එළකිරි භූත කොටුව.........

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Repost nam samawenna

    චූටි පුතේ ඇහැරෙනවා... අනේ අම්මෙ තව විනාඩි දහයක් නිදාගන්නංකො... මොන විකාරද ඇහැරෙනව 2.30 වෙලාව. බස් එක මිස් වෙයි...... අද සදුදා...මම ඉගෙන ගත්තෙ කොලබ ප්‍රසිද්ධ පාසලක.. නැවතිල හිටියෙ ඉස්කෝලම තියෙන නේවාසිකාගාරයේ.. සති අන්තෙ ගෙදර එන නිසා සදුද උදේ පාන්දර තමා හොස්ටල් එකට යන්නෙ..... අම්මගෙ වදේටම මං හෝන්දු මාන්දුවෙන් වගේ නැගිට්ට... පුතේ මොනවද හදන්නෙ කෝපිද කිරිද?... අම්ම ඇහුවෙ නිදි කිරන මං දිහා හිනා වෙලා බලන ගමං.... කෝපි එකක් හදන්න අම්මෙ.. මං බාත් රූම් එකට ගිහින් එන්නං.. තාත්තව ඇහැරවන්න.... මං ඕනැවට එපාවට දත් මදින්න ගත්ත... මොන කරුමයක්ද මංද මේ ජීවිතේ.. ස්කෝලෙ වැඩම විතරයි කිසි ආතල් එකක් නෑනේ.. මේව කවද ඉවර වෙයිද මංද ..විනාඩි 5න් මං ඉක්මන්ට ලෑස්ති වෙල තාත්තත් එක්ක ටව්න් එකට ගියා... මං යනකොටත් බස් එක ඇවිත්...මං මැද සීට් එකක් අල්ලන් හොද නින්දක් ගහන්න පටන් ගත්ත...හොස්ටල් එකට යනකොට 5.30යි..මේ විකාර කාලසටහනක් තියෙන නිසා මහ වදයක්නෙ තියෙන්නෙ.. 6 වෙනකොට ලෑස්ති වෙල පාඩම් කරන්න යන්න ඕනෙ.... ඒත් අපේ එව්න් ටික හොදට බුදි.. මං උන් ටික ඇහැරෙව්ව... අපෝ පට්ටයා උදේම ඇවිත් නින්ද කෑව සික්.... ගිහානයා පොලොස්කොට්ටෝරුවෙක් වගේ මූනත් හදං... නින්දෙන්ම වගේ ටවල් එක පටල ගත්‍ත... හොස්ටල් එකේ ඩෝම් එකේ හිටියෙ 14යි.. මුං ඔක්කොම ඇහැරවන්න උන නිසා මට මල පැනල තිබ්බෙ.. යකෝ මුංට වෙලාවට ඇහැරෙන්න බැරි හැටි.. කොහොම හරි ඔහොම ඔහොම කාලසටහනටම ස්කෝලෙත් ගිහින් දවස ගෙවිල ගියා...

    වෙලාව රෑ 10..අපි 9 වසරෙ නිසා 10 වෙනකොට ඇදේ ඉන්න ඕනි.. ඒත් අපි හිටිය ශේප් එකේ ඕමි අතක් බලන ගමං.. දොරත් ලොක් කරල... මචං කුකුල එයිද දන්නෑ නේ.. ආවොත් දවස් තුනකට බඩ යන්න කෑමක් සෙට් වෙයි... කුශානය කිව්වෙ බයෙන් බයෙන් වගේ..කුකුල කිව්වෙ අපෙ වෝඩන්.. ඒ කිව්වෙ නේවාසික පරිපාලක තුමා... දැන් එන එකක් නෑ බං... මං කිව්වෙත් සැකමුසු ස්වරයෙන්.. ටික වෙලාවකින්.. කව්ද මහ හයියෙන් දොරට ගහන්න ගත්ත.. ශුවර් එකට කුකුල... මෙවනා කිව්වෙ ඇදේ නෙට් එක අස්සට පනින ගමං.. ඌට මොකෝ උගෙ ඇද උඩනෙ අපි හිටියෙ... මාත් සේපට පාත් වෙල ඇදට ගියෙ පට්ට ආමි මිෂන් එකක් ගහල... ටික වෙලාවකින් දොරට ගහන එක නතර උනා.. කුකුල හිතන්න ඇති මුං මොක්කුද වගේ නිදි ඇති කියලා.. ඇදට ගියාට මොකද නින්ද අහලකවත් නෑ... කොට්ටෙත් තුරුලු කරං පොඩි කලපනා පාරක් දාගෙන ඉන්නකොට තමා මතක් උනේ අද ස්කෝලෙදි කොල්ලෙක් දුන්න නවල් එක.... ඉක්මනට බෑග් එකෙන් පොත ගත්ත මං ඒක කියවන්න ගත්ත.. මරු නවල් එක..ලව් ස්ටෝරියක්... මල් සරාත් එබිකම් කරන කාලෙනෙ..මාව පොත ඇතුලට කිමිදුනා...

    වෙලාව 11.45 යි.. පොතත් මූන උඩ තියං නිදියං හිටිය මාව උඩ ගිහිල්ල ඇහැරුනෙ ආයෙත් මහ හයියෙන් දොරට ගහන සද්දෙට...කව්ද බොලේ මේ මහ රෑ දොරට තඩිබාන්නෙ... පොඩි එකෙක්ද දන්නෑ .. කන පැලෙන්න දෙන්න ඕනි කියල හිතන්..මං දොර ගාවට ගිහින් හිමීට දොර ඇරියා..මොකක්... මං අරිනකොටත් දොරට ගගහ හිටපු කෙනා තියා මැස්සෙක්වත් දොර ඉස්සරහ හිටියෙ නෑ... මගේ හිතට ආපු අමුතු හැගීම නිසා මං ඉක්මනට දොර වහල ඇදට ඇවිත් ඔලුවෙ ඉදං රෙද්දක් පොරව ගත්ත..

