එළකිරි භූත කොටුව.........

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,090
    755
    113
    Paris
    ඉස්සෙල්ලම හිතුන දේ කියන්නම්.මේක මට කියවන්න හම්බ උනේ ගොඩක් පරක්කු වෙලා.ඒ ගැන පොඩි විස්සොපයක් තියනවා.
    මටත් කියන්න ගොඩක් දේවල් තිබ්බත් දැන් පරක්කු වැඩියි හිතනවා.මන් උපන් දා ඉදල මට අවුරුදු 24ක් වෙනකන්ම මල යක්කු බුඋතයෝ පෙරේතයෝ බහිරවයෝ තොවිල් නිදන් එක්ක ජීවත් උන කෙනෙක්.එත් දැන් colombo ජීවිතෙත් එක්ක ඒ හැමදේම ඈත් උනා .මේක කියෙව්වට පස්සේ අයෙත් ඒ පරම්පරාවෙන් අපු වටිනා සාස්තරේට අසා හිතුනා.

    අනිත් දේ තමා කිරියේ ඉන්නවා ගොඩක් වටින දේවල් දන්න කට්ටියක්.ඒ අයව අදුර ගන්න ලැබීම සතුටක්.

    මේ නූල පටන් ගත්තු රොබෝට් අය්යට ( හරියටම අය්යද කියල දැන් නැ :). හැමොම කියන නිසා කියුවේ.) ගොඩක් පිං මේක පටන් ගත්තු එකට .

    කට්ටිය කැමතිනම් මන් අසයි ඒ වලලිච්ච අතීතයට ආපහු පණක් දෙන්න.

    හැමෝටම ගොඩක් thanks.


    රොබෝට් අය්යව අපහු මේකට ගෙන්න ගන්න ට්‍රය් එකක් දෙන්න පුළුවන් අය.එක ගොඩක් වටිනවා.

    ube katha set ekak dapanko
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    hooooooo.......... hoooooooooo.... hooo..........

    අපේ ගෙදරට හොල්මනක් අඑවිත් බං මේ දවස්වල ඔක්කොමලා දැකලා, යකො තමා මට අහු උනේ නැනෙ :/

    ඊයෙයි අදයි නිවාඩුත් දාලා හිටියා ඒත් ඇහැට දැක්කෙ නැ, මම ඉ‍යෙ බාතෲම් ගිය ටිකට අපේ babysitter ගෙ කාමරේ යනේලෙ ලග හිටියලු :confused::confused:

    මම යනකොට බඩු මිසිං. ගෙදර තියෙනවා දැනට අවුරුදු 25 කින් විතර ඇරපු නැති කාමර දෙකක්, ඒවා වල ඉන්නවද දන්නෙ නැ, හෙට සිවිලිම ගලවල හරි බහිනවා, :D

    ඔකොමලා දැකලා තියෙන්නෙ අවුරුදු 25-30 වගෙ වයස කෙල්ලෙක් :D මට සෙට් වෙයිද දන්න නැ :D එහෙම උනොත් අපේ ලව් ස්ටෝරි එක දාන්නම් :)

    පොඩි කාලෙ ඉදන් හොල්මන් කේස් පස්සෙ ගිහින් දෙනෙක් හොදටම දැක්කා ඒ නිසා බය නම් නැ, සොහොන් වල උනත් රැ 12 ට ඉදලා තියෙනවා හොල්මන් බලන්න ඉස්කෝලෙ කාලෙ, උන තිබ්බ කාලෙ,

    දැන් මෙන්න ගෙදරටම ඇවිත් :D කාමරෙ නම් IR cam එකකුත් සෙට් කරා :D බඩු දැක්කොත් Video Clip එකක් දාන්නම් :D
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අපේ ගෙදරට හොල්මනක් අඑවිත් බං මේ දවස්වල ඔක්කොමලා දැකලා, යකො තමා මට අහු උනේ නැනෙ :/

    ඊයෙයි අදයි නිවාඩුත් දාලා හිටියා ඒත් ඇහැට දැක්කෙ නැ, මම ඉ‍යෙ බාතෲම් ගිය ටිකට අපේ babysitter ගෙ කාමරේ යනේලෙ ලග හිටියලු :confused::confused:

    මම යනකොට බඩු මිසිං. ගෙදර තියෙනවා දැනට අවුරුදු 25 කින් විතර ඇරපු නැති කාමර දෙකක්, ඒවා වල ඉන්නවද දන්නෙ නැ, හෙට සිවිලිම ගලවල හරි බහිනවා, :D

    ඔකොමලා දැකලා තියෙන්නෙ අවුරුදු 25-30 වගෙ වයස කෙල්ලෙක් :D මට සෙට් වෙයිද දන්න නැ :D එහෙම උනොත් අපේ ලව් ස්ටෝරි එක දාන්නම් :)

    පොඩි කාලෙ ඉදන් හොල්මන් කේස් පස්සෙ ගිහින් දෙනෙක් හොදටම දැක්කා ඒ නිසා බය නම් නැ, සොහොන් වල උනත් රැ 12 ට ඉදලා තියෙනවා හොල්මන් බලන්න ඉස්කෝලෙ කාලෙ, උන තිබ්බ කාලෙ,

    දැන් මෙන්න ගෙදරටම ඇවිත් :D කාමරෙ නම් IR cam එකකුත් සෙට් කරා :D බඩු දැක්කොත් Video Clip එකක් දාන්නම් :D

    K zonnayata mudiyak pegunada :rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Village eke hadila good experience thiyena mama nam eka yakekutavath baya naha. Hodin Buddhism danna mama Baya poddakvath natha. Godak pin kara athi mama marennadha baya natthe , e laga station eka hodha place ekak bava danna bavini. Darrmaya rakinna , Darrmaya visin arakksha karanu labai.
     
