පිලිප් කුමාරයාගේ මරණයත් එක්කම රැජින සහ ඔහු එකට සිටින සුන්දර ඡායාරූප රාශියක් මේ දවස්වල මාධ්‍ය හරහා අපිට දැකගන්න ලැබෙනවා. නමුත් ඒවා අතරින් මෙම ඡායාරූපයට ලොවපුරා විශේෂ අවධානයක් යොමුවෙනවා.
දිනක් එලිසබෙත් රැජින යම් රාජකාරී කටයුත්තකට බකිංහැම් මාලිගයෙන් නික්මී නැවත මාලිගයට පැමිණෙන විට මාළිගාවේ මුරකරුවෙකු විදියට සැරසී ඇයව පුදුමයට පත්කර විහිළුවට ලක් කිරීමට පිලිප් කුමරා ගත් උත්සාහයක් මෙසේ කැමරාවට හසුවී තිබුණා. මෙම ඡායාරූපය ගන්නා විට ඔවුන්ගේ ආදර සම්බන්ධතාවයේ වයස අවුරුදු 70 ක් උනත් ඔහුට අවශ්‍ය උනේ ඇය ඔහුව දුටුවිට ඇය පුදුමයට පත්වන මුහුණ දැක ගැනීමට සහ ඉන්පසු ඇයගෙන් ලැබෙන පාසල් දැරියකගේ වන් සිනහව දැක ගැනීමට බව ඔහු පසුව පවසා තිබුණා...