එළකිරි භූත කොටුව.........

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    හර්ෂනී ගේ අභිරහස - 01 කොටස
    (අදුසුමන් කතා රචකගේ අය්යා විසිනි.)

    හර්ෂනී කියන්නෙ අපේ ග‍මේ මහණ කරපු අලුත් පුංචි හාමුදුරුවන්ගෙ අක්කා. අපේ පොඩ්ඩිගෙ යාලුවෙක්. පොඩ්ඩි කැම්පස් එකේදී අඳුනගත්ත, පිටිසර ගමක ලස්සන ගෑනු ලමයෙක්. නිතරම ඇන්දෙ ගවුම්. ඒ කෙල්ල හිනාවෙද්දි හරිම සිරියාවන්තයි. ලඟින් යන හැම වෙලාවෙම දැනුනෙ අරලිය මල් සුවඳ. එයාව දැකපු පලවෙනි දවසෙ හිත ඇදිල ගියා නොකිව්වොත් ඒක බොරුවක්. කැම්පස් නිවාඩු දුන්නම අපේ ගෙදර ඇවිත් සතියක් විතර ඉඳලයි යන්නෙ. මල්ලිත් ‍පුහුණුවකට ගිහින් නිසා මම පිටිපස්සෙ කාමරේට ගියා ඒ ලමය ආපු දවස් වලට. කොහොමහරි මේ කෙල්ල අපිත් එක්ක හුඟක් සමීප උණා. දවසක් මල්ලි කොලඹ ඉන්ඩැද්දි උගෙ ලියකියවිලි වගයක් ගන්න මිනිහගෙ හොඳ යාලුවෙක් ආවා. නම ජගත්. මිනිහ වැඩ කරපු තැන මයි අපේ මලයත් වැඩ කලේ. මූ එදා ආපු දවසේ හර්ෂනී දැක්කා. ඌ ඒකි දිහා බලං හිටියෙ හරි පෙරේත කමින්. ඒ පලවෙනි දවස. මුන් දෙන්න ඉන් පස්සෙ නිතර නිතර හම්බ උණා කියල නංගි මට කිව්වා. අපි කොච්චර එපා කිව්වත් ඒකි එවෙලට විතරයි ඒක පිලිගත්තෙ. ජගත් කියන්නෙ මහ ලෝක බඩු කාරයෙක්. වෙනද කැම්පස් නිවාඩුවට අපේ ගෙදර එන එකී අරූ එක්ක රවුම් ගහන්න ගත්තා. වෙන්න ඕන හරිත් ඔක්කොම වෙලා කියල මම දැනගත්තේ පස්සෙ. මූ හර්ෂනී ව පස්සෙ පස්සෙ මග අරින්න ගත්තලු. නංගි එක්ක එකට හරි හරියට පාඩම් කරපු එකී විබාග පේල් වෙලා රිපීට් ලියන්න යන තැනට පත් වෙලා. නංගි නිවාඩුවට ආවම කතා කලේ හර්ෂනී ගැනමයි. මල්ලිගෙ ට්‍රේනිං එක ඉවරවෙන්න දවස් දෙකකට කලිං ආරංචි උනා කෙල්ල අතුරුදන් කියලා. අපි පොලීසියේ පැමිණිල්ලක් පවා දැම්මා. ජගත් කිව්වෙත් ඌ කිසි දෙයක් නොදන්න වග. දවස් කීපයකට පස්සෙ මල්ලි ගෙදර ආවා. මල්ලි හර්ෂනී ගැන අහල තිබ්බට කවදාවත් දැකල තිබුනෙ නෑ. නංගි කැම්පස් ගිය නිසාත් මල්ලිට වෙච්ච සිදුවීම් ටිකක් නිසාත් අපි මල්ලිව නංගිගෙ කාමරේට ගත්තා. මල්ලි බය වෙච්විච ‍පෙරේත කෙල්ල ගැන සියලුම විස්තර මම දැනං හිටියත් ඒක කිව්වෙ මාසයක් විතර ගියාට පස්සේ. අරලිය මල් ගහක් ගාවින් යද්දි මට හැමතිස්සෙම මතක් උනේ හර්ෂනීව. ඒ කෙල්ලගෙ අහිංසක හිනාව පිරුණ මූණ

    මතු සම්බන්ධයි

    හර්ෂනී ගේ අභිරහස - 02 කොටස
    (අදුසුමන් කතා රචකගේ නංගී විසිනි.)

