ඉතුරු ටික දෙන්ඩෝ.....සමන්තිකා 3ඌ කළු පාට වලහෙක් වගේ උස මහත මිනිහෙක්. මුළු මූණම රැවුලෙන් වැහිලා. මහ රෑක දැක්කොත් බය හිතෙන පෙනුමක් ඌට තිබ්බා. සෝමා (ජගත්ගෙ අක්කා) ට ලමයි නෑ කියලායි පියදාස (සෝමගේ මිනිහා) දාල යන්නේ. සෝමාගෙ මිනිහා ආපහු ආපු එකට සෝමා වගේම පවුලෙ හැමෝම පුදුම වෙලා හිටියෙ. හැබැයි මිනිහා කලින් වගේ නෙවෙයි කියල සෝමාට තේරුං යන්නෙ ඌ කරපු මහ අමුතු දේවල් නිසා. පන්සල් යන්න රුසියෙක් වෙච්ච පියදාසට බණ පදයක් ඇහෙන්න බෑ කේන්තියි. එක විදිහකට ඉන්න බෑ නලියනවා. ඒ නිසා බණ පදයක් අහන්න ගෙදර කිසි කෙනෙක්ට බැරි උනා. ඔය අස්සෙම කඩේ වැඩකරද්දි ජගත්ගෙ කකුල උඩට මන්න පිහියක් වැටිලා මහපට ඇගිල්ල කැපිල යනවා. දවස ගානේ ඒ තුවාලෙ හොඳ වෙනවා උනේ ටික ටික තුවාලෙ කුණු වෙච්ච එක. පියදාස ඇවිත් තුන්වෙනි දවස. මූ කනවා බොනවා නිදියනවා විතරයි. මේ පාර කුඹුර කලින් වතාවට වඩා හොඳට කරගන්න පුළුවන් නිසා ජගත් ගෙ තාත්තා උදේ රෑ නොබලා පැල් රැක්කා. ජගත්ට එලියට වත් බහින්න හම්බඋණේ නෑ තුවාලෙ නිසා. එදා වෙලාව රෑ නවයයි. ටෝච් එකයි, කෑම වතුර දාගත්ත බෑග් එකයි අරගත්ත ජගත්ගෙ තාත්තා වෙනදා වගේම පැලට යන්න පිටත් උණා. ගෙවල් වලින් මීටර් හත්සීයක් වගේ ගියාම පාලු කැලෑව. ඒ කැලෑව පහු කරලා ගියාමයි වෙල හම්බවෙන්නෙ. ජගත් ගෙ තාත්තා සින්දුවකුත් කිය කිය යනවා. මිනිහ ඇවිදං යද්දි මිනිහට ඇහුණා මිනිහගෙ නම කියනවා වගේ. මිනිහ හැරිල ටෝච් එක ගහල බැලුවත් කවුරුත් හිටියෙ නෑ. මිනිහ ආයිම යන්න ගත්තා. ඒ පාර අඩි සද්දයක් ඈතින් ඇහෙන්න ගත්තා. "කවුද?" කියලා ජගත් ගෙ තාත්තා කෑ ගැහුවත් අඩි සද්දෙ තාමත් ඇහුණ මිසක් ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙ නෑ. ටිකක් වෙලා පිටි පස්ස බලං හිටපු ජගත් ගෙ තාත්තා ආපහු යන්න හැරෙද්දි බැලින්නං සෝමාගෙ මිනිහ. ඌව දැකපු ගමන් ජගත් ගෙ තාත්තා බය වෙලා පිටිපස්සට පැන්නා. ටෝච් එක බිම. ටෝච් එක පටස් ගාල අහුල ගත්ත ජගත්ගෙ තාත්තා නැගිට්ටත් පේන්න කවුරුවත් හිටියෙ නෑ. පන්සිල් කිය කිය ජගත් ගෙ තාත්තා පට පට ගාල වේගෙන් පැල පැත්තට ඇවිදං ගියා. පැලට යන හරියෙ තිබුනේ ටිකක් පොඩි