එළකිරි භූත කොටුව.........

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගෙදරට අයිතිවාසිකම් කියූ භූතයා

    මෙය උපුටා ගැනීමකි. මාගේ අද්දැකීමක් නොවේ.

    සෑම පුද්ගලයකුට ම ඉෂ්ට දේවතාවකු ඇතැයි පිළිගැනීමක් ඇත.
    එහෙත් ලෝකයේ දෙවිවරු සිටිනුයේ තිස්තුන් කෝටියකැයි සම්මතයක් ද වේ. වර්තමානය වනවිට මිනිස් ජනගහනය කෝටි හයසිය හැත්තෑවකි.
    මේ අනුව සෑම මිනිසෙකුටම ඉෂ්ට දේවතාවකු සිටිය හැකිද? එසේ නම් යම්කිසි අපට නොපෙනෙන වෙනත් සත්ත්වයෙකු මිනිසුනට අධිගෘහිත වේදැ?යි සිතිය යුතුය.
    සුනීධ වස්සකාර ඇමැතියන් දෙදෙනා අජාසත් රජතුමා වෙනුවෙන් අලංකාර නගරයක් ගොඩනඟන අවස්ථාවේ මේ නගරයේ ඉදිකැරෙන මහා මන්දිරවලට මහේශාක්‍ය දෙවිවරු අධිගෘහිත වනු ඇතැයි ද මධ්‍යම ප‍්‍රමාණයේ මන්දිරවලට මධ්‍යම බල ඇති දෙවිවරු ද සාමාන්‍ය ප‍්‍රමාණයේ නිවෙස්වලට සාමාන්‍ය බල ඇති දෙවිවරු ද අධිගෘහිත වනු ඇතැයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළ බව බුදු දහමෙහි සඳහන් වේ.

    එසේ ම කෙනකු නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් කැපීමට පළමු උදලු පහර හෙළනා විටම ඒ නිවස සඳහා අධිගෘහිත වීමට දෙවියෙකු වහාම ඉදිරි පත්වන බවට ද ගැමියන් අතර මතයක් පවතී.
    ගස්වල කොළ හා මල්වල සුවඳින් යැපෙන දෙවිවරු ද, ගසේ කඳෙහි සුවඳින් යැපෙන දෙවිවරුද, ගසේ මුල්වල සුවඳින් යැපෙන දෙවිවරු ද ගස් ඇසුරු කොට ගෙන, විමාන කොට ගෙන සිටින බව දහමෙහි සඳහන් වේ. එසේ නම් නිවෙස්වලට ද සම්බන්ධ වූ අපේ ඇසට නොපෙනෙන ගුප්ත ආත්ම හැසිරෙන බව පිළිගත හැකිය.

    කෙනකු ජීවත්වීම සඳහා නිවසක් ඉදිකරනුයේ බොහෝ බලාපොරොත්තු ඇතිවය. ආශාවන් ඇතිවය. ඒ නිවස සඳහා ඔහු කෙරෙහි “මෙය මගේය” යන හැඟීම පමණි.
    බණ භාවනාවෙන් සිත දියුණු කොට ඒ ආශාව, බැඳීම, අත් නොහළ පුද්ගලයකු මිය ගියවිට කර්මානුරූපව ඒ නිවස ඇසුරු කොට ගෙන ඉපැදීමට ද පුළුවන. ඒ දෙවියාට හෝ භූතයාට ඇති ශක්තීන් අනුව යම් යම් කි‍්‍රයාකාරකම් කිරීමට ද පුළුවන. මේ එවැනි සිද්ධියක් පිළිබඳ කතාවකි.
    ජයසේන වරකාපොළ ප‍්‍රදේශයේ තරුණයෙකි. නිසි වයස් පැමිණි ඔහු තමන් මෙන් ම රැකියාවක් කරන රංජනී නමැති තරුණියකට පෙම්බැඳ විවාහ වූයේ ය.
    චාරිත‍්‍රානුකූලව විවාහය සිදුකොට මහ ගෙදර මව්පිය සහෝදරයින් සමඟ මාස කීපයක් පදිංචිව සිට රැකියාවට යෑමේ පහසුව සඳහා නිට්ටඹුව ප‍්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගියේය.
    ඉතා ම සමඟියෙන් හා ප‍්‍රීතියෙන් අලුත් ජීවිතය ආරම්භ කොට ගෘහ ජීවිතයේ සාර්ථකත්වය හා සතුට පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසුව රංජනී රැකියාවෙන් ඉවත් වූවාය.
    ජයසේන ගේ හිත සුව පිණිස අවශ්‍ය පරිදි නිවස තබා ගනිමින්, කෑම බීම ටික රසට උයා පිහා දෙමින් රංජනී ප‍්‍රීතිමත් පවුල් ජීවිතයකට සුදුසු පරිසරය ගොඩනැඟුවාය.
    ජයසේන ගේ රැකියාවේ ස්වභාවය අනුව සමහර දිනවල ඔහු ආපසු ගෙදර එන විට රාති‍්‍ර නවය, දහය පසුවෙයි. සමහර දිනවල රාති‍්‍ර සේවයේ යෙදීමට ද සිදු වෙයි.

    මාසයක් පමණ කාලය ඉක්ම ගියේය. දිනක් රාති‍්‍ර දහයට පමණ ජයසේන බිරියත් සමඟ නිදි යහනේ සිටියේය. රංජනී නිදි දෙව්දුව තුරුලේ සුව නින්දේය. ජයසේනට නින්ද ගොස් තිබුණේ නැත.
    ඔවුන් ගේ නිදන කාමරයේ ජනේලයට කවුදෝ සෙමෙන් තට්ටු කරනු ඇසිණි. කීප වරක් තට්ටු කොට ඒ හඬ නෑසී ගියේ ය. ජයසේන කල්පනා කළේය. කල්පනා කරමින්ම නින්දට ගියේය.
    ඔහු මේ බවක් රංජනීට පැවැසුවේ නැත. පසුදින රාති‍්‍රයේ ද එසේ ම සිදුවීය. මඳ වේලාවක් ජනේලයට තට්ටු කොට ඉන් පසු අඩි සද්දයක් ද ඇසිණි.
    තුන්වැනි දිනයේ හා හතර වැනි දිනයේ එවැන්නක් සිදුවූයේ නැත. ඊළඟ සතිය ජයසේන ගේ රාති‍්‍ර වැඩ මුර කාලයයි. රාති‍්‍ර වැඩ මුරයෙන් පසු දිනය එළැඹියේය.
    එදින රාති‍්‍රයේ ද ජනේලයට තට්ටු කරන හඬ ඇසිණි. ජයසේන හෙමින් සීරුවේ යහනෙන් නැගිට්ටේය. පොල්ලක් අතට ගත්තේය. විදුලි පන්දම ද ගත්තේය. හෙමින් දොර යතුරු ඇර එළියට පැන්නේය. ඈත ඡායාවක් නොපෙනී ගියේය. ජයසේන ගෙට පැමිණ දොර වසා යළි නිදි යහනට ආවේය.

