක්‍රමය යැයි ඔවුහු හදුන්වාදෙති.
එසේම උදය ආහාරය ගැනීම ඉතා වැදගත් යැයි ඔවුහු පවසති.
රැය පහන්වන තෙක් වැඩෙහි යෙදීමට ස්වභාවිකවම හැඩගැසී ඇතත් වේලාසනින් නින්දට යෑමට අවශ්‍ය වේ නම් කළ යුත්තේ සවස් යාමයෙහි දැඩි සේ වෙහෙස නොවී,ආලෝකය ලැබීම අවම, මදක් අදුරු පරිසරයක සිටීම බව පර්යේෂකයෝ කියති.
වේලාසනින් නින්දට යෑමට ස්වභාවිකව සකස්වී ඇතත්, රැය පහන් වන තෙක් වැඩෙහි යෙදීමට අවශ්‍ය ඇත්තෝ මේ සියල්ලේ ප්‍රතිවිරුද්ධ දේ කළ යුතුයැයි ඔවුහු පෙන්වා දෙති.එනම් අදුරු නිදන කාමරයක්, උදය ආහාරය ප්‍රමාද කිරීම, සවස් යාමයෙහි වෙහෙසවී වැඩෙහි යෙදීම, වැනි ලෙසටය.
බලෙන් අවදිකරවාගෙන හෝ බලෙන් නින්දට යවාගෙන සිරුරට වද දෙනවාට වඩා එය රවටා වැඩෙහි යෙදීම සෞඛ්‍යට තර්ජනයක් එල්ල නොකරන බව පර්යේෂකයෝ පවසති.
බොහෝ දෙනා තමන් කුමන ආකාරයේ නිදන්නෙකුදැයි හෝ අවදිවන්නෙකුදැයි නොදැන සිටීම මේ සියල්ලට මුල්වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
රැකියා ස්ථාන වල බළධාරීන් පවා තම සේවකයින්ගේ නින්දේ ස්වභාවය ගැන සැළකිලිමත්වන්නේ නම් වඩා කාර්යක්ෂම සේවයක් ලබා ගත හැකි වනු ඇතැයිද පර්යේෂක පිරිස කියති.

ලංකාදීප 27 06 2014
 
  • Like
Reactions: sandaru1rox

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපෝ ඔව් බන්. එලාම් එකට දාල තියන tone එක වෙන වෙලාවක ඇහුනොත් මට පුදුම කාලකණ්නි හැගීමක් එනව, දවසම එපාවෙනව වගේ.