වාහනය තරමක් ඉදිරියට ගනිද්දීම...
මිනී පෙට්ටිය "ඩොග් " ගා ගැස්සුනේ දුරක සිට වේගයෙන් දුව ආ මොකෙක් හෝ එය උඩට පැන්නාක් යැයි සිතෙන ලෙසය....
" මො.. මො.. මොකක්ද ඒ.... "
බැස ගියොත් මහා කැලය, කාරයේ සිටියොත් මළ මිනියක්... මා කුමක් කරම්ද.... කරන්නට දෙයක් නැත.. සිත දැඩි කර වේගය වැඩි කලේ ගමනාන්තය තව සුලු දුරකින් එලබෙන නිසාය.
නමුත්...
" ක්ර්.....ස්.... දොහ් ඩිග් ඩිග්...."
මොකෙක් හෝ පෙට්ටිය සූරමින් දගලයි....
පසු පස බලන කන්නාඩියෙන් මොකෙක්වත් පේන්නට නැත...
දෙයියො බුදුන් සිහි කලත් කනට ඇසෙන දේ අඩු වුනේ නැත...
එය එන්න එන්නට වැඩි වූවා පමණි.
රථය නතර කල තැනදී අමනුස්ස බැල්මක් වැටුන බව නිසැකය...
උගුරකට වියලී ඇත...
මටත් නොදැනිම වලවල් පිරුනු ගුරු පාරේ හැකි උපරිම වේගයට රිය පැදවූයේ බියටමය...
පලක් නැත මොකෙක් හෝ මිනී පෙට්ටිය අරින්නට මාන බලයි..
පෙට්ට්ටියේ පියන් දඩ දඩ ගා ඈත් වෙමින් නැවත් වැසෙයි...
ඒ වේගයෙන්ම අගේ පපුවත් ගැහුනේ බිය ඉහවහා ගිය තැනය..
එයින් නතර වූයේ නැත...
වාහනය පසුපසින් හීන් කෙදිරිලි හඩක් ද ඇසෙන්නට වූයේ මගේ සියොලඟ ම දහඩියෙන් තෙත් කරමිනි. මගේ හුස්ම හඩ මටම ඇහෙද්දී
" ම්ම්ම්ම්ම්ම් .... ම්ම්ම්ම්ම් "
ලෙස කෙදිරිය ඇසේ... දෙයියනේ මේකිට පණ ඇවිත්.... මගෙ සිත කියද්දී කැලය දෙවනත් කරමින් කැලේ මැදින් මහා විලාපයක් ඇසුනේ මරු පහරක් කෑ ගැහැනියක් බව නම් විස්වාසය.
එක් වරම මිනි පෙට්ටි පියන් අගලක් පමණ ඈත් කරමින් දඩාස් ගා ශබ්ධයක් ඇසෙත්ම මා ඒ දෙස බැලුවෙමි... සියල්ල නිහඩ විය....
"අම්මො......." ඉදිරියට හැරුනා පමණි ....
මට යාර 20ක් පමණ ඉදිරියෙන් කැලයෙන් මතුවූයේ හිසින් ලේ පෙරා ගත් කෙල්ලෙකි..
සුදු මැලි මූණ එක් පසක් ද ඇදුමද ඒ ලේ වලින් පෙගී තිබුනි...
අනිච්චානුගවම තිරිංග තද විය... පලක් නැත පැඩලය අඩියටම පෑගුවත් වේගය එසේමය.
වලට වැටෙද්දී තිරිංග හානි වන්නට ඇත . අත් තිරිංග ක්ෂණික ව ඇද්දෙමි.
තප්පර 2ක් ඇතුලත සියල්ල සිදුවන්නට ඇත ඈ තවමත් මා දෙස බලා සිටී... සිර වුනු රෝද ගුරු පාරේ ලිස්සා වට 2ක් පමණ රථය කැරකවී කැලයට විසි වී "දඩාං"
මහ හඩක් සමග ගසක පතිත විය...