    ”මේ මහ රෑ ඔයා කොහේද ගියේ?” දොර වසන හඩින් අවදිව සිටි රංජනී ඇසුවාය. ජයසේන එය නෑසුණා සේ පිළිතුරු නොදී කල්පනාවට වැටුණේය.
    ජයසේන නිදිමත නිසා පිළිතුරු නොදුන්නා විය හැකියැයි සිතූ රංජනී ද යළි නින්දට වැටුණාය. ජයසේන ගේ සිතේ සැකයක් පහළ වීය. මේ අතර ජයසේන නැති රාති‍්‍රවල රංජනීට ද ඈතින් යම් යම් ශබ්ද ඇසිණි.
    උගුර කාරන ශබ්ද ඇසිණි. ඒ අල්ලපු ගෙවල්වල කෙනකුගේ විය හැකි යැයි ඇය සිතුවාය. ඒ ගැන ජයසේනට කියන්නට තරම් දෙයක් නැතැයි ඇය සිතුවාය. මේ සද්ද බද්ද විටින් විට දිගට ම පැවතිණි.
    තමන් නිවසේ නැති අවස්ථාවල මෙහි හොර රහසේ යමක් සිදුවේ යැයි ජයසේන සිතුවේය.

    දැන් ජයසේන ගේ ගති ගුණ පවා ටිකෙන් ටික වෙනස් වී ඇත. බිරිය ආදරයෙන් කතා කළද ඔහු ඊට පිළිතුරු දෙන්නේ නුරුස්නා ස්වභාවයෙනි. පවුලේ සමඟිය සතුට ටිකෙන් ටික තුනී වෙමින් අඬ දබර පවා ඇතිවන තත්ත්වයක් උදාවීය.
    සමහර දිනවල රාති‍්‍ර සේවයට යන බව පවසා නිවසින් පිටත්ව යන ජයසේන අඳුර වැටෙද්දී ආපසු ගෙදරට එයි. රාති‍්‍රයට අඩි ශබ්ද ඇසේ. ජනේලයට තට්ටු කරයි. දොරට තට්ටු කරයි.
    ජයසේන පොල්ලක් රැගෙන අඳුරේම ගොස් විදුලි පන්දම දල්වයි. ඡායාවක් නොපෙනී යයි.
    ”උඹ මං නැති අතරේ එක එකා ගෙන්නා ගන්නවා නේද?” ප‍්‍රශ්නය කෙළින් ම ඉදිරිපත් වෙයි.
    ”අනේ දෙයියෝ ඔයා මේ මොනවද කියන්නේ. දෙයියනේ අහිංසක මාව නම් සැක කරන්න එපා. ඔයා නැති දවස් වලටත් කවුදෝ කාරන හඬ නම් මටත් ඇහුණා. මං හිතුවා, අල්ලපු ගෙදර කෙනෙක් කාරනවා වෙන්න ඇතියි කියා රංජනී ද පිළිතුරු දුන්නාය. එහෙත් ඒවා පිළිගත්තේ ජයසේන නොවේ. දැන් පවුලේ අසමඟිය උග‍්‍ර තත්ත්වයකට පැමිණ ඇත.

    ”ඇත්තට ම ජයසේනට මොකද වුණේ? මට මේ තරම් ආදරයෙන් හිටිය ඔහු මෙසේ වෙනස් වූයේ ඇයි? කුමක් හෝ හේතුවක් තිබිය යුතුය. මා නිවැරැදි වුවත් ඔහු සැක කරන්නේ හේතුවක් ඇතිවය.
    ඒ හේතුව සොයා ගන්නම ඕනෑ. ජයසේන මට බැන්නත් මං ඉවසනවා. එකට එක කියාගෙන යන්නේ නෑ. ඔහුට වෙනදා වගේ ම සලකනවා. මේ අවුලට හේතුව කෙසේ හෝ හොයා ගන්නවා” යැයි රංජනී සිතුවාය.
    ඇය ද රාති‍්‍රයට නොනිදා නිදි සේ නිහඬව සිටියාය. ජයසේනට ද නින්ද ගොස් නැති බව ඇයට දැනේ. අඩි සද්දයක්. කවුදෝ ජනේලය ළඟට ආවේය. ජනේලයට තට්ටු කරයි. ඇය ජයසේනට ඇඟිල්ලෙන් ඇන්නාය.
    ජයසේන හෙමින් සීරුවේ ඇඳෙන් නැඟිට දොර ඇරගෙන ගියේය. අඩි සද්දය ඈතින් ඇසේ. සේයාවක් නොපෙනී යන අයුරු ජයසේන දකී. ජයසේන යළි පැමිණ නිදාගනී. පසුදා උදේ ජයසේන රැකියාවට ගියත් සැකය අඩුවූයේ නැත.
    මේ අතර දොර වසාගෙන නිවස තුළට වී සිටින රංජනීට ද එහා මෙහා වී යන ඡායාවක් වීදුරු ජනේලයෙන් පෙනේ. ඇය සිතට ධෛර්යය ගෙන කල්පනාවෙන් සිටියාය. වැඩ ඇරී නිවසට ආ ජයසේන රාති‍්‍ර සේවයට යොදවා ඇති බව පවසා ආපසු ගියේය.
    රාති‍්‍ර හතට පමණ ආපසු අඳුරේ ම නිවසට ආවේය.

    රාතී‍්‍ර ආහාරයෙන් පසු දෙදෙනා ම නින්දට ගියහ. රාතී‍්‍ර දහය වන තුරු නිහඬව බලා සිටියත් අද නම් සද්දයක් නැත. ජයසේනට නින්ද ගියේ ය. එකොළහට පමණ සද්දයක් ඇසුණි. ඒ නිදන කාමරයේ ජනේලයෙන් නොවේ. සාලයේ ජනේලයෙනි. ජනේලය ඇරිණි. කෙනකු ජනේලයෙන් ගෙට ආවේය.

    ”මේකි මූට ගෙට එන්න ඉස්සරහ ජනේලය ඇර තියන්න ඇති. මං රෑ වැඩට ගිය නිසා.” ජයසේන හිතුවේය.
    ”හොඳයි උඹ වරෙන්කො කාමරයට” ජයසේන දොරට මුවා වී සිටියේය. අමුත්තා ගේ් පියවර හඬ ළඟ ළඟම ඇසෙයි. ඔහු කාමරයට ඇතුළු වනවිට ම ජයසේන ඔහුගේ බෙල්ලට පැන අල්ලා ගත්තේය.
    ඔහු තදින් බෙල්ල මිරිකයි. අමුත්තා බේරී පලා යන්නට දඟලයි. එහෙත් ජයසේන අත්හරින්නේම නැත. අමුත්තාත් ජයසේනත් පොර බදමින් සිට එක පොදියට බිම පෙරළුණි.
    ජයසේන ගේ් හිස ඇඳ කකුළේ වැදී මහත් වේදනාවක් දැනිණි. රංජනී වේදනාවෙන් අඬන්නට වූවාය. ජයසේන නැඟිට විදුලි පහන දැල්වූයේ ය. කවුදෝ ගෙය පිටුපස දුවන හඬ ඇසේ. ජයසේන සාලයට ගොස් බලයි. එහෙත් ජනේලය වසා ඇත. එය ඇතුළතින් සොයිබ දමා වසා ඇත.

    ජයසේන දැක ඇත්තේ සිහිනයකි. ඔහු මෙතෙක් මිරිකා ගෙන නියපොතු ගසා ඇත්තේ රංජනීගේ බෙල්ලය. ඇය වේදනාවෙන් හැඬුවාය. ඇගේ බෙල්ල ඉදිමී ඇත.
    මෙතැන මොකක්දෝ ගුප්ත දෙයක් ඇතැයි ජයසේනට සිතිණි. ඔහු නිවසේ තිබූ තෙල් වර්ගයක් අත්ලට ගෙන බිරියගේ බෙල්ලේ උලා සාත්තු කළේය. රංජනී ජයසේන බදාගෙන ඉකිබිඳ හැඬුවාය.
    ”අනේ අපට මේ මොකක්ද වුණේ?” ඇය මිමිණුවාය.

    පසු දා නිවාඩු දැමූ ජයසේන රංජනී සමඟ මහ ගෙදරට ගියේය. මාසයක පමණ කාලයක් තිස්සේ මේ නිවසේ පවතින තත්ත්වය වැඩි හිටියන්ට හෙළිදරව් කළේය.
    මෙච්චර ආදරයෙන් සිටි පෙම්වත් යුවළකට සිදු වී ඇති අවුල ගැන කනගාටු වූ ඔවුහු ඔවුන් දන්නා දේවාලයකට මේ දෙදෙනා කැඳවාගෙන ගියහ.
    දේවාලයේ දී දේවගැතියා ප‍්‍රලය වූයේය. “තොපි දෙන්නා හොඳට කාල බීලා සතුටු වෙනවා. ඔය ගේ මගේ. උඹලගෙ නොවෙයි. වහාම පලයල්ලා යන්න. මගේ ගෙදර ඉන්න උඹලාට අයිතියක් නෑ.” ඔහු ආවිශ්ට ව කීවේය.
    ”අපි කුලිය ගෙවලානෙ ඉන්නේ. අපි නිකම් ඉන්නවායැ. සල්ලි දීලනෙ ඉන්නේ”යි රංජනීට කියැවිණි.

    ”තෝ මොකක්ද කීවෙ. තෝ මොකක්ද කීවේ. ගෑනියෙ තෝ කාටද සල්ලි දුන්නේ, මටද? තොපි සල්ලි දුන්නේ මගේ පුතාට. අමරපාලට. උගේ නොවෙයි බොල මේ ගේ මගේ.
    අමරපාලයා මේ ගේ හදන්න එක සත පහක් වියදම් කරලා නෑ. මගේ ගෙදර මට නිදහසේ ඉන්න ඕනෑ. තොපි දෙන්නා පිටවෙලා පලයව්. ඊයේ මං තෝව බිලිගන්නයි හැදුවේ. ඒත් බැරිවුණා.
    තොගේ වෙලාව හොඳයි. ඒකයි උඹ බේරුණේ. මං තොපිට යහතින් ඉන්න දෙන්නේ නෑ. හිටපිය මං තොපිට කරන වැඩේ බලාපල්ලා”යැයි තර්ජනය කළේය.
    දේවාලයේ සිට ආපසු එන අතර මේ දෙදෙනා ගලිගමුවේ ඤාණදීප හිමියන් හමුවෙන්නට ගියහ. උන්වහන්සේ මුණගැසී තමන්ට සිදු වී ඇති විපත හෙළිදරව් කළහ.

    ”මේ දෙන්නා උදේ හවස බුදුන් වඳිනවද?”
    ”නැහැ හාමුදුරුවනේ!”
    ”අනේ! හොඳයි. බෞද්ධයොනෙ. කාල බීල ශරීරයටම සාත්තු සප්පායම් කරනවා මිසක් ආධ්‍යාත්මය ගැන හිතන්නේ නැහැ නේද? අද ම පටන්ගන්න. උදේ හවස තෙරුවන් වැඳ තුන් සූත‍්‍රය කියන්න. මෛතී‍්‍ර භාවනාව වඩන්න.
    තමන්හට මෛතී‍්‍රකර, සියලු සත්ත්වයාට මෛතී‍්‍ර කරන්න. ඊට පස්සේ මේ ගෙදර ඉන්න අමනුස්සයාට ශබ්ද නඟා පින් අනුමෝදන් කර ඔහුටත් මෛතී‍්‍ර කරන්න.
    “මේ ගෙදරට මේ ඉඩමට අයිති අමනුස්සයෙක් ඉන්නවා නම් මේ පිං අරගෙන සුවපත් වේවා. අපට මේ ගෙට ආසාවක් නෑ. අපි ඉක්මනින් මෙතැනින් යනවා. ඔබම මේ ගෙයි ඉන්න.” කියා හඬ නඟා පවසන ලෙස උපදෙස් දුන්හ.
    මේ දෙදෙනා ඒ වත් පිළිවෙත් ටික ඉටු කොට සතියක් ගත වීය. කිසි කරදරයක් නැත. තමන් වූ පොරොන්දුව අනුව ඉක්මනින් ම වෙනත් නිවසක් සොයාගෙන පදිංචිය වෙනස් කළහ.
    දැන් කිසි කරදරයක් නැතිව ජයසේනත් රංජනීත් සතුටින් කල්ගෙවති. උදේ හවස මල් පහන් පුදා තෙරුවන් වඳිති. දන්පින් කරති. දැන් රංජනී මවක වීමට ද සූදානමින් සිටී.
    අනුන් හැදූ ගෙවල්වල කුලියට පදිංචි වන උදවිය ප‍්‍රවේශමෙන් හා නුවණින් කටයුතු කළ යුතුය. අනුන්ගේ බලාපොරොත්තු හා සැලසුම් අනුව, අනුන්ගේ නැකැත්වලට අනුව හැදූ ගෙවල්වල වෙනත් අය පදිංචිව සිටින සමහර උදවියට මෙවැනි ප‍්‍රශ්න මතුවෙයි.

    අපේ මුදල් ගනුදෙනු ඔප්පු තිරප්පු භූතයනට වලංගු නැත.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මළවුන් ගෙන්වා ශාස්ත‍්‍ර කියන ස්ථාන මෙකල ඉතා ජනප‍්‍රිය වී ඇත.
    “අනේ, බලාගෙන හිටියා වගේ කීවා. ඒ කටහඩින් ම කීවා. ජීවත්ව ඉන්දැද්දි වගේ ම බෙල්ල වම් පැත්තට ඇල කරගෙන ඉතින් කොහොමද අම්මේ! ලොකු නංගි තවම පිටරට නේද? කියලත් ඇහුවා” යි කියති.
    තවත් ස්ථානවල අහන දෙයට පිළිතුරු දෙන්නේ අකුරු ලියා උත්තරය ලිවීමෙනි. මෙවැනි ස්ථානවලට යන බොහෝ දෙනකු නුවණින් කටයුතු නොකිරීම නිසා අමාරුවේ වැටෙන අවස්ථා ද නැතුවා නොවේ.
    මෙසේ නිවැරැදිව පිළිතුරු දෙන්නේ කෙසේදැයි නුවණින් විමසා බැලිය යුතු ය.

