1994 කියන වර්ෂය ලංකාවට වගේම එක්සත් රාජධානියට ඉතාම වැදගත් වර්ෂයක්.මේ කතා දෙකම ලංකාවෙ මේ වෙලාවෙ වෙන දේශපාලනික පරිවර්තනය තේරුම් ගන්න ඉතාම වැදගත්.

මම මුලින්ම UK කතාව කියන්නම්.1994 එංගලන්ත මහා මැතිවරණයේදී ලංකාවෙ NPP එක කරපු වැඩේ Tony Blair ගේ Labour party එක කලා.Labour පක්ෂය වසර 23 ක් විපක්ෂයේ රාජකාරිය කරමින් හිටියා.එවකට Labour පක්ෂයේ නායකයා උන John Smith ගේ අභාවයෙන් පස්සෙ Tony Blair කියන තරුණ නායකයා Labour පක්ෂයේ නායකයා උනා.Tony මේ Labour පක්ෂය ප්‍රතිසංවිධානය කලා.රතු පාට Labour පක්ෂය තනුක කරලා යම් යම් Liberal & conservative මතවාද පක්ෂයට ගෙනල්ලා රෝස පාට පක්ෂයක් කරලා "Nee Labour party " විදියට ප්‍රතිෂ්ඨාපනය කලා.ගමක් ගමක් ගානෙ ගිහින් පක්ෂය ජනතාව අතරට ගෙනිච්චා.ඊටපස්සෙ ආපු 94' මහාමැතිවරණයෙන් Tony ගේ Labour පක්ෂය ආසන 418 ක දැවැන්ත Landslide ,victory එකකට ගියා.
වසර 23 කට පස්සෙ මේ ලබපු ජයේදි බලයට කෝඩුකාර විශාල පිරිසක් පාර්ලිමේන්තු ආවා.මේ ජය Labour පක්ෂය සමරද්දි Tony පඩිපෙලක වාඩි වෙලා ඔළුවට අත තියන් කල්පනා කලාලු දැන් මේ අලුත් පිරිස එක්ක දුන්න පොරොන්දු Deliver කරන්නෙ කෝමද කියලා.

මේක අපිට සමාන කලොත් අනුර මේක Election එකට කලින් තේරුම් අරන් තිබ්බා.ඒකයි කිසිම් වේදිකාවක් 2/3 ගැන අනුර නොකිව්වේ.ඔහු දන්නවා බලයට කෝඩුකාරයෝ ටිකක් එක්ක 2/3 බලයක් තමන්ගෙ ඔලුවේ කොස්ගස් ටික ගැලවෙන් වැඩක් කියලා.
"Remember, the great power comes great responsibility"
නමුත් දැන් 2/3 අසීමාන්තික බලයක් NPP ය වටා ගොඩනැගෙමින් තියෙනවා.මම මේක predict කරපු දෙයක්.ඒකයි කලින් post එකේ පැහැදිලිව කිව්වෙ මේ එන්නෙ ලංකාවෙ දුර්වලම විපක්ෂය කියලා.දැන් ඒක පැහැදිලී.ඔළු ගෙඩි ගානෙනුත්, ජනතා විශ්වාසයෙනුත් ඒක දැන් වෙලා තියෙනවා.

මාලිමාවට එන අභියෝග තියෙන්නෙ ප්‍රධාන වශයෙන් දෙකයි.එකක් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලැබෙන වගකීමක්.ඒ මේ ආර්ථිකය ගොඩගැනීම.කලින් කිව්වා වගේම NPP එකෙන් මම Economic Miracles බලාපොරොත්තු වෙන්නෙ නෑ.මේ යන විදියට ගස්සන්නෙ පද්දන්නෙ නැතුව අරන් යන එක් විතරයි බලාපොරොත්තු වෙන්නෙ.ඒක ඔවුන් කරයි.IMF path එකේම යනවා කියන එකට ඉගි දීලා තියෙනවා.ඔවුන්ට එන ලොකුම ප්‍රශ්නය මේ SOE ගැන ඔවුන් දරන මතය සහා ප්‍රතිපත්තිය.පේන විදියට පරණ පාරේ අලුත් Bus එකක යන්නයි යන්නෙ.

