එළකිරි භූත කොටුව.........

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    යාළුවො එක්ක රස්තියාදු ගහන එක පැත්තකට දාලා නොච්චියාගම රංජිත් මහත්තයා (පැත්තේ වැඩ්ඩෙක්, නොදන්න එකෙක් නැ) ලගට ගියා ජොබ් එකක් හොයාගෙන..
    කොහොමහරි මහත්තයා මට මුලින්ම ජොබ් එකක් කියලා දුන්නෙ එයාගෙ තිබ්බ බැකෝ එකේ ඩ්‍රයිවර්ට අත් උදව්වට වගේ ඉන්න. ලොකු පඩියක් නම් මුලින් ලැබුනේ නෑ ඒත් කට්ට කාගෙන හිටියා..
    එතන හිටිය ඔක්කොම ෆිට් උනා. රංජිත් මහත්තයත් මට පස්සෙ හොදට සැළකුවා.
    මොකද මම වැඩ ඉක්මනට ඉවර වෙන දවස් වලට මහත්තයලගෙ අනික් වැඩ වලටත් උදව් වෙන නිසා..
    කොහොමහරි මම වැඩට ගිහින් මාස පහක් වගේ වෙද්දි බැකෝ එක පදින්නත් පුරුදු උනා.


    2sEjNIT.jpg

    ඊට පස්සෙ ඉතිං ඩ්‍රයිවර් මං එක්ක ගියාට එයා එයාගෙ වැඩ කරගන්න යනවා මම තමයි බැකෝ එකෙන් වැඩ කරන්නෙ..

    දවසක් මහත්තයා මට කතා කරලා කිව්වා දුමින්ද පොඩි වැඩක් තියේ කරන්න පුලුවන්ද කියලා,
    ගල් වලක් තියනවා ඒකෙ මඩ ටික අයින් කරලා හාරලා දියන්,
    හෙටම වැඩේ පටන් ගනින් කියලා මට එතනට යන පාරත් කිව්වා.
    කොහොමහරි මම පහු වෙනිදම එතනට ගියා.
    ඒක ලොකු පොකුණක් පඩි පහකුත් කොටලා තියනවා.


    V43YxLM.jpg

    මිනිස් පුලුටක් නැ පේන මානෙක, හුලග නන් තියෙනව මොනව නැතත්.
    ඉතිං මම දැං බැකෝ එකත් දාගෙන අඩියෙ තිබ්බ මඩ හාරන්න ගත්තා, ටිකක් වෙලා ගිහින්
    උදේ තේ එක බොන්න ගහක් යටට ගිහින් ගෙනාපු බනිසෙත් අරන් වාඩි උනා..

    මට අදෝනාවක් ඇහෙන්න ගත්ත,

    ගෑණු කෙනෙක් වේදනාවෙන් කෑ ගහනවා වගේ,


    hOAKHa7.jpg

    මම ගිහින් බැලුවාම පොකුණ දිහායින් එන්නෙ පොකුණ ලගට ගියාම පොකුණ ඇතුලෙන් තමයි අදෝනාව එන්නෙ.
    හරියටම ආආආආආආ කියලා කෑ ගහනවා වගේ...
    මම එච්චර ඒක ගනන් නොගත්තෙ හුළං පොකුණු කටෙ වැදිලා එන සද්දයක් වෙන්න ඇති කියලා...

    මේ අදෝනාව/සද්දේ මන් වැඩ කරන වෙලෙත් සැරින් සැරේ අහෙන්න ගත්ත,


    9yh44YN.jpg

    ගැනියෙක් තියා බල්ලෙක් වත් නැති හින්ද,
    මන් දිගටම හිතුවේ මේ හුලග අර පොකුනෙ තියෙන ගල් දෙබොක්කාවේ/පොකුණු කටෙ වැදිල එන සද්දේ කියල,

    ඔහොම දවල් වෙලා කෑම එකත් කාලා සිකරට් එකක් ගන්න ගමේ කඩේට ගියාම ඔතන හිටිය ගෑණු කෙනෙක් මගෙන් විස්තර ඇහුවා..
    මම ඉතිං කිව්වා පොකුණෙ මඩ හාරන්න ආවේ අරකයි මේකයි කියලා.


    එතකොට මේ ගෑණු කෙනා කිව්වා පුතේ ඕකේ කතාවක් තියනවා ලොකු නිධානයක් තියනවා කියලා,
    ඒකෙ අරක්ෂාවට ඉන්නෙ යකින්නක්ලු.. කලයක් උකුලෙ තියන් ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් අම්මා දර කඩන්න ගියා එයා එන්න කලින් යන්න කියලා කියාගෙන අර පොකුණට රිංගනවාලු.


    pUIdgiA.jpg

    ඔයිට කලින් ඔතන දෙතුන් දෙනෙක් නිල් වෙලා ගල උඩ මැරිලා හිටියා තනියම හිංදා කෝකටත් පරිස්සමෙන් හිටහං කිව්වා.

    මටත් මාර බයක් ආවා එවලේ ඒත් ඉතිං රස්සාව කරන්නත් එපැයි.
    වැඩිය නොහිතා ආයෙ වැඩ පටන් අරන් හවස 3 විතර වෙද්දි පොකුණෙ ගොඩක් මඩ අයින් කරලා ඉවර උනා..
    ඔහොම හාර හාර යද්දි එක පාරටම බැකෝ එක නතර උනා..
    මමත් ඉතිං බැහැලා ඇවිත් මොකක්ද ලෙඩේ කියලා හොය හොය ඉද්දි..... අර ගෑණු කෙනා කිව්වා වගේම කෙල්ලෙක් ආවා.

    ඒකි මට පිටුපාලා හිටියේ මම ඒකි දිහා බලද්දිම අම්මා එන්න හදන්නෙ ඉක්මනට පලයන් කියලා හයියෙන් හිනා වෙලා කෑ ගහගෙන පොකුණ්ට පැන්නා..

    මම බය උන පාරට බුදු අම්මො කියාගෙන දිව්වා.. දිව්වා .


    bFz2pc1.jpg

    කොහොමහරි මම ගෙදරකට දුවලා විස්තරේ කිව්වා..
    ඒ අයත් මාව තියාගන්න ටිකක් අදි මදි කරපු හිංදා, මම බැකෝ එකත් එතන දාලා බස් එකේම මහත්තයගෙ ඔෆිස් එකට ගිහින් විස්තරේ සේරම මහත්තයට කිව්වා..
    එතකොට මහත්තයා මටත් කුනුහරුපෙන් බැනලා අපි තමයි යක්කු තොපිට ඉන්න යක්කු එන්නෙ නැතෑ මටත් කෙලින්න හෙට මම යන්නම් කියලා මහත්තයා පහු වෙනිදා උදේම ලෑස්ති වෙලා තනියම පොකුණට ගියා..

    කොහොමහරි මහත්තයා බැකෝ එකට නැගලා විනාඩි දහයක් ගිහින් නෑ. මට උනා වගේම වෙලා.. ඒ විදියටම කෙල්ලත් ඇවිත් අර විදියටම කියලා.. කිව්වට විස්වාස කරන්න, මහත්තයා මට වඩා දුර දුවලා


    PRFLpk3.jpg

    බැකෝ එක ගෙනාවෙ ඊට දවස් දෙකකට විතර පස්සෙ..ආයෙ ඒ පොකුණෙ මඩ අයින් කරන්න ගියේ නෑ .. හොල්මන් යක්කු නෑ කිව්ව මහත්තයා මේ සිදිධියෙන් පස්සෙ යන්තරම පහක් විතර එල්ල ගත්තා.මටත් යන්තරයක් දැම්මා.

    1q0ZZwi.jpg



    අත්බූත ලෝකය
    kellage photo ekak nadda?
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    සමන්තිකා 1