    මෙසේ මළවුන් ගෙන්වා ශාස්ත‍්‍ර කියන ස්ථානවල අපේ මිය ගිය ඥාතියා පැමිණ පේන කාරියගේ සිරුරට ආවිශ්ට වෙනවද? එසේ අනුන්ගේ සිරුරකට ඇතුළු වීමට අපේ මිය ගිය ඥාතියාට ශක්තිය තිබේද? අවසර තිබේද? මියගිය ඥාතියා දේවාත්මයක සිටී නම් මේ කිළිටි දහදිය දමන සිරුරකට ඇතුළුවේ ද? එසේ නැතහොත් ශාස්ත‍්‍රකරුට හෝ පේන කාරියට බැඳී සිටින, උදව් කරන ඔහු ගේ හෝ ඇගේ ඥාති භූතයා තමන්ගේ සන්නිවේදන හැකියාවන්ගෙන් අපේ මිය ගිය ඥාතියා සමඟ සම්බන්ධ වී ඒ තොරතුරු ප‍්‍රකාශ කරනවා විය හැකි ය.
    භූතයන්ගේ ඉක්මන් සන්නිවේදන හැකියාව ප‍්‍රබල ය. එසේ ම ශාස්ත‍්‍ර පොළේ භූතයා ශාස්ත‍්‍ර අහන්නා සමඟ පැමිණ සිටින භූතයන් මගින් හෝ ශාස්ත‍්‍ර අසන්නාගේ නිවස ආශ‍්‍රිතව සිටින භූතයන් ගෙන් තොරතුරු ලබා ගෙන නිවැරදි තොරතුරු කියනවා විය හැකි ය.
    මළවුන් ගෙන්වා ශාස්ත‍්‍ර කියන තැන් වල “අකුරු හතරක නමක් නේද? අකුරු පහක නමක් නේදැයි කියනවා මිස මිය ගිය ඥාතියාගේ නම පැහැදිලිව නොකියති.

    එසේම භූත ලෑල්ලේ ලියා පිළිතුරු දෙන ස්ථානවල මිය ගිය ඥාතියා ගේ නම, ගම, නෑකම, ශාස්ත‍්‍රය අහන ඥාතියාගේ නම, නෑකම හා පවුලේ සියලු තොරතුරු නිවැරැදිව ලියා පෙන්වති.
    එයින් පසු තමන් ගිය කාරණය පවා ලියා පෙන්වති. ඒ ප‍්‍රශ්නය විසඳ්‍ර ගැනීමට දෙන පිළිවෙත්වලින් ප‍්‍රශ්නය විසඳේ ද? එතැන ගැටලුවකි.
    මගේ මිත‍්‍රයෙක් තමන් ගේ වාහනය නැති වී එවැනි මළවුන් ගෙන්වන ස්ථානයකට ගියේ ය. පුද පඬුරු තබා තමන්ගේ මිය ගිය බිරිය ගෙන්වූයේ ය.
    බිරියගේ නම, ඇය මිය ගිය රෝගය, පවුලේ අයගේ විස්තර, මගේ මිත‍්‍රයාගේ නම, වාහනය සොරු ගෙන යෑම පිළිබඳ විස්තර නිවැරැදිව ලීවේය.
    වාහනය සොයාගත හැකි දැයි ඇසූ විට එම වාහනය ආපසු නොලැබෙන බවත්, දැනට එය සොරුන් විසින් උතුරේ ත‍්‍රස්තවාදීන්ට විකුණන ලදුව කෑලි ගලවා වෙන් කොට ඇති බවත් ලියා පෙන්වීය.
    එහෙත් ඊට මාස දෙකකට පමණ පසු කොළඹ ප‍්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී පොලිසිය විසින් වාහනය සොයාගනු ලැබීය. ශාස්ත‍්‍රයේ අග කොටස වැරැදිය.
    අපේ ගෙවල්වල පවතින ලෙඩ දුක් කරදර ඒ ගෙවල් ආශ‍්‍රිතව සිටින භූතයෝ අපට වඩා හොඳින් දනිති.
    අප ශාස්ත‍්‍ර පොළට ගොස් ශාස්ත‍්‍රකරුගෙන් මේ අපල උපද්‍රව පිළිබඳ නොකියා අහන විට ශාස්ත‍්‍රකරුට ආවිශ්ට වන භූතයා අපේ ගෙවල්වල සිටින භූතයන්ගෙන් අසා පිළිතුරු දෙයි.
    ශාස්ත‍්‍ර පොළේ සිටින භූතයා වඩා බලවත් එකෙක් නම් ඔහු අපේ ගෙවල්වල සිටින භූතයෙක් අල්ලා ගෙන ඇවිත් ඔහු ලවාම කතා කරවයි.
    අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ විසි හය හැවිරිදි තරුණ හමුදා සොල්දාදුවෙක් උතුරේ යුද මෙහෙයුමක දී අතුරුදන් විය.
    මිය ගිය බව හිතන්නට පවුලේ අයට සිත් දුන්නේ නැත. ඔව්හු බෝධි පූජා පවත්වමින් ඔහුට සෙත් පැතූහ.