    හර්ෂනී කියන්නෙ මම කැම්පස් එකට ගියපු දවසෙ හා හා පුරා කියල කතා කරපු ගෑනු ලමයා. එයාගෙ ගම XXXXX . එයායි මායි එක රූම් එකේ තමා හොස්ටල් ජීවිතේ ගෙව්වෙ. එයා හැදුනෙ ආච්චි එක්ක. අම්ම නැති වෙලා තිබුනෙ එයාට අවුරුදු පහේදි. තාත්තා වෙන කසාදයක් කරගෙන. කොහොමහරි ආච්චි (අම්මගෙ අම්මා) තමා හර්ෂනීව බලාගෙන තියෙන්නෙ. එයාගෙයි මගෙයි දෙන්නගෙම බලාපොරොත්තුව උනේ අපෙ මැනේජ්මන්ට් ඩිග්‍රියෙන් පස්සෙ පොඩියට බිස්නස් එකක් පටං ගන්න. අපි කොච්චර සමීප උණාද කියනවනං අපි දෙන්නා සහෝදරියො වගේ හිටියෙ. එයා නිවාඩු කාලෙ හිටියෙත් අපේ දිහා. එක දවසක් අය්යගෙ යාලුවෙක් අපේ දිහා ආව දවසෙන් පස්සෙයි එයාට නරක කාලෙ උදා උණේ. ඒ අය්යා හොඳ මනුස්සයෙක් නෙවේ කියල දැනං හිටිය නිසාම අපේ පොඩි අය්යත් එයා ඉන්න වෙලාවට මට වැඩිය කතාවට එන්න දුන්නෑ. මම චුට්ටකට කෝල් එකක් ගත්ත වෙලාවෙ පොඩි අය්යගෙ ලියුම් වගයක් ගන්න මේ අය්යා ආවා. ලොකු අය්ය මට ඒක ගේන්න කිව්වට මම කෝල් එකේ හිටිය නිසා ගියේ හර්ෂනී. හර්ෂනී හරි බොලඳ කෙල්ලක්. අය්යට හදිස්සියෙම පියදාස මාමා කතා කරපු නිසා අය්ය වැට ගාවට ගියා. ඒ අතරේ අර ජගත් අය්යා හර්ෂනීව දැලේ දාගෙන තිබුනා. විනාඩි පහලොවක් විතර මටත් අය්යටත් හර්ෂනී ගාවට එන්න බැරි උනා. මම කොල් එක ඉවර වෙලා එද්දි ජගත් අය්යා ගිහින් තිබුණා. එතන ඉඳන් හර්ෂනී පාඩම් වැඩ නොකර පැය ගණන් කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරං ජගත්ට කෝල් කරන්නයි, ජගත්ව බලන්න යන්නයි පුරුදු උනා. හොඳට හිටපු කෙල්ල එන්න එන්නම විනාස වෙන්න ගත්තා. දවසක් එයාගෙ ඇඳුම් අස්සෙ තිබිල මට ප්‍රෙග්නන්සි ටෙස්ට් කරන්න ගෙනපු ස්ටික්ස් වගයක් හම්බුනා එදා තමා මට හොඳටම බය හිතුන දවස. මම මේ ගැන කියල රණ්ඩුත් කලා. අවසානෙ අපේ යාලුකම ට සමුදීලා එයා අතුරුදන් උනා. පස්සෙ ආරංචි උනා එයා ගමේ ගිහින් කියලා. ඒත් ඒ දවස්වලම අපෙ අය්යටත් මහ අමුතු දේවල් වගයක් වෙන්න අරං තිබුණා. මට ගෙදර යාගන්නවත් විදිහක් තිබුනෙ නෑ. මම යද්දි අය්ය හිටියෙ පන්සලේ. සිහියක් තිබුනෙ නෑ. හදිස්සියෙම ආපහු එන්න උන නිසා ලොකු අය්යා මාව කැම්පස් ගෙනත් දාල ආයෙම ගියා. ඒ වෙද්දි මගෙ වෙන යාලුවෙක් හර්ෂනී වෙනුවට මා ඒ එදදියි මම දැනගත්තෙ හර්ෂනී මැරිල කියල.
    ------ Post added on Sep 9, 2023 at 7:24 PM

    මතු සම්බන්ධයි
    ------ Post added on Sep 9, 2023 at 7:28 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මේක උනේ 1980 දශකයේ. අපේ ගමේ, මගේ යාළුවෙක් මැරුණා. ඒ යාලුවත්, මමත් පෙනුමෙන්, ශරීර ප්‍රමාණයෙන් ටිකක් එක සමානයි. එයාගේ ඔළුවේ (මොළයේ) ගෙඩියක් හෝ පිළිකාවක් වැනි දෙයකට කරපු ශල්‍යකර්මයක් අසාර්ථක වෙලා තමයි එයා මැරුණේ. ශල්‍යකර්මයේ කැපුම් නිසා, මිනියේ ඔළුව බැන්ඩේජ් කරලා තමයි තිබුනේ.

