එවරස්ට් මූලික කදවුරට වත් යන්න අපිට පුලුවන් වෙයිද ?

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    එවරස්ට් නම ඇහුන ගමන් ඕනේම කෙනෙක් දන්නවා ලෝකේ තියෙන උසම කදු මුදුන එහෙමත් නැතිනම් ලෝකේ තියෙන උසම තැන විදියට සැලකෙන්නේ මේ එවරස්ට් කදු මුදුන කියන එක.එවරස්ට් කදු මුදුන තරණය ඉතාමත්ම සූදානම් සහිතව හැකියාවන් රාශියක් ප්‍රගුණ කරලා කාලගුණයේ බලපැම එක්ක සහ වාසනාවත් එක්ක කරන්න ඕනේ දෙයක්. මේ වීඩියෝ මාලාවෙන් කතා කරන්නේ එවරස්ට් තරණය කිරීම ගැන නෙවේ.

    මේ වීඩියෝ මාලාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවරස්ට් මූලික කදවුර දක්වා එහෙමත් නැත්නම් Everest base camp ගමන් කරනු ලබන කදු නගින්නන් අතර ප්‍රසිද්ධ trek එකක් පිලිබදව.

    ඔයා අපේ චැනල් එකට අලුත්නම් සහ ඔයා Travelling වලට ආසා කෙනෙක් නම් දැන්ම චැනල් එක Subscribe කරලා තියාගන්න.මේ චැනල් එකෙන් අපි කරන්නේ ලන්කාවේ වගේම ලෝකෙ ලස්සනම ලස්සන තැන් වලට තනියෙන් ගමනක් සැලසුම් කරගන්න කියලා දෙන එක.



    ඇත්තටම මොකක්ද මේ මූලික කදවුරක් කියන්නේ (Base Camp) ? **


    මූලික කදවුරක් යනු කඳු නගින්නන් කඳු නැගීමට සූදානම් වීම සඳහා භාවිතා කරන ස්ථීර ලෙස පවතින තාවකාලික නවාතැන් ස්ථානයක් කියලා හදුන්වන්න පුලුවන්. ඕනේම ලොකු කදුකර මාවතක මේ වගේ මූලික කදවුරු දකින්න පුලුවන්.විශේශයෙන් දවස් 10 - 15 අරන් කරන ගමන් වල මේ වගේ කදවුරු අනිවාර්ය වෙනවා.

    එවරස්ට් මූලික කදවුර ( Everest Base Camp ) ****


    එවරස්ට් වල මූලික කදවුර ටිකක් ප්‍රසිද්ධයි.මොකද එවරස්ට් නගින්න එන අය වගේම මේ කදවුර වෙනකම් විතරක් තමන්ගේ ගමන කරන අයත් ඉන්නවා. එවරස්ට් කදු මුදුනට ලගාවීම තරම්ම පුහුණුවක් කැපවීමක් මේ මූලික කදවුරට යන්න අවශ්‍ය වෙන්නේ නැ.

    ඉතින් එවරස්ට් නගින්න එන අය මේ මූලික කදවුරේ නැවතිලා කාලගුණය සහ අවශ්‍ය පුහුණුවීම වලින් පස්සේ තමයි එවරස්ට් නගින්න පිටත් වෙලා යන්නේ. මේ මූලික කදවුරේ ඉදන් තවත් කදවුරු 4ක නැවතිලා දවස් 10ක් 15ක් වගේ අරන් තමයි එවරස්ට් කදුමුදුනට ලගාවෙන්න ඕනේ.

    අපේ ශ්‍රීපාදස්ථානයට පාරවල් ගොඩකින් යන්න පුලුවන් වගේම මේ එවරස්ට් කන්දටත් යන්න පාරවල් 15ක් විතර තියෙනවා.ඒත් ප්‍රධාන විදියටම තියෙන්නේ මූලික කදවුරු දෙකයි.

    ඒකෙන් අපි කතා කරන්නේ ගොඩක්ම ප්‍රසිද්ධම එක වන නේපාලය පැත්තේ තියෙන මූලික කදවුර ගැන.ඒ වගේම කන්දේ අනිත් පැත්තේ එහෙමත් නැත්නම් ටිබෙටය සහ චීන බොඩරෙත් තවත් එක මූලික කදවුරක් දකින්නට පුලුවන්.

    නේපාලයේ තියෙන කදවුරට දකුණු මූලික කදවුර කියලත් ටිබෙටයේ තියෙන එකට උතුරු මූලික කදවුර කියලත් කියනවා.

    Everest Base Camp Trek ***


    එවරස්ට් මූලික කදවුර කෙටිකරලා මින් ඉදිරියට EBC ( Everest Base Camp) කියලා හදුන්වන්නම් මගේ සහ ඔබේ පහසුවට.
    අපි EBC හොයන් යන ගමනේදි අපිට මූලිකව පාරවල් දෙකකින් යන්න පුලුවන්.තමන්ට තියෙන කාලය සහ කාලගුණ තත්වය අනුවමේ මාර්ග දේකේම උනත් යන්න පුලුවන් කියන එක මතක් කරන්න ඕනේ. වඩාත් නිවැරදි තොරතුරු සදහා මම මාර්ග දෙකම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.ඒවගේම මතක් කරන්න ඕනේ මේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 130කට ආසන්න වෙනවා.ඒ නිසා මේ ගමන ගැන කියවනකොට ඒකත් නිතරම මතකේ තියාගන්න.


    1. Lukla සිට Dingboche හරහා යන බහුතරය භාවිතා කරන පාර
    2. Lukla සිට Gokyo විල හරහා යන පාර

    EBC ගැන කතා කරනකොට කතාකරන්න තොරතුරු ගොඩක් තියෙනවා.ගැන කතා කරනවට වඩා කතා කරලා සූදානම් වෙන්න කරුණු මේ EBC Trek එක ඇතුලේ තියෙනවා.ඒ නිසා ඉදිරි කොටස් වලින් සවිස්තරාත්මකව මේ හැමදෙයක් ගැනම කතා කරමු.දැන් කියන්න යන කොටස් මේ වීඩියෝ මාලාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

    • නේපාලයේ කත්මන්ඩු නුවරට පැමිණීම සහ සූදානම් වීම
    • Lukla බලා පිටත්වීම සහ Phakding වෙත ලගාවීම
    • Namche Bazaar වෙත පැමිණීම සහ තොරතුරු
    • Namche Bazaar සිට Tengboche වෙත පැමිණීම
    • Tengboche සිට Dingboche වෙත පැමිණීම
    • Dingboche සිට Lobuche වෙත පැමිණීම
    • Lobuche සිට Gorak Shep වෙත පැමිණීම
    • EBC වෙත පැමිණීම
    • Gorakshep සිට Dzongla වෙත පැමිණීම
    • Gokyo විල
    • Gokyo සිට Dole වෙත පැමිණීම
    • Dole සිට Lukla වෙත පැමිණීම

    ගමන් විස්තරයට අමතරව සූදානම් වීම් ලෙස

    • EBC සදහා සුදුසුම කාලය
    • EBC සදහා පෙර සූදානම් වීම්
    • ගමනේ සම්පූර්ණ වියදම සහ වියදම් අඩු කිරීමේ ක්‍රම
    • ඇතිවිය හැකි අපහසුතා ලෙඩරෝග සහ ඒවගෙන් ආරක්ශාවීම්
    • ලබාගත යුතු ප්‍රවේශ පත්‍ර සහ අවසරයන්
    • රැගෙන යායුතු සහ රැගෙන නොයා යුතු දැ (Check List)
    • නවාතැන් සහ ආහාර ලබාගැනීම
    • ගයිඩ් කෙනෙක් ඕනේද එපාද
    • රක්ශණාවරණ සහ හදිස්සි අවස්ථා
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මගෙ යාලුවෙක් ගිහින් ආවා... දැනට අවුරුදු 3 කට විතර කලින් ... ලක්ෂ 3-4 විතර ගියා මන් දන්න තරමින්...

    පොර බහිනකොට, පපුව රිදෙනවා කියල බොරුවක් කියල හෙලිකොප්ටර් එකෙන් ඇවිත් තිබ්බා... (ඉන්ශුවරන්ස් කොම්පැනිය ගානේ)..

    අපිටත් එවරස්ට් කියල ගහපු ටී ශර්ට් ගෙනාව..
     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මගෙ යාලුවෙක් ගිහින් ආවා... දැනට අවුරුදු 3 කට විතර කලින් ... ලක්ෂ 3-4 විතර ගියා මන් දන්න තරමින්...

    පොර බහිනකොට, පපුව රිදෙනවා කියල බොරුවක් කියල හෙලිකොප්ටර් එකෙන් ඇවිත් තිබ්බා... (ඉන්ශුවරන්ස් කොම්පැනිය ගානේ)..

    අපිටත් එවරස්ට් කියල ගහපු ටී ශර්ට් ගෙනාව..
    Ammo ... mAru buwek ne Yaluwa ..... Habei eka maru