එළකිරි ප්‍රජාසත්කාරක සේවය

Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
මචංස්ලා.. මුලින්ම කියන්න ඕනි මේක දේශපාලන ත්‍රෙඩ් එකක් වත් කාටවත් කඩේ යන්න වත්, කාටවත් මඩගහන්න වත් දාන ත්‍රෙඩ් එකක් නෙවී..

මෙන්න මේකයි මගේ අදහස..
අපේ ලංකාවේ විවිධ හේතු මත අසරණ වුණු මිනිස්සු, පවුල් ජීවත් වෙනවා. ඉන්න හිටින්න තැනක් නැති, එදා වේල හම්බකරගන්න වත් බැරි තරමට අසරණ වුණු (රෝගාබාධයන්ට ලක්වීමෙන් වැනි) අසරණයෝ කී දාහක් ලංකාවේ ඉන්නවද?? යුද්ධෙට ගිහින් ආබාධිත වුණු රණවිරුවො කී දාහක් ඉන්නවද?? ඉතින් අපිටත් පුළුවන් නම් ඒ වගේ අයට පිහිට වෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ එළකිරි එක හරහා ඇති කරන්න මම හිතන්නෙ ඒක අපි කරගන්නා ලොකු පුණ්‍යකර්මයක් වේවි. අනිත් එක අන්තර්ජාලය හරහා ගණුදෙනු කරන වෙබ් අඩවියකින් ලංකාවෙදි මේ වගේ වැඩක් කරන අවස්ථා අඩුයි. ඉතිං අපිට පුළුවන් නේද අනිත් අයටත් ආදර්ශයක් වෙන්න ඒ වගේ වැඩක් පටන් ගන්න??

මම මෙහෙම ක්‍රමවේදයක් යෝජනා කරනවා.
1. ජීටී ඇතුළු සාමාජිකයන් පිරිසකගෙන් යුත් කමිටුවක් වගේ දෙයක් පටන් ගන්නවා. (සයිට් ඇඩ්මින් හෝ එයා පත් කරන නියෝජිතයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි මේ වගේ වැඩකට)
2. ඒ කට්ටිය එකතුවෙලා බැංකු ගිණුමක් ආරම්භ කරමු. (සල්ලි ගන්න නම් කිහිපදෙනෙක් ගේ අනුමැතිය අත්සන තියෙන්න ඕනි. විනිවිධභාවයක් තියෙන්න ඕනි සල්ලිත් එක්ක කෙරෙන ගණුදෙනුවක් නිසා)
3. ලියාපදිංචි සාමාජිකයො 264,990ක් ඉන්න මේ සයිට් එකේ කට්ටියට විවෘත ආරාධනාවක් කරමු තමුන්ට පුළුවන් මුදලක් අපේ පොදු ගිණුමට බැර කරන්න කියලා. (හිතන්න සාමාජිකයො 75,000ක් රුපියල් 10 ගාණෙ දුන්නයි කියල. අපිට රු. 750,000ක් එකතු වෙනවා)
4. අපිට පුළුවන් අපේ ගම් ප්‍රදේශයේ හෝ අපි දන්න අසරණ අය ගැන තොරතුරු අර මුලින් කියපු කමිටුවට ඉදිරිපත් කරන්න. ඒ කමිටුව සුදුස්සා හෝ සුදුසුකම් ඇති කිහිපදෙනෙක් තෝරලා අපිට ඉදිරිපත් කරන්න මෙයාව තෝරගන්න හේතුව මේකයි, මෙන්න මේ අසරණ භාවය මෙයාට තියෙනවා වගේ කරුණුත් එක්ක.
5. අදාල පුද්ගලයව යෝජනා කරපු අපේ සාමාජිකයට පුළුවන් සම්බන්ධීකරණයෙන් සහය වෙන්න. ඒ වගේම අපිටත් පුළුවන් සෙට් වෙලා ගිහින් කරන්න පුළුවන් උදවුවක් කරන්න. (ට්‍රිප් එකක් වගේ;);))

6. කට්ටියගේ ප්‍රතිචාර, අදහස් උදහස් බලලා අපිට පුළුවන් මේ වගේ සාමාජික මුදලක් (තමුන් කැමති ගාණක් හෝ කට්ටියම කැමති පොදු මුදලක්) යම් කිසි කාලසීමාවකට සැරයක් එකතු කරන්න. මේ වැඩේ දිගටම අරන් යන්න..

බලන්න මේ ත්‍රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=318688
මේ අයට උදවුවක් කරන්න අපිට බැරි උණේ නිසි සම්බන්ධීකරණයක්, විධිමත් වැඩපිළිවෙලක් නොමැති වීම නිසා.

ඉතින් මේක මගේ යෝජනාවක්. ඔයාලත් කැමතිනම් පක්ෂ, පාට, ආගම් භේද බලන්නැතුව උදවු වෙන්න එන්න. ඇවිත් ඔයාලගේ අදහසත් කියල යන්න.
:yes::yes:
 

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    macho mama meka kalin kiwwa oyata mathaka athi ....mama ona welawala ready

    ඔව් මචං.. මට මතකයි. ඒත් එදා අපේ වැඩේ එතනින් ඉදිරියට ගියේ නෑ නේ.. ඒකයි මම ත්‍රෙඩ් එකකින් ම යෝජනා කරේ කට්ටියගෙම අදහස් උදහස් දැනගන්න..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Machan same idea eka mama EK eky kiyanna hitiye.mama nam sampoorna sahayogaya dhenawa.replies gana hithanna epa.kawdha kamathy eyaalata meykata daayakawenna puluwan.oyae oonathy dewalwalata kalli gahana apey memberlata mey wagey wadhgath deykata daayaka wenna kammaliy athi.oona welaawak conatct karanna maawa mey sathkaarayata.:yes::yes:

     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් මචං.. මට මතකයි. ඒත් එදා අපේ වැඩේ එතනින් ඉදිරියට ගියේ නෑ නේ.. ඒකයි මම ත්‍රෙඩ් එකකින් ම යෝජනා කරේ කට්ටියගෙම අදහස් උදහස් දැනගන්න..

    mama ada oaya paththaretath katha karala wisthara gaththa namuth.......oka mudal prasnayak nisa samaharu baya una...kohoma unath oyala karana onama dekata mamath sahaya dakwanawa....
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    mama ada oaya paththaretath katha karala wisthara gaththa namuth.......oka mudal prasnayak nisa samaharu baya una...kohoma unath oyala karana onama dekata mamath sahaya dakwanawa....

    :yes::yes:
    හැබැයි සල්ලි කියන්නෙ මහලොකු ගානක් නෙවෙනෙ එක එක්කෙනා කැමතිගානක් දෙන්න පුලුවන් කිව්වහම ඉවරයි නෙ
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    :yes::yes:
    හැබැයි සල්ලි කියන්නෙ මහලොකු ගානක් නෙවෙනෙ එක එක්කෙනා කැමතිගානක් දෙන්න පුලුවන් කිව්වහම ඉවරයි නෙ

    ඔව්.. කාටවත් බලකරල සල්ලි ගන්න බෑ නේ..
    අපි බලමු ජීටී මොකද කියන්නේ කියලා...