    කාලය ඉක්ම යෑමත් සමඟ හමුදා සෙබළුන්ගේ මරණ ලැයිස්තුවට ඔහු ගේ නම ද එක් විය. පවුලේ අයට ද ඔහු මැරුණු බව එත්තු ගියේ ය. හමුදාවේ ආධාර උපකාර ලැබුණේ ය. මේ හමුදා භටයාගේ මව සහ පවුලේ කිහිප දෙනෙක් මළවුන් ගෙන්වන ස්ථානයකට ගොස් ශාස්ත‍්‍රය ඇසූහ.
    “අනේ! අම්මේ! අම්මා මා බලන්න ආවාද? අම්මා දුක් වෙන්න එපා අම්මේ මේක මගේ පූර්ව පාප කර්මයක විපාකයක්. ඒ වුණත් රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම ගැන අම්මා ආඩම්බර වෙන්න.
    අම්මලා සාංඝික දාන දී අනුමෝදන් කළ පින් මට ලැබුණා. නංගිටත් රට රස්සාව දැන් කරදරයි නේද අම්මේ. නංගි ආපහු ගෙන්නවා ගන්න. නංගිට දුක් විඳින්න දෙන්න එපා.
    පොඩි මල්ලි දැන් මොකද කරන්නේ අම්මේ. එයා විභාගෙන් පේල් වුණා නේද? ඉතින් අම්මේ මම මැරුණේ සතුරාගේ වෙඩි පහරින් නොවෙයි. වෙඩි පහර වැදී මාව වැටුණා.
    මා වැටුණු තැනට ඊට පස්සෙ බෝම්බයක් වැටුණා. අන්න ඒ බෝම්බයෙන් තමයි මගේ ශරීරය කෑලි කෑලිවලට විනාශ වුණේ. දැන් ගිය දේ ගියා අම්මේ! මට පින් දෙන්න.
    මට පින් ඕනෑ. අපේ හමුදාවෙන් මුදල් ලැබුණානෙ. මගෙ පඩියත් ලැබෙනවානෙ. ඒවයෙන් තව සාංඝික දානයක් දී මට පින් දෙන්න අම්මේ” යි කීවේය.
    තම පුතා පැමිණ කතා කිරීමත් නංගිට රට රැකියාවේ තියෙන කරදරත්, මල්ලී විභාගයෙන් අසමත් වීමත් පවා නිවැරැදිව පැවසීම නිසා මෑණියෝ ශාස්ත‍්‍ර පොළේ දීම හඬා වැළපුණා ය.
    මේ ශාස්ත‍්‍රයෙන් සත්‍ය ප‍්‍රකාශවීමත් සමඟ මේ හමුදා භටයා ජීවතුන් අතර නැති බව ඥාතීහු ස්ථිරවම පිළිගත්හ. නැවතත් දානයක් දී පින් අනුමෝදන් කළහ. බස් නැවතුම් පොළක ආවරණයක් ද ඉදි කොට රට දැය වෙනුවෙන් දිවි පිදූ අසවල් හමුදා සෙබළාට පිං පිණිස යැයි ඔහුගේ ඡායාරූපය ද යොදා සකස් කළහ.

    ඒ සමඟම මළවුන් ගෙන්වන තැන දී උපදෙස් දුන් පරිදි රට රැකියාවේ යෙදුණු ඔහු ගේ සහෝදරිය ද ආපසු දිවයිනට ගෙන්වා ගත්හ. ඊට අමතරව ආබාධිත සෙබළකුට කෘති‍්‍රම පාදයක් ද පරිත්‍යාග කළහ.
    එහෙත් ඊට හය මාසයකට පසු එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවෙන් නිදහස් කළ සෙබළුන් දස දෙනකු අතරින් එක් අයකු ලෙස මේ අවිස්සාවේල්ලේ සෙබළා ද නිදහස් වී ගෙදර ආවේය.
    මළවුන් ගෙන්වන ස්ථානවල කි‍්‍රයාත්මක වන ශාස්ත‍්‍රකරුගේ ඥාති භූතයා බලවත් කෙනෙක් නම් ශාස්ත‍්‍ර අහන්නට එන පවුලේ අයගේ සිත් දිහා බලා ඒ තොරතුරු ගැන කියන්නට පුළුවන.
    අනුන්ගේ සිත්වල තිබෙන දේ කියන්නට සමහර බලගතු අමනුෂ්‍යයනට හැකියාව ඇත. එය ඒ ආත්ම භාවයේ ස්වභාවික ශක්තියකි.
    එසේ ම ශාස්ත‍්‍ර අහන්නට එන අය “අපි මේ වගේ ගමනක් යනවා” ය කියන විටම ඒ ගෙදර සිටින භූතයෝ ද එම ගමනට එක්වෙති. ශාස්ත‍්‍ර පොළේ භූතයා ඔවුන් ඇසුරු කිරීමෙන් ද තොරතුරු ලබාගනී.
    තමන් ගේ පවුලේ ඥාතියකුට උදව් කිරීමක් වශයෙන් ආදායමක් ලබාදීමට සමහර මිය ගිය ඥාතීහු කටයුතු කරති.
    මිය ගිය ඥාතියා තමන් අමනුස්සයෙකු බව කියන්නට කැමැති නැත. මේ අතර ඔහුගෙන් උදව් ලබන ඥාතියා හිතන්නේ මේ දෙවියන් දෙන වරමක් ලෙස ය. ඒ නිසා ම අසවල් දෙවියන් ගේ වරමින්, අසවල් දේව මෑණියන්ගේ වරමින් ශාස්ත‍්‍ර කියන බව ප‍්‍රසිද්ධ කරති.
    එසේ ම සමහර ඥාති භූතයෝ මෙසේ උදව් කර, ස්වකීය ඥාතියා දන් පින් හි යොදවා පින් අනුමෝදන් වී තම ආත්මභවය දියුණු කැර ගනිති. සමහරු භූත ආත්මයෙන් දියුණු වී දේවාත්ම තත්ත්වයක් ලබා උසස් වී යති.
    එවැනි තත්ත්වයකට පත්වූ විට බොරු කියන්නේ ද නැත. ඒ ඥාති භූතයා නික්ම යන විට එතැන ඊළඟට සිටි භූතයෝ ශාස්ත‍්‍රකරුගේ සිරුරට රිංගා ගනී. ඊළඟට ඔහු බොරු කියන්නට පටන් ගනී.
    දුර්වල භූතයකු ගේ සහයෝගයෙන් ශාස්ත‍්‍ර කියන විට ශාස්ත‍්‍ර අහන පුද්ගලයා නගන ප‍්‍රශ්නවලට භූතයාට උත්තර දී ගන්න බැරිව මග හරින විට පේන කරු ජාම බේරා ගන්න බොරු ගොතා කියන අවස්ථා ද ඇත.
    එසේ ම ශාස්ත‍්‍ර පොළවල කි‍්‍රයාත්මක වන භූතයා ශාස්ත‍්‍ර අහන්න එන පුද්ගලයන්ගේ ශක්තිය අනුව දිය ගොඩ මස්, කුකුළු බිලි, කුකුළු ලේ, බිත්තර බැදුම්, අමු බිත්තර, පුළුටු සහිත පුද පූජා ඉල්ලයි.
    එසේ ලැබුණු විට ඒ භූතයා තමන්ගේ ඇසුරේ සිටින අනිකුත් භූතයන් සමඟ භූත සාද පවත්වයි. ඒ භූතයන්ගේ සිරිතකි.