ඇලක්. ටෝච් එකත් අල්ලගෙන මූණ හෝදගන්න කියල ඇලට නැමුණ ජගත්ගෙ තාත්තා දැක්කෙ පිටිපස්සෙන් පියදාසගෙ ඡායාව. පියදාස ඇඳන් හිටියෙ සුදු ඇඳුමක්. ජගත් ගෙ තාත්තා ආයිම පිටිපස්සට ටෝච් එක ගහල බැලුවා. කවුරුවත් හිටියෙ නෑ. ඒ එක්කමයි හිටි හැටියෙ පොඩි පොදක් යන්න ගියේ. ඒ පොඩි පොද වැස්සක් වෙන්න අර අඳිද්දි ජගත් ගෙ තාත්තා ආයිම යන්න හැරුණා. ඒ එක්කම කවුදෝ කෙනෙක් ජගත්ගෙ තාත්තව ඇල ඇතුලට ඇදල ගත්තා. හුස්ම හිරවෙනකං ඇලෙන් ගොඩ වෙන්න ජගත් ගෙ තාත්තට බැරි උනා. ජගත්ගෙ තාත්තා ඇල ඇතුලෙම මැරිලා ඇල පහලට ගහගෙන ගියා. මෙහෙම දවස් ගානත් ගත උණා. ජගත්ගෙ තාත්තව හම්බවෙන්නෙ තවත් දවස් දෙකකට පස්සෙ. ඒ වෙද්දිත් එයාගෙ මිනිය සත්තු කාල කුණු වෙලා තිබුණා. ඔය අස්සෙ දීපිකාගෙ දරුවා බඩේම නැති වෙන්නෙ සෝමා එක්ක රණ්ඩුවකින් බිම වැටිලා බඩ බිම වැදුණ නිසා. පියදාස ආවත් හරි සෝමාට වඩා ඌ දීපිකාට බැල්ම දාන්න පටන් ගත්තා. දීපිකාත් කකුලක් කුණු වෙච්ච මිනිහට වඩා පියදාස එක්ක වැඩිපුර කාලයක් ගත කලා. මේක සෝමාට දිරෙව්වෙ නෑ. කොහොමින් කොහොමහරි අන්තිමට උනේ දීපිකායි පියදාසයි එකතු වෙච්ච එක. සෝමාට ටික ටික පිස්සු හැදෙන්න ගත්තා. සෝමා ඉබාගාතේ යන්න ගත්තා. දවසක් හිටි හැටියෙ සෝමා මැරෙන්නෙ ලිඳට වැටිලා. ඔස අස්සෙමයි ජගත්ගෙ කකුල කපන්න සිද්ධ උණ නිසා ජගත් අබ්බගාතයෙක් උනේ. මිනිහ කිහිලි කරුවලින් තමා ගමන් බිමන් ගියේ. ජගත් ගෙ අම්මා කුඹුර කලේ තනියම. ටිකක් කල් ගිහින් පියදාස දීපිකා අරං පැනල යන්නෙ තවත් සතියක මහ රෑක. ජගත් ඒක දැනගත්තට පස්සෙ මානසිකව හුගක් වැටෙන්න ගත්තා. ටික දවසක් ගියා. අද පෝය දවසක්. ජගත්ගෙ අම්මා පෝයට සිල් ගන්න ගමේ පන්සලට ගිහින් හිටියෙ. ජගත් ගෙදර තනියම. අම්ම එනකං ජගත් බලං හිටියා. රෑ උණත් තාම අම්මා ගෙදර ආවේ නෑ. කිහිලි කරුවෙන්ම වැට ගාවට ආපු ජගත් බලාගෙන හිටියෙ ඈතින් හිමින් අඩිය තිය තියා එන මිනිහෙක් දිහා. ඒ තමා පියදාසගෙ මල්ලි. ජගත් පියදාසට සාප කර කර මල්ලිට බැන්නා. ඒත් පියදාසගෙ මල්ලි කියපු කතාවට ජගත් හොඳටම බය උණා. ඒ තමා දීපිකා පියදාස එක්ක පැනල ගිහින් තාම මාසයක් නොවුනට පියදාස මැරිලා මේ වෙද්දි අවුරුද්දක් කියන එක.