    රෑ අට පහුවෙලා. රබර් ෆැක්ටරියෙ වැඩ ඇරිලා ගෙදර යන්න කියල සමන්තිකා පාර බලාගෙන හිටියෙ සීටීබිය එනකං. හැමදාම ගාට ගාට එන නිසා සමන්තිකාටත් එදා දවසෙ බස් එක එනකං ඉන්න එක අරුමයක් උනේ නැ. බස් එක ආවා. සෙනග කට කපලා. පිටිපස්සෙ ෆුට් බෝඩ් එකේ රස්තියාදු කොල්ලෙක් සිගරට් එකක් ඇද ඇද හිටියෙ. ඒ තමා සමන්තිකාගෙ කලාන් ලව් එක ජගත්. ඌ වටේටම අල්ලං යන නිසයි සමන්තිකා ඌව අතෑරියෙ. ඌ වැඩ කලේ මැණික් පතලක නිසා මාසෙට සැරයක් ගෙදර ආවෙ.. ඌ සමන්තිකාව දැක්කා. සමන්තිකා මාර හැඩයි. මූ කන්න වගේ බලාගෙන හිටියා. දවස් කීපයක් මූ සමන්තිකාව නෝටීස් කරං හිටියෙ. ඌ දැනගත්තා සමන්තිකාට කොල්ලෙක් නැති බව. සමන්තිකාටත් දැනගන්න හම්බුනා මූව පතල් රස්සාවෙන් අයින් කරලා කියල. දැන් කඩේක බඩු කිරනවා කියලත් දන්නවා.ඔන්න සමන්තිකා වෙනද⁣ වගේම අදත් පාරෙ. ගම් වල රැ උණාම පටට මූසලයි. ඊ⁣ට හපන් අද වැහැලත් එක්ක. මේ හරියෙ රබර් වත්තක් තිබ්බ නිසා මූසල දෙගුණ තෙගුණ වෙනවා. සතියකට පස්සෙ සමන්තිකා ආපහු වැඩ ඇරිලා බස් එකේ ආවා. එදත් කට කපල සෙනඟ. කොහොමහරි සමන්තිකා පැය බාගෙකින් වගේ බහින තැනින් බැහැගත්තා පොර කාගෙන. අන්තිමේට බැහැල සමන්තිකා⁣ගෙ.ගෙවල් වලට යන අතුරු පාරට හැරුණා. සමන්තිකා යද්දි සමන්තිකාට අඩි සද්දයක් ඇහෙනවා. සිගරට් ගඳකුත් එනවා. සමන්තිකා හැරුණා. අරූ තනිකර යකා වගේ, සමන්තිකා කතා නොකරම ඇවිදං ගියා. අරූ වවපු කොණ්ඩෙ කඩාගෙන කමිසෙ බොත්තම් ගලවලා වල් හිනාවක් දාගෙන සමන්තිකාව ෆලෝ කර කර හිටියෙ. සමන්තිකා බයටමත් එක්ක වේගෙන් වේගෙන් ඇවිදං ගියා. පාළු පාර නිසා කිසි කෙනෙක් පේන්න හිටියෙ නෑ. අරෑත් වේගෙන් ඇවිත් සමන්තිකාව අල්ලගත්තා. ඌට පිස්සු වගේ. සමන්තිකා කෑ ගහන්න හදද්දි ඌ සමන්තිකාගෙ කට තද කරං පාරෙන් ඇදගෙන රබර් වත්තට උස්සං ගියා. කරන්න තියෙන නරකම දේ ඌ සමන්තිකාට කරා. ඉන් පස්සෙ කෙල්ලව එතනම දාල ඌ පැන්නා. ඉන් පස්සෙ කීප දවසක් සමන්තිකා මූ එක්ක කතා කරන්න හැදුවා. මූ ගණං ගත්තෙ නෑ. මාස දෙක තුනක් ගියා. අර රස්තියාදුකාරයාට කසාදයක් ලෑස්ති කරල තිබ්බෙ ගෙදරින්. මූ පට්ට හැපනින්ග් එකේ හිටියෙ. වෙඩිම දවසෙම සමන්තිකා බඩත් උස්සගෙන ආවා අම්මයි තාත්තයි එක්ක මූව හොයාගෙන. අන්තිමට ගෙදර උන්ට සිද්ධ උණා වෙඩිම නවත්තන්න. ජගත් ගෙ පවුලෙ උන් බලං හිටියෙ සමන්තිකාව කොහොමහරි ජගත් ගෙන් අයින් කරන්න. වැඩේ හරි ගියෙ නෑ. ජගත්ට සමන්තිකාව බඳින්නම උණා. බැඳල ගිය දවසෙ ඉඳන් ගෙදර ගෝරි. සමන්තිකාව නොමරා මරපු ටික විතරයි. නින්දා අපහාස එක්ක සමන්තිකා කටුක ජීවිතයක් ගෙව්වෙ. ඒ අස්සෙ ජගත් බඳාින්න හිටි එකී ගෙදර එන්න යන්න ගත්ත⁣. ජගත් ඒකි එක්ක මුකුළු කර කර සමන්තිකාට වදදුන්නා. හොඳම සීන් එක සමන්තිකා ඉද්දි කාමරේට වැදුණු ජගත් අරකි එක්ක බුදියගත්ත එක. සමන්තිකාට දරුවා ලැබෙන්නත් ලගයි. මූට ගාණක් වත් නෑ. එදාත් මොර සූරන වැස්ස. සමන්තිකා කොච්චර ඇඩුවත් ගෙදර උන් කණකට ගත්තෙ නෑ. සමන්තිකා අමාරුවෙන් ගාට ගාට ඉස්පිරිතාලෙට යන්න පිටත් උණා. ඔක්කොමලම සමන්තිකාට කිව්වෙ මැරියං කියල විතරයි. වැස්සෙම කුඩයක් ඉහලගෙන සමන්තිකා ගෙදරින් එළියට බැස්සා. සමන්තිකාට වැඩි දුුර යන්න ලැබුනෙ නෑ සමන්තිකා ඇදගෙන බිම වැටුණා. සිහිය එද්දි සමන්තිකා හිටියෙ ඉස්පිරිතාලෙ. ළමයා නැතිවෙලා. සමන්තිකා විලාප දීලා ඇඩුවා. ආපහු ගෙදර ගියත් සමන්තිකාට විඳින්න උනේ දුක් ගැහැටමයි. නැන්දම්මා. මාමාණ්ඩි ජගත්ගෙ අක්කා. ජගත්. ජගත් ගෙ හොර ගෑණි එකතු වෙලා සමන්තිකාට උපරිම වද දුන්නා. අවසානෙදි සමන්තිකා පෝය දවසක ජගත් ගෙ කාමරෙ ඇතුලෙ එල්ලිලා මැරෙනවා.

    ඉවර නෑ.... හෙට දාන්නං ඉතිරි ටික
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    සමන්තිකා 2

    සමන්තිකා ගේ මිනියට අවසන් කටයුතු කෙරුණෙ සමන්තිලාගෙ අම්මලාගෙ දිහා. සමන්තිකාට හත් දවසෙ දානෙ දීගන්න කලින් සමන්තිකාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙන්නෙ දුව නැතිඋණ දුකට. මොකද ඒ දෙන්න ඒ වෙද්දිත් හාට් පේෂන් ලා දෙන්නෙක් නිසා. අවමගුල් දවස අවසන් උණාට පස්සෙත් ජගත්ගෙයි ජගත්ගෙ හොර ගෑනිගෙයි (දීපිකා) කථාව එච්චර සුන්දර උණේ නෑ. කොටින්ම ඒ ගෙදර කිසි දෙයක් සුභ පැත්තට සිද්ධ උණේ නෑ. සමන්තිකා මැරිලා දවස් හතක් ගියාට පස්සෙ තමා කට්ටියටම දෙලෝ රත්වෙන වැඩ සිද්ධ උණේ. සමන්තිකා මැරිච්ච දවසට පස්සෙ දවස් හතක් ගිහින් හරියටම සමන්තිකා මැරුණ වෙලාව උදා උණා. ගෙදර කට්ටිය සංගීතෙකට විනෝද වෙවී හිටියෙ. ජගත්, දීපිකා, ජගත්ගෙ අම්මා තාත්තා වගේම මිනිහ දාල ගිය ජගත්ගෙ අක්කත් රේඩියෝ එක සද්දෙට දාගෙන නට නට හිටියෙ. එක සැරේම අකුණක සද්දක් එක්ක ගෙදර කරන්ට් එක ගියා. කට්ටියගෙම සංගීතය නතර ‍උණා. මේ ගෙදර විසාල ගෙදරක්. ඒ වගේම පරණයි. කරුවල උණාම පට්ටම මූසලයි. ජගත් දීපිකාවත් අරං කාමරේට ගියේ ජිගියක් දාන්න කියලා. අනික් අයත් තම තමංගෙ කාමර වලට ගියේ මේ වෙද්දිත් වහින්න පටන් අරං නිසා. ගෙදර හැල හොල්මනක සද්දයක් නෑ. ජගත් දීපිකාගෙ රෙදි ගලවන්න හදද්දිම දැක්කෙ ජනේලය ඇරිලා ජනේල් රෙද්ද හුලගට වැනෙන විදිහ. ජගත් දීපිකාව හාන්සි කරවල ජනේල් පියන් වහන්න ඒ පැත්තට ගියා එක පාරම අකුණු එලියක් එක්ක සුදු ඇඳගත්තු, කොණ්ඩෙ කඩාගෙන යක්ෂනියක් වගේ ගෑණියෙක් හිටං ඉන්නහැටි ජගත් දැක්කා. අකුණෙ එලිය ඇතිවුණු තප්පර ගාණින් පස්සෙ ආපහු ඒ රූපෙ පෙනුනෙ නෑ. ජගත් හොඳටම බය වෙලා හීන් දාඩිය දාගෙන ආවෙ දීපිකා ලගට. ජගත් ගෙ ජිගි සීන් එක හොඳටම බැහැල තිබ්බෙ. දීපිකා ට කතා කරපු ජගත් ටෝච් එකත් අරං ආපහු ජනෙල් පැත්තට ගියා. කවුරුත් පේන්න නෑ. ජගත් ජනෙල් වහන්න කියලා හැදුවා විතරයි එලියෙ හිටපු කවරුහරි ජගත්ව එලියට ඇදල ගත්තා. දීපිකා විලාප දුන්නා. ඒ සද්දෙට හැමෝම දුවගෙන ආවා. ඒත් එක්කම ලයිට් ආවා. ජගත් ජනේලෙන් එලියට වැටිල බිම හිටියෙ. ජගත්ගෙ කකුල කැඩිලා. හොඳම වැඩේ ජගත් පිස්සුවෙන් කියව කියව හිටියෙ. මොකද ඒ ඇදලගත්ත කෙනාගෙ මූණ ජගත් හොඳටම දැකල තියෙන නිසා. ඒ සමන්තිකා. සමන්තිකාගෙ මූණ ඉදිමිලා තිබ්බෙ එදා මිනිය තිබ්බ විදිහටම. පහුවදාම සිංහල වෙද මහත්තයෙක් හම්බවෙලා පත්තු බැඳලා කට්ටියම ගියේ ගුරුන්නාන්සෙ කෙනෙක් ලගට. එහිදි ගුරුන්නාන්සෙ පේන බලල කියන්නෙ කිසිම බූත දෝෂයක් නෑ කියලා. කට්ටියම හිත හදන් ආවට ඒ වෙලාවෙ ගුරුන්නාන්සෙගෙ ඇගේ වැහිල හිටියෙ සමන්තිකා බව කවුරුත් දැනං හිටියෙ නෑ. දවස ගානේ ජගත් හොඳ වෙනවා වෙනුවට ජගත් ගෙ තුවාල එන්න එන්නම වැඩිවෙන්න ගත්තා. ඔය අස්සෙ දීපිකා බඩ උණා. කසාදයක් නැතුව බඩ උන නිසා දීපිකාලගෙ ගෙදරින් සතපහක්වත් නොදී ජගත් ගෙ ගෙදරට දීපිකාව පැන්නුවා. ජගත් ගෙ අක්කා බර බරේ දාගෙන සීන් එක අදින්න ගත්තා ඩවුරියක් නැතුව ආපු එකට. ‍රෙජිස්ටාර් කෙනෙක් ලග දෙන්නා බැන්දෙ ගමටවත් නොකියා. ගෙදර නෑනලා දෙන්නා නයයි පොලගයි වගේ උනා. ඔය අස්සෙයි හිටි හැටියෙ ජගත් ගෙ අක්කා සෝමාගෙ දාල ගියපු මිහින එන්නේ.