    ඒ නිසා ගුප්ත විද්‍යාවන්ගෙන් ප‍්‍රයෝජන ගන්නා ශාස්ත‍්‍ර කියන්නෝ ද ශාස්ත‍්‍ර අසන්නෝ ද දෙවියන්ගේ හා අමනුස්සයන්ගේ සැබෑ තත්ත්වය යම් තරමකින් වටහා නොගෙන කටයුතු නොකළහොත් එය නිශ්ඵල කි‍්‍රයාවක් වෙනවා පමණක් නොව නැති කරදර ඇති කැර ගන්නා වූ විහින් අමාරුවේ වැටීමක් සිදුවෙයි.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රිච්මන්ඩ් විද්‍යාලයයේ හොල්මන් කතා

    විද්‍යාලයට ප‍්‍රධාන ඝංඨාරය ලැබුණු හැටි

    එවකට විදුහල්පතිව සිටි ලන්ඩන් දේවගැති තුමා ගිලුන නැවක සිට ඝංඨාරයක් වෙරළට ගසා ගෙන එන බව සිහි‍නෙන් දැක ඇත. පසු දා උදෑසන අවදි වු සැනින් ඒ බව සෙවීමට ගොස් ඇති අතර, සැබවින්ම මුහුදේ පාවෙමින් තිබූ ඝංඨාරය දැක එය රැගෙන විත් විද්‍යාලයේ කදුමුදුනේ කුළුණක් සාදවා එහි සවි කරන ලදි. අදටත් විද්‍යාලයේ ප්‍රධාන ඝංඨාරය ලෙස භාවිතයට ගනු ලබන්නේ එයයි.
    ප්‍රධාන නේවාසිකාගාරයේ හොල්මන්

    ප්‍රධාන නේවාසිකාගාරයේ ප්‍රධාන පාලකයෙක් ලෙස සුප්‍රසිද්ධ නිශේධ වාදියෙකු වූ ඒබ්‍රහම් ටී. කොවුර් මහතා සේවය කර ඇත. එකල මෙහි හොල්මන් තිබූ බවට වූ මතයන් ප්‍රතික්ෂේප කිරීමට එතුමා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළ බව පැවසේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බූතයන් කරදර කිරීම, වශී ගුරුකම්, අන වින, කොඩි &

    බූතයන් කරදර කිරීම, වශී ගුරුකම්, අන වින, කොඩි වින පිලිබඳ මගේ අදහස.

    මේක ටිකක දිගට ලියන්න වෙන එකක්. ඔය කාට හරි හිතුනේ නැද්ද ඉහත සදහන් විපත් අපි මේ කතා කරන බූත සීන්, එක විදියටම ජීවත් උනත් පිරිසකට බල පානවා, තවත් පිරිසකට බල පාන්නේ නැහැ, ඒ ඇයි කියල හිතුනේ නැද්ද......!

    ඒකට උත්තරේ මම මෙහෙම පටන් ගන්නන්. අපි මේ සංසාරේ කොච්ච‍ර දුරක් එන්න ඇතිද කියල හිතුවොත්, අපි කවුරුත් විශ්වාස කරන්න බැරි තරම් කල්ප කාලාන්තරයක් මේ විදියට සංසාරේ ඇවිත් ඉන්නවා. මතකද මහා බ්‍රහ්මය බුදු හාමුදුරුවන්ගෙන් අහනවා, මම කොච්චර කාලයක් ආපස්සට හිතුවත් මම කොහොමද මේ ගමන එන්නේ කියල පටන් ගැන්මක් පෙන්නේ නැහැ, ඒ කාලය ඒ තරම් දුරයි, මමද ස්වාමීනි මේ ලෝකේ මැව්වේ කියල (මේ කතාව තියෙන ත්‍රිපිටක සූත්‍රය මම පස්සේ දාන්නන්). මම මේ කතාව කෙටියෙන් කිව්වේ අපේ ආරම්භය එච්චර ඈත කියල තේරුම් කරන්න පොඩි උදාහරණයක් විදියට.

    ඔයාලගේ ගෙදර ඉන්න බල්ලා, පූසා, නැත්නං අපි අද උදේ මගදී දැක්ක මනුස්සයෙක්, මේ ආපු සංසාරේ අපේ අම්ම, තාත්ත. අයිය අක්ක නංගි මල්ලි දුව පුතා වෙලා ඇති ඕනේ තරං. එච්චරට මේ සංසාරේ දුරයි. (මේ සංසාරේ අපි විදපු දුක්, බෙල්ල කැපිච්ච වාර ගණන, වතුරේ ගිලිලා මැරිච්ච වාර ගණන, පෙරේතයෝ යක්කු වෙලා හිටපු හැටි, අපා ගත වෙලා හිටපු කල්ප ගණන etc. අපි හරියටම දන්නවනං අපි මේ මොහොතේම අපේ ගෙවල් දොරවල්, අම්ම තාත්ත, දරුවෝ ඇත හැරලා නිවන හොයාගෙන එලියට බහිනවා අනිවාර්යයෙන්ම). එහෙම නොකරන්නේ, ඒක එහෙමයි කියල හිතුවට හරියටම බොක්කට නොවැදිච්ච නිසා.

    හිතන්න, ඉපදිච්ච කල්ප කාලාන්තරේදී අපි කී දෙනෙකුට කරදර, වංචා, කරලා ඇතිද, කී දෙනෙක්ව මරල ඇතිද, පවුල් කීයක් කඩලා ඇතිද, කෙල්ලෝ - කොල්ලෝ කීයක් රවටල ඇතිද, කී දෙනෙක්ට හූනියන් කරලා ඇතිද (හිතන්න එපා මම මේ වැරදීම කියනවා කියල, හොඳ කරපුවට හොඳ හම්බෙලා ඇති අනිවාර්යෙන්ම, හැබැයි මේ වෙලාවේ කතා කරන මාර්තුකාව අනුව වැරදි ගැන විතරයි කතා කරන්න වෙන්නේ.) ඉතින් මේ කරපු පව් අපිට නරක වෙලාව ආවම පටිසන් දෙනවා.

    මම උදාහරණයකින් පැහැදිලි කරන්නන්.

    x කියන කොල්ල y z කියන කෙල්ලෝ දෙන්නට වශී ගුරුකම් දෙකක් කරනවා උන් දෙන්න එක්කම යාලු වෙලා පොඩි සැපක් ගන්න හිතාගෙන. y කෙල්ල මේකට අහු වෙලා x එක්ක යාලු වෙනව. හැබැයි z ට මේක වෙන්නේ නැහැ. ඒ ඇයි. ඒක දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි, y මේ අනන්ත සන්සාරේදී මේ x වම හරි එහෙම නැත්තන් වෙනත් කෙනෙක්ව හරි මේ විදියටම රවට්ටලා අමාරුවේ දාල තියෙනව, සහ වැදගත්ම දේ, ඒ කරපු පව් පලදෙන කාලෙක තමයි x අර ගුරුකම කලෙත්. ඉතින් අහු උනා වැඩේට. හැබැයි z එක්කෝ ඒ ජාතියේ පව් කරලා නැහැ, එහෙම නැත්තන් කරපුව පලදීල ඉවරයි, එහෙමත් නැත්තන් එහෙම පව් කරලා තිබුනත් ඒක පල දෙන කාලේ නෙමෙයි මේ z ගේ.

    ඔන්න ඕක තමයි මන්තර ගුරුකම් වලට ගොදුරු වීමේ හේතුව. කෙනෙක්ට වැඩෙන හූනියම තවත් කෙනෙකුට නොවැදෙන්න හේතුව.
    ඒක නිසා හැම වෙලේම උත්සාහ ගන්න, තමන්ට කරදර කරන අයට මෛත්‍රී කරන්න, කිසිම වෙලාවක එක‍ට එක කරන්න යන්න එපා.

    කෙනෙක් ඔයාලට ගින්දර ගහනවා නං, ඔයාලත් ඒකට ගින්දර ගහන්න ගිහින් එතන ගිනි ජාලාවක් කර ගන්න එපා. ඔයාල ඒ ගින්නට වතුර ගහන්න. හැම කරදර කාරයටම පුළුවන් හැම වෙලේම, මෛත්රියෙන්ම පිළිතුරු දෙන්න, (මන් කලින් මේ සම්බන්දව පොතක ලින්ක් එකකුත් දැම්ම).

    යන්තර මන්තර විතරක් නෙමෙයි, ලෙඩ රෝග, වෙන වෙන දුක් පීඩා ගොඩකට හේතුව මේකම තමයි. අනන්ත සංසාරේ අනිත් සත්වයන්ට අපි කරපු කරදර.

    (මට මේකට රෙප්ස් ඕනේ නැහැ, කට්ටිය කියවල තේරෙන්නේ නැති තැනක් තියෙනව නං අහන්න)
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මේක ටිකක දිගට ලියන්න වෙන එකක්. ඔය කාට හරි හිතුනේ නැද්ද ඉහත සදහන් විපත් අපි මේ කතා කරන බූත සීන්, එක විදියටම ජීවත් උනත් පිරිසකට බල පානවා, තවත් පිරිසකට බල පාන්නේ නැහැ, ඒ ඇයි කියල හිතුනේ නැද්ද......!

    You are 100% correct and make sense bro.:yes::yes::yes::D:D


    මගේ සීයා ගමේ ආරච්චි . සීයාට ගොඩක් හතුරෝ හිටියා. දවසක් දා සීයා ගේ පුතෙක් පිස්සුවෙන් වගේ කෑගහනවා.:dull::dull: දොස්තර කෙනෙක් ලඟට අරන් ගියත් කිසි සනීපයක් නෑ. :rolleyes::rolleyes:

    ටිකක් හොයල බලන කොට කවුදෝ ගෙදර මිදුලට කොඩිවිනයක් දාලා.
    ඒක සීයාට පාගෙන්න දාලා තියෙන්නේ. ඒත් ඒක පෑගිලා තියෙන්නේ සීයාගේ පුතාට. සීයාගේ කුසල ශක්තිය නිසා සීයාට පෑගිලා නෑ . :):)
     
    Last edited:

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මෙක උනෙ කුරුනෙගල කිට්ටුව නර්ස් නොනා කෙනෙ&#3482

    මෙක උනෙ කුරුනෙගල කිට්ටුව නර්ස් නොනා කෙනෙකුට.

    එන්න එන්නම ප්‍රස්න ගොඩක් ආවා. කෙට්ටු උනා. තිබුන ශක්තිය එහෙම්ම නැති උනා වගෙ උනා.
    මෙකට එයාල ගොඩක් දෙවල් කරලා. තාවකාලික සුවයක් තිබුනත් වැඩි කල් යන්න කලින් පරන තත්වෙටම වැටෙනවාලු.:eek::eek::shocked::shocked::growl:

    කොහොම හරි අධ්‍යාත්මක ව ලෙඩ උව කරන තැනකට ගිහින්. :yes::yes:

    එතනදි මෙ නර්ස් නොනා ප්‍රලය වෙලා කතා කරන්න පටන් අරගෙන.

    වෙච්චි දෙ කෙටියෙන් කියන්නම්( රසය නම් අඩු වෙයි, දිගටම කොටන්නත් බැ දැන් ):(:(:(

    එ වෙනකොට එ සරීරයට රින්ගාගෙන තිබුනෙ එයා සාත්තු කරපු රොගියෙක්. අන්තිම දවස් වල අර රොගියාට සලකපු විදිහටයි. එයා ගැනයි ආසවක් ඇති වෙලා. එ ආසාවෙන්ම මැරිලා අර උදව් කරපු මනුස්සයාගෙ ඇඟටම රින්ගාගෙන.:growl::growl::growl:
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    පුතා හිටියෙ චීත්තයකුත් ඇදගෙන

    මේක උනෙ පේ*** කියන ගමෙ.
    වෙච්චි සන්වාද එහෙම්ම ම දාන්නම්. නම් ගම් මනඃකල්පිතයි.:growl::growl::growl:

    සුනිල් අවෘදු ගානක් පිටරට ක වැඩ කරල ලන්කාවට ආපු දවසෙම මල්ලිගෙ මොටර් බයික් එකෙන් ගමෙ හිටිය නෑදැයො බලන්න ගියා.ඔය ගමෙ මෙ කියන කාල වකවානුවෙ බොහොම ගුප්ත බවක් තියෙනවා. පාලුවට ගිය තැන් ගොඩයි. දිය පහරත් අමුතුම හැඟීමක් ඇතිකරනවා.(ඒකත් එක්ක බැදුන කතාත් ගොඩයි) මෙහෙම බයිසිකලෙ ගිය සුනිල් ආපහු එනකොට රාත්‍රි 8.30 / 9 විතර වෙලා.
    :shocked::shocked::shocked:
    එ එනකොට වීසින්හ ආච්චි උදැල්ලකුත් අරගෙන පයින් එනවලු.කාත් එක්කත් හොදට කතා කරල ඉන්න සුනිල් බයික් එක නවත්තලා කතා කරල. වෙනදට හොදට හිනා වෙලා කතා කරන වීසින්හ ආච්චි කතා කරන්නෙ අහක බලාගෙන කියල සුනිල්ට හිතුනත් එ ගැන වැඩිය හිතල නැ. :oo::oo::oo:

    "කලුවරෙ තනියම යන්න ඕනෙ නැ ආච්චි යමු මාත් එක්ක" බයික් එකට නග්ගාගෙන ඇවිත්. එ ආච්චිලාගෙ ගෙදරට කලින් එයාලගෙ වත්තක් තියෙනවා.ඔය වත්ත පටන් ගන්න තැන ලොකු සියඹලා ගහක් එහෙමත් තියෙනවා. එ හරිය හරිම අදුරුයි.:shocked::shocked::shocked:
    "පුතෙ මාව මෙතනිඉන් බස්සලා යන්න " කියල ආච්චි කියලා.
    "ඒත් ආච්චි මෙතන ඉදලත් සැහෙන්න පයින් යන්න එපායෙ"
    "පුතෙ මට වත්තට යන්න ඕනෙ"

    කොහොම හරි එතනින් බැහැගෙන.

    සුනිල් ගෙදරට ගිහින් ගෙදර කට්ටියට
    "අම්මෙ වීසින්හ ආච්චිට පිඋද මන්දා, මෙ රැ උදැල්ලකුත් අරගෙන වෙලට යන්න" කියනකොට ගෙදර හිටිය අය ඔලුවෙ අතගහගෙන.:growl::growl::growl::growl:

    ඔය කියපු ආච්චි මැඉලා එ වෙනකොට අවෘද්දක් ගිහින්. එයා බැඅහැපු තැන(වත්තෙ කෙලවර ) තම භූමිදානය කරල තියෙන්නෙ.

    මේක දැනගත්තට පස්සෙ සුනිල්ට හොදටම උන අරගෙන. විකාරයක් වෙලා.
    මේ දෙ වෙලා දැන් අවෘදු 10ක් 12ක් වෙනවා.

    මෙ වෙනකොත් විටින් විටෙ එයාගෙ දරුවො මාරුවෙන් මාරුවට් පිස්සු නටනවා. අන්තිමට වැහුනෙ පොඩි පුතාට.එ වෙලාවෙ පුතා හිටියෙ චීත්තයකුත් ඇදගෙන.
    හූ................. හූ...................... හූ..................
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන් ල මේ කතා ටික බැලුවට පස්සේ මටත් ජීවිතේ මූන දීපු මේ වගේ සීන් දෙකක් ගැන කියන්න හිතුනා.එකක් ජෝක් සීන් එකක්.අනික නම් මචන් සිරාම සීන් එකක්.උබල විශ්වාස කරනව නම් විශ්වාස කරපන් නැත් නම් ඒත් විශ්වාස කරපන්.මුලින්ම ජෝක් සීන් එක කියලා මේ නූලට මුල පුරන්නම්.හැබැයි සරළයි සුන්දරයි.චුට්ටි කතාවක්.
    මුලින්ම කියන්න ඕනේ මේ සිදිදිය උනේ කාළෙකට ඉහත (2010) විතර මගේ යාලුවෙක් ගෙ ගෙදර.හෝමගම පැත්තෙ.ඉතින් මේ මගේ යලුවගේ නම රසික.මූ මගේ බොක්කක්.මුන්ගේ අම්මල තාත්තලා අයියල හෙන ආගම් කාරයෝ.පන්සලේමයි.මමත් ඉස්සර ක්ලාස් කට් කරලා,ගෙදර පාඩුවේ ඉන්න වෙලාවට ඉතින් මුන්ගේ ගෙදරම තමයි.දවසක් එහෙ ඉද්දි එහෙට ආව ඇන්ටි කෙනෙක්.පස්සෙ තමයි මම දන්නේ මේ දේව ආරූඩයෙන් ආරක්ෂා අනම් මනම් කරන කෙනෙක් කියල.කතා බහෙන් නම් මට එච්චර ඇල්ලුවෙ නෑ.එත් උන්ට හොද නම් මට මොකෝ.මම අහුවා රසිකයගෙන් උබලගේ මොනව ආරක්ෂා කරන්නද ඒ ඇන්ටි ඇවිත් ඉන්නේ කියල.අරූ ඉතින් හෙන පණ්ඩිතයා.හා හා එයා ඇන්ටි නෙමෙයි දේව මෑණියෝ ලු.මට ඉතින් කියන්න හිතුනා.කමක් නෑ.ඔන්න දැන් මුන්ගේ ගේ ආරක්ෂා කරන්නලු ඇවිත් තියෙන්නේ.කට්ටිය කතා වේලා දිනේකුත් දා ගත්තා.මූ දැන් මටත් එන්නලු සීන් එක දවසට.මට තනියම එන්ටර් වෙන්න බැරි නිස මම අපේ තවත් යාලුවෙක් සෙට් කරන් ගිය වැඩෙට.උන්ගේ ගෙදර පහල අයියා කෙනෙකුත් අපිත් එක්ක සෙට් වෙලා අපි තුන්දෙනා එලියට වෙලා හොල්මන් කතා කිය කියා හිටියා.අරු ඉතින් සිය පවුලත් එක්ක මන්තර ජප කරනව අහනවා.ඔන්න දැන් අපෙන් හෙල්ප් එක ඕන වෙලාව ආවා.මොනාද මන්දා මුට්ටි වගයක් ගේ හතර කොනේ වල දැම්මා. ගේ ඇතුලෙත් මුට්ටි එල්ලනවා කියල අහල තිබුනත් මේ ආපු ඇන්ටි එල්ලුවේ තඩි පොල් ගෙඩි.දැක්කමයි මම ගේ ඇතුලෙ පොල් එල්ලනවා.කුරුණෑගල පැත්තේ ගෙයක් වගේ. හී හී.ඔන්න දැන් තමයි රසබර හරිය.ඔන්න මේ ගෑනී.(ගෑනි කිව්වේ දේව මෑනියෝ) පන්දමකුත් අරන් ගේ වටේ යනවා.මගේ යාලුවා රසික දුම්මල ගොට්ට අරන් දේව මෑනි පස්සෙන් යනවා.හොදටම ආවේස වෙලා.මොනව කියනවද කියල මුකුත් තේරෙන්නේ නෑ.අපිට මොකෑ.ඔන්න දැන් ගේ පිටිපස්සේ පැත්තේ හරියෙන් යන්නේ.මුන්ගේ ගේ පිටිපස්සේ වැල ගහක් තිබ්බා.අම්බානෙක වැල වටෙනවා.මෙලෝ රහක් නෑ.තඩි සයිම් මෑස්සෝ නිකන් මාළු මර්කට් එක වගේ.ඔන්න දේව මෑනියෝ පන්ද්මත් අරන් වැල ගහ යටින් යන ගමන් වැටිච්ච වැල ගෙඩියක් පෑගිල පත කබරයා පොලවේ ගැහුවා වගේ ඇදන් වැටුනා.වැටුනා විතරයි අර අතේ තිබ්බ පන්දම උඩ ගිහින් එයාගේ ඇගටම වැටුනා.මුකුත් නෑ වැටෙද්දිම අම්මට හු*&^%$# කියාගෙන වැටුනේ.අර පන්දම වැටුන විතරයි මෑණි කොහෙන් ගියාද නෑ.අර ආවේස ගතිය ඔක්කොම ඉවරයි.අනේ පුතේ අනේ පුතේ කොන්ද කොන්ද කියාගේන කොන්ද අල්ල ගත්තා.එහෙන්ම ගෙට උස්සන් ඇවිත් මෑනියන්ගේ ආරක්ෂාව අපි කලා.අරූගේ ගෙදර කට්ටියට පුල් අප්සට් එක.ඒ මදිවට අරූට වස ලැජ්ජාව ඌ මට දීපු පොර ටොක්ස් වලට.
    මමත් ඌ දිහා බළ බළ නක්කලේට හිනා වෙනවා.එතනින් ඒ ආරක්ශාවත් ඉවර උනා.මමයි මගේ යාලුවයි මහ රෑම ගෙවල් වල ගියා හිනා වෙවි.පුල් ෆන් එක.
    ඔන්න ඕකයි යාලුවනේ තත්වේ.හැබැයි මම ඊලට කියන්න යන්නේ සිරම සීන් එකක්.මොකද ඒ දේ මගේ ජිවිතේට බලපෑව ටිකක් විතර.දැන් නම් ශේප්...
    කතාව හොද නම් ඉතින් මොනව හරි කොරල යන්න.හැබැයි ඉතින් අනුන්ගේ නූලටකට පැනල ඒව ඉල්ලන එකත් හරි නෑ...අඩුම තරමේ කතාව හොදයි ද වත් කියල පලයල්ලා....