    Last edited:

    kasun Digital

    Member
    Dec 1, 2006
    23
    3
    3
    Colombo
    ඔය තරම් ආදරේ නම් මේ දුවගේ ඇඟට රිංගුවේ ඇයි?

    “මගේ දූලා තුන් දෙනා ම පිටරට ලොකු ලොකු රස්සාවල. මම මහලු මඩමට ආපු දවසෙ ඉඳල මේ ශ්‍රියා දුව තමයි මට සැලකුවේ. මගේ ම දුවක් වගේ. මම මේ දුවට මගේ ම දුවකට වගේ ආදරෙයි. මට මෙයා දාල යන්න බෑ. මට ආදරෙන් සැලකුවා. තමන්ගෙ අම්මාට වගේ. ගෙදර ඉඳලා එනකොට මට කැවිලි පලතුරු අරගෙන ආවා. ආදරෙන් කතා කළා ඉතින් මට මේ දුව ළඟින් ඉවත් වෙලා යන්න බෑ” යි මහලු මඩමක සිට මිය ගිය කාන්තාවක් එහි සේවය කරන මේට්‍රන්වරියට ආවිෂ්ටව කීවාය.

    රජයේ හෙද සොහොයුරියක් වශයෙන් සේවය කළ ශ්‍රීමා රැකියාවෙන් විශ්‍රාම ගිය පසු පාණදුර ප්‍රදේශයේ කාන්තා වැඩිහිටි නිවාසයක මේට්‍රන් වරියක් ලෙස සේවයට බැඳුණාය. ඇය නේවාසික වැඩිහිටි කාන්තාවනට කරුණාවෙන් කටයුතු කළ නිසා ඔවුන්ගේ ආදරයට ලක්වූවාය. මේ අතර ශ්‍රීමා හිටි හැටියේ දැඩි ඇඟපත වේදනාවකින් පෙළෙන්නට වූවාය. හීනෙන් බිය වී තැති ගැන්මෙන් කෑ ගසා ගෙන නින්දෙන් අවදිවන්නට වූවාය. සිහි මඳ ගතියක් ද ඇය තුළින් ප්‍රදර්ශනය විය.

    ගවේෂකවරයා ඇය පරීක්ෂා කිරීමේ දී සිහිසුන්ව වැටුණාය. දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි.

    බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ශ්‍රීමා යළිත් ආවිෂ්ට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

    “කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?”

    “මම ප්‍රේමා ඇන්ටි”

    “කවුද ප්‍රේමා ඇන්ටි කියන්නේ. මේ ශ්‍රීමා නෝනාගේ නෑ කෙනෙක් ද?”

    “නෑ… නෑ… නෑ කෙනෙක් නොවෙයි. ඒ වුණාට නෑ කෙනෙකුට වඩා මම මේ දුවට ආදරෙයි.”

    “ඇයි මේ තරම් ආදරයක්?”

    “මේ දුව තමයි මම හිටපු මහලු මඩමෙ මේට්‍රන්. මම මේ ලෝකෙ තනිවෙච්ච ගැහැනියක්. මේ දුව තමයි මම ළඟින් ආශ්‍රය කළේ. මට ආදරෙන් සැලකුවේ.”

    “ඇයි තමුන් අවිවාහක ද?”

    “විවාහකයි. විවාහකයි. ඒත් මහත්තයා මැරුණාට පස්සෙ නෑදෑයො මගෙන් ඈත් වුණා.”

    “ඒ මොකද?”

    “මම අහංකාරයි. තණ්හාධිකයි කියලා.”

    “ඒ නෑදෑයොනෙ. ඇයි තමුන්ට දරුවො හිටියෙ නැද්ද?”

    “හිටියා… හිටියා… දූලා තුන් දෙනෙක් ම හිටියා. ඒ තුන් දෙනා ම පිටරට රස්සාවල් කරනවා. පවුල් පිටින් පිට රට පදිංචි. මගේ දූලා උගත් අය. එක්කෙනෙක් ඇමෙරිකාවේ දොස්තර කෙනෙක්. අනිත් දුව කැනඩාවේ ඉංජිනේරුවරියක්. බාල දුව එංගලන්තෙ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරියක්. තුන් දෙනා ම බොහෝ ම වැදගත් විදිහට ජීවත් වෙනවා.”

    “ඔහොම තමයි අම්මලා තමන් කොයි තරම් දුක් වින්දත් දරුවන්ගෙ නම්බුවට කතා කරනවා. හැබැයි තනිකමට පාළුවට දරුවෙක්, මල්ලෙක්, මුනුපුරෙක් නෑ. නේද?”