ඒ පෞද්ගලිකකරණය නැතුව අලුත් පරිපාලනයක් පත් කිරීම.ඒ ගැන ඉස්සරහට අපි කතා කරමු.
කොහොම උනත් 2028 මාර්තු වෙනකන් ලොකු අවුල් ආර්ථිකය පැත්තෙන් නෑ.හැබැයි 2028 රනිල් අටවපු බොරු වලක් NPP එකට තියෙනවා.ඒ 2032 ඉදන් ණය ගෙවන්න කියලා IMF එක කරපු යෝජනවා රනිල් නෑ නෑ 2028 ඉදන් ගෙවන්නම් කියලා එකග වීම.මේකට face කරන්නෙ කොහොමද කියලා NPP එකට හිතන්න වෙනවා.
ඒ කාලෙ DSA එක change කරන්න ප්‍රයෝගිකව බෑ, කරන්න ගියොත් අපි ඉවරයි කිව්වම අපිට මිනිස්සු බැන්නට දැන් අනුරම ඒ මතයේ ඉන්න නිසා NPP එකට තියෙන්නෙ ණය ගෙවීම ගැන හිතන්න.

කොහොම උනත් NPP එකට තියෙන ලොකුම අභියෝගය ආර්ථිකය නෙමෙයි.ඒ NPP එකම විහින් දාගන්න යන ප්‍රශ්නයක්.ඒ අලුත් ව්‍යවස්ථා සංශෝධනය.
ඒ ගැන ජනාධිපතිවරණය කාලෙ ඉදන්ම NPP ය Highlight කරනවා.මේක ලංකාවෙ සමාජය හොල්ලන්න් සමත් වෙන එකක් බවටනන් සැකයක් නෑ.මොකද එකම දේ ගැන විවිධ් මත මේ නිසා එලියෙ හැප්පෙන්න නියමිතයි.උදාහරණයක් විදියට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම,13+ ගත්තොත් පක්ෂ විපක්ෂ අදහස් ගැටෙනවා.LGBTQ+ community
එක ගැන සංවාදය ගැන පක්ෂ විපක්ෂ අදහස් ඉතාම දරුණු විදියට හැප්පෙනවා.මේ වගේ ගොඩාක් මාතෘකා ගැන එලියෙ දරුණු මත ගැටුම් ව්‍යවස්ථා සංශෝධනයක් නිසා හැදෙන්න නියමිතයි.