    මතු සම්බන්ධයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ප්‍රදීප්ට අවුරුදු විසි දෙකයි. රස්සාවට කළේ ත්‍රීවිලර් හයර් කළ එක.
    කෝන්වැව හන්දියේ බෝ ගහ යට තිබුණු ත්‍රීවිලර් තුනෙන් ප්‍රදීප්ගේ රථය බොහොම පහසුවෙන් වෙන්කරලා හඳුන ගන්න පුළුවන් කම තිබුණා.

    OduSuSm.jpg

    ඊට හේතුවුණේ ඒ ගී පද දෙපේළිය.

    අනෙක් හැම කොල්ලෙක්ටම වගේ ප්‍රදීප්ටත් හීන තිබුණා. හැම හීනෙකම ඉන්නවා වගේ දෙව්ලියක් ප්‍රදීප්ගේ හීනේ හිටියා. ඒත්....එක දෙව්ලියකට ඉන්න පුළුවන් එක හීනයක විතරයි. ඇය - කුමාරි. ප්‍රදීප්ගේ සිහින සුන්දර කරන්න හොරෙන්ම ගොඩ වැදුණත් ඒ වෙද්දිත් ඇය හිටියේ වෙනකෙකුගේ හීනයක දිව්‍යාංගනාවක් වෙලා.

    il6clnb.jpg

    සම්මතයන් වැව් පතුළේ ගිලිලා යද්දි, කුමාරි ප්‍රදීප්ගේ ලෝකයේ හීන මාලිගා තැනුවේ හැමෝටම පෙනෙන වැ කණ්ඩිය මත ඉඳගෙන. හුළඟ ඒ ඕපාදූපය අජිත්ගේ කනට කොඳුරන්නැති. තමන්ගේ හීන කුමාරිය - කුමාරි, වෙනකෙක් එක්ක පවත්වපු හාදකම අජිත්ගේ කෝපය ඇවිස්සුවේ වැවේ වාන පිටාර ගලනවා වාගේ. වතාවක් දෙකක් අජිත් ප්‍රදීප්ට තර්ජනය කරලත් තිබුණා....

    6kMPOiz.jpg

    එදා මාසේ පෝය දවසක්. රේල් පාරත් මහ වැවත් අතර මැද අක්කර ගණනාවකම ඉරිඟු හේන් යාය වැහිලා තිබුණේ ඝන අන්ධකාරයකින්. වැව ඉස්මත්තේ කැලෑ රොදට වෙලා 'හූ' කියපු හිවලුන්ගේ මූසල ඇඬියාව ගම්මානයට කැන්දගෙන ආවේ මරණීය භීතිකාවක්ම විතරයි. ඒ උඩුබුරලීම් වලට සොහොන් පොළේ නිදිගත් මළවුන් පවා ඇහැරෙන්න ඇති.
    හන්දියෙන් තමන්ගේ රිය හරව ගත්තු ප්‍රදීප් ගම්මානේ දිහාවට තනියම ඇදුණේ මුළු ඇඟම කිලිපොළන මේ හඬවල් මැදින් කට්ට කරුවලේම.

    rLu69a8.jpg

    අපි දන්නේ නැහැ ඊළඟට මොනවිදිහේ දෙයක් වුණාද කියලා.

    ඒත් පහුවදා පාන්දර කැබලි ගණනාවකට බිඳුණු ප්‍රදීප්ගේ මළ මිනිය හම්බුණා.


    OpAwTOg.jpg

    ඒ තිරිකුණාමල දුම්රිය මාර්ගයේ දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ තිබිලා. දුම්රියට හසුවෙලා තිබුණු නිසා මළ සිරුරෙන් වැඩි දෙයක් කියැවුණේ නැහැ. රේල් පාරේ තැන් තැන් වල වැටිලා තිබුණු කළු තෙල් ඒ සිරුර පුරා තැවරිලා තිබුණා. ඊට මදක් ඔබ්බෙන් දුම් රිය හරස් මගේ පැත්තක නතර වෙලා තිබුණේ ප්‍රදීප්ගේ ත්‍රී රෝද රථය.

    ඉරිඟු යායට, රේල් පාරට, පාන්දර පින්නට කියන්න දේවල් ගොඩක් තියෙන්නැති 'සිය දිවි නසා ගැනීමක්' ලෙස සටහන්වුණු මරණ පරීක්ෂණ වාර්තාවට හාත්පසින්ම වෙනස් දෙයක්......

    ප්‍රදීප්ගේ තුන්සක රියේ පිටිපස්සේ තිබුණු ගීපද කාලයත් එක්ක වැස්සට මැකිලා යද්දි ඒ සිදුවීමේ මතකයන් ගම්මුන්ගේ හිත්වලින් ඈත් වෙන්න වුණා.....

    මාස දෙක තුනකට පස්සේ දවසක රෑ ජාමේ ගමේ රත්නායක මාමා රේල් පාරේ සිල්පර කොට උඩින් පැන පැන ඇවිත් දහතුන්වෙනි සැතපුම් කණුව ළඟට කිට්ටු වුණේ තමන්ගේ ඉරිඟු හේනට යන්න හිතාගෙන. ඒත්..... රේල් පාරෙන් හේන පැත්තට හැරෙද්දි එක පාරටම පිටිපස්සෙන් ඇහුණේ පුරුදු කට හඬක්.

    "මාමේ..."

    රත්නායක හැරිලා බැලුවා.

    "මාමේ.....අනේ මාමේ!! උං මාව මැරුවා. මම මැරුණා නෙමෙයි....මම කෝච්චියට පැන්නේ නෑ මාමේ..."


    w96OhFZ.jpg

    විරූපී උන මස් වැදලි එල්ලුනු ප්‍රදීප්ගේ රූපය එහෙම කියද්දි ,

    හේනෙදී කන්න ගෙදරින් ඔතලා දුන්නු පාර්සලය රේල්පාර මතම අතහැරිය රත්නායක මාමා ඉරිඟු යාය දිගේ භීතියෙන් කෑ ගහගෙන දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ. දවස් ගාණක් උණ විකාරයෙන් දෙඩෙව්ව රත්නායක මාමා සනීප වුණේ තොවිලයකුත් නැටුවට පස්සෙයි.

    s3WIZz0.jpg

    ඊට පස්සේ ප්‍රදීප්ව මුණ ගැහුණේ පාන්දර රේල් පාර දිගේ ඉස්කෝලේ ගිය යුවතියන් දෙන්නෙක්ට.
    ප්‍රදීප් ඔවුන්ට කියා තිබුණෙත් රත්නායකට කියූ දේවල්මයි. මේ විදිහට දෙතුන් දෙනෙක්ටම පෙනෙන්න වුණාට පස්සේ ගම්මු දහතුන් වෙනි සැතපුම් කණුව ළඟින් ගමන් කරන එක නැවැත්තුවා.