    “ඒ වුණාට දූලා තුන්දෙනා මාසෙකට රුපියල් හතළිස් පන්දාහක් මේ වැඩිහිටි නිවාසෙට එවනවා.” ‍‍

    “ඉතින් තමුන්ටත් පිටරට දූලා ළඟට යන්න තිබුණ නේද?”

    “බෑ….. බෑ………. මම කැමති නෑ.”

    “අම්මා කැමති නැද්ද? දූලා කැමති නැද්ද?”

    “………………………” ප්‍රේමා ඇන්ටිගේ භූතාත්මය නිහඬ ය. නිරුත්තර ය.

    “කියන්න… කියන්න…. ඇත්ත කියන්නැ” යි ගවේෂකවරයා කීය.

    “මහත්තයා, මමත් කැමතියි. දූලත් කැමතියි. ඒත් බෑනලා කැමති නැහැ.”

    “එහෙනම් නැන්දම්මා ඒ තරමට හොඳ ඇති. නැත්නම් නහින දෙහින කාලේ දරුවන්ගේ ළඟ සතුටින් ඉන්න තිබුණානෙ, ඒ අයගෙන් සැලකිලි ලබන්න තිබුණානෙ.”

    “ඉතින් මට මේ ශ්‍රීමා දුව හොඳට සැලකුවානෙ. මේ දුව නිතර ම මගේ දුක සැප බැලුවා. ගෙදර ඉඳලා එන කොට මට අතුරුපස, පලතුරු ගෙනැත් දෙනවා. හැන්දෑවට මාත් එක්ක කතා කර කර ඉන්නවා. මට බොහෝ ම හිතවත්. මමත් මගේ දුවකට වගේ මේ දුවට ආදරෙයි.”

    “තමුන් මොනවා වෙලාද මැරුණේ?”

    “වයසට. මම අවුරුදු අනූපහක් ඉඳලයි මැරුණේ. අන්තිමට කන්න බැරුව ගියා.”

    “තමුන් ඔය තරම් ආදරේ නම් ඇයි මේ ශ්‍රීමා දුවගෙ ඇඟට රිංගුවේ?”

    “මම මේ කෙල්ලට ආදරෙයි. මට මෙයාව දාලා යන්න බෑ. ඒ නිසා ඇඟට රිංගුවා.”

    “දැන් ඔය තමුන්ගේ ආදරේ ශ්‍රීමාට කරදරයක්, වදයක් වෙලා. කරුණාකර ඉවත් වෙලා යන්න.”

    “අනේ බෑ….. බෑ…… මට මෙයාව දාලා යන්න බෑ……” යි භූතාත්මය අඬන්නට වූවාය.

    තවත් දින හතක් බෝධි පූජා පවත්වා, එතැන දී ප්‍රේමා ඇන්ටිට පින් අනුමෝදන් කොට නැවත එන්නැ” යි ශ්‍රීමාටත් සැමියාටත් උපදෙස් ලැබුණි.

    ඔවුහු සතියකින් නැවත පැමිණියහ. එදින ද ශ්‍රීමාට ප්‍රේමා ඇන්ටිගෙ භූතාත්මය ආවිෂ්ට වූවාය. ආවිෂ්ට වී අඬන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මය ඇමතීය.

    “මට මේ දුව දාලා යන්න බෑ.”

    “එහෙම කියලා හරියන්නේ නෑ. තමුන් නිසා මේ ශ්‍රීමා අසනීප වෙලා. තමුන් අපි හොඳින් කියන දේ අහලා පිට වෙලා නොගියොත් අපට සිද්ධ වෙනවා මේ ශරීරයෙන් එළියට ඇද දාලා පන්නන්න. තමුන්ගේ දූලාත් ළඟ නැතුව, තමුන්ට ඇප උපකාර කරපු කෙනාට හිරිහැරයක් නම් ඉවත් කරන්න වෙනවා. මිනිස්සුන්ටත් ප්‍රේතයන්ටත් එකට ජීවත් වෙන්න බෑ. තමුන්ට බෝධි පූජාවලදි පින් අනුමෝදන් කළානෙ. ඒ පින් ලැබුණ ද?”

    “ඔව් මහත්තයා මට ලොකු සතුටක් දැනුණා.”

    “තමුන්ට තව මොනවද වුවමනා?”

    “මගේ ළමයි තුන් දෙනා ගෙන්නලා සාංඝික දානයක් දී පින් දෙන්න කියන්න.”

    ප්‍රේමා ඇන්ටිගේ දියණියන් තුන් දෙනාට දුරකථනයෙන් මේ විස්තරය කියා ඔවුන් දැනුවත් කරන ලෙස ශ්‍රීමාට උපදෙස් දුන්නේය. ඒ අයට අවශ්‍ය නම් ආධ්‍යාත්මීය උපදේශකවරයාගේ දුරකථන අංකය දෙන ලෙස ද කීවේය.

    ශ්‍රීමා ප්‍රේමා ඇන්ටිගේ දියණියන් තිදෙනා දැනුවත් කළ අතර ඔවුන් මිය ගිය මෑණියන් වෙනුවෙන් සාංඝික දානයක් පිරිනැමීමට පැමිණෙන බවට පොරොන්දු වූවාය. මේ අතර එංගලන්තයේ සිටින වෛද්‍යවරිය දුරකථනයෙන් ආධ්‍යාත්මීය ගවේෂකවරයා ඇමතුවාය.

