Repost nam samawenna
චූටි පුතේ ඇහැරෙනවා... අනේ අම්මෙ තව විනාඩි දහයක් නිදාගන්නංකො... මොන විකාරද ඇහැරෙනව 2.30 වෙලාව. බස් එක මිස් වෙයි...... අද සදුදා...මම ඉගෙන ගත්තෙ කොලබ ප්‍රසිද්ධ පාසලක.. නැවතිල හිටියෙ ඉස්කෝලම තියෙන නේවාසිකාගාරයේ.. සති අන්තෙ ගෙදර එන නිසා සදුද උදේ පාන්දර තමා හොස්ටල් එකට යන්නෙ..... අම්මගෙ වදේටම මං හෝන්දු මාන්දුවෙන් වගේ නැගිට්ට... පුතේ මොනවද හදන්නෙ කෝපිද කිරිද?... අම්ම ඇහුවෙ නිදි කිරන මං දිහා හිනා වෙලා බලන ගමං.... කෝපි එකක් හදන්න අම්මෙ.. මං බාත් රූම් එකට ගිහින් එන්නං.. තාත්තව ඇහැරවන්න.... මං ඕනැවට එපාවට දත් මදින්න ගත්ත... මොන කරුමයක්ද මංද මේ ජීවිතේ.. ස්කෝලෙ වැඩම විතරයි කිසි ආතල් එකක් නෑනේ.. මේව කවද ඉවර වෙයිද මංද ..විනාඩි 5න් මං ඉක්මන්ට ලෑස්ති වෙල තාත්තත් එක්ක ටව්න් එකට ගියා... මං යනකොටත් බස් එක ඇවිත්...මං මැද සීට් එකක් අල්ලන් හොද නින්දක් ගහන්න පටන් ගත්ත...හොස්ටල් එකට යනකොට 5.30යි..මේ විකාර කාලසටහනක් තියෙන නිසා මහ වදයක්නෙ තියෙන්නෙ.. 6 වෙනකොට ලෑස්ති වෙල පාඩම් කරන්න යන්න ඕනෙ.... ඒත් අපේ එව්න් ටික හොදට බුදි.. මං උන් ටික ඇහැරෙව්ව... අපෝ පට්ටයා උදේම ඇවිත් නින්ද කෑව සික්.... ගිහානයා පොලොස්කොට්ටෝරුවෙක් වගේ මූනත් හදං... නින්දෙන්ම වගේ ටවල් එක පටල ගත්‍ත... හොස්ටල් එකේ ඩෝම් එකේ හිටියෙ 14යි.. මුං ඔක්කොම ඇහැරවන්න උන නිසා මට මල පැනල තිබ්බෙ.. යකෝ මුංට වෙලාවට ඇහැරෙන්න බැරි හැටි.. කොහොම හරි ඔහොම ඔහොම කාලසටහනටම ස්කෝලෙත් ගිහින් දවස ගෙවිල ගියා...
වෙලාව රෑ 10..අපි 9 වසරෙ නිසා 10 වෙනකොට ඇදේ ඉන්න ඕනි.. ඒත් අපි හිටිය ශේප් එකේ ඕමි අතක් බලන ගමං.. දොරත් ලොක් කරල... මචං කුකුල එයිද දන්නෑ නේ.. ආවොත් දවස් තුනකට බඩ යන්න කෑමක් සෙට් වෙයි... කුශානය කිව්වෙ බයෙන් බයෙන් වගේ..කුකුල කිව්වෙ අපෙ වෝඩන්.. ඒ කිව්වෙ නේවාසික පරිපාලක තුමා... දැන් එන එකක් නෑ බං... මං කිව්වෙත් සැකමුසු ස්වරයෙන්.. ටික වෙලාවකින්.. කව්ද මහ හයියෙන් දොරට ගහන්න ගත්ත.. ශුවර් එකට කුකුල... මෙවනා කිව්වෙ ඇදේ නෙට් එක අස්සට පනින ගමං.. ඌට මොකෝ උගෙ ඇද උඩනෙ අපි හිටියෙ... මාත් සේපට පාත් වෙල ඇදට ගියෙ පට්ට ආමි මිෂන් එකක් ගහල... ටික වෙලාවකින් දොරට ගහන එක නතර උනා.. කුකුල හිතන්න ඇති මුං මොක්කුද වගේ නිදි ඇති කියලා.. ඇදට ගියාට මොකද නින්ද අහලකවත් නෑ... කොට්ටෙත් තුරුලු කරං පොඩි කලපනා පාරක් දාගෙන ඉන්නකොට තමා මතක් උනේ අද ස්කෝලෙදි කොල්ලෙක් දුන්න නවල් එක.... ඉක්මනට බෑග් එකෙන් පොත ගත්ත මං ඒක කියවන්න ගත්ත.. මරු නවල් එක..ලව් ස්ටෝරියක්... මල් සරාත් එබිකම් කරන කාලෙනෙ..මාව පොත ඇතුලට කිමිදුනා...
