එරබොදු මල් පිපි ඇත දැන් ගම පැත්තෙ..
කොවුලා ගී ගයයි වහලා අඹ අත්තෙ..
කොල්ලන් නිසා බල්ලන් සැඟ වී එත්තෙ..
බක් මහ අසිරියයි මේ එලඹී අත්තෙ..
කැවුම් සුවද වැඩි උනි කල කට පස්සෙ..
කවුරුත් නිදහසින් ඇත දැන් නම් සිත් සේ..
අවුරුදු සුබ පතුම එවනෙමු වැඩ අස්සේ..
සිනහව පිරේවා තව වසරක් තිස්සෙ...
සෙනෙහසින් පිරුන සුබ අලුත් අවුරුද්දක් වේවා..!