    “ලෝකයේ මිනිසුන්ගේ මරණයෙන් පසු සැබෑ තත්ත්වය, කර්මය හා විපාකය එයින් පැහැදිලි වෙනවා. මම නංගිලා දෙන්නා සමඟ නොවරදවාම එනවා” යි පොරොන්දු වූවාය.

    “ඔව් දස මාසයක් කුස දරා ගෙන සිට මේ ලෝකයට බිහි කළ, ලේ කිරි කොට පෙවූ, මෑණියන් වෙනුවෙන් අවශ්‍ය යුතුකම් නියමාකාරයෙන් ඉෂ්ට කෙරිලා නෑ. වැදූ මවගෙ මරණයට එන්න බැරි වුණා නම් ඔය හම්බ කරන සල්ලිවලින් වැඩක් නෑ. සල්ලි කියන්නේ ගනුදෙනු මාධ්‍යයක් විතරයි. සල්ලිවල ආදරය, කරුණාව, නැහැ. දැන්වත් ඒ දුගති ගාමී වී සිටින මෑණියන් ඒ දුකින් මුදවා ගන්නට කටයුතු කරන්න. තමන්ගෙන් ලැබිය යුතු ආදරය, සැලකිල්ල, ලබා දුන් මේට්‍රන්වරිය ඒ නිසා ම දැන් කරදරයකට පත් වෙලා. අපි ඇය ඒ දුකින් මුදවන්නත් ඕනෑ” යි ගවේෂකවරයා ලොකු දුවට පැවසුවේය.

    “ඔව් මහත්තයා අපි නොවරදවා ම එනවා. අපි කලිනුත් අවුරුදු දෙකකට වරක් ඇවිත් අම්මාව බලලා ගියා” යි ඇය කීවාය.

    “තමන් වැදූ හැදූ දූලා අවුරුදු දෙකකට සැරයක් ඇවිත් බලලා යන එක වයස්ගත අම්මා කෙනෙකුට ඇද්ද? දැන් දූලා විදේශගත වෙලා මේ වටිනා යුතුකමත් මග ඇරලා ඔය හරිහම්බ කරන්නේ තමන්ගේ දූ දරුවන්ට නේද? ඒ දූ දරුවොත් කවදා හරි එහෙම කළොත් මොකද තමුන්ට වෙන්නේ කියලා කල්පනා කරන්න. මේ “සිළුමිණ” පත්තරෙයෙන් අපි කරන්නෙත් භූත කතාවක් කියන එක නොවෙයි. ලෝකයේ සැබෑ තත්ත්වය පැහැදිලි කරලා මිනිසුන් පිනට දහමට යොමු කරන එක. මැරිලා දුක්ඛිත ප්‍රේත ආත්මවල උපන් අය එතැනින් ඉහළ තත්ත්වවලට පත් කරන්න උත්සාහ කරන එක. ඒකට දායකවන හැම කෙනෙක් ම කර ගන්නේ විශාල කුසලයක්.” යැයි ද ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.

    ප්‍රේමා ඇන්ටිගේ දියණියන් තිදෙනා ලංකාවට පැමිණ ශ්‍රීමා මහත්මිය ද සම්බන්ධ කැර ගෙන මෙතෙක් පාළුවට වසා දමා ඇති නුගේගොඩ නිවස ශුද්ධ පවිත්‍ර කරවා සංඝයා වහන්සේ විසි පස් නමක් වඩමවා සාංඝික දානයක් පිරි නැමූහ. පැන් වඩා පින් අනුමෝදන් කළහ. අම්මා ජීවත් වූ මහලු නිවාසයේ නේවාසිකාවන්ට ද දානයක් පිරි නැමූහ.

    ඉන් පසු ශ්‍රීමා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ද පැමිණියහ. එදින ද ශ්‍රීමා ප්‍රලය වී කතා කරන්නට වූවාය.

    “මගේ දූලා ආපු එක කොයි තරම් හොඳද? ඔයගොල්ලෝ මගේ මරණයට ආවෙ නෑ. මළාට පස්සෙ බලන්න ආවා. කමක් නෑ. කමක් නෑ. දුවේ! ජයන්ත මාත් එක්ක තාම තරහද?” භූතාත්මය ඇසුවා.

    “නෑ අම්මේ! එයාගෙ තරහක් නෑ.” යි දුව කීවාය.

    “බොරු කියන්න එපා. මම දවසක් ඔය ගොල්ලන් හොයාගෙන ආවා. එදත් මට ඇහුණා ජයන්ත මා ගැන “ඔය නාකි ගෑනි ඔය නාකි ගෑනි ගැන මතක් කරන්න එපා” යි කියනවා. එහෙම ඇහුණා ම මට දරා ගන්න බැරුව ගියා.”

    “දැන් ඉතින් ඔය පරණ කුණු ගොඩවල්වලින් වැඩක් නෑ. දැන් ප්‍රේමා ඇන්ටිගෙ අදහස මොකද? සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමකට සම්බන්ධ වෙනවද? මේ ශ්‍රීමාගෙ ඇ‍ඟේ ම ඉන්නවද?”