මුලු ලෝකයම මා වටා කැරකේ... කීං යන ශබ්ධය කන් දෙක අගුල් දමා ඇත.
දැලක් දැම්මා සේ ඇස් බොද විය.. එහෙම්ම අසුනට බර වී හිස බදා ගතිමි.
නැවී තිබූ පැති කණ්ඩියෙන් කාරය ඇතුල මට පෙනුනත් ඒ පෙනුන දෑ සැබෑවක් විය නොහැකිය.
මිනි පෙට්ටිය ඇරී ඇත කාරයේ පසුපස දොරත් ඇරී ඇත..
මා දුටුවේ එයින් බැස ගත් ගැහැනියකගේ රූපයකි... මා මනො විකාර වී ඇත... කරකැවිල්ල වැඩි විය.
දෑස් වසා ගතිමි......
දෑස් විවර කරන විට මට අදහා ගත නොහැකි විය...
මා සිටියේ ලෑලි වලින් කල කාමරයක් තුලය...
"ආහ්... දෙයියනේ...." මට කියවිනි.
මා සිටි තැනට තරමක් එහායින් තබා තිබ්බේ මා ගෙන ආ මිනී පෙට්ටියයි....
වහලයේ එල්ලා තිබූ ආරෝපිත ලන්තෑරුමකින් කාමරයේ අදුර යාන්තමින් මැකී ඇත. තාමත් මේ කරුමය අවසන් නැතැයි මට සිතිනි.
මගේ අත් හා පා බැද දමා ඇති බව මට වැටහුනේ නැගිටින්නට උත්සහ කරද්දීය..
" මේ මොන මගුලක් ද ..."
කිසිවක් සිතා ගැනීමට නොහැකිය...
පැය කාලක පමණ වෙහෙසකින් පසු මට පලමුව දෑත් ද දෙවනුව දෙපාද ලිහිල් කර ගැනීමට හැකි විය.
වහාම දුව ගොස් දොර අරින්නට හැදුවත් එය පිටතින් අගුල් දමා ඇත... කිහිප වරක් උත්සහ කලත් පලක් නොවීය...
ඒ අසලම හිද පෙට්ටිය දෙස බලා කල්පනා කලේ අනතුරත් සමග මා දුටු දේ සැබෑවක්ද යන්නයි..
එය දැන ගැනීමට වෙන ක්‍රමයක් නැත.... මා මිනී පෙට්ටිය ඇරීමට තීරණය කලෙමි..
තීරණය ගත් විගස මුලු පරිසරය ම තවත් නිහඩ සහ අදුරු වූ බව මට හැගුනා විය හැකි ය.
අඩියෙන් අඩිය කිට්ටු කර මිනී පෙට්ටිය පාමුල දණ නමා අගුලු ඉවත් කලෙමි.
මෙයින් මා කුමක් බලාපොරොත්තු වේ දැයි මා නොදනිමි.
ප්‍රාර්ථනයක් නැත පාලු කැලයක් මැද මෙහි මිනිය තිබුනොත් ඒ සමග තනියම ඉන්නට සිදුවනු ඇත, නොතිබුනොත් මිනියට නැවත පණ ආ බව මට විස්වාස කරන්න වනු ඇත ... අනේ දෙවියනේ .....
දෑස් වසාගෙන එක් වරම පියන් මෑත් කලෙමි....
එහි මිනිය නැත... එහෙනම් මා දුටු දේ සත්‍යයක් ..... ඒ ගැන සිතන්නටවත් මොහොතක් ලැබුනේ නැත කාමරයේ දොර මහා හඩින් ඇරී සීතල සුලගක් හැමීය.
ඒ දෙස බලත් ම වැදුනු පහරකින් මා විසි වී ගොස් බිත්තියේ වැදිනි..
"වල් පරයා... තෝ අපිව විනාස කලා යකෝ...."
හැඩි දැඩි පිරිමියෙකි.... දඩු අඩු මෙන් දෑත් වලින් මගේ ගෙල මිරිකාගෙන ඌ කෑ ගසයි.