    ඒත් සමහර රෑක දුම්රිය හරස් මාර්ගය ළඟින් ඇවිදගෙන යන කෙනෙක්ට ඇහෙන්නේ වේදනාවෙන් ඉකිගහන ප්‍රදීප්ගේ අඳෝනාවලු.

    කාලය ගෙවිලා ගියත් කට්ට කරුව්ලේ වුණත්..........

    ඈත රේල් පාරේ පීල්ලක වාඩිවෙලා නිහඬවුණු සාක්ෂි අවදි කරන්න හඬන ප්‍රදීප්, දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ - ඔබ එනකම්......................හැමදාමත් ඉඳීවී..

    රසකතා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    සමන්තිකා 2

    සමන්තිකා ගේ මිනියට අවසන් කටයුතු කෙරුණෙ සමන්තිලාගෙ අම්මලාගෙ දිහා. සමන්තිකාට හත් දවසෙ දානෙ දීගන්න කලින් සමන්තිකාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙන්නෙ දුව නැතිඋණ දුකට. මොකද ඒ දෙන්න ඒ වෙද්දිත් හාට් පේෂන් ලා දෙන්නෙක් නිසා. අවමගුල් දවස අවසන් උණාට පස්සෙත් ජගත්ගෙයි ජගත්ගෙ හොර ගෑනිගෙයි (දීපිකා) කථාව එච්චර සුන්දර උණේ නෑ. කොටින්ම ඒ ගෙදර කිසි දෙයක් සුභ පැත්තට සිද්ධ උණේ නෑ. සමන්තිකා මැරිලා දවස් හතක් ගියාට පස්සෙ තමා කට්ටියටම දෙලෝ රත්වෙන වැඩ සිද්ධ උණේ. සමන්තිකා මැරිච්ච දවසට පස්සෙ දවස් හතක් ගිහින් හරියටම සමන්තිකා මැරුණ වෙලාව උදා උණා. ගෙදර කට්ටිය සංගීතෙකට විනෝද වෙවී හිටියෙ. ජගත්, දීපිකා, ජගත්ගෙ අම්මා තාත්තා වගේම මිනිහ දාල ගිය ජගත්ගෙ අක්කත් රේඩියෝ එක සද්දෙට දාගෙන නට නට හිටියෙ. එක සැරේම අකුණක සද්දක් එක්ක ගෙදර කරන්ට් එක ගියා. කට්ටියගෙම සංගීතය නතර ‍උණා. මේ ගෙදර විසාල ගෙදරක්. ඒ වගේම පරණයි. කරුවල උණාම පට්ටම මූසලයි. ජගත් දීපිකාවත් අරං කාමරේට ගියේ ජිගියක් දාන්න කියලා. අනික් අයත් තම තමංගෙ කාමර වලට ගියේ මේ වෙද්දිත් වහින්න පටන් අරං නිසා. ගෙදර හැල හොල්මනක සද්දයක් නෑ. ජගත් දීපිකාගෙ රෙදි ගලවන්න හදද්දිම දැක්කෙ ජනේලය ඇරිලා ජනේල් රෙද්ද හුලගට වැනෙන විදිහ. ජගත් දීපිකාව හාන්සි කරවල ජනේල් පියන් වහන්න ඒ පැත්තට ගියා එක පාරම අකුණු එලියක් එක්ක සුදු ඇඳගත්තු, කොණ්ඩෙ කඩාගෙන යක්ෂනියක් වගේ ගෑණියෙක් හිටං ඉන්නහැටි ජගත් දැක්කා. අකුණෙ එලිය ඇතිවුණු තප්පර ගාණින් පස්සෙ ආපහු ඒ රූපෙ පෙනුනෙ නෑ. ජගත් හොඳටම බය වෙලා හීන් දාඩිය දාගෙන ආවෙ දීපිකා ලගට. ජගත් ගෙ ජිගි සීන් එක හොඳටම බැහැල තිබ්බෙ. දීපිකා ට කතා කරපු ජගත් ටෝච් එකත් අරං ආපහු ජනෙල් පැත්තට ගියා. කවුරුත් පේන්න නෑ. ජගත් ජනෙල් වහන්න කියලා හැදුවා විතරයි එලියෙ හිටපු කවරුහරි ජගත්ව එලියට ඇදල ගත්තා. දීපිකා විලාප දුන්නා. ඒ සද්දෙට හැමෝම දුවගෙන ආවා. ඒත් එක්කම ලයිට් ආවා. ජගත් ජනේලෙන් එලියට වැටිල බිම හිටියෙ. ජගත්ගෙ කකුල කැඩිලා. හොඳම වැඩේ ජගත් පිස්සුවෙන් කියව කියව හිටියෙ. මොකද ඒ ඇදලගත්ත කෙනාගෙ මූණ ජගත් හොඳටම දැකල තියෙන නිසා. ඒ සමන්තිකා. සමන්තිකාගෙ මූණ ඉදිමිලා තිබ්බෙ එදා මිනිය තිබ්බ විදිහටම. පහුවදාම සිංහල වෙද මහත්තයෙක් හම්බවෙලා පත්තු බැඳලා කට්ටියම ගියේ ගුරුන්නාන්සෙ කෙනෙක් ලගට. එහිදි ගුරුන්නාන්සෙ පේන බලල කියන්නෙ කිසිම බූත දෝෂයක් නෑ කියලා. කට්ටියම හිත හදන් ආවට ඒ වෙලාවෙ ගුරුන්නාන්සෙගෙ ඇගේ වැහිල හිටියෙ සමන්තිකා බව කවුරුත් දැනං හිටියෙ නෑ. දවස ගානේ ජගත් හොඳ වෙනවා වෙනුවට ජගත් ගෙ තුවාල එන්න එන්නම වැඩිවෙන්න ගත්තා. ඔය අස්සෙ දීපිකා බඩ උණා. කසාදයක් නැතුව බඩ උන නිසා දීපිකාලගෙ ගෙදරින් සතපහක්වත් නොදී ජගත් ගෙ ගෙදරට දීපිකාව පැන්නුවා. ජගත් ගෙ අක්කා බර බරේ දාගෙන සීන් එක අදින්න ගත්තා ඩවුරියක් නැතුව ආපු එකට. ‍රෙජිස්ටාර් කෙනෙක් ලග දෙන්නා බැන්දෙ ගමටවත් නොකියා. ගෙදර නෑනලා දෙන්නා නයයි පොලගයි වගේ උනා. ඔය අස්සෙයි හිටි හැටියෙ ජගත් ගෙ අක්කා සෝමාගෙ දාල ගියපු මිහින එන්නේ.


    මතු සම්බන්ධයි
    කෝ ඉතුරුටික....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    "හොදටම විස්වාසද මේ රස්සාවට කැමැත්තෙන්මයි ආවේ කියලා..."
    "ඔව් මහත්තයො"
    "කලින් ඩ්‍රයිවින් රස්සාව කරල තියනවා ද?"
    "ඔව්...ඒත් මිනී කාර් එකකනම් නෙමේ , කොළඹ මහත්තයෙක් ගෙ ගෙදර"
    "කවද ඉදන්ද එන්ට පුලුවන් වැඩට ?"
    "අද නතර වෙන්න බලාගෙනමයි ආවේ... "

    කාලකණ්ණි කමට පොතේ පතේ වැඩ නොකල නිසා අවසානයේ ඉතුරු වූයේ මිනී කාරයක රියදුරු රැකියාව පමණකි. හැමෝටම මේ රස්සාව කරන්න හයියක් නෑනේ යන්න මට හිත හදාගැනීමට තිබූ එකම සිතුවිල්ල විය.


    9oQ7Hhm.jpg

    "අයියේ මල් ශාලාව කොහෙද තියෙන්නෙ...?"
    වටපිට බැලූ මා ඇසූවේ එවැනි කටයුත්තකට ඉඩක් මෙහි නොතිබූ නිසා,
    "මෙතන ඔෆිස් එක ඒක තියෙන්නෙ වෙනම, අනික ඔහේගෙ රාජකාරිය මිනිය ගිහින් බාරදෙන එක විතරයි තේරුනානෙ ? "
    "ඔ.. ඔව් ඔව්..."
    තේරුම් ගත්තත් නැතත් ඔව් කියනවා හැර වෙන විකල්පයක් මට තිබුනේ නැත.
    මා කීවේ වැරදි දෙයක් ඇසුවා නම් සමා වෙන්න යන බැල්මද සහිතවය.

    ඔහු නැගි සිටියේ මේසය යටින් ඇද ගත් කිහිලි කරු දෙකක ආදාරයෙනි මේසයෙන් එලියට එන විට මා ඔහුගේ දෙපා දෙස වුවමනාවෙන් බැලුවෙමි . ඔහුට තිබුනේ එක් පාදයක් පමණි.
    "යමු කාමරේ පෙන්නන්න.."