    “අනේ මහත්තයෝ මම ශ්‍රීමා දුවට කරදර කරන්නේ නෑ. මට දැන් හිතෙනවා මට ආදරෙන් සලකපු මේ දුවට මම කරන්නේ වරදක් කියලා. මම හොඳ තැනකට යන්න කැමතියි.” කීවාය.‍

    සුදු නෙළුම්මල් වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට දියණිවරු හා ශ්‍රීමා සමඟ අනුරාධපුරයට යැවීය. ‍

    (මේ ලිපි පෙළට සම්බන්ධ තොරතුරු 071 – 6398690 න් විමසන්න.)
    [/SIZE]

    Copied from-
    https://rightmindfulness.wordpress.com/2014/07/12/ඔය-තරම්-ආදරේ-නම්-මේ-දුවගේ-ඇ
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මේක සිළුමිණේ පලවෙන ලිපි පෙලෙන් . තව දැන්නම් පස්සේ .

    මේ ලිපියෙන් අප ඉදිරිපත් කරනුයේ ඇස්වහ කටවහ පිළිබඳ සිද්ධියකි. මෙවැනි අසාමාන්‍ය සිද්ධීන් පිළිබඳව අප ද ගවේෂණයේ යෙදෙන අතර අඩු තරමින් මෙවැනි අතීන්ද්‍රීය සිද්ධීන් මිනිසා ගේ ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? එසේ ම මිනිසාට අහිතකර වූ අතීන්ද්‍රිය ශක්තීන්ගෙන් ආරක්ෂාවන්නේ කෙසේ දැයි කරුණු සාකච්ඡා කරමින් සිටිමු. මෙවැනි අත්දැකීම් පාඨක ඔබ ළඟ ද තිබෙන්නට පුළුවන. ඒ පිළිබඳව කරුණාකර “මහින්ද විජේතිලක, 248 සිරි සාරානන්ද මාවත, බෝපිටිය, මතුගම’ ලිපිනයට, ඔබේ දුරකථන අංකය ද සහිතව සවිස්තරාත්මකව ලියා එවන්නේ නම් කෘතඥ වෙමි.

    මේ කුරුණෑගල නාගනේ ශ්‍රී සීවලී විහාරාධිපති මාතලේ පඤ්ඤානන්ද හිමියෝ අප සමඟ පැවසූ එවැනි සිද්ධියකි.

    මෙය මාතලේ නාවුල ප්‍රදේශයේ සිදුවූ දෙයක්. මේ පවුලේ ඒ වන විට සිටියේ අම්මයි පුතයි දුවයි. පුතා විවාහ වී බිරියත් සම¼ඟ මහන මැෂින් ;දකක් තියාගෙන ඇඳුම් මැසීමේ යෙදුණා. මේ පුතයි ලේලියි හරිම උත්සාහ වන්තයි. ඒ වගේ ම දැහැමියි. අනුන්ගේ දේවල් හොයන්න කාලය නාස්ති කළේ නෑ. තමන්ගේ පාඩුවේ මැහුම් කර්මාන්තය කර ගෙන ගියා.

    දුවත් විවාහ වී මේ මැහුම් සාප්පුවට අල්ලපු ගෙදර අම්මත් එක්ක ජීවත් වුණා. අම්මා නිතරම ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින්, ජීවත් වූ කෙනෙක්.

    පුතයි ලේලියි දෙන්නගේ උත්සාහය, නිසා ඔවුන්ට පාසල්වල නිල ඇඳුම් මැහීමේ කොන්ත්‍රාත්තු පවා ලැබුණා. දැන් මේ අය මහන මැෂින් අටක් යොදා ගෙන අමතර සේවකයනුත් යොදාගෙන මැහුම් ව්‍යාපාරය පවත්වාගෙන ගියා. මේ අඹු සැමි දෙන්නා සේවකයින් සවස වැඩ ඇරී ගිය පසුවත් රාත්‍රි 12 - 1 වනතුරු වැඩ කළා. ඔවුන් කරන කියන හැම දෙයක් ම අම්මාට කියන්න ඕනෑ. නැත්නම් අම්මට කේන්තියි. අම්මගෙන් මේ අයට ලැබෙන සහයෝගයකුත් නෑ. ඒ වුණාට හැම දෙයක් ම ඇඟිලි ගගහා හාර අවුස්සමින් හොයනවා. මේ වැඩේ පුතාටත් ලේලිටත් හිරිහැරයක් කරච්චලයක්.

    මේ අය දවසක් රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා රෙදි තොගයක් ලොරියකින් ගෙනැවිත් ටේලර් සාප්පුවට බෑවා. එදා ම රාත්‍රියේ ටේලර් සාප්පුව ගිනිගත්තා. මැෂින් අටත් සමඟ ම සම්පූර්ණයෙන් ගිනි ගත්තා. ගින්න නිවා ගන්න බැරි වුණා.

    මේ ගිනි ගැනීම මහා ප්‍රහේලිකාවක් වුණා. පොලිසියට හේතුවක් හොයාගන්න තියා අනුමාන කරන්නවත් දෙයක් තිබුණේ නෑ. එදා හැන්දෑවෙ රෙදි තොගය ගෙනැත් බාපු නිසා වැඩ අධිකවීමෙන් සාප්පුවේ බුදු පහන දල්වා තිබුණේත් නෑ. විදුලි කාන්දුවකට හේතු තිබුණෙත් නෑ. ගින්න හට ගත්තේ කොහොමද කියලා හොයාගන්න විදිහක් නෑ.