මතු සම්බන්ධයි
කෝ ඉතුරු ......සමන්තිකා 3ඌ කළු පාට වලහෙක් වගේ උස මහත මිනිහෙක්. මුළු මූණම රැවුලෙන් වැහිලා. මහ රෑක දැක්කොත් බය හිතෙන පෙනුමක් ඌට තිබ්බා. සෝමා (ජගත්ගෙ අක්කා) ට ලමයි නෑ කියලායි පියදාස (සෝමගේ මිනිහා) දාල යන්නේ. සෝමාගෙ මිනිහා ආපහු ආපු එකට සෝමා වගේම පවුලෙ හැමෝම පුදුම වෙලා හිටියෙ. හැබැයි මිනිහා කලින් වගේ නෙවෙයි කියල සෝමාට තේරුං යන්නෙ ඌ කරපු මහ අමුතු දේවල් නිසා. පන්සල් යන්න රුසියෙක් වෙච්ච පියදාසට බණ පදයක් ඇහෙන්න බෑ කේන්තියි. එක විදිහකට ඉන්න බෑ නලියනවා. ඒ නිසා බණ පදයක් අහන්න ගෙදර කිසි කෙනෙක්ට බැරි උනා. ඔය අස්සෙම කඩේ වැඩකරද්දි ජගත්ගෙ කකුල උඩට මන්න පිහියක් වැටිලා මහපට ඇගිල්ල කැපිල යනවා. දවස ගානේ ඒ තුවාලෙ හොඳ වෙනවා උනේ ටික ටික තුවාලෙ කුණු වෙච්ච එක. පියදාස ඇවිත් තුන්වෙනි දවස. මූ කනවා බොනවා නිදියනවා විතරයි. මේ පාර කුඹුර කලින් වතාවට වඩා හොඳට කරගන්න පුළුවන් නිසා ජගත් ගෙ තාත්තා උදේ රෑ නොබලා පැල් රැක්කා. ජගත්ට එලියට වත් බහින්න හම්බඋණේ නෑ තුවාලෙ නිසා. එදා වෙලාව රෑ නවයයි. ටෝච් එකයි, කෑම වතුර දාගත්ත බෑග් එකයි අරගත්ත ජගත්ගෙ තාත්තා වෙනදා වගේම පැලට යන්න පිටත් උණා. ගෙවල් වලින් මීටර් හත්සීයක් වගේ ගියාම පාලු කැලෑව. ඒ කැලෑව පහු කරලා ගියාමයි වෙල හම්බවෙන්නෙ. ජගත් ගෙ තාත්තා සින්දුවකුත් කිය කිය යනවා. මිනිහ ඇවිදං යද්දි මිනිහට ඇහුණා මිනිහගෙ නම කියනවා වගේ. මිනිහ හැරිල ටෝච් එක ගහල බැලුවත් කවුරුත් හිටියෙ නෑ. මිනිහ ආයිම යන්න ගත්තා. ඒ පාර අඩි සද්දයක් ඈතින් ඇහෙන්න ගත්තා. "කවුද?" කියලා ජගත් ගෙ තාත්තා කෑ ගැහුවත් අඩි සද්දෙ තාමත් ඇහුණ මිසක් ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙ නෑ. ටිකක් වෙලා පිටි පස්ස බලං හිටපු ජගත් ගෙ තාත්තා ආපහු යන්න හැරෙද්දි බැලින්නං සෝමාගෙ මිනිහ. ඌව දැකපු ගමන් ජගත් ගෙ තාත්තා බය වෙලා පිටිපස්සට පැන්නා. ටෝච් එක බිම. ටෝච් එක පටස් ගාල අහුල ගත්ත ජගත්ගෙ තාත්තා නැගිට්ටත් පේන්න කවුරුවත් හිටියෙ නෑ. පන්සිල් කිය කිය ජගත් ගෙ තාත්තා පට පට ගාල වේගෙන් පැල පැත්තට ඇවිදං ගියා. පැලට යන හරියෙ තිබුනේ ටිකක් පොඩි ඇලක්. ටෝච් එකත් අල්ලගෙන මූණ හෝදගන්න කියල ඇලට නැමුණ ජගත්ගෙ තාත්තා දැක්කෙ පිටිපස්සෙන් පියදාසගෙ ඡායාව. පියදාස ඇඳන් හිටියෙ සුදු ඇඳුමක්. ජගත් ගෙ තාත්තා ආයිම පිටිපස්සට ටෝච් එක ගහල බැලුවා. කවුරුවත් හිටියෙ නෑ. ඒ එක්කමයි හිටි හැටියෙ පොඩි පොදක් යන්න ගියේ. ඒ පොඩි පොද වැස්සක් වෙන්න අර අඳිද්දි ජගත් ගෙ තාත්තා ආයිම යන්න හැරුණා. ඒ එක්කම කවුදෝ කෙනෙක් ජගත්ගෙ තාත්තව ඇල ඇතුලට ඇදල ගත්තා. හුස්ම හිරවෙනකං ඇලෙන් ගොඩ වෙන්න ජගත් ගෙ තාත්තට බැරි උනා. ජගත්ගෙ තාත්තා ඇල ඇතුලෙම මැරිලා ඇල පහලට ගහගෙන ගියා. මෙහෙම දවස් ගානත් ගත උණා. ජගත්ගෙ තාත්තව හම්බවෙන්නෙ තවත් දවස් දෙකකට පස්සෙ. ඒ වෙද්දිත් එයාගෙ මිනිය සත්තු කාල කුණු වෙලා තිබුණා. ඔය අස්සෙ දීපිකාගෙ දරුවා බඩේම නැති වෙන්නෙ සෝමා එක්ක රණ්ඩුවකින් බිම වැටිලා බඩ බිම වැදුණ නිසා. පියදාස ආවත් හරි සෝමාට වඩා ඌ දීපිකාට බැල්ම දාන්න පටන් ගත්තා. දීපිකාත් කකුලක් කුණු වෙච්ච මිනිහට වඩා පියදාස එක්ක වැඩිපුර කාලයක් ගත කලා. මේක සෝමාට දිරෙව්වෙ නෑ. කොහොමින් කොහොමහරි අන්තිමට උනේ දීපිකායි පියදාසයි එකතු වෙච්ච එක. සෝමාට ටික ටික පිස්සු හැදෙන්න ගත්තා. සෝමා ඉබාගාතේ යන්න ගත්තා. දවසක් හිටි හැටියෙ සෝමා මැරෙන්නෙ ලිඳට වැටිලා. ඔස අස්සෙමයි ජගත්ගෙ කකුල කපන්න සිද්ධ උණ නිසා ජගත් අබ්බගාතයෙක් උනේ. මිනිහ කිහිලි කරුවලින් තමා ගමන් බිමන් ගියේ. ජගත් ගෙ අම්මා කුඹුර කලේ තනියම. ටිකක් කල් ගිහින් පියදාස දීපිකා අරං පැනල යන්නෙ තවත් සතියක මහ රෑක. ජගත් ඒක දැනගත්තට පස්සෙ මානසිකව හුගක් වැටෙන්න ගත්තා. ටික දවසක් ගියා. අද පෝය දවසක්. ජගත්ගෙ අම්මා පෝයට සිල් ගන්න ගමේ පන්සලට ගිහින් හිටියෙ. ජගත් ගෙදර තනියම. අම්ම එනකං ජගත් බලං හිටියා. රෑ උණත් තාම අම්මා ගෙදර ආවේ නෑ. කිහිලි කරුවෙන්ම වැට ගාවට ආපු ජගත් බලාගෙන හිටියෙ ඈතින් හිමින් අඩිය තිය තියා එන මිනිහෙක් දිහා. ඒ තමා පියදාසගෙ මල්ලි. ජගත් පියදාසට සාප කර කර මල්ලිට බැන්නා. ඒත් පියදාසගෙ මල්ලි කියපු කතාවට ජගත් හොඳටම බය උණා. ඒ තමා දීපිකා පියදාස එක්ක පැනල ගිහින් තාම මාසයක් නොවුනට පියදාස මැරිලා මේ වෙද්දි අවුරුද්දක් කියන එක.
මතු සම්බන්ධයි


සමන්තිකා 4
ගොඩක් අයට කතාව මුල මතක නැති නිසා සාරාංශයක් එක්කම දාන්නං
සමන්තිකා කියන්නේ අහිංසක කෙල්ලක්. ආදරයෙන් පරාද වෙච්ච කෙල්ලක්. කොහොම උණත් කෙල්ල හොඳට ඉගෙනගත්තා. ඒත් ඉගෙනගෙනත් ඉගෙනුමට හරියන රස්සවක් ගන්න තැනිං සමන්තිකා ආයිමත් පරාද උණා. ගෙදර අගහිගකම් වැඩිවෙන නිසාත් කෙල්ල ගාමන්ට් ගියා. සමන්තිකා ගෙ කලින් කොල්ලා ජගත් ඔය අතරෙයි ආපහු සමන්තිකා පස්සෙන් එන්න ගන්නේ. දවසක්දා රෑ ඒ පාපතරයා කැලේකට සමන්තිකාව ඇදන් ගිහින් සමන්තිකාව දූෂණය කරනවා. ජගත් ගෙ පවුල එච්චර හොඳ පවුලක් නෙවේ. ජගත් සල්ලිකාර පවුලකින් බඳින්න හදද්දිම බඩත් උස්සගෙන සමන්තිකා එහාට යනවා. ජගත්ට සමන්තිකාව බඳින්න වෙනවා. ඒත් ජගත් එයාව බඳින්න හිටිය පෝසත් කෙල්ල දීපිකාව ගෙදරට ගේනවා. සමන්තිකා නොයෙකුත් වද වේදනාවට ලක්වෙනවා. අන්තිමේට දරුවා ලැබෙන්න ඉද්දි මහ මගම සමන්තිකාට දරුවව නැති වෙනවා. ඒ අස්සෙ ජගත් ගෙ ගෙදර අයගෙ දස වද වේදනා විඳ ගන්න බැරිව සමන්තිකා එල්ලිලා මැරෙනවා. ටික කාලයක් ගියාට පස්සෙයි හත් දවසෙ දානෙවත් නොලැබෙන සමන්තිකා එයාගෙ ආත්මෙන් මිදෙන්න බැරිවෙලා පලි ගන්න ආපහු එන්නෙ. ජගත්ගෙ පවුලෙ එක එකාව ටික ටික බිලි ගත්ත සමන්තිකාට නොදැනුවත්වම තවත් කෙනෙක් ගෙ උදව් හම්බවෙනවා. ඒ තමා පියදාස.
ඉදිරියට...
පියදාස කියන්නෙ ලස්සන නාඹර ඉලන්දාරියෙක්. ගමේ ඒ කාලෙ හිටපු ලස්සන කොල්ලෙක්. පාට කලු උණාට ඒ රූපෙ හැම කෙල්ලක්ම වශී උණා. ජගත්ගෙ අක්කා ඉස්කෝලෙ යද්දි ඒ පාරෙ බස් එකේ කොන්දොස්තර තමා පියදාස. ජගත්ගෙ අක්කත් ටිකක් ඇහැට කනට පේන නිසා පියදාසත් සෝමාට බැල්ම දැම්මා. හොරෙන් හොරෙන් දෙන්නගෙ ආදර කතාව නැගල ගියා. පියදාස කොච්චර හොඳ ගුණවත් උණත් හැබැයි දුප්පත්. සෝමාගෙ තාත්ත මේ සම්බන්ධෙට තදින්ම විරුද්ධ උණා. ඒත් පියදාසටවත් සෝමාටවත් දෙන්නට දෙන්න නැතිව ඉන්න බැරි උණා. දෙන්න දවසක හඳපානෙම පැනල යනවා. සෝමාගේ තාත්ත යක්ෂාවේස වෙලයි හිටියෙ. මිනිහ ප්ලෑනත් ගහල දෙන්නවම ආපහු ගෙදර අරං ආවා. ටික දවසක් පාඩුවෙ ඉන්න ඇරලා සෝමාගෙ තාත්තා දෙන්නට දෙන්න එපා වෙන විදිහෙ ගුරුකමක් කලා. එතන ඉඳන් දෙන්නට දෙන්න නයයි අඳුකොලයි වගේ. නිතරම රණ්ඩු. ඒ නිසා පියදාස සෝමාව දාල යන්න ගියා. පියදාස කාලයක් ටිකක් දුර පලාතක පතල් වැඩට ගියා. එතනදි තමා සෝමාගෙ තාත්තගෙ හෙංචයියො ටිකක් පියදාසව කැලේකට ඇදන් ගිහින් මැරෙනකම්ම ගහල මරන්නෙ. පන්සලේ පිරිත් සද්දෙට දාල තිබුණ නිසා අවටට කිසිම සද්දයක් පැතිරුනේ නැහැ. පියදාසව මරන්න ආපු එතන ප්‍රධානියා උණේ දීපිකාගෙ අය්යා. පියදාස විලාප දීලා ඇඩුවා. කවුරුවත් බේරගන්න ආවේ නෑ. විරූපි වෙච්ච පියදාසව මරලා ඇලට මිනිය තල්ලු කරල කට්ටියම ආවෙ කිසිම දෙයක් නොදන්න ගානට. පියදාසට දැන් පිරිත් ඇහෙද්දි කේන්ති එන්නෙ ඒ නිසායි.
පියදාස දීපිකාවත් පන්නගෙන කෙලින්ම ගියේ දුම්රිය පලට. දැන් රෑ 12ටත් ලගයි. පියදාස සමන්තිකා ලගින්ම හිටියා. වටපිට හිටපු මිනිස්සු දීපිකා දිහා අමුතු විදිහට බල බලා යන්න ගත්ත නිසා දීපිකා, පියදාස එක්ක කථා කරන එක නැවැත්තුවා. එතකොට කිසි කෙනෙක් දීපිකා දිහා අමුතු විදිහට බලාගෙන ගියේ නැහැ. දීපිකාට මේක හටි ප්‍රශ්නයක්. දීපිකාගෙ අතේ සල්ලි තිබුන නිසා එයා පියදාසටත් එක්ක ටිකට් දෙකක්ම ගත්තා කොලඹට. අතොරක් නැතිව මිනිස්සු ගැවසුණු දුම්රිය පලේ විනාඩි කීපෙකින් මේ දෙන්න විතරක් තනි උණා. දීපිකා පියදාසත් එක්ක කථා කර කර ඇවිත් එතන වාඩිවෙන්න තිබුණ තැනකින් ඉඳගත්තා. එකපාරම ලයිට් නිවි නිවී පත්තුවෙන්න ගත්තා. දීපිකා පියදාසගෙ පපුව අස්සට ගුලි උණා. ඊට පස්සෙ එයාට ඇහුනේ එයාගෙ නම කියල කථා කරන සමන්තිකාගෙ කටහඩ. දීපිකා බයවෙලා බැලුවේ රෙල් පාර දිහා. රෙල් පාර මැද සුදු ඇඳගෙන සමන්තිකා හිනාවෙලා ටික ටික දීපිකාගෙ ලගට එන්න ගත්තා. දීපිකා පියදාසට තුරුළු උණා. පියදාස එකපාරම අතුරුදන් වෙලා. දීපිකා කෑ ගහගෙන තරහෙන් පුපුර පුපුර ගියේ සමන්තිකා දිහාවට. "තෝ ජගත්වත් මගෙන් උදුරගෙන පියදාසවත් ඩැහැගන්නද ආවේ බැල්ලියේ." කියාගෙන දීපිකා රේල් පාරට බහින්න දුවගෙන ගියා. ඒත් එතකොටම තමා කෝච්චිය දීපිකාව යට කරගෙන යන්නේ. දීපිකාගෙ අවයව තැන් තැන් වල විසිරිලා යනවා. පියදාස හිමින් හිමින් එන්නෙ සමන්තිකා දිහාවට. පියදාස සමන්තිකාගෙ ඔළුව අතගාල ඉම්බා. "නංගියම්මා.. මට සමාවෙයං.. උඹව ජීවත් කරවන්න මම පණපිටින් නොහිටපු එකට.." කියද්දි සමන්තිකාගෙ ආත්මෙ පියදාසව වැලඳගත්තා. පියදාස කියන්නෙ සමන්තිකාගෙ මස්සිනා. කඳුළු පිරිච්ච සමන්තිකා එයාගෙ අය්යව බදාගෙන ඇඩුවෙ තමන්ගෙ කුසේ ඉඳපු දරුවා එක්ක ජීවත් වෙන්න බැරිඋණ එකට නං නෙවේ
මතු සම්බන්ධයි.
සමන්තිකා 5පියදාසගෙ මල්ලි කියපු කතාවට බයවෙච්ච ජගත් එකපාරම බිම ඉන්දවුණා. පියදාසගෙ මල්ලි ගෙ පිහිටෙන් ලග තිබ්බ පුටුවක හාන්සි උණ ජගත්ට ක්ලාන්ත ගතියක් දැනෙන්න ගත්තා. ජගත්ගෙයි පියදාසගෙ මල්ලිගෙයි සිද්ධ වෙච්ච බහින්බස්වීම ඇහුණ අවට ගෙවල් වල අය දුවගෙන එද්දි ජගත් උණ විකාරෙන් කියව කියවයි හිටියේ. ඔය අතරෙයි ජගත්ගෙ අම්මත් ආවේ. ජගත් උණ විකාරෙන් කෑ ගහන නිසා කට්ටියම එකතු වෙලා රෑම ජගත්ව අරං ගියේ ගමේ ප්‍රසිද්ධ ගුරුකම් කරපු කට්ටඩියෙක් ගාවට. බයවෙලා හිටපු ජගත් කියෙව්වෙම පියදාසගෙ නම. කට්ටඩියගෙ කෙරුවාව හින්දම ජගත්ට පියවි සිහිය ගන්න පුළුවන් උණා. ජගත් එතනදි පියදාස ගැන කිව්වත් කිසිම කෙනෙක් පියදාස ගමෙන් ගියාට පස්සෙ ආයි ගමට ආව වගක් දැනං හිටියෙ නෑ.
ජගත්ගෙ පවුල ඇතුලෙ පියදාස ව පියවි ඇහැට මුලින්ම දැක්කෙ සෝමා විතරයි. මුලින් සෝමාට විතරක් පෙණුන පියදාස පස්සෙ පස්සෙ දීපිකාටත් ජගත්ටත් පේන්න ගත්තා. හැබැයි පියදාස එකවතාවෙම කීප දෙනෙක්ට පේන්න හිටියෙ නැහැ. ඒ වගේම මුලින්ම සෝමාට විතරක් පෙණුන පියදාසව පවුලෙ වෙන කිසිම කෙනෙක් ආයිම දැකපු නැති නිසාත් සෝමාට පිස්සු හැදිල කියල හැමෝම හිතන්න ගත්තා. පියදාස කොච්චර සෝමාට ආදරේ කලත් පියදාසට සෝමා තමන් තරම්ම ආදරය නොකරපු බව පියදාස දැනගන්නෙ දීපිකාගෙ අය්යා තමන්ව මරපු දවසෙ කිව්ව කතා වලින්. පියදාසව මරන්න දීපිකාගෙ අය්යාව පොලඹවල තිබුනෙත් සෝමාම තමයි. ඒකෙ පලිය පියදාස ගන්නෙ කවුරුත් නැති මහ දවාලක වත්ත පිටිපස්සෙ තිබුණ ලිඳ ලගට සෝමාව ගෙන්නගෙන ලිඳට තල්ලු කරල මරල දාල.
එදා රෑට ජගතුයි අම්මයි නතර උනේ කට්ටඩි මැදුර ලග ගෙදරක ජීවං කරපු තෙල් ගාගෙන නූල් බැඳගෙන. පහුවදා රෑ ශාන්තිකර්මයක් කරලා පෙරේත ආත්ම අල්ල ගන්නයි කට්ටඩි රාල සූදානම් උනේ. පහුවදා උදේම ගෙදරට ගියපු ජගතුයි අම්මයි වටේ ගෙවල් වල උන්දැලගෙ උදව්වෙන් රෑ ශාන්තිකර්මයට සූදානං උණා. අවට ගෙවල් වල හිටපු සේරමල්ලම ජගත්ලගෙ ගෙදර මිදුලට එකතු උණා. බෙර ගහ ගහ මලවුන් අතරින් පියදාසට සැරෙන් අඩගහපු කට්ටඩියාගෙ හඩට පියදාසගේ ආත්මෙ බලෙන්ම ඇදිල ඇවිත් වැහුනෙ ජගත්ගෙ අම්මගෙ ඇඟට. එකපාරම පියදාසව වැහුණ ජගත්ගෙ අම්ම පැනල ජගත්ගෙ බෙල්ල මිරිකන්න ගත්තා. අනික් අයට ජගත්ගෙ අම්මාගෙ රූපෙන් ජගත්ගෙ බෙල්ල මිරිකනව පෙනුනට ජගත් දැක්කෙ පියදාසගෙ මූණ. විරූපි වෙච්ච කළු පාට ඝන රැවුලකින් වැහිච්ච යකෙක් වගේ පියදාසගෙ මූණ දැක්කම ජගත්ගෙ ඉහමොළ රත්වෙන්න ගත්තා. කට්ටඩියාගෙ බලපෑම් හමුවේ බිල්ලක් අරං චුත වෙලා යන්න කියලා සැවුලෙක් ගෙනාවත් සැවුලා එකපාරම බැඳල තිබ්බ යකඩ දම්වැලත් කඩාගෙන දුවගෙන ගියා. වටේිම හිටපු කට්ටිය ජගත්ව ජගත්ගෙ අම්මගෙ ග්‍රහණයෙන් මුදවගන්න හැදුවත් ජගත් ඒ වෙද්දිත් අමාරුවෙන් හුස්ම ඇද ඇද හිටියේ. ගොඩක් අය බයටම ලමයිත් වඩාගෙන ගෙවල් වලට දුවන්න ගත්තා. ඔය අතරේ තමා අවට පරිසරය වෙනස් වෙලා හුලං ටිකක් තදට හමන්න ගත්තෙ. ජගත් අම්මව පිටිපස්සට තල්ලු කරල නැගිටල කෑ ගහගෙන දුවන්න ගත්තා. ජගත්ගෙ අම්මවත් මරාගෙනම එයාගෙ ඇගෙන් පියදාස අයින් වෙලා පෙරේත ආත්මෙන් චුත වෙලා ගියා. ජගත්ගෙ අම්මගෙ මූණ කළු වෙලා කට ඇරිලා ඇස් ලොකුවෙලා තිබුනෙ යකෙක් දැකලා මැරුනා වගේ පේන්න. ඇත්තම කිව්වොත් ජගත්ගෙ අම්ම මැරෙන්නෙ මැරිච්ච පියදාසගෙ මූණ තමන් ඉස්සරහ දත් විලිස්සගෙන බලාගෙන ඉන්නව දැකල හැදිච්ච පපුවෙ අමාරුවට. පියදාස ආත්මෙන් චුත උණත් සමන්තිකාට එහෙම කරන්න බැරි උනේ තමන්ව මැරෙන්න ඇරපු, තමන්ගෙ ජීවිතේ කාලකණ්නි කරපු ජගත් තවම පණ පිටින් ඉන්න නිසා. පියදාසට බයේ කැලෑ වැදුණු ජගත් කරුවලේ ගැහි ගැහි ලොකු ගහක බෙනයක් ඇතුලෙ හැංගුනා. හය්යෙන් වහින්න ගත්ත නිසා වටේම වැහි සද්දෙන් ඝෝෂා වෙලා තිබුනේ. වැස්ස ටික ටික අඩු වෙන්න ගත්තා. ජගත් අමාරුවෙන් තුවාල කකුලත් පරිස්සං කරගෙන ගස් බෙනයෙන් එලියට ඇවිත් නොණ්ඩි ගහ ගහ ඇවිදන් ආවෙ අම්මව හොයාගෙන. ඒ එද්දිත් කට්ටිය විලාප දීගෙන අඩනවා. ජගත්ගෙ අම්මා ජගත්ලගෙ සාලෙ බිම වැතිරිලා හිටියා. ජගත් අම්මා ගාවට නැඹුරු උණා විතරයි ජගත්ගෙ අම්මගෙ ඔළුව ඉස්සිලා ඇස් ඇරිලා ජගත් දිහා දත් විලිස්සාගෙන හිනා උණා. බයවෙච්ච ජගත් පිටිපස්සට පැන්නා. ජගත් දැකපු මේ දේ වෙන කිසිම කෙනෙක් නොදැකපු නිසා වටේ හිටපු කට්ටිය ජගත්ව අල්ලගත්තා. ජගත් බයෙන් වට පිට බලන්න ගත්තා. තමන්ගෙ පවුලෙ මැරුණ හැම කෙනාම බය හිතෙන විදිහට හිනාවෙවි බලං ඉන්නව එයා දැක්කා. ජගත් හොඳටම බය උණා. ජගත් බය උණ තරම කොහොමද කියනවනං ජගත් අන්තිමට නතර උණේ මානසික රෝහලක
මතු සම්බන්ධයි------ Post added on Dec 27, 2021 at 10:08 PM
bumpනෙට් එකෙන් සයිට් වලින් උස්සන නව කතා නෙවෙ තම තමන්ට උන අත්දැකිම් දාගෙන යන්න අරවා කෘතිම කතා නෙට් එකේ සයිට් වල තියෙන එවා
bumpනෙට් එකෙන් සයිට් වලින් උස්සන නව කතා නෙවෙ තම තමන්ට උන අත්දැකිම් දාගෙන යන්න අරවා කෘතිම කතා නෙට් එකේ සයිට් වල තියෙන එවා
නියමයි මචං...සමන්තිකා - අවසාන කොටස
ජගත් මානසික රෝහලට ගිහින් දවස් කීපයකට පස්සෙ ඇද රෙද්දකින් බෙල්ලෙ වැලදාගෙන මැරිලා තිබුනා. ඇත්තටම ඒක සියදිවි නසා ගැනීමක්ද නැත්තං වෙනත් කෙනෙක් නිසා ඇතිවුණ දෙයක් ද කියලා හොයන්න පොලීසිය පරීක්ෂණ පටන් අරං තිබුනා. මානසික රෝහල් පරිශ්‍රයේ තිබුන දැවැන්ත ගහක් පැත්තෙන් පාන්දර තුනට විතර ඇහිච්ච සද්දෙට මුරකාරයා දුවන් එද්දි තමා මේක දැකල තිබුනෙ. ගැටලුව තමා එච්චර ලොකු ගහකට මෙයා තුවාල කකුලක් එක්ක නැග්ගෙ කොහොමද කියලා. ඒත් ගහ යට චුට්ටක් එහා පැත්තෙන් තිබුන ලේන්සු කැල්ල කිසි කෙනෙක් ගෙ අවදානමට ලක් උනේ නෑ. ඒකෙ තිබුනෙ අම්මෙකුගෙයි බබෙකුගෙයි ලස්සන මැහුමක්.
නිමි.
ප.ලි- මගෙ ලිවීමේ හැකියාව කොහොමද නං දන්නෙ නෑ. ජොබත් එක්ක ලියන්න සෙට් උනේ නෑ. ඒකයි මගදි නැවතුනේ. @PHBhagya ප්‍රමුඛ කීප දෙනෙක්ගෙ කමෙන්ට් දැකලමයි ආයෙම ලියල ඉවර කලේ.
මමත් ආස ත්‍රෙඩ් එකක්. කට්ටියම මේක ඇදන් යමු