    මට නතර වීමට තිබුණේ ඔහු ඔෆිස් එක යැයි හැදින්වූ ගොඩනැගිල්ලේම පිටුපස කොටසකය.
    ඇඳකුත් බිත්තියටම ගැසූ ඇදුම් වැටකුත් බිත්තිය මුල්ලටවන්න විදුලි පේනුවකුත් එය අසල ඉටි රෙද්දක් එලා පිගන් කෝප්ප කිහිපයකුත් පමණක් එහි විය.
    ඇඳුම් රාක්කය මත ඒ වන විටත් අත් කොට කමිසයක් හා කලිසමක් එල්ලා තිබුණේ මාත් සමග තවත් කෙනෙක් සිටින බව අගවමිනි, එක්කො කලින් හිටපු කෙනෙක් ගේ වෙන්න ඇතැයි කියාද මට සිතිනි.

    තරමක් හවස් වී තිබූ නිසා හාන්සි වී සිටීම හැර වෙන කරන්නට දෙයක් නොතිබිනි.
    කාන්දු වූ වතුර බිංදු වලින් විවිධ රටා මැවුනු සුදු සිවිලිම දෙස බලා කල්පනා කිරීමට දෙයක් කල්පනා කරමින් සිටියෙමි. කාමරය පුරා මහා මුඩු පුස් ගදක් හමන්නෙ හිරු එලිය යාන්තමින්වත් කාන්දු නොවන නිසා වන්නට ඇත.
    මල්ශාලා කාර්‍යාලය මෙතරම් මූසල නම් මල්ශාලාව කෙසේ ඇතිදැයි මා සිතුවෙමි.
    බාගවිට එසේ නැතිව ඇති, මා සිටින්නේ මල්ශාලා කාර්‍යාලයක බව මා සිත දන්නා නිසා මේ මූසලකම මවිසින්ම මවා ගන්නට ඇත.
    යාන්තමින් ඇස් පියවීගෙන ආවත් හිටි හැටියේ දෙසවන් යොමු වූයේ සිවිලිම මත ඇසෙන අඩි හඩකටය.
    දඩ දඩ හඩින් කිහිප වතාවක් එහා මෙහා දිවූ ඒ හඩ එක්වරම මා හිස මුදුනින් නතර විය.
    "හප්පා....මොකක්ද ඒ ගඳ....." මටම කියවිනි.
    ඇඳ පොල්ලක් ගලවාගත් මා ඇඳ මත සිටගෙන සිවිලිම් කොටුවකට තට්ටු කලෙමි.
    කිසිදු ප්‍රතික්‍රියාවක් නැත... තවත් වැරෙන් තට්ටු කලෙමි.
    මහා හඩින් මොර දුන්නේ කෝපාවිෂ්ඨ වූ කලු බළලෙකි.
    "කාලකණ්ණි පූසෙක්....."

    නැවත දඩ බඩ සද්දයත් සමග ඌ ඉවත් වූවායැයි මට පසක් විය.

    " මල්ලි... "
    වේගයෙන් දොර විවර කරමින් කළමනාකරු කෑ ගැසීය. මා තවමත් ඇඳ මතය.
    ඉතා වුවමනාවෙන් මා දැස බැලූ ඔහු.
    "වැඩක් ඇවිත්.. ඉක්මනට යන්න. අද රෑම යවන්න ඕන හදිස්සි එකක්."
    "මේ රෑ..." මම කීවේ මගේ සිතටමයි.
    "හා හා අයියේ.." ඇදෙන් බසිමින් කීවෙමි.
    ඒ පිම්මෙන්ම කලිසමක් හා කමිසයක් දමා ගත් මා කාමරයෙන් එලියට යන විටත් ඔරලෝසුවේ 9 කණිසම වැදුනේ මට බලෙන්ම වේලාව පෙන්වන්නට මෙනි.

    "මල්ලි එතනට ගිහිල්ල ගුණය එක්ක එකතු වෙලා බොඩි එක කාර් එකටදා ගන්න."
    "මේක තමා තැන කියල" ඇඩ්ඩ්‍රස් එකක් දුන්න කොලේක ලියල,
    "මෙතනට අරන් යන්න එතන ඉන්නවා අපේ පුෂ්පෙ, මළ ගෙදරට ඌ අරන් යයි. මල්ලි එහෙ නතර වෙන්න."
    "පුෂ්පයා දන්නවා වැඩේ. මල්ලි අද පලවෙනි දවසනෙ හරියට දන්නෑනේ මළ ගෙදර කොහොමද වෙන්න ඕනෙ කියලා" "එහෙනන් හරිනෙ..."
    " ම්ම්ම් හ්ම්ම්. හරි අයියේ මන් එහෙම කරන්නන්" කියමින් මම යන්නට හැරුනෙමි.

    "කොහෙද යන්නේ... අර බයිසිකලේ අරන් යනවා පයින් ගිහින් කීය වෙනකන් යන්නද..."
    මද සිනහවක් ඔහුට පා සයිකලය ගෙන පදින අතර ඔහු මට කියූ පිලිවෙල ගලපා ගන්නට උත්සහ කලෙමි.
    ඔහු කී සැටියට මට මිනිය ගෙනයාමට ඇත්තේ මග දුරකි. එතැන සිට පුෂ්පෙ නම් කෙනා මිනිය සමග රථය ගෙන යනු ඇත. අද මගේ පලමු දිනය නිසා මටත් පුරුදු වීමට එය උපකාරයක් වනු ඇත.

    "ආ... ඔහේද අලුත් ඩ්‍රයිවර්..."
    සැර පරුෂ මුහුණක් තිබුනත් සුහදව කතා කල ඔහු ගුණේ වන්නට ඇත ඒ වන විටත් බීමතින් සිටි ඔහුට ඒ මුස්පේන්තු මුහුණ හිමිවන්නට ඇත්තේද බීමත්කම නිසා වන්නට ඇත.
    "ඔ..ඔව්... මේ ගුණේ අයියාද ..."
    සැක හැර දැන ගන්නට මා ඇසීමි.
    "ඔව් ඔව්... ගුණය තමයි.."
    ඒ වන විටත් වසා දමා තිබූ මිනී පෙට්ටිය අවසන් වරට පිසදමමින් ඔහු පැවසීය.
    "මලය වරෙන් අල්ලමු..."

    පෙට්ටිය පැත්තකට වාරු දෙමින් ඔහු කෑ ගැසීය.
    ගල් පිලිමයක් ලෙසින් බලා සිටි මා දිව ගොස් අනික් පැත්තෙන් වාරු දී ඔසවා ගතිමි.
    තාත්තාගේ පෙට්ටියට කර දුන් පසු මිනි පෙට්ටියකට අත ගැසූ පලමු වර එය වුවත් මින් පසු දිගටම මේ මගේ ජීවිතේ බව සිහිවනවිට බඩ පපුව දගෙන යන බව මට දැනිනි..
    රථයේ ඩිකිය මත එය සීරුවෙන් තැබීමට උත්සහ කලත් මා අතින් එය දඩස් ගා අත හැරුනේ අත තුවාල වේවි යැයි බියටය.


    VOhGpnt.jpg

    "මොන හුත්තක්ද කරන්නෙ ?, පරිස්සමෙන් හුත්තො !"
    අමු කුණුහරුප වලින් ගුණේ මට බැන්නේ ලෝකෙ තියන ලොකුම වරද කල එකා මා මෙනි.
    කුමක් කරන්නද රැකියාව රැක ගැනීමට නම් බල්ලෙකු මෙන් නිහඩව සිටිය යුතු නිසාවෙන්ම මා නිහඩවම සිටියෙමි.
    මිනි පෙට්ටියක් දකින විට ඕනෑම කෙනෙක්ට මතුවන ප්‍රශ්නය මටද මතු විය.
    "මොනා වෙලාද..."
    පෙට්ටිය දෙස බලමින් ගුණෙගෙන් ඇසීමි
    "පොඩි එකියක් කාලකණ්ණි කම තමා ඉතින් කෝච්චිය ට පැනලා..."
    "හපොයි... " මට කියවිනි.

    "බොසා කියුවනේ කෙරෙන විදිය නේද ... එහෙනම් මලය ප්‍රවේසමෙන් හොදේ.. වැඩි වේගෙන් යන්න ඕන නෑ මැරුණ එකා කීයට ගෙදර ගියාම මොකද."
    "ඉස්සරහ රෝදෙක හුලං අඩු ගතියක් තිබ්බ පුෂ්පෙට කියපන් මොනා හරි කර ගන්න කියලා. එහෙනම් ජය වේවා.."

    මුන් නම් පුදුම කාලකණ්ණි ලෙස මට සිතුනි. මිනියක් ලග තබාගෙන මෙසේ සතුටු විය හැකිදැයි මට සිතිනි.
    හ්ම්ම්ම් එහෙම වෙන්නට පුලුවන මන්ද මගේම ආච්චිගේ මළ ගෙදරත් බූරු ගසමින් මා විනෝද වී නම් අනුන්ගේ මිනියකට මුන් මොකට දුක් වෙන්නද.