වෙලාව 11.45 යි.. පොතත් මූන උඩ තියං නිදියං හිටිය මාව උඩ ගිහිල්ල ඇහැරුනෙ ආයෙත් මහ හයියෙන් දොරට ගහන සද්දෙට...කව්ද බොලේ මේ මහ රෑ දොරට තඩිබාන්නෙ... පොඩි එකෙක්ද දන්නෑ .. කන පැලෙන්න දෙන්න ඕනි කියල හිතන්..මං දොර ගාවට ගිහින් හිමීට දොර ඇරියා..මොකක්... මං අරිනකොටත් දොරට ගගහ හිටපු කෙනා තියා මැස්සෙක්වත් දොර ඉස්සරහ හිටියෙ නෑ... මගේ හිතට ආපු අමුතු හැගීම නිසා මං ඉක්මනට දොර වහල ඇදට ඇවිත් ඔලුවෙ ඉදං රෙද්දක් පොරව ගත්ත..
වෙලාව 12.05 යි.. ඒ වෙනකොටත් නින්ද අහලකවත් තිබ්බෙ නෑ... මං ආයි පොත කියවන්න පටන් ගත්ත... වෙච්ච සිද්දියත් දැන් වැඩි ගානක් නෑ ....ඔහොම ඉන්නකොට මට අමුතු සද්දයක් ඇහෙන්න ගත්ත... නිකං බිම ඇතිල්ලෙන සද්දයක්... ඒක ඉක්මනින් ඉක්මනින්.. අපේ රූම් එක ගාවට ලං උනා.. එතකොටයි තේරුනෙ ඒක අඩි සද්දයක් කියලා...නිකං වයසක කෙනෙක් අද්ද අද්ද ඇවිදිනව වගේ...කව්ද මේ මහරෑ හක්කලං කරන්නෙ.. මං මටම කියාගත්තෙ... හිතට ආපු බය යටපත් කරගෙන... අඩි සද්දෙ මට දැන් හොදට ඇහෙනව.. ඒක අපේ රූම් එක ලගින් ගිහින් කොරිඩෝවෙ ඈතට ගියා...