    මේ පුතයි ලේලියි දෙන්නා අපේ සේරුදණ්ඩාපොළ අක්කාත් එක්ක මා සොයා ගෙන ආවා. මේ වෙනකොට මම මේ සිද්ධීන් ගැන කිසි දෙයක් දැන හිටියේ නෑ. මේ අය ආවේ නිමිත්තක් බලන්න.

    මම පළමුවෙන් ම මගේ නිමිති ශාස්ත්‍රයෙන් ඇහුවා “මේ අය අහන්නේ ගිනි ගැනීමක් පිළිබඳ නේදැ” යි කියා.

    “එහෙමයි හාමුදුරුවනේ! අපේ ටේලර් සාප්පුවම ඉවරයි. මැෂින් අටයි. ඊයේ රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා ගෙනාපු රෙදි තොගයයි ඔක්කොම ගිනි ගත්තා හාමුදුරුවනේ. අපට උවමනා මේ ගින්න ඇති වුණේ කොහොමද? කියලා දැන ගන්නයි” කියා මේ දෙන්නා අඬ අඬා කීවා.

    මම නැවතත් මේ ගින්නට හේතුව හෙව්වා. “මේ ගින්නට හේතුවක් පෙනෙන්නේ නෑ. හැබැයි දුෂ්ට හිතක චේතනාවක් පේනවා”යි මම කීවා. “එහෙම යම් කිසි දෙයක් සිද්ධ වුණා දැ” යි මතක් කර බලන්නැ” යි මම කීවා.

    ඒ වේලාවේ කල්පනා කරමින් සිටි ලේලිය මෙහෙම කීවා. “ඔව්, හාමුදුරුවනේ! එදා රෙදි තොගය ලොරියෙන් බාලා ගොඩ ගහලා තියෙද්දී අම්මා ආවා එතැනට, “තොපිට හරි ගියා. තොපිට හරි ගියා. තුඞ නොදකින්” කියලා යන්න ගියා” යැයි කීවා.

    මේ දෙන්නා නැවතත් රුපියල් ලක්ෂ එක හමාරක් ණය වෙලා මැෂින් ගෙනැවිත් නැවතත් ටේලර් සාප්පුව පටන් ගත්තා. දැන් මේ දෙන්නාට ළමයෙකුත් ලැබිලා.

    ආයෙත් දවසක් මම රෝගීන් බලන වෙලාවේ පුංචි දරුවෙක් අඬනවා ඇහෙනවා. තොරතෝංචියක් නැතුව අඬනවා. රෝගීන් පෝලිමේ ඉන්දැද්දී මම කීවා අන්න අර අඬන දරුවාව එක්කර ගෙන එන්න කියලා.

    ඇයි මේ දරුවා අඬන්නේ?” යි මම ඇහුවා.

    “අනේ හාමුදුරුවනේ! අද උදේ ඉඳලා දරුවා කිරි බොන්නේ නෑ” යි ලේලිය කීවා.

    “ඇයි කිරි නොබොන්නේ?” මම ඇහුවා.

    “මට අද කිරි එරෙන්නේ නෑ” යි ඇය කීවා.

    මට කාරණේ මතක් වුණා. “ඇයි? අත්තම්මා බලා ඉන්දැද්දි දරුවට කිරි දුන්නාද?” යි මම ඇහුවා.

    “ඔව්! හාමුදුරුවනේ! මම දරුවාට කිරි දෙන කොට අම්මා එතැනට ආවා. බලා හිටියා විතරයි.”

    ම වතුර ටිකක් උණු කරවා කහ මිශ්‍ර කොට බුද්ධ මන්ත්‍රයකින් පිරිත් කොට ඇයට දුන්නා. එයින් පපුව හෝදා ගෙන දරුවාට කිරි දෙන්න කියා. ඒ සැරේ දරුවා පැය බාගයක් විතර එක දිගට කිරි බිව්වා. මම උපදෙස් දුන්නා. එළියේ ඉඳගෙන අනිත් අයට පෙනෙන්න දරුවාට කිරි දෙන්න එපා ය කියා.

    සතියක් ගියේ නෑ. ආයෙත් දවසක් අඬාගෙන ආවා. “අනේ! අපේ හාමුදුරුවනේ! දරුවා අදත් බඩගින්නේ අඬනවා. අද මම කාමරේට වෙලා දරුවාට කිරි පෙව්වා. අම්මා ඇවිත් දොර රෙද්ද මෑත් කර බලලා ගියා විතරයි. කිරි නැති වුණා” යි කීවා.

    මම ඇයට කරුණු පැහැදිලි කළා. දුෂ්ට වෛර සිතුවිලි තියෙන අයගේ සංසාරේ පළි ගැනීම්, කළ අයගේ සිතුවිලි පවා දරුණුයි. දැන් නම් කරන්න දෙයක් නෑ. මේ අවනඩුව විශ්වයට කියන්න.

    විෂ්ණු දෙවියෝ ය කියන්නේ මේ ලෝකය පවත්වාගෙන යන ආරක්ෂා කරන විශ්ව ශක්තියයි. කාටවත් වෛර සිතින් නොවෙයි. ඕනෑම කෙනෙකුට ජීවත්වීමේ අයිතියක් තියෙනවා. මේ නංගීටත් දරුවාටත් දෙන්නාටම ඒ සාධාරණ අයිතිය තියෙනවා. දැන් අර විහාරයට ගිහින් තෙරුවන් වඳින්න. විෂ්ණු දෙවියන්ට මේ අවනඩුව කියන්න. හදවතින් ම කියන්න. අතීතයේ තමන් කල හොඳ වැඩ, පින්කම් මතක් කරමින් පින් දෙමින් කියන්න. කියා එදත් කහ දියර ටිකක් පිරිත් කර පපුවේ ගාන්න දුන්නා.

    ඇයත් කහ දියෙන් පපුව සෝදාගෙන විහාරයට ගිහින් දරුවාට කිරි දෙන ගමන් ම මේ අවනඩුව විෂ්ණු දෙවියන්ට පවසන්න කිව්වා. ගෙදර යන කොට නැන්දම්මා දූගෙ ගෙදර හිරමණය උඩ වාඩි වෙලා පොල් ගාමින් ඉන්දැද්දී හිරමණෙන් වැටිලා අංශ බාධය හැදිලා. අහිංසක පැටවුන්ට දෙවියොත් ආදරෙයි. ඒ වගේ අහිංසකයන්ට පීඩා කරන කොට සොබාදහම දඬුවම් කරනවා යැයි ද පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

    මේවා අපට නොපෙනෙන එහෙත් අප අතරම ක්‍රියාත්මක වන ශක්තීන්. මේ වගේ දේවල් තියෙනවා. මේ සිද්ධියත් ඒ වගේ ම දෙයක් යැයි උන් වහන්සේ තවත් කතාවක් පැවසූහ.

    මේ මඩඋල්පත ප්‍රදේශයේ කෙනෙකු සම්බන්ධ සිද්ධියක්. ඔහු රැකියාව වශයෙන් කළේ සිඟා කෑම. බස් නැවතුම් පොළේ “අනේ නෝනා! අනේ මහත්තයා! මේ අන්ධයාට පිනට යමක් දෙන්න. කුසගිනි නිවාගන්න පිනට යමක් දෙන්නැ”යි ඔහු අන්ධයෙක් විදිහට හිඟා කෑවා. ඔහු ඇත්තටම අන්ධයෙක් නොවෙයි. දෑස් පියාගෙන අන්ධයෙක් විදිහට හිඟා කෑවා. බස් රථයක් ආපු හැටියේ බස් එකට ගොඩ වෙනවා. මේ විදිහට අවුරුදු ගණනාවක් හිඟා කෑවා. පාන්දර ගෙදරින් එනවා. හැන්දෑවට අන්තිම බස් එකේ ගෙදර යනවා. ගෙදර අඹුදරුවන් පෝෂණය වුණේ මේ ආදායමෙන්. ඔහුගේ බිරිය මේ ස්වාමියා දෙන මුදල් අර පරෙස්සමෙන් පරිහරණය කළා. දරුවන්ට ඉගැන්නුවා.

    මෙහෙම අවුරුදු විසි දෙකක් ම මේ මනුස්සයා අන්ධයෙක් විදිහට හි¼ඟා කෑවා. ගමෙන් තරමක් ඈත බස් නැවතුම් පොළේ හිඟා කෑවා. දැන් ලොකු පුතාට වයස අවුරුදු විසි දෙකයි. හොඳ රස්සාවකුත් කරනවා.

    තාත්තේ! දැන් තාත්තා දුක් විඳින්න ඕනෑ නෑ. මට පුළුවන් පවුලෙ අයට කන්න අඳින්න දෙන්න. දැන් තාත්තා ගෙදර නවතින්න. තවත් දුක් විඳින්න උවමනා නෑ” යි ලොකු පුතා කීවා. අම්මාත් කීවා.

    ඒත් තණ්හාවක තරම. ලැබෙන ආදායම නතර කරන්න ලෝබයි. මේ මනුස්සයා දිගටම හිඟා කෑවා. තවත් අවුරුදු දෙකක් ගත වුණා. ඊළඟ පුතාත් මේ විදිහට ම රස්සාවකට ගිහින් තාත්තාට හිඟා කෑම නතර කරන්න කියා කීවා.

    ඒත් මේ මනුස්සයා ඒ කීම ඇහැව්වේ නෑ. මේක තමයි අසීමිත තණ්හාව. හිඟා කෑම රස්සාවක් වශයෙන් කරගෙන ගියා.

    ඇත්තට ම මොකද වුණේ. මේ මනුස්සයා ඉබේම ඇත්තට ම අන්ධයෙක් වුණා. දැන් ඇත්තටම අන්ධයෙක්. තවමත් හි¼ඟා කනවා.

    සොබා දහම විශ්ව ශක්තිය ඉතාම සාධාරණයි. සුළු සුළු කපටිකම්වලින් ජීවත් වෙන්න උත්සාහ කරන කොට විශ්ව ශක්තිය හිනාවෙවී බලා ඉන්නවා. සීමාව ඉක්මවා යන විට දඬුවම් කරනවා.

