එස් බි ගැන කතන්දරයක්
චුට්ටං දූපතක ඉන්න රජ්ජුරු කෙනෙක් එංගලන්තෙ ගියා සමුළුවකට. ඕං ඒ සැරේනං පස් මහ බැලුං බලලා බලලා චාන්ස් එකක් වැදුනා රැජිණව හම්බවෙන්ට. චුට්ටං රජ්ජුරුවො ඕං අහපි එළිසබෙත් රැජිණගෙන්... "මේ තරං හොඳට ඔබතුමිය මේ රට පාලනය කරන්නෙ කොහොමද?" කියලා.
රැජිණ කිවුවා. "සිම්පල්නෙ... ! මම හොඳට මොළේ තියන ඇමතිවරුයි උපදේශකයොයි මගෙ වටේට තියගෙන ඉන්නෙ" කියලා.
චුට්ටං රජා කුතුහලෙන් ඇහුවා. "ඉතිං ඒ අයට මොළේ තියේද කියලා දැන ගන්නෙ කොහොමද?" කියලා.
"මං අහනවා පොඩි තේරවිල්ලක් එයාලගෙන්."
ඉන් පස්ස්සෙ රැජින කෝල් එකක් අරං නියෝග කළා, "ඔය ඩේවිඩ් කැමරන් ට එන්න කියන්න." කියලා.
කැමරන් මේ සුටුස් ගාද්දි ආවා.
"කැමරන් මෙන්න මේ තේරවිල්ල තෝරන්න බලන්න. ඔයාගෙ දෙමව්පියන්ට ළමයෙක් ඉන්නවා. එයා ඔයාගෙ සහෝදරියෙකුත් නෙමෙයි. එයා ඔයාගෙ සහෝදරයෙකුත් නෙමෙයි. එහෙනං ඒ කවුද?"
"හරි පහසුයි. ඒ මමයි රැජිණියනි." කැමරන් උත්තර දුන්නා.
"දැක්ක නේද?" රැජිණ ඇහුවා.