    වෙලාව 12.05 යි.. ඒ වෙනකොටත් නින්ද අහලකවත් තිබ්බෙ නෑ... මං ආයි පොත කියවන්න පටන් ගත්ත... වෙච්ච සිද්දියත් දැන් වැඩි ගානක් නෑ ....ඔහොම ඉන්නකොට මට අමුතු සද්දයක් ඇහෙන්න ගත්ත... නිකං බිම ඇතිල්ලෙන සද්දයක්... ඒක ඉක්මනින් ඉක්මනින්.. අපේ රූම් එක ගාවට ලං උනා.. එතකොටයි තේරුනෙ ඒක අඩි සද්දයක් කියලා...නිකං වයසක කෙනෙක් අද්ද අද්ද ඇවිදිනව වගේ...කව්ද මේ මහරෑ හක්කලං කරන්නෙ.. මං මටම කියාගත්තෙ... හිතට ආපු බය යටපත් කරගෙන... අඩි සද්දෙ මට දැන් හොදට ඇහෙනව.. ඒක අපේ රූම් එක ලගින් ගිහින් කොරිඩෝවෙ ඈතට ගියා...
    ටික වෙලාවකින් ආයෙම ඒ අඩි සද්දය අපේ රූම් එක පැත්තට ලං වෙලා.. කොරිඩෝවෙ අනෙක් කොනට ගියා.. මට පුදුම හිතුනා.. අපේ රූම් එක ඉස්සරහ කොරිඩෝ එක.. මීටරි පනහක් විතර දිගයි. ඒ දිගටම තිබුනෙ කොල්ලන්ගෙ ඩෝම්.. ඒත් අඩි සද්දෙ ගැන අවදානෙන් හිටපු මට තේරුනෙ... මේ යන පුද්ගලයා හරියටම තියන්නෙ අඩි හයයි කියන එක.... ඒ කියන්නෙ..මිනිහ.. මිනිහ මීටර් 50ක් විතර යන්නෙ පියවර 6කින්.. කොහොමද දෙයියනේ... එහෙම දෙයක් වෙන්නෙ..මාව දැන් නං හොදටම බයවෙලා තිබුනේ.එහා පැත්තෙ හිටිය නිර්මාලයව ඇහැරවන්න හිතුනත්.....පස්සෙ අදහස අත්ඇරල දැන්මෙ.. පසුවට එන විපාක ගැන හිතල.. මුං මාව මාසයක් විතර තියං බයිට් කරයි... ටික වෙලාවකින් ඒ සද්දෙත් නැති වෙලා ගියා.... මගේ බයත් ටික ටික අඩු උනා... තෙහෙට්ටුවටත් එක්ක මට නින්ද යන්නැති

    වෙලාව පාන්දර 1.25යි... මාව ආයෙම ඇහැරුනෙ ලොකු බඩේ රිදිල්ලක් එක්ක.. අප්පා රෑ කාපු කොත්තුවෙ පවර් එක තමයි... ඉන්නම බැරි නිසා.. මං ඇදෙන් නැගිට්ට... බඩේ තිබ්බ වේදනාව නිසා මට වෙච්ච දේවල් සේරම අමතක වෙලා තිබ්බෙ...ඉක්මනට සෙරෙප්පු දෙක හොයාගෙන දාගත්තෙ.. කොත්තුව.. වැසිකිලි වලට බාර කරන්න හිතාගෙන... අපේ හොස්‍ටල් එකේ තට්ටු තුනයි... අපි හිටියෙ තුන් වෙනි තට්ටුවෙ....ටොයිලට් තිබ්බෙ පහලම තට්ටුවෙ... ලොකු ගොඩනැගිල්ලක්...හිස් රූම් ගොඩක් තිබුනා... දොර ඇරගෙන මම රූම් එකෙන් එලියට ආවා... මුලු හොස්ටල් එකම අදුරුයි... හිතට අමුතු බයක් ආවත් බඩේ රිදිල්ල තිබ්බෙ ඒ හැමදේටම උඩින්... පුන්චි පෙන් ටෝච් කෑල්ලත් පත්තු කරගත්ත මං පඩි පෙල දිහාවට යන්න ගත්තා... යන්තම් එලිය විහිදුනු ටෝච් එකත් අල්ලන් හිමින් හිමින් ගිය මට කොරිඩෝව ඈත කෙලවරෙන් මට අමුතු චායාවක් පෙනිල නැති වෙලා ගියා... ඔලුවෙ මනස්ගාත.. මං මටමකියාගත්තෙ...හිතේ බය යටපත් කරන්..දැන් බඩේ වේදනාව ඉන්න බැරි තරං.. .. මං ඉක්මනින් ඉක්මනි පඩි පෙල ගාවට ආවා...ආයෙත් ඒ අඩි සද්දෙ...මගේ ඇගේ ලේ වතුර උනා.. බය උනු පාරට මම හයියෙන් පඩි පෙල දිගේ පහලට දිව්වා...

    මං බාත් රූම් එකට ආවේ ඇග පුරාම දාඩිය පෙරාගෙන.... මෙහෙම බයක් මට ජීවිතේට දැනිල තිබුනෙ නෑ....කොහොම නමුත් බඩේ අමාරුවෙ නං අඩුවක් නෑ... අදාල වැඩේ කරනකොටත් මං කල්පනාකලේ උඩදි වෙච්ච දේ ගැන... මගේ හිතේ මැවිච්ච් දෙයක් වෙන්න ඇති.. ඒම කියල මං හිත හදාගන්න හැදුවත් එතකොටම මගෙ හිතට ආවෙ හොස්ටල් එකේ කව්රුත් දන්න ඒ කතාව...

    "ඒ ලමයගෙ නම කෝදාගොඩ... එයා ගොඩක් අහින්සක ලමයෙක් උනත් අහින්සක කම නිසාම විහිලුවට පත් වෙච්ච කෙනෙක්...තමන්ගෙම ඩෝම් එකේ ලමයි එයාව... විහිලුවට ගත්ත වගේම හැම වැරැද්දකටම අහු කරල තියෙන්නෙ එයාව.... ඉස්සර හොස්ටල් එකේ දැං වගේ නීති තද නෑ...ඉතින් ලොකු එව්න්.. පොඩි එව්න්ට ඕනිම රැග් එකක් දුන්න... දවසක්... 12 වසරේ පොරක් සිගරට් බිබී ඉද්දි මේ කෝදාගොඩ ගිහින්.. වෝඩන්ව දැනුවත් කරල තියෙනව... මේ නිසා අදාල කෙනාව හොස්ටල් එකෙන් මාස දෙකකට සස්පෙන්ඩ් කරල තියෙනව.. ඉතින් මේ 12 වසරෙ කෙනා හිටියෙ කෝදාගොඩත් එක්ක පුදුම තරහකින්....ඊට පස්සෙ තමා ඌ කෝදාගොඩට ඒ කාලකන්නි දඩුවම දුන්නෙ.. එදා වෝඩන් ගමේ ගිහින්... මුලින්ම 12 වසරෙ එව්න් කලෙ කෝදාගොඩව අල්ලගෙන ඇදුම් ඔක්කොම ගලවල දාන එක.. ඉන් පස්සෙ කෝදාගොඩව.. ලෑල්ලක ගැට ගහල ප්‍රදර්ශනේට තියල තිබ්බෙ එයාව හොදටම අසරණ කරල... හොස්ටල් එකේ හැම එකාම(කොදාගොඩගෙ වයසෙ අය පවා) එයාට ගොඩක් නින්දා කලා... කෝදාගොඩ මේකෙන් ගැලවෙනකොට එයා හිටියෙ හොදටම මානසිකව වැටිල... එයා අඩ අඩ... පහලට දිව්වෙ මං උබලගෙන් පලි ගන්නව කියල... ඒත් කව්රුත් ගනන් අරන් නෑ... උදේ කෝදාගොඩව හොයාගෙන තියෙන්නෙ හොස්ටල් එක පිටිපස්සෙ අඹ ගහේ එල්ලිල මැරිල ඉද්දි... එදා ඉදල හොස්ටල් එකේ හැමෝම කෝදාගොඩ කියන නමට. බයයි...ඒක කොච්චරද කිව්වොත්... එයා පාඩම් කරපු කොටසයි නිදාගත්ත තැනයි වෙන් කරල තිබ්බෙ සිමෙන්තියෙන් වහල.."