ටික වෙලාවකින් ආයෙම ඒ අඩි සද්දය අපේ රූම් එක පැත්තට ලං වෙලා.. කොරිඩෝවෙ අනෙක් කොනට ගියා.. මට පුදුම හිතුනා.. අපේ රූම් එක ඉස්සරහ කොරිඩෝ එක.. මීටරි පනහක් විතර දිගයි. ඒ දිගටම තිබුනෙ කොල්ලන්ගෙ ඩෝම්.. ඒත් අඩි සද්දෙ ගැන අවදානෙන් හිටපු මට තේරුනෙ... මේ යන පුද්ගලයා හරියටම තියන්නෙ අඩි හයයි කියන එක.... ඒ කියන්නෙ..මිනිහ.. මිනිහ මීටර් 50ක් විතර යන්නෙ පියවර 6කින්.. කොහොමද දෙයියනේ... එහෙම දෙයක් වෙන්නෙ..මාව දැන් නං හොදටම බයවෙලා තිබුනේ.එහා පැත්තෙ හිටිය නිර්මාලයව ඇහැරවන්න හිතුනත්.....පස්සෙ අදහස අත්ඇරල දැන්මෙ.. පසුවට එන විපාක ගැන හිතල.. මුං මාව මාසයක් විතර තියං බයිට් කරයි... ටික වෙලාවකින් ඒ සද්දෙත් නැති වෙලා ගියා.... මගේ බයත් ටික ටික අඩු උනා... තෙහෙට්ටුවටත් එක්ක මට නින්ද යන්නැති
වෙලාව පාන්දර 1.25යි... මාව ආයෙම ඇහැරුනෙ ලොකු බඩේ රිදිල්ලක් එක්ක.. අප්පා රෑ කාපු කොත්තුවෙ පවර් එක තමයි... ඉන්නම බැරි නිසා.. මං ඇදෙන් නැගිට්ට... බඩේ තිබ්බ වේදනාව නිසා මට වෙච්ච දේවල් සේරම අමතක වෙලා තිබ්බෙ...ඉක්මනට සෙරෙප්පු දෙක හොයාගෙන දාගත්තෙ.. කොත්තුව.. වැසිකිලි වලට බාර කරන්න හිතාගෙන... අපේ හොස්‍ටල් එකේ තට්ටු තුනයි... අපි හිටියෙ තුන් වෙනි තට්ටුවෙ....ටොයිලට් තිබ්බෙ පහලම තට්ටුවෙ... ලොකු ගොඩනැගිල්ලක්...හිස් රූම් ගොඩක් තිබුනා... දොර ඇරගෙන මම රූම් එකෙන් එලියට ආවා... මුලු හොස්ටල් එකම අදුරුයි... හිතට අමුතු බයක් ආවත් බඩේ රිදිල්ල තිබ්බෙ ඒ හැමදේටම උඩින්... පුන්චි පෙන් ටෝච් කෑල්ලත් පත්තු කරගත්ත මං පඩි පෙල දිහාවට යන්න ගත්තා... යන්තම් එලිය විහිදුනු ටෝච් එකත් අල්ලන් හිමින් හිමින් ගිය මට කොරිඩෝව ඈත කෙලවරෙන් මට අමුතු චායාවක් පෙනිල නැති වෙලා ගියා... ඔලුවෙ මනස්ගාත.. මං මටමකියාගත්තෙ...හිතේ බය යටපත් කරන්..දැන් බඩේ වේදනාව ඉන්න බැරි තරං.. .. මං ඉක්මනින් ඉක්මනි පඩි පෙල ගාවට ආවා...ආයෙත් ඒ අඩි සද්දෙ...මගේ ඇගේ ලේ වතුර උනා.. බය උනු පාරට මම හයියෙන් පඩි පෙල දිගේ පහලට දිව්වා...
මං බාත් රූම් එකට ආවේ ඇග පුරාම දාඩිය පෙරාගෙන.... මෙහෙම බයක් මට ජීවිතේට දැනිල තිබුනෙ නෑ....කොහොම නමුත් බඩේ අමාරුවෙ නං අඩුවක් නෑ... අදාල වැඩේ කරනකොටත් මං කල්පනාකලේ උඩදි වෙච්ච දේ ගැන... මගේ හිතේ මැවිච්ච් දෙයක් වෙන්න ඇති.. ඒම කියල මං හිත හදාගන්න හැදුවත් එතකොටම මගෙ හිතට ආවෙ හොස්ටල් එකේ කව්රුත් දන්න ඒ කතාව...
"ඒ ලමයගෙ නම කෝදාගොඩ... එයා ගොඩක් අහින්සක ලමයෙක් උනත් අහින්සක කම නිසාම විහිලුවට පත් වෙච්ච කෙනෙක්...තමන්ගෙම ඩෝම් එකේ ලමයි එයාව... විහිලුවට ගත්ත වගේම හැම වැරැද්දකටම අහු කරල තියෙන්නෙ එයාව.... ඉස්සර හොස්ටල් එකේ දැං වගේ නීති තද නෑ...ඉතින් ලොකු එව්න්.. පොඩි එව්න්ට ඕනිම රැග් එකක් දුන්න... දවසක්... 12 වසරේ පොරක් සිගරට් බිබී ඉද්දි මේ කෝදාගොඩ ගිහින්.. වෝඩන්ව දැනුවත් කරල තියෙනව... මේ නිසා අදාල කෙනාව හොස්ටල් එකෙන් මාස දෙකකට සස්පෙන්ඩ් කරල තියෙනව.. ඉතින් මේ 12 වසරෙ කෙනා හිටියෙ කෝදාගොඩත් එක්ක පුදුම තරහකින්....ඊට පස්සෙ තමා ඌ කෝදාගොඩට ඒ කාලකන්නි දඩුවම දුන්නෙ.. එදා වෝඩන් ගමේ ගිහින්... මුලින්ම 12 වසරෙ එව්න් කලෙ කෝදාගොඩව අල්ලගෙන ඇදුම් ඔක්කොම ගලවල දාන එක.. ඉන් පස්සෙ කෝදාගොඩව.. ලෑල්ලක ගැට ගහල ප්‍රදර්ශනේට තියල තිබ්බෙ එයාව හොදටම අසරණ කරල... හොස්ටල් එකේ හැම එකාම(කොදාගොඩගෙ වයසෙ අය පවා) එයාට ගොඩක් නින්දා කලා... කෝදාගොඩ මේකෙන් ගැලවෙනකොට එයා හිටියෙ හොදටම මානසිකව වැටිල... එයා අඩ අඩ... පහලට දිව්වෙ මං උබලගෙන් පලි ගන්නව කියල... ඒත් කව්රුත් ගනන් අරන් නෑ... උදේ කෝදාගොඩව හොයාගෙන තියෙන්නෙ හොස්ටල් එක පිටිපස්සෙ අඹ ගහේ එල්ලිල මැරිල ඉද්දි... එදා ඉදල හොස්ටල් එකේ හැමෝම කෝදාගොඩ කියන නමට. බයයි...ඒක කොච්චරද කිව්වොත්... එයා පාඩම් කරපු කොටසයි නිදාගත්ත තැනයි වෙන් කරල තිබ්බෙ සිමෙන්තියෙන් වහල.."
මල මගුලයි...මේ කලබල අස්සෙම මට කොදාගොඩයව මතක් උනනෙ දෙයියනේ... මං මටම කියාගත්තේ... අත හොදන ගමං... ඇත්තටම මේ කෝදාගොඩවත්ද....මගේ ඇගේ කොනක ඉදන් හිරිවැටෙන්න ගත්ත...
වෙලාව 1.45යි... උඩට යන්නත් මොකක්ද වගේ... ඒත් මෙතන රෑ පහන් කරන්නත් බෑනෙ ගෙරි ගන්දස්සාරෙ... දන්නවනෙ හොස්ටල් එකේ ටොයිලට්...හිතට දයිරිය අරන් මං බාත් රූම් එකෙන් එලියට ආවා.... ලොකු සීතලක් එක්ක... හුලගක්... හැමුවෙ.. හරියට උඩට යන්න එපා කියන්න වගේ....මම පඩියෙන් පඩිය පඩිපෙල නගින්න ගත්තා..පඩිපේලියෙ උඩ සුදු චායාවක් ඇති වෙලා නැති වෙලා ගියා...මාව ගල් ගැහුනා.... හිතේ බයත් එක්ක... මුලු ඇගම වෙව්ලන්න ගත්තෙ ඒ දෙවනත් උනු යටිගිරි හඩත් එක්ක... බයටම මාව උඩට දිවවුනා... ඒ ඉතිපිසෝ ගාතාව කියන ගමන්..එකපාරටම මගේ දිවිල්ල නැවතුනා.. අඩියක්වත් තියාගන්න බෑ... එතකොටම මගේ උරහිසට සීතල අතක් තියනව දැනුනා... බයටම මගේ කටත් ගොලු වෙලා... සීතල ස්පර්ශය ටිකෙන් ටික දැඩි වෙල... මගේ මුලු ඇගම පන නැතුව ගියා... එතකොටයි මං දැක්කෙ ඒ අමනුස්ස මූන... මූනෙන් ලේ බේරමින්...මං දිහා බලං හිටියෙ කෝදාගොඩ...
මට සිහි නැති වෙන්නැති නැත්තං මායවක් වෙන්නැති කොහොම හරි මට සිහි එනකොට මම හිටියෙ... පාඩම් කරන පොත් මේසයක් උඩ...මං වටපිට බැලුව.. මේ අපෙ ස්ටඩි රූම් එක...ඒත් ...ඒත්... මං හිටිය මේසෙ ඇරෙන්න තිබ්බෙ.. තව එකම එක මේසයයි... එතන පොඩි ලමයෙක් හිටියා.... එයා හිටියේ.. පෑනකින් මේසයට තට්ටු කරමින්. මං කතාකලා.. මල්ලි? ....
එකපාරටම ඔක්කොම අදුරු උනා... මට දැනුනා කලින් දැනුනු අර මරනීය සීතල මගේ බෙල්ල වටේ යනවා... ඒ ස්පර්ශය ටික ටික තද වෙන්න ගත්තා... දඩු අඩුවකට අහු උනා වගේ....මම මරලතෝනි දුන්නා....
මට සිහි එනකොට මම හිටියෙ කුකුලගෙ රූම් එක ගාව....රූම් එකේ ලයිට් දාල... මගේ ඇගට ලේ ඉනුවෙ ඒක දැක්කට පස්සෙයි...මම දුවගෙන ගිහින්... දොරට ගහන්න ගත්ත... ලග පල්ලියෙ 2 කණිසම වැදුනෙ දැනුයි.... එක පාරටම දොර නිකංම ඇරුනා.... මං ඇතුලට ගියේ... උපුල් සර් කියල කතා කරන ගමන්... එකපාරට්ම දොර වැහුනා... කාමරේ තිබ්බ ලයිට් එකේ එලිය හිමින් හිමින් අඩු වෙලා කාමරේම අදුරින් වැහුනා... කාමරේ ඈත කොනක විතරක්...පුංචි එලියක් විහිදුනා... ඒ දිහාවට මම හිමින් හිමින් ලං උනේ.. බයෙන් හිත කීරි ගැහෙද්දි... එකපාරට කාමරේම එලිය උනා.. ඒත් කාමරේ තිබුනෙ එකම දෙයයි... ඒ.. ඒ.. බෙල්ල වැල දාගත්ත්ත කෝදාගොඩගෙ මිනිය....ඔලුවෙන් ආපු සීතලක් එක්ක මගේ මුලු ඇගම පණ නැතුව ගියා...මං එතනම පාත් උනේ.. බිත්තිය තදින් අල්ලගෙන ඊට පස්සෙ ආපු අමනුස්ස ලතෝනියත් එක්ක මාව සිහි නැති වෙන්න ඇති...
මාව ආයි ඇහැරුනේ බෙල්ලෙ ලොකු වේදනාවක් එක්ක... මම වටපිට බැලුව...මම හිටියෙ හොස්ටල් එකෙන් එලියෙ... අඹ ගහ ගාව..... මට දැනුනෙ බෙල්ල හිරවෙනව වගේ.. දෙයියනේ... මගේ බෙල්ලෙ ලනුවක්...මාව එකපාරටම... අඹ ගහ දිගේ උඩට ඇදෙන්න ගත්තා.... දෙයියනේ... එපා... එපා.... මං මර ලතෝනි දුන්නත්... කිටි කිටියේ වෙලුනු ලනුවෙන් මගේ හුස්ම ටික ටික හිර වෙන්න ගත්ත....ටික ටික බොද වෙන්න ගත්ත ඇස් දෙකෙන් මං දැක්කෙ ලේ බෙරෙන කටෙන්... හයියෙන් හිනාවෙන කෝදාගොඩ....මට අන්තිමට ඇහුන ඒ වදන මගේ කනේ දෝකංකාර දෙන්න උනා....
"මං කිව්වනෙ මං උබලගෙන් පලි ගන්නව කියල"️
ලංකාදීප:-අද අලුයම කොලඹ ප්‍රසිද්ද විද්‍යාලයක නේවාසිකාගාරයේ සිසුවෙක් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇත....
වෛද්‍ය පරීක්ශන අනුව මරනය සිතුව ඇත්තේ අලුයම 2ට පමණය...පුදුමයට කරුණ නම් මේ මරණය විද්‍යාල නේවාසිකයේ සිදු වූ 11 වැනි සියදිවි නසා ගැනීම වීම පමණක්ම නොව ඒවා සියල්ල අලුයම 2ට පමණ සිදු වී තිබීමය...
සියදිවි නසා ගත් ශිෂ්‍යයින් පිලිවෙලින්:-
A.T. කෝදාගොඩ 2002
S.A. පියරත්න 2003
M.T.සෙනෙවිරත්න 2004
T.M.බන්ඩාර 2005
S.M.සෙන්දනායක 2006
A.R. සේනානායක 2007
W.T.සමරවිතාන 2008
M.N.ලොකුගේ 2009
S.කොඩිකාර 2010
E.R.වලිසිංහ 2011
P.K.HD.ජයරත්න 2012
(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
-හසිදු දේවින්ද ජයරත්න

මචන් මේ ගුරුකම්,කොඩිවින වගේ වැඩ ඇත්ත නම් ප්‍රභාකරන් වගේ ම්නිහෙක්ව මෙච්චර කල් මරන්න බැරි වුනේ ඇයි කියල හිතෙනව![]()
මචන්ලා...
අපේ අම්මගේ නංගී කෙනෙක් ඉන්නව... පිරිමි පේන්න බෑ.. හෙන ගේම.. පිරිමි එක්ක... තව තනියම ඉන්නකොට කුනුහරුපෙන් බනිනව...
කුනුහරුප ඉවරයි... බෙහෙතක් කරන්න යන්නවත් එන්නේ නෑ...
උබල හිතන්නේ මොකක් වගේද සීන් එක...

***copied***
මේක මගේ පලවෙනි කතාව..මේක මට වෙච්ච දෙයක්.. මේක උනේ හරියටම අපේ සීයගේ තුම් මාසේ දානෙට කලින් දවසේ රෑ.. අපේ ලගම නෑදෑයෝ ගොඩ දෙනෙක් ඇවිත් හිටියා අපේ ගෙදර.. ඒ දානේ වැඩ වලට උදව් වෙන්න.. ගොඩ දෙනෙක් හිටිය නිසා කාමරවල ඉඩ මදි උනා.. මමයි අපේ ලොකු අම්මගේ දුවයි එයාගේ මහත්තයයි අපේ මල්ලි හිටියේ සාලේ..
එදා උන විශේෂ දෙයක් තමයි සීයා මැරෙන්න කලින් හිටපු කාමරේ කවුරුත් නිදාගත්තේ නෑ.. ඒ බයට වෙන්නැතී.තවත් දෙයක් ඔයාලට කියන්න ඕනෑ .ඒ තමයි අපේ සීයා භූමීදාන කලේ අපේ ඉඩමේමයි.. වත්තේ පිටිපස්සට වෙන්න.. ඊට පහලින් පොඩි දොල පාරකුත් යනවා. රෑට ඒ පැත්ත බලන්නත් බය හිතෙනවා.. රෑට විතරක් නෙවෙයි දවල්ටත් එහෙමම තමා.. ඒ වටපිටාව .දැන් ආයේත් කතාවට එන්නම්කෝ ..
