එස්ප්‍රෙසෝ යන්ත්‍රය මෙතරම් විශේෂ ඇයි?

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    ලොව වටා කෝපි රසිකයින් දවස පටන් ගන්න කැමතිම විදිය තමයි උණුසුම් එස්ප්‍රෙසෝ එකක රස බලන එක. ඇත්තටම කොහොමද මේ රසවත් කෝපි එක හදන්නේ?

    සුවඳ, රසය සහ උණුසුම කැටි කරගත් එස්ප්‍රෙසෝ අපේ ජීවිතයේ කොටසක් වෙන්න ප්‍රධානම හේතුව වුනේ එස්ප්‍රෙසෝ යන්ත්‍රය යි. ඉතින් CBBS අපි අද ඔයාලාට එස්ප්‍රෙසෝ යන්ත්‍රය ගැන කියලා දෙන්නම්.

    එස්ප්‍රෙසෝ යන්ත්‍රය කියන්නේ මොකක්ද?

    එස්ප්‍රෙසෝ යන්ත්‍රය කියන්නේ, උණුසුම් කළ සහ අධි පීඩනයට ලක් කළ වතුර, සිහින්ව කොටා ගත් කෝපි කුඩු තුලින් යවමින් කෝපි බෲ කිරීමට සෑදූ යන්ත්‍රයක්. මේ බෲ කරන ක්‍රමයට කියන්නේ එක්ස්‍ට්‍රැක්ෂන් (exstraction) කියලා යි. මෙමගින් ඉතා උකු කෝපි ශොට් එකක් සාදා ගන්න පුළුවන්. එයට කියන්නේ එස්ප්‍රෙසෝ කියලා. සාමාන්‍ය කෝපි බෲ කරන ක්‍රම (වතුර ක්‍රමයෙන් කෝපි කැබලි අතරින් යැවීම වැනි) වලින් සාදන කෝපි වලට වඩා තීව්‍ර රසයක් එස්ප්‍රෙසෝ යන්ත්‍රය භාවිතා කරමින් සාදන කෝපි වලට තිබෙනවා. ඒ වගේම, එස්ප්‍රෙසෝ යන්ත්‍රයක් භාවිතා කිරීමෙන් කෝපි සෑදීමට ගත වෙන්නේ තත්පර කිහිපයක් පමණ යි.

    එස්ප්‍රෙසෝ යන්ත්‍රයක ප්‍රධාන අංගෝපාංග:

    ජල සැපයුම් සම්බන්ධතාවය
    වතුර උණු කිරීම සඳහා බොයිලේරුවක් හෝ එවැනි වෙනත් උපාංගයක්
    අවශ්‍ය පීඩනය නිර්මාණය කරන පොම්පයක්
    කෝපි කුඩු තැන්පත් කිරීමට පෝටාෆිල්ටරයක් (portafilter)
    කැපචිනෝ සහ ලතේ වැනි කෝපි වර්ග සෑදීමට අවශ්‍ය පෙණ සහිත කිරි (frothed milk) නිශ්පාදනය කිරීමට අවශ්‍ය උපාංග

    එස්ප්‍රෙසෝ යන්ත්‍රයේ ඉතිහාසය

    ලොව පළමු වරට එස්ප්‍රෙසෝ යන්ත්‍රයක් හදුන්වාදුන්නේ 1884 දී. ඒ අන්ගෙලෝ මරියොනෝදෝ නැමැති ඉතාලි ජාතිකයා විසින්. නමුත් මෙය වත්මන් එස්‍ප්‍රෙසෝ යන්ත්‍රයට වඩා ප්‍රාථමික එකක්.

    ලුයිගි බෙස්සේරා විසින් 1901 දී හදුන්වා දුන් එස්ප්‍රෙසෝ යන්ත්‍රය තමයි වත්මන් එස්ප්‍රෙසෝ යන්ත්‍රයට සමාන වූ මුල්ම යන්ත්‍රය. මෙය වාණිජමය වශයෙන් නිපදවීමට පටන්ගත්තේ දෙසිදෙරීයෝ පවෝනි විසින්.

    Ideale නමින් හැදින්වුනු පවෝනි ගේ එස්ප්‍රෙසෝ යන්ත්‍රය අධි පීඩනයට ලක් කළ ජලය කෝපි කුඩු අතරින් යැවීමට ලීවරයක් භාවිතා කළා. මෙමගින් කෝපි බෲ කරන්න ගතවෙන කාලය අඩු වුණා. ඒ වගේම, මුල් වතාවට ක්‍රේමා (එස්ප්‍රෙසෝ කෝපි මතුපිට සෑදෙන ලා පැහැති, පෙණ සහිත කෝපි තට්ටුවක්) නිශ්පාදනය කිරීමට සමත් වුනෙත් මේ යන්ත්‍රය යි.

    මේ යන්ත්‍රය ඉතාලිය පුරා ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. විසිවන සියවසේ මැද භාගය වනවිට ලොව පුරා රටවල් ගණනාවක, විශේෂයෙන්ම යුරෝපයේ, මේ යන්ත්‍රය ජනප්‍රිය වුණා. කෝපි අවන්හල් හා බැදුණු සංස්කෘතිය යුරෝපයේ අතිශය ජනප්‍රිය වීමට හේතු වුනෙත් මේ යන්ත්‍රය යි.