    දෙවියන් බුදුන් සිහි කර නමෝ විත්තියෙන් ගමන ආරම්භ කලේ ලොක්කා ගමන් මාර්ගය ඇඳ දුන් කොලයත් යාබද අසුනේ තබා ගනිමිනි,
    සුලගට යාම වැලැක්වීම සඳහා ඒ මත දුරකතනයද තබා සීරුවෙන් රථය පාරට ගතිමි.
    නගරය පසු කරන විටත් රාත්‍රී 10ට ආසන්න වුවත් තවමත් කොල පාට විදුලි පහන් වලින් එලිය වුනු කෑම කඩ කිහිපයක් පමණක් විවෘතව පැවතිනි.


    Z2DrGm0.jpg

    නාගරික කලාපය කෙමෙන් ඈත් වන්නට වන්නට වෙනදා නුපුරුදු හැගීමක් හිතට දැනෙන්නට වූයේ නාදුනන මල මිනියක් මා පසු පසම හඹා එන බව මගෙ සිත සැරින් සැරේ මට ඇවිටිලි කල නිසාවෙනි.
    ඒ නිසා වෙනදාට වඩා වැඩි වාර ගනනක් පසු පස බලන කණ්නාඩිය දෙස ඇස් යොමු වූයේ හිතාමතාම නොවේ.
    දෙනියායෙන් ගමන් ආරම්භ කල මා පැය 2 කට ආසන්න කාලයක් දකුණු දිශාව බලා ගමන් කලේ ලොක්කාගේ සිතියමට අනුවය.. ඒ අනුව තව මද දුරකින් මා අපරැක්ක මාතර දෙසට හැරවිය යුතු බව සිහි තබා ගනිමින් ඉදිරියට ආවෙමි.

    දහවලට තරමක් මිනිසුන් දැකිය හැකි වුවත් දැන් නම් බල්ලෙක්වත් නොමැති තරම් පාලු වූවේ රාත්‍රී 12 ට ආසන්න වී ඇති නිසා වන්නට ඇත. බැලු බැලු අත තේ වතුත් සාගර බදු වෙල් යායවලුත් හැර හිත හදා ගැනීමටවත් මනුස්ස පුලුටක් නැත..
    පාලුව මකා ගැනීමට රේඩියෝ එක දැම්මත් විටින් විට කැඩී යන සංඥා නිසා එයින් මතු වූවේ මහා විකෘති හඩවල් ය.
    එය මගේ බිය තවත් වැඩි කල නිසා වහාම ක්‍රියා විරහිත කලෙමි.
    සාමන්‍ය මිනී රථ රියදුරන් ගමන අතරතුර මත්පැන් ගන්නා හේතුව මට මනාව වැටහිනි. දුක යනු මට එවැනි සූදානමක් නොතිබීමයි.

    ආ මග නිවැරදි නම් මා මේ වන විට අපරැක්ක මාතර මාර්ගයේ සිටිය යුතුය.
    මන්ද මගේ ගමනාන්තය සදහන්ව තිබුනේ ඇල්ලකන්ද රක්ෂිතය බටහිර කෙලවර ආසන්න තැනකි.
    වරදින්නට හේතුවක් නැත වම්පසින් දිස් වන අන්ධකාර වනාන්තරය එය විය යුතුය. මේ රැහැයියන්ගේ හඩ මට තවත් ඉදිරියට නොයා ඉන්න යැයි අනතුරු අගවන්නට මෙන් මහා හඬින් කෑ ගසයි...

    මද වේගයක් පවත්වා ගනිමින් තවත් දුර ඇදුනෙමි... මා සිටින්නේ වෙනම ලෝකයක විය යුතුය.
    මින් පෙර මේ මග ගොස් ඇතත් මෙතරම් ගුප්තව මූසලව මට දැනී නැත. රථයේ කවුලුව අතරින් රිංගා එන සීතල සුලග ආවේ කැලයේ තිබූ රැහැයි ශබ්ධයත් අරගෙනමය.
    මාර්ගය නිවැරදි ඇතැයි මා සිතමි එය සනාත කර ගැනීමට නැවත් කොලය දෙස බැලුවා පමණි.
    " දඩා..ස් ..... දඩා...ස්.."
    සිතන්නටවත් මොහොතක් ඉඩ නොදී අලි නාවන වලක් බඳු විශාල වලක වැටී ගොඩ ආවේ රථය උඩ විසි කරමිනි..

    මා වහාම පසුපස බැලුවේ මිනි පෙට්ටිය දෙසය. අහෝ ඇති යන්තම් එයට මුකුත් වී නැත.
    ඇතිවූ ශබ්ධය අනුව නම් කාරයට හානියක් වී තිබිය යුතුමය.. සිතු මම කාරයෙන් බැස රෝද 4ම පරීක්ෂා කලේ දුරකතනයේ ලාම්පු එලිය ආධාරයෙනි.
    වාසනවන් එයට කිසිදු හානියක් නැත..
    බැස ගත් ඇසිල්ලේ මේ තරම් දුරක් සිර කරගෙන ආ සුලුදියත් සිදුවා ගෙනම යමි සිතා පාර අයිනේ තිබූ සියඹලා ගසට කිට්ටු කලෙමි.
    කාරිය කරන අතරතුර ඉබේටම වටපිට බැලුනේ ගස මුදුනේ සිට මොකෙක් හෝ මා දෙස බලා සිටින බව හැගුණ නිසාය. මළ කුනක් සමග සියඹලා ගසක් යට සිටගෙන මගුලක් කරම් දැයි සිහි වූයේ එවිටය...
    හීන් සීරුවේ ටෝර්ච් එලිය ගසට අල්ලා බැලුවේ ඒ යකා මොකාද කියාය .. දිලිසෙන ඇස් දෙකක්....


    K5Y9bNZ.jpg

    "හ්හ්හ්හ්හ්.... හුත්තිගේ වවුලා... "
    මට කෑ ගැසුනේ මහා හඩින් කෑ ගහමින් මගේ හිස අසලින් ම ඇදුනු විශාල වවුල් තඩියෙන් නිසාවෙනි.
    ඌ රථය පසු කරත්ම "ඩොහ්" යන හඩක් රථය තුලින් ඇසුනි...
    රථය තුලින් හැර එවන් හඩක් ඇසෙන්නට වෙන තැනක් නැත...
    වහාම රථය වෙත ඇදුනේ තට්ට තනියම මේ කැලයේ මිය යාමට මට අවශ්‍ය නොවූ නිසාවෙනි.
    වාහනයට ගොඩ වී යතුර කැරකුවේ ලේ බොන රකුසෙක් මා මරා දමාවි යැයි ප්‍රාණ බය දැනීමත් නිසාය.

    නමුත් අවාසනාවක මහත
    "දෙයියනේ මේ කැලේ නම් එපා...."


    qmMfY5Y.jpg

    පලමු වරත් දෙවන වරත් තෙවන වරත් රථයට පණ ආවේ නැත.....
    තව එක් සැරයක් උත්සක කරමි....
    "හ්හ්හ් ඇති යාන්තම්..... "
    මට කියවිනි රථය පණ ගැන්විනි...
    නමුත් ඒ සතුට ක්ෂණයකින් නැති වූයේ ඊලග මොහොතේ සිදුවූ ගුප්ත සිදුවීමෙනි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    වාහනය තරමක් ඉදිරියට ගනිද්දීම...
    මිනී පෙට්ටිය "ඩොග් " ගා ගැස්සුනේ දුරක සිට වේගයෙන් දුව ආ මොකෙක් හෝ එය උඩට පැන්නාක් යැයි සිතෙන ලෙසය....
    " මො.. මො.. මොකක්ද ඒ.... "

    බැස ගියොත් මහා කැලය, කාරයේ සිටියොත් මළ මිනියක්... මා කුමක් කරම්ද.... කරන්නට දෙයක් නැත.. සිත දැඩි කර වේගය වැඩි කලේ ගමනාන්තය තව සුලු දුරකින් එලබෙන නිසාය.
    නමුත්...
    " ක්‍ර්.....ස්.... දොහ් ඩිග් ඩිග්...."
    මොකෙක් හෝ පෙට්ටිය සූරමින් දගලයි....

    පසු පස බලන කන්නාඩියෙන් මොකෙක්වත් පේන්නට නැත...
    දෙයියො බුදුන් සිහි කලත් කනට ඇසෙන දේ අඩු වුනේ නැත...
    එය එන්න එන්නට වැඩි වූවා පමණි.
    රථය නතර කල තැනදී අමනුස්ස බැල්මක් වැටුන බව නිසැකය...
    උගුරකට වියලී ඇත...
    මටත් නොදැනිම වලවල් පිරුනු ගුරු පාරේ හැකි උපරිම වේගයට රිය පැදවූයේ බියටමය...
    පලක් නැත මොකෙක් හෝ මිනී පෙට්ටිය අරින්නට මාන බලයි..
    පෙට්ට්ටියේ පියන් දඩ දඩ ගා ඈත් වෙමින් නැවත් වැසෙයි...
    ඒ වේගයෙන්ම අගේ පපුවත් ගැහුනේ බිය ඉහවහා ගිය තැනය..
    එයින් නතර වූයේ නැත...
    වාහනය පසුපසින් හීන් කෙදිරිලි හඩක් ද ඇසෙන්නට වූයේ මගේ සියොලඟ ම දහඩියෙන් තෙත් කරමිනි. මගේ හුස්ම හඩ මටම ඇහෙද්දී
    " ම්ම්ම්ම්ම්ම් .... ම්ම්ම්ම්ම් "
    ලෙස කෙදිරිය ඇසේ... දෙයියනේ මේකිට පණ ඇවිත්.... මගෙ සිත කියද්දී කැලය දෙවනත් කරමින් කැලේ මැදින් මහා විලාපයක් ඇසුනේ මරු පහරක් කෑ ගැහැනියක් බව නම් විස්වාසය.
    එක් වරම මිනි පෙට්ටි පියන් අගලක් පමණ ඈත් කරමින් දඩාස් ගා ශබ්ධයක් ඇසෙත්ම මා ඒ දෙස බැලුවෙමි... සියල්ල නිහඩ විය....

    "අම්මො......." ඉදිරියට හැරුනා පමණි ....
    මට යාර 20ක් පමණ ඉදිරියෙන් කැලයෙන් මතුවූයේ හිසින් ලේ පෙරා ගත් කෙල්ලෙකි..
    සුදු මැලි මූණ එක් පසක් ද ඇදුමද ඒ ලේ වලින් පෙගී තිබුනි...

    අනිච්චානුගවම තිරිංග තද විය... පලක් නැත පැඩලය අඩියටම පෑගුවත් වේගය එසේමය.
    වලට වැටෙද්දී තිරිංග හානි වන්නට ඇත . අත් තිරිංග ක්ෂණික ව ඇද්දෙමි.
    තප්පර 2ක් ඇතුලත සියල්ල සිදුවන්නට ඇත ඈ තවමත් මා දෙස බලා සිටී... සිර වුනු රෝද ගුරු පාරේ ලිස්සා වට 2ක් පමණ රථය කැරකවී කැලයට විසි වී "දඩාං"
    මහ හඩක් සමග ගසක පතිත විය...
    මුලු ලෝකයම මා වටා කැරකේ... කීං යන ශබ්ධය කන් දෙක අගුල් දමා ඇත.
    දැලක් දැම්මා සේ ඇස් බොද විය.. එහෙම්ම අසුනට බර වී හිස බදා ගතිමි.
    නැවී තිබූ පැති කණ්ඩියෙන් කාරය ඇතුල මට පෙනුනත් ඒ පෙනුන දෑ සැබෑවක් විය නොහැකිය.

    මිනි පෙට්ටිය ඇරී ඇත කාරයේ පසුපස දොරත් ඇරී ඇත..
    මා දුටුවේ එයින් බැස ගත් ගැහැනියකගේ රූපයකි... මා මනො විකාර වී ඇත... කරකැවිල්ල වැඩි විය.

    දෑස් වසා ගතිමි......

    දෑස් විවර කරන විට මට අදහා ගත නොහැකි විය...
    මා සිටියේ ලෑලි වලින් කල කාමරයක් තුලය...
    "ආහ්... දෙයියනේ...." මට කියවිනි.
    මා සිටි තැනට තරමක් එහායින් තබා තිබ්බේ මා ගෙන ආ මිනී පෙට්ටියයි....
    වහලයේ එල්ලා තිබූ ආරෝපිත ලන්තෑරුමකින් කාමරයේ අදුර යාන්තමින් මැකී ඇත. තාමත් මේ කරුමය අවසන් නැතැයි මට සිතිනි.
    මගේ අත් හා පා බැද දමා ඇති බව මට වැටහුනේ නැගිටින්නට උත්සහ කරද්දීය..
    " මේ මොන මගුලක් ද ..."
    කිසිවක් සිතා ගැනීමට නොහැකිය...
    පැය කාලක පමණ වෙහෙසකින් පසු මට පලමුව දෑත් ද දෙවනුව දෙපාද ලිහිල් කර ගැනීමට හැකි විය.
    වහාම දුව ගොස් දොර අරින්නට හැදුවත් එය පිටතින් අගුල් දමා ඇත... කිහිප වරක් උත්සහ කලත් පලක් නොවීය...

    aY1iwUI.jpg

    ඒ අසලම හිද පෙට්ටිය දෙස බලා කල්පනා කලේ අනතුරත් සමග මා දුටු දේ සැබෑවක්ද යන්නයි..
    එය දැන ගැනීමට වෙන ක්‍රමයක් නැත.... මා මිනී පෙට්ටිය ඇරීමට තීරණය කලෙමි..
    තීරණය ගත් විගස මුලු පරිසරය ම තවත් නිහඩ සහ අදුරු වූ බව මට හැගුනා විය හැකි ය.
    අඩියෙන් අඩිය කිට්ටු කර මිනී පෙට්ටිය පාමුල දණ නමා අගුලු ඉවත් කලෙමි.
    මෙයින් මා කුමක් බලාපොරොත්තු වේ දැයි මා නොදනිමි.
    ප්‍රාර්ථනයක් නැත පාලු කැලයක් මැද මෙහි මිනිය තිබුනොත් ඒ සමග තනියම ඉන්නට සිදුවනු ඇත, නොතිබුනොත් මිනියට නැවත පණ ආ බව මට විස්වාස කරන්න වනු ඇත ... අනේ දෙවියනේ .....
    දෑස් වසාගෙන එක් වරම පියන් මෑත් කලෙමි....
    එහි මිනිය නැත... එහෙනම් මා දුටු දේ සත්‍යයක් ..... ඒ ගැන සිතන්නටවත් මොහොතක් ලැබුනේ නැත කාමරයේ දොර මහා හඩින් ඇරී සීතල සුලගක් හැමීය.

    ඒ දෙස බලත් ම වැදුනු පහරකින් මා විසි වී ගොස් බිත්තියේ වැදිනි..

    "වල් පරයා... තෝ අපිව විනාස කලා යකෝ...."

    හැඩි දැඩි පිරිමියෙකි.... දඩු අඩු මෙන් දෑත් වලින් මගේ ගෙල මිරිකාගෙන ඌ කෑ ගසයි.
    ඌ කියන දේ තේරුමක් මා දන්නේ නැත. මා දැන දැන වරදක් කලේ නැත
    එය තේරුම් කරන්නට වරම් නොලද මට තේරුනේ දෑස් දැවිල්ලකි. ඒවා එලියට පනීවි යැයි මට සිතිනි .
    වැරෙන් හුස්ම ගත්තත් උගුරෙන් පහලට ඒවා ගලා ගියේ නැත... දෑස් පියවීමට ආසන්න වත් ම මා බොදවූ දෑසින් දුටුවේ ඌ පිටුපස සිටගෙන සිටි ලේ නැහැවුනු ගැහැනියකි...

    pgjL2MQ.jpg

    "චරස්"
    "හික්"
    උගේ දෑත් ලිහිල් විය... උගේ කටින් ගලා ආ ලේ මගෙ මුහුණ පුරා වැක් කෙරුනේ පිලිකුල් කරමිනි .
    උගේ කටින් මතුවී තිබුනේ ලී උලකි... තප්පර කිහිපයක් මා දෙස බලා සිටි ඌ දඩහ් ගා බිම පතිත විය..
    ලේ පෙරා ගත් ගැහැනිය කැලය මැදින් රථයට පැන්න තරුණිය බව මට සිහි විය .
    ඇය අඩියෙන් අඩිය මා වෙත ලං විය...
    මෙය මාගේද අවසානය වනු ඇත.
    ඈ තවත් ලං වී මගේ මුහුණට බර විය....
    "නැගිටින්න ඉක්මනින් මෙතනින් පැන ගමු...."

    සති 2කට පසු..

    "මිනී කාර් රියදුරු ගේ ඔත්තුවෙන් ජාවරම් කරුවන් දැලේ..."

    "රූමත් තරුණියන් පැහැරගෙන ගොස් විදෙස් රට වලට විකිනූ ජාවාරම් කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසු කර ගැනීමට පසුගිය දා මාතර පොලීසිය සමත් විය. විශේෂත්වය නම් මෙම කාන්තාවන් ප්‍රවාහනය කර තිබුනේ මිනී කාර් වල මළ සිරුරු ලෙසයි. මිනී රථ පහසුවෙන් පොලිස් නිරීක්ෂණයට ලක් නොවන නිසා මේ ජාවාරම සෑහෙන සාර්ථකව කර ඇති බව සදහන්. සිහි සුන් කල කාන්තාවන් මිනි පෙට්ටි තුල සගවා ඇල්ලකන්ද ප්‍රදේශයට ගෙනැවිත් රාත්‍රියේම මාතර පාතෙගම ට ගෙනගොස් ධීවර බෝට්ටු මුවාවෙන් මුහුදු මගින් වෙනත් රට වලට අලෙවි කර ඇති බව විස්වාස කෙරේ. මෙහෙයුම සදහා ඔත්තුව ලබා දුන් මිනී කාර් රථ රියදුරු රුවන් කුමාර මහතාට පොලිස් උත්තමාචාරය හා ස්තුතිය හිමි වන බව මාතර පොලිස් ස්ථානධිපති තුමා තව දුරටත් කියා සිටියා..."