ඔන්න එදා රැ කව්රුත් සීයගේ කාමරේ නිදාගත්තේ නෑනේ..අනිත් කාමරවල නම් කට්ටිය පුරෝලා..අපි සෙට් එක සාලේ .. සීයගේ කාමරේට සාලේ ඉදන්ම යන්න පුලුවන් .. රෑ.. සේරම ලයිට් නිවලා සීයගේ කාමරේ විතරක් ලයිට් දාලා තිබුනා. ඒ ලයිට් එක ගොඩක් එලියයි. ඔක්කොම දැන් හොඳට නිදි.මං කෑල්ල එක්ක ටිකක් හුරතල් උනා ෆ්හෝන් එකෙන්.දන්නෙම නැතුව මටත් නින්ද ගිහින් ..
රැ එකපාරටම මාව ඇහැරුනා.මොකකටවත් නෙවෙයි චූ බරක් හැදිලා.එහෙමම වෙලාව බැලුවා පෝන් එකෙන්. 12.47යි. එලියේ ලයිට් එකත් දාගෙනම ගියා චූ කරන්න . අපේ සීයා මැරිල,දානේ.. ඒ කතා කිසි එකක් ඔලුවේ තිබුනෙ නෑ..
කොහොමහරි චූ කරන්න ගියේ සීයා හිටපු කාමරේ පිටිපස්සේ තිබුන ජනේලය ගාවට.ඔන්න දැන් මගේ බර ටික ටික නිදහස් කරන ගමන් නිකමට වගේ ජනේලෙන් කාමරේ ඇතුල බැලුනා..කාමරේ අඩ අදුරේ .ඇදේ කව්ද වාඩිවෙලා ඉන්නව දැක්කාා මතකද මං කලින් කිව්වා සීයගේ කාමරේ විතරක් ලයිට් දාලා තිබුනා කිව්වා .දැන් ඒ කාමරේ ම කලුවරෙේඑ කාමරේ කවුරුත් නිදාගත්තේත් නෑ..
මේ දේවල් කිසි එකක් ගානක් උනේ නෑ මං නිඩිමතේ හිටපු නිසා. කොහොමහරි චූත් කරලා ඇවිත් ආයේත් නිදාගන්න ලෑස්ති උනා.. නිකමට වගේ සීයගේ කාමරේ දිහා බැලුවා .
දෙවියනේ!! එතකොට තමයි මට දෙලෝ රත් උනේ.. මං ජනේලෙන් දකිනකොට කාමරේ කලුවරයි.වාඩිවෙලා හිටපු කෙනාගේ හැඩරුවත් කාගෙද කියලා මතක්ුනේ.. ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ හිටියේ අපේ මැරුන සීයා .සීයා ජීවත් වෙලා ඉන්නකොටත් හිටියේ එ විදියට තමයි ... එවලේ කලුවරට තිබුන කාමරේ දන් හොඳට ලයිට් එක දාලා එලියයි. දාලා තිබුන ෆෑන් එකට එ කාමරේ දොර රෙද්ද හෙලවෙන එකෙන් මගේ බය තවත් වැඩි කලා .. මට ඉබේට බැලුනේ සීයගේ මල් මාලේ දාපු පොටෝ එක ඩිහා..සීයා මා දිහා බලන් ඉන්නව වගේ දැනුනා..ඇගේ මයිල් කෙලින් වෙලා .. එලිවෙනකන් මං නිදාගත්තේ නෑ ..
පහුවදා දානේ හොදට කෙරුන. උන දේවල් ගැන කාටවත් කියන්න ගියේ නෑ.නෑ.කට්ටිය බයවෙයි කියලා .. හැබැයි කාටවත් කරදරයක් උනේ නෑ ..

මේ ත්‍රෙඩ් එක අප්ඩේට් වෙන්නෙත් නෑ දැන්,,... හොල්මනුත් රට දාලා ගිහින්ද කොහෙද ......