    මල මගුලයි...මේ කලබල අස්සෙම මට කොදාගොඩයව මතක් උනනෙ දෙයියනේ... මං මටම කියාගත්තේ... අත හොදන ගමං... ඇත්තටම මේ කෝදාගොඩවත්ද....මගේ ඇගේ කොනක ඉදන් හිරිවැටෙන්න ගත්ත...

    වෙලාව 1.45යි... උඩට යන්නත් මොකක්ද වගේ... ඒත් මෙතන රෑ පහන් කරන්නත් බෑනෙ ගෙරි ගන්දස්සාරෙ... දන්නවනෙ හොස්ටල් එකේ ටොයිලට්...😂 හිතට දයිරිය අරන් මං බාත් රූම් එකෙන් එලියට ආවා.... ලොකු සීතලක් එක්ක... හුලගක්... හැමුවෙ.. හරියට උඩට යන්න එපා කියන්න වගේ....මම පඩියෙන් පඩිය පඩිපෙල නගින්න ගත්තා..පඩිපේලියෙ උඩ සුදු චායාවක් ඇති වෙලා නැති වෙලා ගියා...මාව ගල් ගැහුනා.... හිතේ බයත් එක්ක... මුලු ඇගම වෙව්ලන්න ගත්තෙ ඒ දෙවනත් උනු යටිගිරි හඩත් එක්ක... බයටම මාව උඩට දිවවුනා... ඒ ඉතිපිසෝ ගාතාව කියන ගමන්..එකපාරටම මගේ දිවිල්ල නැවතුනා.. අඩියක්වත් තියාගන්න බෑ... එතකොටම මගේ උරහිසට සීතල අතක් තියනව දැනුනා... බයටම මගේ කටත් ගොලු වෙලා... සීතල ස්පර්ශය ටිකෙන් ටික දැඩි වෙල... මගේ මුලු ඇගම පන නැතුව ගියා... එතකොටයි මං දැක්කෙ ඒ අමනුස්ස මූන... මූනෙන් ලේ බේරමින්...මං දිහා බලං හිටියෙ කෝදාගොඩ...

    මට සිහි නැති වෙන්නැති නැත්තං මායවක් වෙන්නැති කොහොම හරි මට සිහි එනකොට මම හිටියෙ... පාඩම් කරන පොත් මේසයක් උඩ...මං වටපිට බැලුව.. මේ අපෙ ස්ටඩි රූම් එක...ඒත් ...ඒත්... මං හිටිය මේසෙ ඇරෙන්න තිබ්බෙ.. තව එකම එක මේසයයි... එතන පොඩි ලමයෙක් හිටියා.... එයා හිටියේ.. පෑනකින් මේසයට තට්ටු කරමින්. මං කතාකලා.. මල්ලි? ....
    එකපාරටම ඔක්කොම අදුරු උනා... මට දැනුනා කලින් දැනුනු අර මරනීය සීතල මගේ බෙල්ල වටේ යනවා... ඒ ස්පර්ශය ටික ටික තද වෙන්න ගත්තා... දඩු අඩුවකට අහු උනා වගේ....මම මරලතෝනි දුන්නා....

    මට සිහි එනකොට මම හිටියෙ කුකුලගෙ රූම් එක ගාව....රූම් එකේ ලයිට් දාල... මගේ ඇගට ලේ ඉනුවෙ ඒක දැක්කට පස්සෙයි...මම දුවගෙන ගිහින්... දොරට ගහන්න ගත්ත... ලග පල්ලියෙ 2 කණිසම වැදුනෙ දැනුයි.... එක පාරටම දොර නිකංම ඇරුනා.... මං ඇතුලට ගියේ... උපුල් සර් කියල කතා කරන ගමන්... එකපාරට්ම දොර වැහුනා... කාමරේ තිබ්බ ලයිට් එකේ එලිය හිමින් හිමින් අඩු වෙලා කාමරේම අදුරින් වැහුනා... කාමරේ ඈත කොනක විතරක්...පුංචි එලියක් විහිදුනා... ඒ දිහාවට මම හිමින් හිමින් ලං උනේ.. බයෙන් හිත කීරි ගැහෙද්දි... එකපාරට කාමරේම එලිය උනා.. ඒත් කාමරේ තිබුනෙ එකම දෙයයි... ඒ.. ඒ.. බෙල්ල වැල දාගත්ත්ත කෝදාගොඩගෙ මිනිය....ඔලුවෙන් ආපු සීතලක් එක්ක මගේ මුලු ඇගම පණ නැතුව ගියා...මං එතනම පාත් උනේ.. බිත්තිය තදින් අල්ලගෙන ඊට පස්සෙ ආපු අමනුස්ස ලතෝනියත් එක්ක මාව සිහි නැති වෙන්න ඇති...

    මාව ආයි ඇහැරුනේ බෙල්ලෙ ලොකු වේදනාවක් එක්ක... මම වටපිට බැලුව...මම හිටියෙ හොස්ටල් එකෙන් එලියෙ... අඹ ගහ ගාව..... මට දැනුනෙ බෙල්ල හිරවෙනව වගේ.. දෙයියනේ... මගේ බෙල්ලෙ ලනුවක්...මාව එකපාරටම... අඹ ගහ දිගේ උඩට ඇදෙන්න ගත්තා.... දෙයියනේ... එපා... එපා.... මං මර ලතෝනි දුන්නත්... කිටි කිටියේ වෙලුනු ලනුවෙන් මගේ හුස්ම ටික ටික හිර වෙන්න ගත්ත....ටික ටික බොද වෙන්න ගත්ත ඇස් දෙකෙන් මං දැක්කෙ ලේ බෙරෙන කටෙන්... හයියෙන් හිනාවෙන කෝදාගොඩ....මට අන්තිමට ඇහුන ඒ වදන මගේ කනේ දෝකංකාර දෙන්න උනා....
    "මං කිව්වනෙ මං උබලගෙන් පලි ගන්නව කියල"👹

    ලංකාදීප:-අද අලුයම කොලඹ ප්‍රසිද්ද විද්‍යාලයක නේවාසිකාගාරයේ සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇත....
    වෛද්‍ය පරීක්ශන අනුව මරනය සිතුව ඇත්තේ අලුයම 2ට පමණය...පුදුමයට කරුණ නම් මේ මරණය විද්‍යාල නේවාසිකයේ සිදු වූ 11 වැනි සියදිවි නසා ගැනීම වීම පමණක්ම නොව ඒවා සියල්ල අලුයම 2ට පමණ සිදු වී තිබීමය...

