එළකිරියේ බලාපොරොත්තුව...............................
එළකිරි පාර්ලිමේන්තු සටන ආරම්භයේ පටන්ම ඉතාමත් උද්වේගකර සටනක් බලාගැනීමට සියලුම එළකිරිවාසීන් බලා සිටින මොහොතක් ලෙස මේ රාත්රීයාමයද අපට නිදසුන් සපයා ඇති බව පලමුවෙන්ම සඳහන් කල යුතුය.
නිල් කොළ රතු කහ ආදී පාට සහිත පක්ශ හතරක් සමඟ ප්‍රබල ක්‍රියාකාරී නායකයන් හතර දෙනෙක්. විවිධ ආකාරයෙන් එළකිරියතුල තම අදහස් උදහස් මති මතාන්තර ගෙනහැර පෑ ඔවුන්ගෙන් කවුරු ජයග්‍රහනය කරයිද?
සියලු දෙනාම තම තමන්ගේ ජය වෙනුවෙන් විවිධ කටයුතුවල නිරතවෙද්දී ගුනේබායි සහෝදරයා තවමත් නිසොල්මන්? අව්සන් මොහොතේදී වෙනත් පක්ශයකට ආධාර කරන බව කීමටද? එවන් ප්‍රශ්න එළකිරිවාසී අප සිත්තුල ඇතිවීම සාමාන්‍ය කරුනක්.
කෙසේ වුවත් මේ නායකයින් ගැන අපි අපට හිතෙන දේවල් සාකච්ජා කල යුතුයි.පළමුවෙන්ම මේ නායකයින්ගේ නම් බලමු. "එක්සිත්ව එකමුතුව උරුමයට පණ දෙමු" යන සටන් පාඨය පෙරදැරි කරගත් එළකිරි ජාති හිත පෙරමුණේ නායක pathfinder_A2Z ගැන බලමු. path යනු මාර්ගයයි.finder යනු සොයන්නාය. A2Z යනු ඉංග්‍රීසි හෝඩියයි. තවමත් පාර සොයා යන කෙනෙක් මෙයින් අදහස් වෙයි. තවමත් පාර සොයායන පුද්ගලයෙක්ට ඔබේ වටිනා ජන්දය දෙනවාද? නැතිනම් අන් අය ගැනත් සලකා බලනවාද?"දැන ගියොත් කතරගම-නොදැන ගියොත් අතරමඟ" යන්නද සිහිතබා ගැනීම නුවණට හුරුය.
දැන් බලමු සොහොන නායකතුමා තරඟ වදින එළකිරි සමාජවාදී පක්ශය ගැන. සමාජවාදය යල්පිනූ එකක් උවත් එතුමා තවමත් ඒ වෙනුවෙන් තම කාලය ධනය ස්රමය වැය කිරීමත් අගය කල යුතුයි. මන්ද යත් එයින් නූතන පරම්පරාවන්ට එවන් ක්‍රමද තිබූ බව අවබෝධ කරවීම පහසු වන නිසාය. කෙසේ උවත් එම නාමය ඇසූ විගසින්ම කාහටත් මතකයට එන්නේ කුමක්ද? ඉතින් සොහොන්පල්ලන් පාර්ලිමේන්තුවට යැවීමට එළකිරිවාසීන් පෙරමුණ ගනීද?
හොඳයි එහෙනම් අපි බලමු එක්සත් හරිත පෙරමුණෙන් "ආ මඟ කෙටියි-යායුතු මඟ දුරයි" යන පාඨයෙන් තරඟ වදින Blacktulip නායකතුමා ගැන. පළමුවෙන්ම එතුමා තමන් ආ මඟ කෙටි බවත් යායුතු මඟ බොහෝ දුර බවත් අපිට පෙන්වාදෙයි. එයින් අදහස් වන්නේ කුමක්ද? ඇත්තටම එතුමන්ට වැඩි අත්දැකීම් නොමැතිබව නොකියා කීමක්ද? එවන් අය පාර්ලිමේන්තු යැවීමෙන් අපේ බලාපොරොත්තු සඵල වෙයිද? අනෙක් අතින් Blacktulip යනු කළුදළ මලකි. බෙහෙවින් මිළ අධික ඉතා දුර්ලභ මල් වර්ග භාවිතා කරන නායකයෙක් අපට ගැලපෙයිද යන්නත් සිතිය යුතුය. එමෙන්ම ඇලෙxසැන්ඩර් ඩූමාගේ කළුදළමල පොත කියවන මෙන්ද මා නව පරපුරෙන් මේ අවස්තාවේදී ඉල්ලා සිටිනවා.
අවසාන වශයෙන් සිටින්නේ එළකිරි තරුණ පෙරමුණෙන් තරඟ වදින Gunebhayi සහෝදරයායි. " තාරුණ්යේ නවතම රිද්මය" පාඨය කරගත් එතුමාගේ නවතම රිද්මය කුමක්ද? මේ මොහොතේදී අපට ඇති කුතුහලය එයයි. තවමත් එතුමන් රිද්මය සොයන්නේද? නැතිනම් සුදුසු වේලාව එනතුරු කල් මරන්නේද? කෙසේ උවත් Gune යනු ගුණවත් කමයි. එය "සද්ගුණවත් ගුණේබායි සමඟ" යන්නෙන්ම ඔබට පැහැදිලි වන්නට ඇති. ඉතින් එවන් ගුණවත් කෙනෙක්ට බායි යනුවෙන් ආමණ්ත්‍රනය කිරීමම නොවටින්නේද? Bhayi යනුවෙන් අදහස් වන්නේ සහෝදරයා යන්නයි. මටත් වඩා හින්දි භාෂාව දන්නා ඔබ දැනටමත් මට සිනා වෙනවා ඇති "ගහ දන්න මිනිහාට කොළ කඩා පානවා" යයි සිතමින්.
ඉතින් ආදරණීය එළකිරියනි ඔබත් ඔබේ වටිනා ජන්දය Gunebhayiගේ නවතම රිද්මයේ පක්ශයට ලබාදීම වැදගත් යයි කල්පනා කරනවා ඇති. සියලු අංශයන්හි මනා දැක්මක් සහිත බව ඔහුගේ නූල් විමසා බැලීමෙන්ද ඔබ වටහා ගනු ඇත. තර්කානුකූල අදහස් සෑම පිළිතුරක් තුලම ඇති එතුමන්ට හා පක්ශයට ජය ලැබෙයිද?
මෙය මුදල් නොගෙවා ෆන් එකේ කඩේ යාම සඳහා ප්‍රචාරය කරන ලදී.[/SIZE]

Last edited:

පත්තරේටත් ගිහින්