ඌ කියන දේ තේරුමක් මා දන්නේ නැත. මා දැන දැන වරදක් කලේ නැත
එය තේරුම් කරන්නට වරම් නොලද මට තේරුනේ දෑස් දැවිල්ලකි. ඒවා එලියට පනීවි යැයි මට සිතිනි .
වැරෙන් හුස්ම ගත්තත් උගුරෙන් පහලට ඒවා ගලා ගියේ නැත... දෑස් පියවීමට ආසන්න වත් ම මා බොදවූ දෑසින් දුටුවේ ඌ පිටුපස සිටගෙන සිටි ලේ නැහැවුනු ගැහැනියකි...
"චරස්"
"හික්"
උගේ දෑත් ලිහිල් විය... උගේ කටින් ගලා ආ ලේ මගෙ මුහුණ පුරා වැක් කෙරුනේ පිලිකුල් කරමිනි .
උගේ කටින් මතුවී තිබුනේ ලී උලකි... තප්පර කිහිපයක් මා දෙස බලා සිටි ඌ දඩහ් ගා බිම පතිත විය..
ලේ පෙරා ගත් ගැහැනිය කැලය මැදින් රථයට පැන්න තරුණිය බව මට සිහි විය .
ඇය අඩියෙන් අඩිය මා වෙත ලං විය...
මෙය මාගේද අවසානය වනු ඇත.
ඈ තවත් ලං වී මගේ මුහුණට බර විය....
"නැගිටින්න ඉක්මනින් මෙතනින් පැන ගමු...."
සති 2කට පසු..
"මිනී කාර් රියදුරු ගේ ඔත්තුවෙන් ජාවරම් කරුවන් දැලේ..."
"රූමත් තරුණියන් පැහැරගෙන ගොස් විදෙස් රට වලට විකිනූ ජාවාරම් කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසු කර ගැනීමට පසුගිය දා මාතර පොලීසිය සමත් විය. විශේෂත්වය නම් මෙම කාන්තාවන් ප්‍රවාහනය කර තිබුනේ මිනී කාර් වල මළ සිරුරු ලෙසයි. මිනී රථ පහසුවෙන් පොලිස් නිරීක්ෂණයට ලක් නොවන නිසා මේ ජාවාරම සෑහෙන සාර්ථකව කර ඇති බව සදහන්. සිහි සුන් කල කාන්තාවන් මිනි පෙට්ටි තුල සගවා ඇල්ලකන්ද ප්‍රදේශයට ගෙනැවිත් රාත්‍රියේම මාතර පාතෙගම ට ගෙනගොස් ධීවර බෝට්ටු මුවාවෙන් මුහුදු මගින් වෙනත් රට වලට අලෙවි කර ඇති බව විස්වාස කෙරේ. මෙහෙයුම සදහා ඔත්තුව ලබා දුන් මිනී කාර් රථ රියදුරු රුවන් කුමාර මහතාට පොලිස් උත්තමාචාරය හා ස්තුතිය හිමි වන බව මාතර පොලිස් ස්ථානධිපති තුමා තව දුරටත් කියා සිටියා..."
"ඔහොම තමා ආර්ටිකල් එක එන්නේ. මෙ ඉරිද පත්තරෙන් බලන්න පුලුවන් මේ හොදයි නේද..."
"අනේ මට නම් ඕව තේරෙන් නෑ... "
මම කීවෙමි.
"ඒක නෙමෙයි එතකොට ඔයා අරන් ගිය මිනි පෙට්ටියෙ කෙල්ලට මොකද වුනේ..." වාර්තා කරු ඇසීය.
"ඒක නම් මම දන්නෙත් නෑ.. මට එයාගෙ මූණ දකින්න වුනේම නෑනේ... හ්ම්ම්ම් දෙයියන් ගෙ පිහිටෙන් මම පාප කර්මයක් කර ගන්න ගිහින් පණ බේරගෙන ආවා කියලා විතරයි මම දන්නේ..."