    "ඔහොම තමා ආර්ටිකල් එක එන්නේ. මෙ ඉරිද පත්තරෙන් බලන්න පුලුවන් මේ හොදයි නේද..."
    "අනේ මට නම් ඕව තේරෙන් නෑ... "
    මම කීවෙමි.
    "ඒක නෙමෙයි එතකොට ඔයා අරන් ගිය මිනි පෙට්ටියෙ කෙල්ලට මොකද වුනේ..." වාර්තා කරු ඇසීය.
    "ඒක නම් මම දන්නෙත් නෑ.. මට එයාගෙ මූණ දකින්න වුනේම නෑනේ... හ්ම්ම්ම් දෙයියන් ගෙ පිහිටෙන් මම පාප කර්මයක් කර ගන්න ගිහින් පණ බේරගෙන ආවා කියලා විතරයි මම දන්නේ..."

    Holman Katha

     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    සමන්තිකා 3
    ඌ කළු පාට වලහෙක් වගේ උස මහත මිනිහෙක්. මුළු මූණම රැවුලෙන් වැහිලා. මහ රෑක දැක්කොත් බය හිතෙන පෙනුමක් ඌට තිබ්බා. සෝමා (ජගත්ගෙ අක්කා) ට ලමයි නෑ කියලායි පියදාස (සෝමගේ මිනිහා) දාල යන්නේ. සෝමාගෙ මිනිහා ආපහු ආපු එකට සෝමා වගේම පවුලෙ හැමෝම පුදුම වෙලා හිටියෙ. හැබැයි මිනිහා කලින් වගේ නෙවෙයි කියල සෝමාට තේරුං යන්නෙ ඌ කරපු මහ අමුතු දේවල් නිසා. පන්සල් යන්න රුසියෙක් වෙච්ච පියදාසට බණ පදයක් ඇහෙන්න බෑ කේන්තියි. එක විදිහකට ඉන්න බෑ නලියනවා. ඒ නිසා බණ පදයක් අහන්න ගෙදර කිසි කෙනෙක්ට බැරි උනා. ඔය අස්සෙම කඩේ වැඩකරද්දි ජගත්ගෙ කකුල උඩට මන්න පිහියක් වැටිලා මහපට ඇගිල්ල කැපිල යනවා. දවස ගානේ ඒ තුවාලෙ හොඳ වෙනවා උනේ ටික ටික තුවාලෙ කුණු වෙච්ච එක. පියදාස ඇවිත් තුන්වෙනි දවස. මූ කනවා බොනවා නිදියනවා විතරයි. මේ පාර කුඹුර කලින් වතාවට වඩා හොඳට කරගන්න පුළුවන් නිසා ජගත් ගෙ තාත්තා උදේ රෑ නොබලා පැල් රැක්කා. ජගත්ට එලියට වත් බහින්න හම්බඋණේ නෑ තුවාලෙ නිසා. එදා වෙලාව රෑ නවයයි. ටෝච් එකයි, කෑම වතුර දාගත්ත බෑග් එකයි අරගත්ත ජගත්ගෙ තාත්තා වෙනදා වගේම පැලට යන්න පිටත් උණා. ගෙවල් වලින් මීටර් හත්සීයක් වගේ ගියාම පාලු කැලෑව. ඒ කැලෑව පහු කරලා ගියාමයි වෙල හම්බවෙන්නෙ. ජගත් ගෙ තාත්තා සින්දුවකුත් කිය කිය යනවා. මිනිහ ඇවිදං යද්දි මිනිහට ඇහුණා මිනිහගෙ නම කියනවා වගේ. මිනිහ හැරිල ටෝච් එක ගහල බැලුවත් කවුරුත් හිටියෙ නෑ. මිනිහ ආයිම යන්න ගත්තා. ඒ පාර අඩි සද්දයක් ඈතින් ඇහෙන්න ගත්තා. "කවුද?" කියලා ජගත් ගෙ තාත්තා කෑ ගැහුවත් අඩි සද්දෙ තාමත් ඇහුණ මිසක් ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙ නෑ. ටිකක් වෙලා පිටි පස්ස බලං හිටපු ජගත් ගෙ තාත්තා ආපහු යන්න හැරෙද්දි බැලින්නං සෝමාගෙ මිනිහ. ඌව දැකපු ගමන් ජගත් ගෙ තාත්තා බය වෙලා පිටිපස්සට පැන්නා. ටෝච් එක බිම. ටෝච් එක පටස් ගාල අහුල ගත්ත ජගත්ගෙ තාත්තා නැගිට්ටත් පේන්න කවුරුවත් හිටියෙ නෑ. පන්සිල් කිය කිය ජගත් ගෙ තාත්තා පට පට ගාල වේගෙන් පැල පැත්තට ඇවිදං ගියා. පැලට යන හරියෙ තිබුනේ ටිකක් පොඩි ඇලක්. ටෝච් එකත් අල්ලගෙන මූණ හෝදගන්න කියල ඇලට නැමුණ ජගත්ගෙ තාත්තා දැක්කෙ පිටිපස්සෙන් පියදාසගෙ ඡායාව. පියදාස ඇඳන් හිටියෙ සුදු ඇඳුමක්. ජගත් ගෙ තාත්තා ආයිම පිටිපස්සට ටෝච් එක ගහල බැලුවා. කවුරුවත් හිටියෙ නෑ. ඒ එක්කමයි හිටි හැටියෙ පොඩි පොදක් යන්න ගියේ. ඒ පොඩි පොද වැස්සක් වෙන්න අර අඳිද්දි ජගත් ගෙ තාත්තා ආයිම යන්න හැරුණා. ඒ එක්කම කවුදෝ කෙනෙක් ජගත්ගෙ තාත්තව ඇල ඇතුලට ඇදල ගත්තා. හුස්ම හිරවෙනකං ඇලෙන් ගොඩ වෙන්න ජගත් ගෙ තාත්තට බැරි උනා. ජගත්ගෙ තාත්තා ඇල ඇතුලෙම මැරිලා ඇල පහලට ගහගෙන ගියා. මෙහෙම දවස් ගානත් ගත උණා. ජගත්ගෙ තාත්තව හම්බවෙන්නෙ තවත් දවස් දෙකකට පස්සෙ. ඒ වෙද්දිත් එයාගෙ මිනිය සත්තු කාල කුණු වෙලා තිබුණා. ඔය අස්සෙ දීපිකාගෙ දරුවා බඩේම නැති වෙන්නෙ සෝමා එක්ක රණ්ඩුවකින් බිම වැටිලා බඩ බිම වැදුණ නිසා. පියදාස ආවත් හරි සෝමාට වඩා ඌ දීපිකාට බැල්ම දාන්න පටන් ගත්තා. දීපිකාත් කකුලක් කුණු වෙච්ච මිනිහට වඩා පියදාස එක්ක වැඩිපුර කාලයක් ගත කලා. මේක සෝමාට දිරෙව්වෙ නෑ. කොහොමින් කොහොමහරි අන්තිමට උනේ දීපිකායි පියදාසයි එකතු වෙච්ච එක. සෝමාට ටික ටික පිස්සු හැදෙන්න ගත්තා. සෝමා ඉබාගාතේ යන්න ගත්තා. දවසක් හිටි හැටියෙ සෝමා මැරෙන්නෙ ලිඳට වැටිලා. ඔස අස්සෙමයි ජගත්ගෙ කකුල කපන්න සිද්ධ උණ නිසා ජගත් අබ්බගාතයෙක් උනේ. මිනිහ කිහිලි කරුවලින් තමා ගමන් බිමන් ගියේ. ජගත් ගෙ අම්මා කුඹුර කලේ තනියම. ටිකක් කල් ගිහින් පියදාස දීපිකා අරං පැනල යන්නෙ තවත් සතියක මහ රෑක. ජගත් ඒක දැනගත්තට පස්සෙ මානසිකව හුගක් වැටෙන්න ගත්තා. ටික දවසක් ගියා. අද පෝය දවසක්. ජගත්ගෙ අම්මා පෝයට සිල් ගන්න ගමේ පන්සලට ගිහින් හිටියෙ. ජගත් ගෙදර තනියම. අම්ම එනකං ජගත් බලං හිටියා. රෑ උණත් තාම අම්මා ගෙදර ආවේ නෑ. කිහිලි කරුවෙන්ම වැට ගාවට ආපු ජගත් බලාගෙන හිටියෙ ඈතින් හිමින් අඩිය තිය තියා එන මිනිහෙක් දිහා. ඒ තමා පියදාසගෙ මල්ලි. ජගත් පියදාසට සාප කර කර මල්ලිට බැන්නා. ඒත් පියදාසගෙ මල්ලි කියපු කතාවට ජගත් හොඳටම බය උණා. ඒ තමා දීපිකා පියදාස එක්ක පැනල ගිහින් තාම මාසයක් නොවුනට පියදාස මැරිලා මේ වෙද්දි අවුරුද්දක් කියන එක.

    මතු සම්බන්ධයි