    අපේ පියවි ඇසට නොපෙනෙන එහෙත් අප අසල ම ක්‍රියාත්මක වන බොහෝ දේවල් තියෙනවා. ඒවා පිළිබඳ උගතුන් ගේ බුද්ධිමතුන් ගේ අවධානය යොමු වීම අඩුයි.

    ඒ වගේ අප දන්නා ගුරුවරියන් හිටියා. පවුලේ අය ගෙනා යෝජනාවක් අනුව විවාහ වුණා. මේ ස්වාමි පුරුෂයා බොරු කාරයෙක්. තමන්ගේ නිවස අවට තිබුණු ඉඩකඩම් මේවා මගේයි පෙන්වා බොරු කියා තමයි විවාහ වුණේ. ගුරුවරියගේ ගෙදර අයත් රැවටුණා බෑණාට හොඳට ඉඩකඩම් දේපල තියෙනවා ය කියා ඉඩකඩම් දේපල තියෙන නිසා ටැක්ටරයක් හා ලොරියක් දෑවැද්දටත් දුන්නා.

    ඒත් විවාහයෙන් පස්සෙ ඇයට සිද්ධ වුණේ ස්වාමියා බීමත් ව ඇවිත් කරන තාඩන පීඩනවලට මුහුණ දෙන්න. නිතර අඬ දබර වුණා. පහර දුන්නා. ඒත් ඇය ඇගේ වැදගත්කම තියාගෙන ඉවසුවා. ඇය ගෙදරින් එනවිට ගෙනා සාරි අට විතරයි ඇයට තිබුණේ. මේ මිනිහා සාරියක් පවා අරගෙන දුන්නෙ නෑ.

    ඇය මේ සියල්ල ඉවසාගෙන උදේ පාන්දරින් නැගිට ඉවුම් පිහුම් කොට පාසලට යනවා. අන්තිමේ මේ මිනිහා කිසි දවසක දියුණු නොවන බව වටහාගෙන “මේ මිනිහා නම් හැදෙන මිනිහෙක් නම් නොවේ” යි යන නිගමනයට ඇවිත් තමන් ගෙ පාඩුවේ ඉවසීමෙන් කටයුතු කළා. අන්තිමේ මිනිහා අසනීප වුණා. මේකත් මගේ ම කරුමය යැයි සිතූ ගුරුවරිය ඔහුට කවා පොවා සාත්තු සප්පායම් කළා. කවන්න පොවන්න ළඟට ගියත්, කවා පොවා අවසන් වුණා ම කෙහෙවල්ලෙන් අල්ලා ගෙන ඇයට පහර දෙනවා.

    සමහර දාට ඉස්කෝලෙට යන කොට උදේ පහරදීම් වලින් මුහුණ ඉදිමිලා. මේ ඉස්කෝලෙ ඉන්න ඉංග්‍රීසි ටීචර් බොහොම අහංකාරයි. අනුන්ට අපහාස උපහාස කරනවා. “ආ... අදත් උදේ පාන්දර ගුටි කාලා තියෙනවා” කියලා හිනාවෙනවා. අනිත් අය සමඟත් කියා හිනා වෙනවා. ඒත් ගුරු මණ්ඩලයේ අනිත් අය මේ දුක් විඳින ගුරුවරියට අනුකම්පා කළා. ඇගේ ප්‍රතිපත්ති වලට ගෞරව කළා.

    දවසක් ස්වාමියාගේ පහරදීම් වලට ලක් වූ ගුරුවරිය පාසලට එද්දී “මොකද ඔයාගෙ මූණ ඉදිමිලා” කියලා ඉංග්‍රීසි ටීචර් නොදන්නවා වගේ ඇහුවා.

    “ඔයාට ඕනෑ දෙයක් හිතාගන්න” කියා අහිංසක ගුරුතුමිය කීවා.

    එදා ඉංග්‍රීසි ටීචර් ගෙදර යන කොට යතුරු පැදිය අනතුරකට ලක් වී කකුල කැඩී රෝහල් ගත කළා. මාස තුනක් පමණ දුක් විඳ ඇය දැන් නැවතත් පාසල් එනවා. හැබැයි ඉතාම කැත නොන්ඩියක් ඇයට තියෙනවා. කකුල සනීප වුණත් නොන්ඩියි.

    “ඔයා සීමාව ඉක්මවලා අර මිස්ට හිනා වුණා. අපහාස කළා. ඒකට දඬුවම තමයි ඔය” යැයි අනිත් ගුරුවරු ඇගේ මූණටම කිව්වා. යැයි ද පඤ්ඤානන්ද හිමියෝ කීහ.

    මතුගම මහින්ද විජේතිලක

    Bump
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මචන්ලා,මම එලකිරි එකේ රෙජිස්ටර් වුනේම මේ පෝස්ට් එක දාන්න.'කොග්ගල නිලමෙ' කියන පොත කියවපන් මචන්.එක සිරාම සිරා පොතක්.ඒක දාපු යාලුවට ගොඩක් පින්.මම ට්‍රය් කරනවා 3 වෙනි කොටස හොයාගන්න.රොබට් අය්යගෙ භූත කොටුව ගොඩක් හොද ත්‍රෙඩ් එකක්.ඔබට ජය..
     
    • Like
    Reactions: PHBhagya

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    this is not a fake account machan..අද තමයි මම මුලින්ම account එකක් හෑදුවෙත් සහ පොස්ට් කලෙත්..