    සියදිවි නසා ගත් ශිෂ්‍යයින් පිලිවෙලින්:-

    A.T. කෝදාගොඩ 2002
    S.A. පියරත්න 2003
    M.T.සෙනෙවිරත්න 2004
    T.M.බන්ඩාර 2005
    S.M.සෙන්දනායක 2006
    A.R. සේනානායක 2007
    W.T.සමරවිතාන 2008
    M.N.ලොකුගේ 2009
    S.කොඩිකාර 2010
    E.R.වලිසිංහ 2011
    P.K.HD.ජයරත්න 2012

    (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
    -හසිදු දේවින්ද ජයරත්න

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477

    මේක ලියපු එකාත් මැරුණානම් ඌ කොහොමද මේක ලිව්වේ? ලිව්වේ හොල්මනද?
     
    Mar 23, 2019
    14
    2
    3
    පලිගැනීම

    ලහිරු සහ කලන දුර ප්‍රදේශයක පැවති සාදයක් නිමවී ලහිරු සතු වෑන් රථයෙන් නැවත නිවෙස් කරා එමින් සිටී.
    "හෙමින් යමන් බං, හදිස්සියක් නෑනෙ. ඒක නෙමෙයි පාටියෙදි වාසියක් සෙට් වුනේ නැද්ද ?.මම නම් හැම පැත්තටම ඇහැ දැම්ම, හිටපු ඔක්කොම ලස්සන කෙල්ලො බැදපු වුන් බං. ශික්.."
    "කලනයා.. ඇයි උඹට බැදපු වුන් අරහංද? එතකොට අපි අර පහු ගිය ටිකේම ඇන්ටි කෙනෙකුට බැහැල හිටියෙ "
    "පිස්සුද, මට නම් බැන්ද නැතා අදාල නෑ. ඒත් උන්ගෙ මිනිස්සු උන් එක්කමනෙ, අනික පිට තැනක්නෙ බන්, නිකන් කේස් දාගන්නත් බෑනෙ"
    එක්වරම කලන යමක් දැක ලහිරු ඇමතුවේය.
    "ඒයි ලහිරුව, ස්ලෝ කරපන්. අන්න පාරෙ අයිනෙ කෑල්ලක් යකෝ... ස්ලෝ කරපාන්..."
    "හම්මට .. ඔව්මයි යකෝ, ඒත් මෙච්චර රෑ වෙලා මේ වගේ බල්ලෙක්වත් නැති පාරක ගෑනියෙක් කොහොමද බන්.. හොල්මනක්ද දන්නෑ" ලහිරු නක්කලයට සිනාසුනි.
    "හොල්මන් වුනත් මොකෝ බං ගෑනියෙක් නම්. ඉඳපන් මම ටෝක් පාරක් දාන්නම්. උඹ ඒකි ගාවම නතර කරපන්"
    ලහිරු තම මිතුරාගෙ උපදෙස් පරිද්දෙන්ම කටයුතු කලේය. වයස තිහක් පමන සැලකිය හැකි ඇය ඉතා රූමත්ය.ඈ සතු ව ඇති විශාල ගමන් මල්ලෙන් ඔවුන් වටහා ගත්තේ ඇයට බස් නැවතුම වැරදී ඇති හැඩකි. ඔවුන් දෙදෙනාගෙම ඇත්තේ කෑදර ගිජු පෙනුමකි.
    " හා... ඔයා මේ කොහෙද යන්නෙ ? අනික මෙච්චර රෑ වෙලා. ඇයි බස් එක මිස් වුනාද?"

    "අනේ මට බස් එක වැරදිල, වෙන බස් එකකට නැගල තිබුනෙ . ආපහු ටවුන් එකට යන්න බලන් හිටියෙ "

    මිතුරන් දෙදෙනාටම ඉල්ලමක් පෑදුනා ලෙස දැනුනි." යමු අපි ඔයාව ගිහින් දාන්නම්, එන්න "

    ඇය දෙවරක් නොසිතා වෑන් රියෙහි පසු පස ආසනයට ගොඩ විය. එවෙලෙහිම රථය තුලින් මිනී කුනු ගදක් එක්වරම හටගෙන නැති වී ගියේය.
    "ඔන්න ඔය ශටර් එක වහපන් බං, මහා ජරා කුනු ගඳක් එනව, මගෙ හිතේ සතෙක් එලියෙ මැරිල වෙන්න ඇති ."

    ලහිරුට පැවසූ කලන ඉන්පසු හැරුනේ රූමතිය දෙසටයි.
    " මෙච්චර ලස්සන කෙල්ලෙක් මෙච්චරටම රෑ වෙලා මෙහෙම පාලු තැනක හිටියෙ , බය හිතුන්නැද්ද? අනික දැනුත් නොදන්න කොල්ලො දෙන්නෙක් එක්ක මෙහෙම යන්න."
    "ඔයාල වගේ ලස්සන කොල්ලො දෙන්නෙක් එක්ක යන්න මම මොකට බය වෙන්න ද, අනික අනේ මට මොනව නැති වෙන්නද?" රූමතිය සිනාසී පැවසූ දෙයින් ඔවුන්ට තේරුම් ගියෙ ඇයගෙ කිසිදු අකමැත්තක් නැති බවයි. නමුත් ඔවුන්ට නොදැනීම මාරයා ඔවුන්ට බැල්ම හෙලා ඇති බවට චුට්ටක්වත් දැනුනෙ නෑ.
    "මම කලන, මේ ඉන්නෙ මගෙ යාලුවා ලහිරු . ඔයාගෙ නම මොකක්ද?"

    "මගෙ නම ජයනි.."
    ඔවුන් ඇය සමග බොහෝ කුලුපග විය.

