එස්. වියාලේන්දිරන් අත් අඩංගුවට !

athal eka

Member
Oct 29, 2018
418
32
0
එස්. වියාලේන්දිරන් අත් අඩංගුවට !

ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් එස්. වියාලේන්දිරන් අත් අඩංගුවට !

ශ්‍රී ලංකාව බෙදා වෙන් කරමින් වෙනම රාජ්‍යයක් බිහි කිරීම උදෙසා ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් වෙහෙසුණු බිහිසුණු දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී නායකයකු වන එස්. වියාලේන්ද්‍රන් නමැත්තෙක් මීට පැය කිහිපයකට පෙර අත් අඩංගුවට ගැනීමට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් සමත් වී තිබේ.

බෙංගමුවේ නාලක මහානායක හිමියන්ගේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මඩකලපුව ප්‍රදේශයේ කැලෑවක සැඟව සිටියදී මෙම ත්‍රස්ත්වාදී නායකයා අත් අඩංගුවට ගෙන ඇත.

මෙම අති විශේෂ කමාන්ඩෝ මෙහෙයුම සඳහා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් පුද්ගලිකව ම සහභාගී වීම විශේෂයකි.

මේ සඳහා නාමල් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට යෝජනා වී තිබුණ ද එක රණවිරුවකුගේ හෝ ජීවිතය අනතුරේ හෙළීමට තමන් ජීවත්ව සිටින තුරු ඉඩ නොතබන බවට සිංහ නාද කරමින් මහින්ද මැතිඳුන් තනිව ම මේ මෙහෙයුම සඳහා පිටත්ව යාමට උත්සාහ දරා ඇතත් මොහු සතුව සෝඩියම් ක්ලෝරයිඩ් රසායනික අවි ඇතැයි ද වාර්තා වීම නිසා මහින්ද මැතිඳුන් තනිව එහි යාම සුදුසු නොවන බවයි ඒකාබද්ධ ආණ්ඩු පක්ෂයේ ආරක්ෂක කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම මෙහෙයුමට අතිගරු මහින්ද මැතිඳුන් සමග වාසුදේව නානායක්කාර, දිනේශ් ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත. දිනේශ් ගුණවර්ධන මහතා මීට සහභාගී කරවාගෙන ඇත්තේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජයාන් දයතිලක මහතාගෙන් ලැබුණු විශේෂ උපදෙස් අනුවය.

බේරේ වැවේ සිට ඩිංගි බෝට්ටුවකින් පිටත් වූ ෆෝ මෑන් ටීම් කමාන්ඩෝ මන්ත්‍රී පිරිස මඩකලපුවට ගොඩ බැසීමෙන් අනතුව කැලෑව පීරමින් ත්‍රස්තවාදියා සොයා මෙහෙයුම් කරද්දී ඔවුන් ඉදිරියට දරුණු වලසෙකු පැමිණ තිබේ.

ඒ මොහොතේ ජීවිතාරක්ෂාව පතා ( බියට නොවේ ) මහින්ද මැතිඳුන්, වාසුදේව සහ ගම්මන්පිල තිදෙනා ගසකට නැඟ ඇති අතර ගස් නැඟීමට නොදත් දිනේශ් ගුණවර්ධන මහතා මළ එකෙකු මෙන් නිසලව බිම වැතිරී ඇත.

එහිදී වලසා දිනේශ් මහතා අසලට පැමිණ කනට යමක් මුමුණා යන්නට ගොස් තිබෙන බවත් ගසින් බැසි තිදෙනා වලසා කීවේ කුමක්ද කියා විමසීමේදී "නාගරික සංවර්ධනේ කරද්දි වැල්ලවත්තේ බිල්ඩිමකට අවසර දෙන්න දෙමළෙක්ගෙන් කෝටි දෙකක් අරං ඒක ගෑණු කෙනෙක්ගේ එකවුන්ට් එකට දාපු කතාව මාත් දන්නවා, අරුන්ට ඔව්වා දැනගන්න තියන්න එපා" යැයි වලසා කියූ බවට දිනේශ් මැතිඳුන් කී බව සඳහන්ය.

කෙසේවෙතත් අවසානයේ බිහිසුණු සටනකින් අනතුරුව රුපියල් කෝටි 20ක් දෙන බවට තර්ජනය කර ත්‍රස්තවාදියා යටත් කරගැනීමට කමාන්ඩෝ මන්ත්‍රී කණ්ඩායම සමත් වී ඇත.

දැඩි ආරක්ෂක රැකවල් යටතේ රහසේම කොළඹට ගෙන ආ එස්. වියාලේන්දිරන් නම් ත්‍රස්තවාදියා මැරෙන තුරු කෝටු මස් කිරීමට උදය ගම්මන්පිල මැතිඳුන් යෝජනා කර ඇතත් "එහෙම කරන්න බෑ, ප්‍රජාචන්චරවාදය කියලා එකක් තියෙනවා" යැයි මහින්ද මැතිඳුන් ඒ මහතාට අවවාද කර තිබේ.

එදා නන්දිකඩාල් කලපුවේදී තමන් තනියම මුහුණට මුහුණ සටන්වැද ප්‍රභාකරන් පරාජය කළ අන්දම සිහිපත් කරමින් අතිගරු මහින්ද මැතිඳුන් තමන් එදා දිවි පරදුවට තබා රැකගත් මව්බිමට අද අත්ව ඇති බෙදුම්වාදී ඉරණම ගැන ශෝක වන අතරේ ත්‍රස්තවාදියා අතුරුදන්ව ඇත.

මඳ වේලාවකින් නිව්ස් ඇලර්ට් හරහා මහින්ද මැතිඳුන්ට දැනගන්න ලැබී ඇත්තේ එම ත්‍රස්තවාදියාට මෛත්‍රීපාල සිරිසේන නම් දේශද්‍රෝහී පාලකයකු විසින් ඇමති තනතුරක් ලබාදී ඇති බවයි.

දිවි නැතත් බෙදුම්වාදීන් සමග එකට අසුන් නොගන්නා බව ශපථ කර ඇති මහින්ද මැතිඳුන් විසින් හෙට උදෑසන ම එකී මෛත්‍රීපාල සිරිසේන නම් දේශද්‍රෝහී පාලකයා සොයා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතය.


ඉස්සුවෙ බුකියෙන්
 

saturn

Well-known member
  • Mar 21, 2015
    5,352
    9,129
    113
    Around the world
    oZhaUdA.jpg
     
    Oct 17, 2018
    264
    28
    0
    උඩ ගෙඩි කියන්නෙ මොනාද බන් ? වට්ටක්කද ? උඩපල ගත්තත් වට්ටක්කා.. බිම පල ගත්තත් වට්ටක්කා. ඉතින් ඇයි බන් වට්ටක්කා වවලා දුන්න එකාව අත්අඩංගුවට ගන්නේ ? වහ දාලා දීලද ? :confused: