බූතයන් කරදර කිරීම, වශී ගුරුකම්, අන වින, කොඩි &
බූතයන් කරදර කිරීම, වශී ගුරුකම්, අන වින, කොඩි වින පිලිබඳ මගේ අදහස.
මේක ටිකක දිගට ලියන්න වෙන එකක්. ඔය කාට හරි හිතුනේ නැද්ද ඉහත සදහන් විපත් අපි මේ කතා කරන බූත සීන්, එක විදියටම ජීවත් උනත් පිරිසකට බල පානවා, තවත් පිරිසකට බල පාන්නේ නැහැ, ඒ ඇයි කියල හිතුනේ නැද්ද......!
ඒකට උත්තරේ මම මෙහෙම පටන් ගන්නන්. අපි මේ සංසාරේ කොච්චර දුරක් එන්න ඇතිද කියල හිතුවොත්, අපි කවුරුත් විශ්වාස කරන්න බැරි තරම් කල්ප කාලාන්තරයක් මේ විදියට සංසාරේ ඇවිත් ඉන්නවා. මතකද මහා බ්‍රහ්මය බුදු හාමුදුරුවන්ගෙන් අහනවා, මම කොච්චර කාලයක් ආපස්සට හිතුවත් මම කොහොමද මේ ගමන එන්නේ කියල පටන් ගැන්මක් පෙන්නේ නැහැ, ඒ කාලය ඒ තරම් දුරයි, මමද ස්වාමීනි මේ ලෝකේ මැව්වේ කියල (මේ කතාව තියෙන ත්‍රිපිටක සූත්‍රය මම පස්සේ දාන්නන්). මම මේ කතාව කෙටියෙන් කිව්වේ අපේ ආරම්භය එච්චර ඈත කියල තේරුම් කරන්න පොඩි උදාහරණයක් විදියට.
ඔයාලගේ ගෙදර ඉන්න බල්ලා, පූසා, නැත්නං අපි අද උදේ මගදී දැක්ක මනුස්සයෙක්, මේ ආපු සංසාරේ අපේ අම්ම, තාත්ත. අයිය අක්ක නංගි මල්ලි දුව පුතා වෙලා ඇති ඕනේ තරං. එච්චරට මේ සංසාරේ දුරයි. (මේ සංසාරේ අපි විදපු දුක්, බෙල්ල කැපිච්ච වාර ගණන, වතුරේ ගිලිලා මැරිච්ච වාර ගණන, පෙරේතයෝ යක්කු වෙලා හිටපු හැටි, අපා ගත වෙලා හිටපු කල්ප ගණන etc. අපි හරියටම දන්නවනං අපි මේ මොහොතේම අපේ ගෙවල් දොරවල්, අම්ම තාත්ත, දරුවෝ ඇත හැරලා නිවන හොයාගෙන එලියට බහිනවා අනිවාර්යයෙන්ම). එහෙම නොකරන්නේ, ඒක එහෙමයි කියල හිතුවට හරියටම බොක්කට නොවැදිච්ච නිසා.
හිතන්න, ඉපදිච්ච කල්ප කාලාන්තරේදී අපි කී දෙනෙකුට කරදර, වංචා, කරලා ඇතිද, කී දෙනෙක්ව මරල ඇතිද, පවුල් කීයක් කඩලා ඇතිද, කෙල්ලෝ - කොල්ලෝ කීයක් රවටල ඇතිද, කී දෙනෙක්ට හූනියන් කරලා ඇතිද (හිතන්න එපා මම මේ වැරදීම කියනවා කියල, හොඳ කරපුවට හොඳ හම්බෙලා ඇති අනිවාර්යෙන්ම, හැබැයි මේ වෙලාවේ කතා කරන මාර්තුකාව අනුව වැරදි ගැන විතරයි කතා කරන්න වෙන්නේ.) ඉතින් මේ කරපු පව් අපිට නරක වෙලාව ආවම පටිසන් දෙනවා.
මම උදාහරණයකින් පැහැදිලි කරන්නන්.
x කියන කොල්ල y z කියන කෙල්ලෝ දෙන්නට වශී ගුරුකම් දෙකක් කරනවා උන් දෙන්න එක්කම යාලු වෙලා පොඩි සැපක් ගන්න හිතාගෙන. y කෙල්ල මේකට අහු වෙලා x එක්ක යාලු වෙනව. හැබැයි z ට මේක වෙන්නේ නැහැ. ඒ ඇයි. ඒක දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි, y මේ අනන්ත සන්සාරේදී මේ x වම හරි එහෙම නැත්තන් වෙනත් කෙනෙක්ව හරි මේ විදියටම රවට්ටලා අමාරුවේ දාල තියෙනව, සහ වැදගත්ම දේ, ඒ කරපු පව් පලදෙන කාලෙක තමයි x අර ගුරුකම කලෙත්. ඉතින් අහු උනා වැඩේට. හැබැයි z එක්කෝ ඒ ජාතියේ පව් කරලා නැහැ, එහෙම නැත්තන් කරපුව පලදීල ඉවරයි, එහෙමත් නැත්තන් එහෙම පව් කරලා තිබුනත් ඒක පල දෙන කාලේ නෙමෙයි මේ z ගේ.
ඔන්න ඕක තමයි මන්තර ගුරුකම් වලට ගොදුරු වීමේ හේතුව. කෙනෙක්ට වැඩෙන හූනියම තවත් කෙනෙකුට නොවැදෙන්න හේතුව.
ඒක නිසා හැම වෙලේම උත්සාහ ගන්න, තමන්ට කරදර කරන අයට මෛත්‍රී කරන්න, කිසිම වෙලාවක එකට එක කරන්න යන්න එපා.
කෙනෙක් ඔයාලට ගින්දර ගහනවා නං, ඔයාලත් ඒකට ගින්දර ගහන්න ගිහින් එතන ගිනි ජාලාවක් කර ගන්න එපා. ඔයාල ඒ ගින්නට වතුර ගහන්න. හැම කරදර කාරයටම පුළුවන් හැම වෙලේම, මෛත්‍රියෙන්ම පිළිතුරු දෙන්න, (මන් කලින් මේ සම්බන්දව පොතක ලින්ක් එකකුත් දැම්ම).
යන්තර මන්තර විතරක් නෙමෙයි, ලෙඩ රෝග, වෙන වෙන දුක් පීඩා ගොඩකට හේතුව මේකම තමයි. අනන්ත සංසාරේ අනිත් සත්වයන්ට අපි කරපු කරදර.
(මට මේකට රෙප්ස් ඕනේ නැහැ, කට්ටිය කියවල තේරෙන්නේ නැති තැනක් තියෙනව නං අහන්න)