    "මේ.. ඔයාට හදිසි නැතිනම් අපි මේ කොහෙන් හරි චුට්ටක් නතර වෙලා යමුද ?"
    "අනේ.. මේ කිට්ටුවක ගෙයක්වත් නෑනෙ"
    "ඉතින් අපි දෙන්න ඉන්නවනෙ ඔයාව බලාගන්න "
    ඈ කිසිවක් නොකියා සිනා සී බිම බලාගත් අයුරින් ඔවුන් දැනගත්තා ඈ ඊට එකඟ බව.
    " ලහිරුව .. ඔන්න ඔය ඉස්සරහ කැලෑ පාරක් වගේ තියෙනව නේද ? ඔන්න ඕක අස්සට වාහෙනේ දාපන්".
    ලහිරු පාරට නොපෙනෙන ලෙසට වෑන් රිය කැලෑ පාරට ඇතුල් කලේය . රූමතිය ඇතුලෙ සිටින අතරේ ඔවුන් වෑන් රියෙන් බැස ගත්හ.
    "ලහිරුවෝ.. මේ.. මම මුලින්ම යන්නම් බං. අවුලක් නෑනෙ. උඹ මගෙ බොක්කනෙ ඉතින් . එල නේද .. ආ..?"

    ලහිරු සමච්චල් හිනාව දා" හරි .. හරි.. උඹ පලයන් . මම ඊට පස්සෙ යන්නම්"

    "අඩේ thanx බං, උඹ නම් දෙයියෙක්" කලන මිටින් හල කුරුල්ලෙක් මෙන් වැන් රිය පසු පසට ගොඩ වී දොර වසා ගත්තේය . ඒ අතර තුර එලියේ සීතල මකාලන්නට ලහිරු සිගරට්ටුවක් දල්වාගත්තේය. නමුත් එක්වරම වෑන් රියෙන් ලතෝනියක් ඇසුනි. එය නැවතත් නිශ්ශබ්දය. ලහිරු සෙමින් සෙමින් වෑන් රියට කිට්ටු කලේය.
    "ක...ක.. කල..ණ..... උ.. උඹ... හොඳින් නේද ?" නමුත් කලනගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. ලහිරු සෙමින් සෙමින් වෑන් රියෙහි දොරට කිට්ටුවිය. ඈත කොහේ හෝ බල්ලන් රංචුවක් එක දිගට තරඟයට උඩු බුරලන්නට විය. ලහිරුගේ පපුවේ පිටතට ඇහෙන තරම්ය. ලහිරු වෙව්ලමින් වෑන් රියෙහි දොර විවෘත කලේය. දුටු දසුනින් ඔහුගෙ දෙපා ගල් ගැසෙන්නට විය. උගුර කට වේලි ගියේය. ගැහැනිය චර බර ගාමින් කලනගේ මුහුනේ මස් ඉරා කමින් සිටියේය.කලනට මුහුනක් ඉතිරි වී නැත. එය මස් වැදැල්ලක්ම පමනි. නමුත් තවම කලනගෙ සිරුර ගැහෙමින් පවතී, දියෙන් ගොඩ දැමූ මාලුවෙක් ලෙසට.ගැහැනිය කෑම නතර කර කලන්ගෙ බෙල්ල සපා කමින් ලේ උරා බොන්නට පටන් ගත්තාය. ක්‍රමයෙන් කලනගෙ ගැහුන සිරුර නිරුද්ධ විය. ලහිරු තවමත් ගල් ගැසී ඒ දෙසම බලා සිටී. ඔහුට දිවීමට හෝ සිහියක් නැත. එක්වරම ගැහැනිය ලහිරු දෙසට හැරුනි.
    "බු.. බු..බුදු අම්මෝ........"
    කලින් දුටු රූමතිය නොව.ඇගේ මුලු මුහුනම සුදු මැලි වී ඇත. කලු ඉංගිරියාවක් නැති ඇස් වටා කලු වී ඇත. නලලෙහි හරස් අතට පැල්මක් ඇති අතර එය කුනු වූ තුවාලයකි. විශාල ලෙස පලල් වූ මුඛයෙන් රුධිරයත් මස් කැබැලින් වැගිරෙමින් ඇත. කලනගෙ සිරුර පසෙකට තල්ලු කල ඒ මළ ගැහැනිය නැවත ලහිරු දෙස බලා වියරු ලෙස කටින් ලේ වගුරමින් සිනාසෙන්නට විය.
    ලහිරු අසිහියෙන් කැලය තුලට දිව යන්නට විය. කැලය තුලින් ....
    " එපා.. එපා... මාව මරන්න එපා... මාව ඇතෑරපාන්... අම්මෝ... එපා.."ඒ අඳෝනාව සමගින් බල්ලන්ගේ උඩු බිරුම නැවත හටගත්තේ ඒ යක්ශ හෝරාව දැනට අවසන් වූ බව පසක් කරන්නට මෙනි.

    ******************************
    " කැලෑ පෙදෙසක තිබී තරුනයින්දෙදෙනෙකුගෙ මල සිරුරු හමුවී. එක් තරුනයෙකුගේ මුහුන වනසතකු විසින් කා දමා ඇති බවක් පෙනෙන්නට ඇත . අනෙක් තරුනයාගෙ සිරුර කැලෑව තුලට වන්නට හමුවී ඇත .ඔහුගෙ ගෙලෙහි වැල් පොටක් එතී තිබුනු අතර ඉනෙන් පහල කොටස මුලුමනින්ම ඉරා වෙන් කර තිබී ඇත. මෙය මෘගයකුගෙ පහරදීමක්ද, නැතිනම් අභිරහස් මරණයක්ද යන්න පොලීසිය තවම පරීක්ෂණ සිදුකරයි .මීට තෙමසකට පෙර මේ ස්ථානය අවටම කාන්තාවක් දූෂණය කර මරා දාමා තිබූ අතර, සෑහැසිකයන් අපරාධය කරා පලා යන අතරතුර රිය හෙළකට පෙරලී සියල්ලෝම ජීවිතක්ෂයට පත්ව ඇත......"
     
    Mar 23, 2019
    14
    2
    3
    ඇත්ත කතාවක් , මේක මට වුන එකක් නම් නෙමෙයි. මේක මගෙ යාලුවෙක්ට උන දෙයක්, ඒක එයා සාමාන්‍ය පෙළ විභාගය ලියන්න හිටපු කාලෙ වෙච්චි දෙයක්. මගෙ යාලුවගෙ නම ලහිරු. එයත් මේ social media එකේම ඉන්න නිසා මම වැඩිපුර එයා ගැන කියන්න යන්නෙ නෑ.දැන් මම ඒ කතාව මගෙ යාලුවා මට කියපු විදිහටම , මගෙ කතාවක් විදිහට මම ඔයාලට කියන්නම්.