නමුත් මේ හැමදේටම මුහුණ දෙන්න ශක්තිමත් විපක්ෂයක් නෑ දැන් පාර්ලිමේන්තව ඇතුලෙ.එහෙනන් මේ විරෝධය එන්න නියමිත කොහෙන්ද?
️
ඒකට උත්තරය කියන්න 1994 ලංකාවෙ මැතිවරණයට යමු.
1994 චන්ද්‍රිකා දැවැන්ත බලයක් ලබාගත්ත.පහත ලංකාවෙ සිතියෙමේ තියෙන්නෙ ඒ මැතිවරණයේ මැතිවරම සිතියම.ඉතාම දුර්වල විපක්ෂයක් හැදුනා.නමුත් දැවැන්ත විරෝධයක් රටේ 1994 න් පස්සෙ රටේ හැදුනා.කවුද මේ විරෝධය හැදුවේ.ප්‍රධාන වශයෙන් 3 දෙනෙක්.
01) දිවයින පත්තරය
02) ගුණදාස අමරසේකර
03) ආචාර්ය නලින්ද සිල්වා
මේකම 2010-2015 හැදුනා.මහින්ද යුධ ජයග්‍රහණයෙන් පස්සෙ හැදුන ප්‍රබල 2/3+ ආණ්ඩුවට විපක්ෂ හඩ ආවේ දිවන්නාවෙන් එලියේ.සිවිල් සමාජය් ඇතුලෙ.ලියලා තියාගන්න මේ පාරත් එහෙමයි.ඒක ඉතිහාසයේ ලියවුන දෙයක් වගේම දේශපාලනයේ ස්වභාවික සංසිද්ධියක්.
දැවැන්ත පාර්ලිමේන්තු බලයකට විරුද්ධ හඩ හැමවෙලේම එන්නෙ දියවන්නාවෙන් එළියේ.
මේ අවුරුදු 4 දී සිවිල් සංවිධාන,බුද්ධිමය කව ප්‍රතිසංවිධානයක් හෙට ඉදන්ම හැදෙනවා.
ලංකාවෙ පාර්ලිමේන්තුව Batting pitch එකක් නෙමෙයි.Bowling pitch එකක්.ඒක අනුර දන්නවා.ඒකයි විපක්ෂයේ ආසන 3 න් 2/3 බලයකට මේ පක්ෂය ගෙනාවෙ.හැබැයි NPP එකෙන් අලුතෙන් පිරිස එන පාර්ලිමේන්තුවේ දුර්වල විපක්ෂය දැකලාපමේක කොච්චර දුරක්ට තේරුම් ගනීද කියලා මම දන්නෙ නෑ.
NPP එකේ දේශපාලන campaign එක අද ඉදන් පරිපාලනයට හැරෙනවා.හැබැයි අපේ දේශපාලනය අපි පටන් ගන්නෙ අදින්.මේ ආණ්ඩුව අරගලයේ ආණ්ඩුව.අරගලයේ Result එක අනුර ඇත්තටම ජනාධිපති උනේ 2022 මැයි 09.සජිත්ට ගහලා පන්නලා අනුරව අරගලයට පිලිගත්ත වෙලාවෙයි අනුර ඇත්තටම ජනාධිපතිවරයා උනේ.❤
දැන් අරගලයේ අපේක්ෂා වලින් 50% හරියටම සම්පූර්ණයි.අනුරලා ආණ්ඩුවේ පූර්ණ බලයක් එක්ක.තව 50% ඉතුරුයි.ඒ මම කාලයක් තිස්සෙ කියන අලුත් දකුණ.
දකුණ කියන් බෝඩ් ගහන් ඉදිය සජබ,UNP ගාරවැටෙන වලව් පක්ෂ හාන්සිම කරලා තියෙනවා.ලුම්පන් ජාතිවාදීන් එලවලා තියෙනවා.රටේ අලුත් නියම වමේ පක්ෂයක් බලයට ගෙනල්ලා තියෙනවා.දැන් කෝ හරි විපක්ෂ දකුණක්.එහෙම එකක් නෑ දැන්.එහෙනන් දවසක්වත් පරක්කු නොවී හෙට ඉදන් ඒ දකුණ අපි මේ රටේ සිවිල් සංවිධාන එක්ක හදනවා.දියවන්නාවෙන් එලියේ.❤

මිනිස්සු මේකට සමහරවිට උද්ධාමයෙන් හිනාවෙයි.ඒක ඉතිං හැටිනෙ.ඒත් මොළයෙන් අහලා බැලුවොත් තේරේවි රටක් ඉස්සරහට යන්න යහපත් එක පක්ෂයක් විතරක් ඇතිද, නැත්නම් යහපත් කදවුරු දෙකක් ඕන නැද්ද කියලා.
️
ඒ නිසා මේ දේශපාලන පරිවර්තනයේ වමේ 50% සම්පූර්ණයි.දකුණේ 50% තාම ඉතුරුයි.මේ අවුරුදු 4 අපේ මුළු ජීවිතයම මේ වෙනුවෙන් අපි අද ඉදන් වැයකරනවා.ඒ නිසා මේ අවකාශය ඇතුලෙ අපි අලුත් වැඩ ගොඩකින් හම්බෙමු.❤