    එස්ප්‍රෙසෝ යන්ත්‍රයේ ප්‍රයෝජන

    එස්ප්‍රෙසෝ යන්ත්‍රයක ප්‍රධාන ප්‍රයෝජනය එස්ප්‍රෙසෝ සෑදීම වුනත්, විශේෂිත කෝපි වර්ග (specialty coffee) සෑදීමටත් ඒවා අවශ්‍ය වෙනවා. මොකද මේ කෝපි බොහෝමයක පදනම එස්ප්‍රෙසෝ. අමෙරිකානෝ, කැපචිනෝ, ලතේ, මකියාතෝ, මෝකා වැනි කෝපි සාදන්න එස්ප්‍රෙසෝ යන්ත්‍රය අත්‍යවශ්‍ය යි.

    කෝපි වෙළඳ ක්ෂේත්‍රයට එස්ප්‍රෙසෝ යන්ත්‍ර වලින් ලැබෙන පිටිවහල
    කෝපි වෙළඳ ක්ෂේත්‍රයට එස්ප්‍රෙසෝ යන්ත්‍ර අත්‍යවශ්‍ය යි. ඒ කාර්‍යක්ෂමව, තත්ත්වයෙන් උසස් කෝපි සෑදීමට ඒවාට පුළුවන් නිසා යි. ඒ වගේම කෝපි විශාල ප්‍රමාණයක් සෑදීමේදී, එකම තත්ත්වයෙන් සහ රසයෙන් යුතු කෝපි සෑදීමටත් මේ යන්ත්‍රය උපකාරී වනවා.

    අදවන විට කෝපි අවන්හල් වල තිබෙන විශාල එස්ප්‍රෙසෝ යන්ත්‍ර වලට වඩා ප්‍රමාණයෙන් කුඩා, නිවෙස් වල සහ කාර්‍යාල වල භාවිතා කළ හැකි එස්ප්‍රෙසෝ යන්ත්‍රත් තිබෙනවා.

    1000008696.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    Mocha thama supiri. Chocolate flavor ekath ekka niyamai. Normally five-star hotel ekaka nam 1500 wage wenawa mocha ekak. Espresso nam 1000-900 wage wenawa man hithanne. Baristar ema nam boru hype ekai over price ekai witharai. Taste eka nam same.

    ඉන්න Barista එක්ක කෝපි රස ගොඩක් වෙනස් වෙනවා. එකම Ingredients, machine එක්ක උනත් වෙනස් වෙනවා.
    ලංකාවෙ ඉතින් එහෙම වෙනසක් බලාගන්න පුලුවන්ද දන්නෙ නෑ. ඇත්තටම barista වෙන්න ඉගෙනගත්ත අය කීයක් ඉන්නවද දන්නෙත් නෑ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,108
    2,620
    113
    ඉන්න Barista එක්ක කෝපි රස ගොඩක් වෙනස් වෙනවා. එකම Ingredients, machine එක්ක උනත් වෙනස් වෙනවා.
    ලංකාවෙ ඉතින් එහෙම වෙනසක් බලාගන්න පුලුවන්ද දන්නෙ නෑ. ඇත්තටම barista වෙන්න ඉගෙනගත්ත අය කීයක් ඉන්නවද දන්නෙත් නෑ.
    Ehema seen ekakda. Mama eka parak giya wadiya set une na. Kolpiti giye. Wena ekaka gihin balanna ona.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    Ehema seen ekakda. Mama eka parak giya wadiya set une na. Kolpiti giye. Wena ekaka gihin balanna ona.

    ලංකාවෙ හොඳ කෝපි එකක් බොන්න එහෙම තැන් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අඩුම තරමෙ හොඳ කෝපි ජාතියක් හරි පාවිච්චි කරන තැනක් තියෙනව නං කියපන්. ඊළඟ දවසෙ ලංකාවට ආවම බලන්න.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලංකාවෙ හොඳ කෝපි එකක් බොන්න එහෙම තැන් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අඩුම තරමෙ හොඳ කෝපි ජාතියක් හරි පාවිච්චි කරන තැනක් තියෙනව නං කියපන්. ඊළඟ දවසෙ ලංකාවට ආවම බලන්න.
    :cry:
     
    • Sad
    • Like
    Reactions: shenat and caltonhp

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,628
    113
    ලංකාවෙ හොඳ කෝපි එකක් බොන්න එහෙම තැන් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අඩුම තරමෙ හොඳ කෝපි ජාතියක් හරි පාවිච්චි කරන තැනක් තියෙනව නං කියපන්. ඊළඟ දවසෙ ලංකාවට ආවම බලන්න.
    උඹලගේ ගෙවල් පැත්තෙත් Barista එකක් අලුතින් දාලා
     
    • Wow
    • Like
    Reactions: caltonhp and shenat

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,131
    113
    ලංකාවෙ හොඳ කෝපි එකක් බොන්න එහෙම තැන් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අඩුම තරමෙ හොඳ කෝපි ජාතියක් හරි පාවිච්චි කරන තැනක් තියෙනව නං කියපන්. ඊළඟ දවසෙ ලංකාවට ආවම බලන්න.
    Panadura thiyenawa place ekak. ammai puthai karanne

    FLUX-GGUF-Q8-00361.png