    මම සාමාන්‍ය පෙල කාලෙ පාඩම් කරේ ගමේ පන්සලෙ ඉදන්, එහේම නතර වෙලා තමයි හිටියෙ. තනියක් නෑ, මගෙ වයසෙ වගේම මට වඩා වයසින් අඩු පොඩි හාමුදුරුවරු තමයි මගෙ යාලුවො වුනේ. පුංචි හාමුදුරුවරු කරන සමහර ඇට්ටර වැඩ නම් අපිට දෙවනි නෑ. ලමා කමනෙ. ඉතින් දවසක් මායි , අපේ පුංචි හාමුදුරු නමකුයි රෑ ගියා බුදු ගේ පැත්තට මොනවහරි ගේන්න කියල. බුදුගේ තියෙන්නෙ ආවාස ගෙයින් ටිකක් ඈතට වෙන්න. පන්සල් වත්තේ ගස් කොලන් වැඩි නිසා දවල්ට ටිකක් කරුවලයි ඒ පැත්තෙ . ඉස්සර ඒ කිට්ටුව ලයිට් තිබුනෙ නෑ. මමයි අපේ පොඩි හාමුදුරුවොයි ලොකු ටෝච් එකකුත් අරන් ඒ පැත්තට ගියා. යද්දි අපි දැක්ක බුදු ගෙයි දොර ඇරල දාලා තියෙනව . ටෝච් එක මගෙ අතේ තිබුණේ . මම බුදු ගෙයි දොර පැත්තට ටෝච් එක ගැහුවා. බුදු ගෙයි ඇතුලෙ කවුරු හරි වැටිල ඉන්නව, ඒ මනුස්සයගෙ කකුල් දෙක විතරක් දොර, ඇරපු තැනින් එලියෙ තිබුණේ , ඒ දැකපු පොඩි හාමුදුරුවො මට කෑගහල , " ලහිරු අයියේ... දුවපාන්..". කියල ආපහු ආවාස ගේ පැත්තට දුවන්න ගත්ත . අපි දෙන්නම ගිහින් ආවාස ගෙයි පිලේ වැටුන .

    පස්සෙ ලොකු සාදු තව දෙතුන් දෙනෙක් එක්ක ගිහින් බැලුවත් මොනවත් හොයාගන්න බැරි වෙලා. දොරත් වහලමයි තිබිලා තියෙන්නෙ .

    ඒ අතරේ මට පොඩි සාදු විස්තරේ කිව්වා. මීට මාසෙකට විතර කලියෙන් , බුදු ගෙයි ඇතුලෙ තිබුන පිං පෙට්ටිය කඩන්න මිනිහෙක් ඇවිත් , උදේ බලද්දි මිනිහා මැරිලා බුදු ගෙයි දොර ලඟ වැටිල ඉඳල තියෙන්නෙ . අපි දැකල තිබිල තියෙන්නෙ ඒ මිනිහගෙ හොල්මනලු.
     
    Mar 23, 2019
    14
    2
    3
    තූතන්කාමන්ගේ සොහොන් ගැබට ඇතුළු වූ අයට උරුම වූ මාරක ශාපය

    උපුටාගැනීමකි ..

    ***තූතන්කාමන්ගේ සොහොන් ගැබට ඇතුළු වූ අයට උරුම වූ මාරක ශාපය***

    මරණයෙන් අවුරුදු 3500 කට පසු නැවතත් ඔහු ගැන කතා වෙති. ඔහුගේ ශාපය සත්‍යක්ම වූයේය. ඔහුගේ සොහොනේ පුරාණ ඊජිප්තූ අක්ෂර වලින් මෙසේ කොටා තිබුනි. “තූතන්කාමන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.”

    තූතන්කාමන්ගේ මරණය පිලිබඳ විද්වතුන් අතර තවමත් ඇත්තේ මත භේදයකි. ඒ ඔහු මරණයට පත් වූ ආකාරය තවමත් අපැහැදිලිය. ඔහුගේ පියා වන අකෙහන්ටන් ගේ මරණය නිසා වයස අවුරුදු 9 දි රජකමට පත්වූ ඔහු ක්‍රි.පූ 1336 සිට ක්‍රී.පූ 1327 දක්වා ඔහු ඊජිප්තුව පාලනය කළේය. තූතන්කාමන් මරණයට පත්වන විට ඔහුගේ වයස 18ක් පමණ විය. දැනට බොහෝ දෙනෙකු පිලිගත් මතයට අනුව තූතන්කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකිනි.

    1918 – 1923 වකවානුවේ හොවාර්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයා විසින් ඊජිප්තුවේ කැණිම් සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතු කලේය. ඒ කානවන් සාමිවරයාගේ ආරාධනාවෙන් සහ වියදමෙනි.

    අවුරුදු පහක පමණ අසාර්ථකත්වයෙන් පසු කානවන් සාමිවරයා නැවතත් ලන්ඩන් නුවරට පැමිණියේය. මේ අතරතුරේ කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැණිම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරික්ශා කිරිමෙන් එය තූතන්කාමන් ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනා ගැනිනි. එහි මෙසේ කොටා තිබිණි.

    “තූතන්කාමන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.“

    කාටර් විසින් සොහොන වසා තිබූ ශෛලමය තැටිය බිදින්නට පටන් ගත් ප්‍රථම දිනයේම කාටර් විසින් ඇති දැඩි කරනු ලැබු කැනරි කුරුල්ලා නාගයකුගේ ගොදුරක් විය. ඊජිප්තු ප්‍රවාදයකට අනුව තූතන්කාමන් ගේ ආරක්ෂකයෝ වූයේ නාගයකු සහ ගිජුලිහිණියකුය. කාටර් නැවති සිටි නිවසේ සේවකයා විසින් මෙය අනතුරු හැඟවිමක් විය හැකි කියා කාටර්ට දැන්වුයේය. නමුත් කාටර් මෙය නොසලකා හැරියේය.

    සොහොන ඇතුලත ඉතා අගනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබුණි. මේ අතර ගලින් කරන ලද විශාල මිනී පෙට්ටියක් තිබිණි. එය තුල රනින් කරන ලද තවත් කුඩා මිනි පෙට්ටි තුනක්ද විය. එකක් මත තවකක් තබා තිබු මිනි පෙට්ටි තුනේ අවසාන මිනි පෙට්ටියේ ද ඉහත අනතුරු හැඟවීම දක්වා තිබුනි. අවසාන මිනි පෙට්ටියේ ඇතුලත තූතන්කාමන් ගේ ශරීරය විය.

    මෙයින් පසූ ශාපය ක්‍රියාත්මක විමට පටන් ගැණිනි. මුල්ම මිනිස් බිල්ල වූයේ මුල්‍යාධාර සැපැයු කානවන් සාමිවරයාය. මරණයට හේතුව වුයේ මදුරුවෙකු දෂ්ට කර නියුමෝනියාව වැළඳි එය උත්සන්න වීමනි. ඔහු මිය යන අවස්ථාවේ මුලු කයිරො නුවරම අන්ධකාරයේ ගිලුනි. මේ අවස්ථාවේම ලන්ඩනයේ සිටි කානවන් සාමිවරයාගේ සුරතල් බල්ලා උඩු බුරා මිය ගියේය.

    මෙය ආරම්භය පමණි. කානවන් සාමිවරයාගේ අභාවයෙන් පසු තවත් මරණ රැසක් ම සිදුවිය. මෙයින් බොහොමයක් දෙනා කැණීම් කටයුතු වල නිරත වුවන්ය. ඔවුන් මරු වැලඳ ගත්තේ ඉතා අස්වාභාවික හේතු මතය. කානවන්ගේ මරණයට දින දෙකකට පසු තූතන්කාමන්ගේ ශරීරය පරික්ශා කිරිමේදි මුහුණේ කැලැලක් සොයා ගන්නා ලදි. එය හරියටම කානවන් සාමිවරයාගේ මරණය හේතුවු මදුරුවා දෂ්ට කල තැනය.

    ඉන්පසු කැණිම් කටයුතුවලට සහභාගි වු ආතර් මේස් නම් පුරාවිද්‍යාඥයා අධිමූර්ඡාවට (coma) පත්වී මිය ගියේය. කානවන්ගේ මරණයට පැමිණි කානවම් සාමිවරයාගේ මිතුරෙකු වූ ජොර්ජ් ගොඋල්ඩ් නැවත පිටත්වීමට පෙර තූතන්කාමන් ගේ සොහොන දැක බලා ගත්තේය. ශාපයෙන් ඔහුටද ගැලවීමක් නොවිනි. පසුදින ඔහු අධික උණෙන් ඇද වැටුනේය. පැය දොලහකට පසු ඔහු මිය පරලොව ගියේය. සොහොන ඉදිකල කාල වකවානු සහ තූතන්කාමන් ගේ මරණයට හේතු එක්ස් කිරණ මගින් සොයා ගැනිමට පැමිණි අර්චිබෝල්ඩ් රීඩ් නම් වූ විකිරණවේදියා අධික වෙහෙස නිසා නැවතත් තම මව් රට වූ එංගලන්තයට පිටව ගිය අතර පැය කිහිපයකින් මරුමුවට පත් වූයේය.

    කානවන්ගේ ලේකම් වූ රිචර්ඩ් බෙතෙල් සොහොන විවෘත කර මාස හතරකට පසු හෘදායාබාධයක් වැළදි මිය ගියේය. ජොයෙල් වුල් නම් වු කර්මාන්ත ශාලා හිමිකරුවෙකු ද සොහොන දැක බලා මාස කිහිපයකයට පසු වෛද්‍යවරුන්ට හඳුනාගත නොහැකි හේතුවක් සහිත වූ උණෙන් මරු තුරුලට ගියේය. කානවන් සාමිවරයාගේ සහෝදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය. ඔහුත් ශාපයට ගොදුරු විය.

    පුදුමයකි, හොවාර්ඩ් කාටර් පමණක් 1939 දක්වා ජිවත්ව සිටියේය.

    ඊජිප්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මුහමද් ඉබ්‍රාහිම් සොහොනෙන් සොයා ගත් පුරාවස්තු විදේශයන්හි ප්‍රදර්ශණය කිරිමට ඊජිප්තු රජය විසින් 1966 දී ගත් තීරණයට එකහෙලාම විරුද්ධ වුයේය. පුරාවස්තු රටින් පිට කළහොත් රටට භයානක ඉරණමකට මුහුණ දිමට සිදුවන බව කියා සිටියේය. ඔහු අවසාන සාකච්ඡාවෙන් පිටතට පැමිණ කාරයක හැපි මරු දැක්කේය. 1972 දී පුරා වස්තු ලන්ඩනයේ ප්‍රදර්ශනයට ගෙන ගිය අවස්ථාවේ නැවතත් ශාපය ක්‍රියාත්මක විය. ආචාර්ය ගමාල් මහරෙස් එහි ශාපයක් නොවන බවත් එය සහ සිද්ධි සමුදායක් බවත් කියා සිටියේය. ඔහු එංගලන්තයට ගෙන යාමට පුරාවස්තු ඇසුරුම් අධික්ෂණය කළ දිනයේ රාත්‍රියේම මිය පරලොව ගියේය.

    තූතන්කාමන් වේදනාකාරි ජිවිතයක් සහ මරණයක් උරුම වු කෙනෙක් ලෙස සැලකේ. CT පිටපත් මගින් තූතන්කාමන්ගේ හිස්කබලේ අස්ථියක් බිඳි ඇතුලට ගොස් ඇත. මෙය ඝාතනයක් යන මතයට රුකුලක් වේ. තවදුරටත් කොඳු නාරටියේ ඇති ආබාධයක් නිසා හිස කෙලින් තබා ගැනිමට වෙනමම උපකරණයක් අවැසි වුයේය. හැරමිටියක් ද භාවිතා කළ බවටද සාක්ෂි තිබේ.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මචන් මේ ගුරුකම්,කොඩිවින වගේ වැඩ ඇත්ත නම් ප්‍රභාකරන් වගේ ම්නිහෙක්ව මෙච්චර කල් මරන්න බැරි වුනේ ඇයි කියල හිතෙනව :yes:

    සිරාවට බන් 😂 මටත් ඔික ‌හෙන ප්‍රශ්නයක් 😂🤣😁 ඔිව මනස්ගාත බන්...අපි කතාකරන සිංහල භාෂාව හදාගත්තෙත් බන් ඒකාලෙ අදහස් ප්‍රකාශ කරගන්න...ඉතින් බන් ‌තොහොමද ඔය මන්තර වලින් එක එක මගුල් ‌වෙන්නෙ?😜 ඔිව ‌බොරු මනස්ගාත බන්... මම ‌දෙවියොත් විශ්වාස කරන්නෙ නෑ 🤳 ‌හෝකින්ස් අන්කල් තමයි බන් මිනිහ... ඒ යකා ඔය ඔක්කොම ‌බොරු කිව්ව එකේ බන්😜 ඔය මනස්ගාත විශ්වාස කරන්න පුළුවන්ද බන්? පිස්සු විකාර 👏
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මචන්ලා...

    අපේ අම්මගේ නංගී කෙනෙක් ඉන්නව... පිරිමි පේන්න බෑ.. හෙන ගේම.. පිරිමි එක්ක... තව තනියම ඉන්නකොට කුනුහරුපෙන් බනිනව...
    කුනුහරුප ඉවරයි... බෙහෙතක් කරන්න යන්නවත් එන්නේ නෑ...
    උබල හිතන්නේ මොකක් වගේද සීන් එක...
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මචන්ලා...

    අපේ අම්මගේ නංගී කෙනෙක් ඉන්නව... පිරිමි පේන්න බෑ.. හෙන ගේම.. පිරිමි එක්ක... තව තනියම ඉන්නකොට කුනුහරුපෙන් බනිනව...
    කුනුහරුප ඉවරයි... බෙහෙතක් කරන්න යන්නවත් එන්නේ නෑ...
    උබල හිතන්නේ මොකක් වගේද සීන් එක...

    ඒකිට යකෙක් වැහිල ‌වෙන්න ඇති බන්...‌ඇතුළ්කෝට්ටෙ ගිහින් බලපන්...ඒකිට ආදරෙන් මැරුණු නෑදෑයෙක් ඇවිල්ලද දන්නෙ නෑනෙ බන්:(:growl:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන්ලා...

    අපේ අම්මගේ නංගී කෙනෙක් ඉන්නව... පිරිමි පේන්න බෑ.. හෙන ගේම.. පිරිමි එක්ක... තව තනියම ඉන්නකොට කුනුහරුපෙන් බනිනව...
    කුනුහරුප ඉවරයි... බෙහෙතක් කරන්න යන්නවත් එන්නේ නෑ...
    උබල හිතන්නේ මොකක් වගේද සීන් එක...

    boot ekak kala
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,263
    525
    113
    CS OR DotA map eke

    ***copied***

    මේක මගේ පලවෙනි කතාව..මේක මට වෙච්ච දෙයක්.. මේක උනේ හරියටම අපේ සීයගේ තුම් මාසේ දානෙට කලින් දවසේ රෑ.. අපේ ලගම නෑදෑයෝ ගොඩ දෙනෙක් ඇවිත් හිටියා අපේ ගෙදර.. ඒ දානේ වැඩ වලට උදව් වෙන්න.. ගොඩ දෙනෙක් හිටිය නිසා කාමරවල ඉඩ මදි උනා.. මමයි අපේ ලොකු අම්මගේ දුවයි එයාගේ මහත්තයයි අපේ මල්ලි හිටියේ සාලේ..

    එදා උන විශේෂ දෙයක් තමයි සීයා මැරෙන්න කලින් හිටපු කාමරේ කවුරුත් නිදාගත්තේ නෑ.. ඒ බයට වෙන්නැතී.තවත් දෙයක් ඔයාලට කියන්න ඕනෑ .ඒ තමයි අපේ සීයා භූමීදාන කලේ අපේ ඉඩමේමයි.. වත්තේ පිටිපස්සට වෙන්න.. ඊට පහලින් පොඩි දොල පාරකුත් යනවා. රෑට ඒ පැත්ත බලන්නත් බය හිතෙනවා.. රෑට විතරක් නෙවෙයි දවල්ටත් එහෙමම තමා.. ඒ වටපිටාව .දැන් ආයේත් කතාවට එන්නම්කෝ ..

    ඔන්න එදා රැ කව්රුත් සීයගේ කාමරේ නිදාගත්තේ නෑනේ..අනිත් කාමරවල නම් කට්ටිය පුරෝලා..අපි සෙට් එක සාලේ .. සීයගේ කාමරේට සාලේ ඉදන්ම යන්න පුලුවන් .. රෑ.. සේරම ලයිට් නිවලා සීයගේ කාමරේ විතරක් ලයිට් දාලා තිබුනා. ඒ ලයිට් එක ගොඩක් එලියයි. ඔක්කොම දැන් හොඳට නිදි.මං කෑල්ල එක්ක ටිකක් හුරතල් උනා ෆ්හෝන් එකෙන්.දන්නෙම නැතුව මටත් නින්ද ගිහින් ..

    රැ එකපාරටම මාව ඇහැරුනා.මොකකටවත් නෙවෙයි චූ බරක් හැදිලා.එහෙමම වෙලාව බැලුවා පෝන් එකෙන්. 12.47යි. එලියේ ලයිට් එකත් දාගෙනම ගියා චූ කරන්න . අපේ සීයා මැරිල,දානේ.. ඒ කතා කිසි එකක් ඔලුවේ තිබුනෙ නෑ..
    කොහොමහරි චූ කරන්න ගියේ සීයා හිටපු කාමරේ පිටිපස්සේ තිබුන ජනේලය ගාවට.ඔන්න දැන් මගේ බර ටික ටික නිදහස් කරන ගමන් නිකමට වගේ ජනේලෙන් කාමරේ ඇතුල බැලුනා..කාමරේ අඩ අදුරේ .ඇදේ කව්ද වාඩිවෙලා ඉන්නව දැක්කාා මතකද මං කලින් කිව්වා සීයගේ කාමරේ විතරක් ලයිට් දාලා තිබුනා කිව්වා .දැන් ඒ කාමරේ ම කලුවරෙේඑ කාමරේ කවුරුත් නිදාගත්තේත් නෑ..

    මේ දේවල් කිසි එකක් ගානක් උනේ නෑ මං නිඩිමතේ හිටපු නිසා. කොහොමහරි චූත් කරලා ඇවිත් ආයේත් නිදාගන්න ලෑස්ති උනා.. නිකමට වගේ සීයගේ කාමරේ දිහා බැලුවා .

    දෙවියනේ!! එතකොට තමයි මට දෙලෝ රත් උනේ.. මං ජනේලෙන් දකිනකොට කාමරේ කලුවරයි.වාඩිවෙලා හිටපු කෙනාගේ හැඩරුවත් කාගෙද කියලා මතක්ුනේ.. ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ හිටියේ අපේ මැරුන සීයා .සීයා ජීවත් වෙලා ඉන්නකොටත් හිටියේ එ විදියට තමයි ... එවලේ කලුවරට තිබුන කාමරේ දන් හොඳට ලයිට් එක දාලා එලියයි. දාලා තිබුන ෆෑන් එකට එ කාමරේ දොර රෙද්ද හෙලවෙන එකෙන් මගේ බය තවත් වැඩි කලා .. මට ඉබේට බැලුනේ සීයගේ මල් මාලේ දාපු පොටෝ එක ඩිහා..සීයා මා දිහා බලන් ඉන්නව වගේ දැනුනා..ඇගේ මයිල් කෙලින් වෙලා .. එලිවෙනකන් මං නිදාගත්තේ නෑ ..

    පහුවදා දානේ හොදට කෙරුන. උන දේවල් ගැන කාටවත් කියන්න ගියේ නෑ.නෑ.කට්ටිය බයවෙයි කියලා .. හැබැයි කාටවත් කරදරයක් උනේ නෑ ..

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    මේ ත්‍රෙඩ් එක අප්ඩේට් වෙන්නෙත් නෑ දැන්,,... හොල්මනුත් රට දාලා ගිහින්ද කොහෙද ...... :sorry::sorry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    :cool: