එළකිරි භූත කොටුව.........

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,057
    8,340
    113
    මම නම් සිරාවටම හොල්මන් අවතාර සීන් විශ්වාස කරන්නේ නෑ මචන්ස්.නමුත් මට පොඩි සීන් එකක් උනායින් පස්සේ පොඩ්ඩක් ඒ හිතන එක වෙනස් වුනා.ඒක තමයි මේ ලියන්නේ.
    මම අදටත් හිතන්නේ මේ නම් හොල්මන් නෙමේ මගේ හිත තමයි කියලා.අනික අපි කැමතිම සින්දුවක් අහලා අහලා පස්සේ පාළු ටයිම් එකක මතක් කරනකොට කරනකොට ඒක ඇහෙනවා වගේ වෙන්නේ අපේ මොළෙන් ඒවා rendering කරන නිසානේ.ඉතින් මම මේ ගැන හිතන්නේත් ඒකමයි.ඒ නිසා බයනම් වෙන්න එපා මේක කියෝලා.
    මේක උනේ ලංකාවේ ඉන්න කාලේ අවුරුද්ද කියනවානම් හරියටම 2010 වගේ.මම ඉන්නේ සපුගස්කන්දට කිට්ටුව.අහලා ඇති නේද බටලන්ද කියලා පැත්තක් එහෙම ආන්න ඒ හරියට ලඟ.මම අම්බානක පොත්පත් කියෝන එකෙක්.. අනික "එලියකන්ද වධකාගාරය" වගේ පොත් "ගිනිඅවි ගිනිකෙලි1-2-3-4" පොත් එක හුස්මට කියෝලා දාපු එකෙක්.ඉතින් ඔව්වා ඔලුවේ තියෙනවා කොයි වෙලෙත්.අනික බටලන්ද ගැන ඇහුනු කතා සෙට් එකත් ඒ වගේමයි.අනික හොල්මන් කතාපොත් එහෙමත් ලෙසටම කියෝලා ඒවයෙත් හොරර් ෆිල්ම්ස් බලලා කරවුණු එකෙක්.හිතාගනින් ඉතින් මම පොඩ්ඩක් පසුබිම කිව්වේ.

    මේක වෙන්නේ පෝයට කලින් දවසක් හද එලිය පට්ට විදිහට තිබ්බ දවසක.මම ඔෆිස් ඇරිලා එනවා.. එන්නේ කොටුවෙන් 143 බස් එකේ ඇවිත් පරණ පාරේ වැලිවිට හංදියෙන් බැහැලා ඇතුලත් ඇවිදන් ගිහින්.. තියෙනවා ගඟ හරස් කරපු පාලමක් ඒකේ එගොඩ වෙන්නේ.මේක දන්න අය දන්නවා ඉස්සර භීෂණය කාලේ එක්තරා පක්ෂයක් කැරැල්ලක් මර්ධනයෙදි සෑහෙන්න ප්‍රයෝජන ගත්ත පාලමක්.කොල්ලො ඇස් ගැටගහලා බටලන්දෙන් අරන් ඇවිත් මේකට නග්ගලා මේකේ පාලම කැඩුණු තැනක් තියෙනවා එතනදි තියනවා ඔලුවටම කෙලින්ම කැළණි ගඟට වැටෙන්න.ඉතින් කවුරුත් රෑ වෙනකොට මේකේ නෑ තනියම නම් යන්නේ එන්නේ 7pm වගේ පහු වෙනකොට.
    hYJUbHz.png


    කැළණි ගඟ ලංකාවෙම පලළම ගඟ නිසා හිතාගනිල්ලා පාලමේ පලළත්..
    ඉතින් මම නම් වැඩිය ඔව්ව විශ්වාසයක් නැති නිසා ආවා එදත් වැලිවිට පාලමෙන්ම මාරුවෙන්න..එතකොට මට බියගම පාර ලඟයි.එතනින් පොඩ්ඩක් ගියාම අපේ බස් පාර.මම හෙඩ්සෙට් එකත් ගහන් වැඩ ඇරිලා එන්නේ.. සිංහල මික්ස් රැපක් වගේ අහගෙන.
    පොර වගේ වෙනදා පුරුද්දට පඩි ටික නැඟලා පාලම මේ පැත්තෙන් නැඟ්ගාම දැක්කේ බලු බල්ලෙක් නෑ පාලම උඩ.අනික ගෙවලුත් ලයිට් නිවන් ගොඩක් ඒවයේ.. මිනිස් පුළුටක් එනකොට දැක්කෙත් නෑ.. උඩට නැග්ගම දැක්කේත් නෑ..අනික පහුවදා පෝය නිසා හද එලිය වැටිලා පාලම මැද හරිය අග නම් කරුවල වගේ වදුල වගේ ගස් හෙවණ නිසා.මම පොඩ්ඩක් ගැස්සුණා කොච්චර පොර මානසිකත්වෙන් උන්නත්.ඉතින් පඩි නැග්ගනම් යන්නත් එපැයි කියලා අඩිය ඉක්මන් කලා.


    පියවර හයක් හතක් යනකොට මගේ හෙඩ්සෙට් එකේ සද්දෙත් එක්ක මික්ස් වෙලා ඇහෙනවා පිටිපස්සේන් තව කොල්ලෝ දෙන්නෙක් කයියක් ගහනවා වගේ සද්දයක්.මට මාර හිතට හයියක් ආවා මොකද පොඩ්ඩක් දෙගිඩියාවෙන් වගේනේ උන්නේ මම විතරක් නිසා පාලමේ.කොයි එකටත් අඳුරන උන් දෙන්නෙක්ද බලන්නත් එක්ක හැරුණා පිටිපස්සට බෙල්ල පොඩ්ඩක් හරෝලා.
    මචන් ඇඟම සීතල උනා මචන්ස්ලා කවුරුත් නෑ සද්දෙ ඇහුනට.මම ඩිම් උනා.ඒ ගැම්මටම ගියා ඉස්සරහට දෙපැත්තෙම ඉතින් පැන්නත් ගඟ නිසා..අනික මම පාලම මැද වගේ.පට්ට දුරක් තියෙනවා අනිත් කොනට.අනික දිව්වත් එහා කොනේ ආයිමත් පඩි කලබලේ බැස්සොත් බිම තමයි..ඒ නිසා මම හෙඩ්සෙට් එක ගැලෙව්වා.මට දැන් හොදට ඇහෙනවා මගෙත් එක්කම ලඟ පිටිපස්සෙන් කොල්ලො දෙන්නෙක් කතාකර කර එනවා..
    හරියටම අර පාලම කැඩුණු තැන ලංවෙනකොට මාව ඉස්සර කලා ඒ දෙන්නම.ඒක දැනුනේ අඩිසද්දෙයි, අර කවුරු හරි ලඟින් යනකොට වදිනවා වගේ දැනෙන හුලං පාරෙනුයි..මට කිසිම දෙයක් පෙනුනේ නම් නෑ මොකද මොනව උනත් මම මීටරෙන් උන්නේ.කරන්න දෙයක් නෑ දන්න ගාථා ටිකත් මටම ඇහෙන්න කියා ගත්තා පඩිටික රූන් ගාලා බැස්සා ගෙදර ගිහින් ශේප් එකේ විස්තරේ කිව්වා.ආයිත් ඉතින් ඒ පාරේ නම් රෑ වෙලා ආවෙ නෑ ඒ පාරෙන් දවාලක හවසක මිසක්.
    එතන පහලම ගෙදර කලින් උන්නු කට්ටියකුත් රෑට ලමයි වතුරට වැටෙන සද්ද ඇහෙනවා කියලා ගෙවල් දාලා ගිය කතාවකුත් මම දැන ගත්තා ඕක අපේ තව කට්ටියක් ඉන්න තැන කියන්න ගිය වෙලාවක.
    හැබැයි ඒ හොල්මන් නෙමේ මචන් අනිවාර්යෙන්ම මම ඒ විකාර ඔලුවේ තියන් ඉන්න නිසා ඇහුණු එකක්ම වෙන්න ඕන.මොකද මොලේට පුළුවන් ඇහැට නොපෙනුනත් දේවල් මවල දෙන්න,කනට අස්සවන්න..ඒ වගේ නිසා..
    අනික මම පොඩි කාලේ 88-89 කාලේ තාත්තා අපිව අරන් ගිහින් දවසක් පෙන්නුවා පිටවල් වලට ඉස්ත්‍රික්ක කරලා මරලා දාලා උන්නු කොල්ලොන්ව ඒ පාලම යට.ගඟේ පා කරලා යැව්ව කොල්ලොන්ව.ඒව ඔලුවෙත් තිබ්බ නිසා වෙන්න පුළුවනි..
    එලකිරියේ මේ ලඟ තව අය ඉන්නවා නම් කතා දායි මේ පාලමේ ඒවා..ඒ තරමට මේ පාලමේ කතා තියෙනවලු.
    bump
     
    • Like
    Reactions: priyanka_hdp

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93

    Nuke ගේ චැනල් එක නම් සුපිරියි. ඇත්ත ද බොරු ද කියන්න බැරි වුණත් හොඳටම බය කරනවා. ජපන් සීන් එකට නම් හොඳටම බය වුනා මම.

    මේ වගේ වෙන චැනල් දන්නවද ?
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    Nuke ගේ චැනල් එක නම් සුපිරියි. ඇත්ත ද බොරු ද කියන්න බැරි වුණත් හොඳටම බය කරනවා. ජපන් සීන් එකට නම් හොඳටම බය වුනා මම.

    මේ වගේ වෙන චැනල් දන්නවද ?
     
    • Like
    Reactions: stranger123

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93

    මේකේ පොඩි කොටසක් මේ පාර Nukes top 10 එකේ ගියා බැලුවා. ෆුල් වීඩියෝ එක නේද මේ. එල එල. Save කරගන්නවා පාඩුවේ දවල් වෙලාවක බලන්න. ;) රෑ බැලුවොත් අනිවාර්යෙන්ම නිදා ගන්න බෑ.
     
    • Like
    Reactions: FalconX