    ආදාහනයට කලින් දවසේ රෑ ශෝක ප්‍රකාශ බැනර් අඳින කොට එයින් කිහිපයක් මහලා තිබුනේ නැහැ. රෑ 1-2 වගේ වෙලාවේ, මේවා මහන්න මම ගෙදර ආවා. පාරෙන් එන්නේ නැතුව, අනුන්ගේ වතු උඩින්, වැටවල් වලින් පැනලා එන එක ළඟ නිසා, මම ආවෙත් එහෙමයි. ඒ කාලේ දන්නා අඳුනන අය එහෙම යන එන එක සාමාන්‍ය දෙයක්.

    පොද වැස්ස හෝ පින්න නිසා මම ඒ සුදු රෙදි බැනර් කිහිපය ඔළුවට දාගෙන ආවා. ගෙදර ඇවිත් ඒවා මහගෙන, කනත්තට ගිහින් දීලා මම ගෙදර ආවා.

    මල ගෙදර හත් දවසේ දානේ දීලා ඉවර උන දවසේ රෑ, ටෙන්ට් ගලවලා, පුටු වගේ දේවල් පිළිවෙලක් කරන කොට අර මම ඉහත කියාපු "වැටෙන් පැනලා" ආපු ගෙදර තොවිලයක්. ඒක අපිට අදාළ නැහැනේ.

    හත් දවසෙන් පස්සෙත්, අපි කොල්ලෝ කට්ටිය හැමදාම රෑට ටික වෙලාවකට හරි ඒ ගෙදරට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා එනවා. එහෙම ගිය දවසක අර තොවිලය තිබුන ගෙදර මෑන් එක්ක මම කතාවට සෙට් උනා.

    ඒ තොවිලය කරලා තියෙන්නේ, මැරුණ කොල්ලාගේ හොල්මන, ආදාහනයට ඉස්සෙල්ලා දවසේ රෑ, ඒ මෑන් ගේ වයිෆ් (ටොයිලට් එකට යනකොට) දැකලා, බයවෙලා නිසා කියලයි කිව්වේ.

    ඕවා විශ්වාස කරන්න එපා අයියේ, එයා වෙන මොනවා හරි දැකලා බයවෙන්න ඇති කියපුවාම මෑන් කිව්වේ, එහෙම කියන්න එපා මල්ලි, xxx(මියගිය යාළුවා) මල්ලිගේ මිනියේ ඔළුව බැන්ඩේජ් කරලා තියනවා වගේම (හොල්මනෙත්) ඔළුව බැන්ඩේජ් කරලා තියනවාත් එයා හොඳටම දැකලා තියනවා, xxx මල්ලි කම්බි පොට පාත් කරලා, වැටෙන් පැනලා රබර් වත්තට යනවත් එයා හොඳටම දැකලා තියනවා කියලයි .
    මුල් ඡේදෙ කියෝනකොට නිකමට හිතුන...😅
    අදුසුමන් - 01

    මේක ටයිප් කරන්න පටන් ගද්දි වෙලාව රෑ 10.53. කියන්න යන සිද්ධියෙන් සතියකට පස්සෙ.

    ඊයෙ සෙනසුරාදා නිසා වෙනදා වගේ ගොඩක් සෙනග රෑ බස්වල හිටියෙත් නෑ. මම වැඩ ඇරිලා යාලුවෙක් ගෙ දිහා ගිහිල්ල එද්දි බයික් එක කැඩුන නිසා බස් එකකට නැග්ගෙත්. සාමාන්‍යයෙන් මම වීක්එන්ඩ් වැඩට යන්නෙ බයික් එකේ. කොහොමහරි බස් එක ස්ටාට් කරං ටවුමෙ හෝල්ට් හෝල්ට් වල නැවැත්තුවත් මහ සෙනගක් නැග්ගෙ නෑ. මම පිටිපස්සෙම සීට් එකේ ඉඳගෙන සින්දුවක් අහ අහ ආවේ හැන්ඩ්ස්ෆ්‍රී එකෙන්. ලස්සන නංගියෙක් පිටිපස්සෙ දොරෙන් බස් එකට නැගල ඉස්සරහ සීට් තුනකට එහයින් එකක ඉඳගත්තා. මම ජනේලෙන් එලිය බලාගෙන එද්දි මට තේරුණා මම දිහා කවුරුහරි බලං ඉන්නව කියලා. මම හැරිලා බලද්දි අර නංගි මම දිහා බලාගෙන හිනාවෙවි උන්නා. මාත් පොඩ්ඩක් හිනාවෙලා ආපහු සින්දු සීන් එකට එන්ටර් උනා. පස්සෙ මේකි මම ගාවට ඇවිත් ඉඳගත්තා. එයා ගාව ආව සුවඳ හරි අමුතුයි. නිකං අරලිය මල්වල සුවඳ වගේ. මෙයා ඇස්පිල්ලන් නොගහ දත් පෙන්නගෙන හිනාවෙවී මම දිහා බලං හිටියා. එයා පාරක නමක් කියලා එතැන පහුවුනාද කියල මගෙන් ඇහුවා. ඒ පාර පහු කරං යන නිසා මම එයාට කිව්වෙ තාම පාර පහු උනේ නෑ කියලා. එයා ඇඳල හිටිය ඇඳුම මීටර් උනේ මට එතකොට. කහ පාට ගවුමක් ඇඳල හිටියෙ සුදු පාට අරලිය මල් තිබුණ. කළු බාට දෙකක් දාල හිටියෙ කොණ්ඩෙ තනි කරලට ගොතලා. කොහොම හරි කතාවට සෙට් උණා අපි. එයා කිව්වා එයාගෙ යාලුවෙක් එයාලගෙ ගෙදර එන්න කියලා පාරක් කිව්වලු. ගෙදර හොයාගෙන යන ගමන් කියලා. ඒත් එක්කම බස් එක හය්යෙන් බ්‍රේක් ගැහුවා. මම ගිහින් ඉස්සරහ සීට් එකේ වැදුනා. බස් එකේ සීට් ගාණටවත් කට්ටිය හිටියෙ නෑ. මම සීට් එකෙන් නැගිටිද්දි හැමෝම මම දිහා බලාගෙන හිටියා. කොන්දොස්තරත් බිරාන්ත වෙලා බලං හිටියා. ටිකට් ගන්නෙ නැද්ද? පොර මගෙන් ඇහුවා. මම ටිකට් ගත්තා. ඒත් මිනිස්සු අමුතු විදිහට මා දිහා බලාගෙන හිටියෙ. කොන්දත් වැඩිය කතාවක් නැතිව ඉස්සරහට ගියා. බස් එක ස්ටාට් උණා. අර නංගිත් ඒ වෙද්දි බැහැලද කොහෙද.. මටත් චුට්ටක් අවුල් ඉතිං නංගි නොකියම බැහැපු එකට. මමත් මට බහින්න ඕන තැන ලං උණාම බෙල් කරල බස් එකෙන් බැස්සා. අපේ ගෙදර පාරෙ නෙවේ තියෙන්නෙ. වෙල් යායක් මැද්දෙන් තියෙන පාරක කිලෝ මීටරයක් වගේ ඇතුලට යන්න ඕන. මම සින්දුවක් කිය කිය පාරෙ යද්දි කවුද එනව වගේ දැනුන. මහ අමුතු ගඳකුත් ආවා. අය්යේ... කියල කතා කරන හඩ ඇහෙද්දි මට ඒ කවුද කියල අඳුනගන්න පුලුවන් උණා. මම ඒත් එක්කම හැරුණා. කවුරුවත් හිටියෙ නෑ. රෑ නිසා මොකවත් හරියට පේන්නෙවත් නෑ. මම චුට්ටක් වේගෙන් දුවගෙන දුවගෙන වගේ ගෙදරට ගියා. යද්දි ගෙදර අය සේරම මම එනකල් බලං හිටියා. ඇයි පුතේ මෙච්චර පරක්කු? අම්මා අහද්දි මම විස්තරේ කිව්වා. ඊට පස්සෙ තමා මට රත්වෙන විස්තරේ අය්ය කිව්වේ. මල්ලි උඹ එද්දි ආරංචියක් ආවෙ නැද්ද?.. නෑ... මොකද්ද? මම ඇහුවා. තාත්ත අය්යට අමුතු රැවිල්ලක් රැව්වා.. ඉන් පස්සෙ එයා මුකුත් නොකිය ගෙට ගියා. මූණ කට හෝදං කාපං පුතා.. තාත්තා කියල මිදුලට බහිද්දිම ටෝච් අරං තාත්තගෙ යාලුවො සෙට් එක ආවා... ‍එයාල මොනාව මොනව හරි කිව්වා.. දෙතුන් සැරයක් කෙල්ලෙක්ගෙ නමක් කිව්වා වගේ මතකයි.. ඒත් එක්කම මම දැක්කෙ අර නංගි තාත්තගෙ පිටිපස්සෙ ඉන්නවා. එයාගෙ මූණ ඉදිමිලා තිබුනා. ඇඳුම ඉරිලා.. බාටා දෙකක් වත් නෑ.. ලස්සනට ගොතල තිබ්බ කොණ්ඩෙ ගැලවිලා. මම එයාව ඕනි නං තප්පර දෙකක් වගේ දකින්න ඇති. ‍පොලිස් ජීප් සද්දෙත් එක්ක ඇම්බියුලන්ස් එකක් පාරෙ යන සද්දෙට අවට හිටපු හැමෝම අපේ මිදුලට එකතු උනා. මට මේ වෙන කිසි දෙයක් හිතාගන්න බෑ. මම ඇඳුම් මාරු කරල නාල එහෙම කාල ඇඳට ගොඩ උනා. ටික වෙලාවක් යද්දි මට නින්ද ගියා. පහුවදා නිවාඩු දවස උණත් යාලුවෙක් ගෙ දිහා යන්න උනා. එහෙ ගිහිං එද්දි යාලුවගෙ තවත් යාලුවෙක්ගෙ මලගෙදරක යන්න සෙට් උණා. මට මල ගෙවල් වල යන්න හොඳ නැති නිසා මම යාලුවට මල ගෙදර යන්න කියල යාලුවගෙ වාහනේ නැප් එකක් දාං හිටියා. ඒ වෙද්දි නවය පහු වෙලා. යාලුවා වාහනේ නවත්තපු ගෙදර අයත් ගෙවල් දෙකකට එහා මල ගෙදරට ගිහිං හිටියෙ. එක පාරටම ජනේලෙට තට්ටු වැදුන නිසා මොන හුයන්නක්ද කියාගෙන මම ඇහැරුණා. අර නංගි කලින් දවසෙ වගේම ඇවිත්. දැන් නං මට පොඩ්ඩක් විතර අවුල්. එයා මට ජනේලෙ අරින්න කිව්වා. මම ඇරියෙ නෑ. එයා දිගටම ජනේලෙට තට්ටු කලා.. ඇරපං කියලත් කිය කිය බෙරිහන් දුන්නා. මම ඒ වෙද්දි නං පට්ට බයකින් හිටියෙ. ඒ ගෙදර මිදුල රෑට පට්ට මූසලයි. තනිකර ගස් තියෙන්නෙ.. මම පට ගාල වාහනේ ස්ටාට් කරගෙන රිවස් ගහල මල ගෙදර ඉස්සරහ නැවැත්තුවා.. යාලුවාට කොල් කරල ගෙදර යන්න ඕන කියල කිව්වා. පොර කිව්වා අද රෑ ඌ මෙහෙ නවතින නිසා කාර් එක අරං ගිහිං හෙට ගේන්න කියලා. මම සුටුස් ගාල ගෙදරට පියෑඹුවා. ගිහින් නාල කාල ‍ ඇඳට ‍ ගොඩ උණාම යාලුවා මට වට්ස් ඇප් එකට පොටෝ එකක් එවල තිබුනා. ඒක මැරුණ කෙනෙක් වෙනුවෙන් හදපු නිසඳැසක්.. ඒක දැක්ක විතරයි මට මතක

    මතු සම්බන්ධයි.

    හර්ෂනී ගේ අභිරහස - 01 කොටස
    (අදුසුමන් කතා රචකගේ අය්යා විසිනි.)

    හර්ෂනී කියන්නෙ අපේ ග‍මේ මහණ කරපු අලුත් පුංචි හාමුදුරුවන්ගෙ අක්කා. අපේ පොඩ්ඩිගෙ යාලුවෙක්. පොඩ්ඩි කැම්පස් එකේදී අඳුනගත්ත, පිටිසර ගමක ලස්සන ගෑනු ලමයෙක්. නිතරම ඇන්දෙ ගවුම්. ඒ කෙල්ල හිනාවෙද්දි හරිම සිරියාවන්තයි. ලඟින් යන හැම වෙලාවෙම දැනුනෙ අරලිය මල් සුවඳ. එයාව දැකපු පලවෙනි දවසෙ හිත ඇදිල ගියා නොකිව්වොත් ඒක බොරුවක්. කැම්පස් නිවාඩු දුන්නම අපේ ගෙදර ඇවිත් සතියක් විතර ඉඳලයි යන්නෙ. මල්ලිත් ‍පුහුණුවකට ගිහින් නිසා මම පිටිපස්සෙ කාමරේට ගියා ඒ ලමය ආපු දවස් වලට. කොහොමහරි මේ කෙල්ල අපිත් එක්ක හුඟක් සමීප උණා. දවසක් මල්ලි කොලඹ ඉන්ඩැද්දි උගෙ ලියකියවිලි වගයක් ගන්න මිනිහගෙ හොඳ යාලුවෙක් ආවා. නම ජගත්. මිනිහ වැඩ කරපු තැන මයි අපේ මලයත් වැඩ කලේ. මූ එදා ආපු දවසේ හර්ෂනී දැක්කා. ඌ ඒකි දිහා බලං හිටියෙ හරි පෙරේත කමින්. ඒ පලවෙනි දවස. මුන් දෙන්න ඉන් පස්සෙ නිතර නිතර හම්බ උණා කියල නංගි මට කිව්වා. අපි කොච්චර එපා කිව්වත් ඒකි එවෙලට විතරයි ඒක පිලිගත්තෙ. ජගත් කියන්නෙ මහ ලෝක බඩු කාරයෙක්. වෙනද කැම්පස් නිවාඩුවට අපේ ගෙදර එන එකී අරූ එක්ක රවුම් ගහන්න ගත්තා. වෙන්න ඕන හරිත් ඔක්කොම වෙලා කියල මම දැනගත්තේ පස්සෙ. මූ හර්ෂනී ව පස්සෙ පස්සෙ මග අරින්න ගත්තලු. නංගි එක්ක එකට හරි හරියට පාඩම් කරපු එකී විබාග පේල් වෙලා රිපීට් ලියන්න යන තැනට පත් වෙලා. නංගි නිවාඩුවට ආවම කතා කලේ හර්ෂනී ගැනමයි. මල්ලිගෙ ට්‍රේනිං එක ඉවරවෙන්න දවස් දෙකකට කලිං ආරංචි උනා කෙල්ල අතුරුදන් කියලා. අපි පොලීසියේ පැමිණිල්ලක් පවා දැම්මා. ජගත් කිව්වෙත් ඌ කිසි දෙයක් නොදන්න වග. දවස් කීපයකට පස්සෙ මල්ලි ගෙදර ආවා. මල්ලි හර්ෂනී ගැන අහල තිබ්බට කවදාවත් දැකල තිබුනෙ නෑ. නංගි කැම්පස් ගිය නිසාත් මල්ලිට වෙච්ච සිදුවීම් ටිකක් නිසාත් අපි මල්ලිව නංගිගෙ කාමරේට ගත්තා. මල්ලි බය වෙච්විච ‍පෙරේත කෙල්ල ගැන සියලුම විස්තර මම දැනං හිටියත් ඒක කිව්වෙ මාසයක් විතර ගියාට පස්සේ. අරලිය මල් ගහක් ගාවින් යද්දි මට හැමතිස්සෙම මතක් උනේ හර්ෂනීව. ඒ කෙල්ලගෙ අහිංසක හිනාව පිරුණ මූණ

    මතු සම්බන්ධයි

    හර්ෂනී ගේ අභිරහස - 02 කොටස
    (අදුසුමන් කතා රචකගේ නංගී විසිනි.)

    හර්ෂනී කියන්නෙ මම කැම්පස් එකට ගියපු දවසෙ හා හා පුරා කියල කතා කරපු ගෑනු ලමයා. එයාගෙ ගම XXXXX . එයායි මායි එක රූම් එකේ තමා හොස්ටල් ජීවිතේ ගෙව්වෙ. එයා හැදුනෙ ආච්චි එක්ක. අම්ම නැති වෙලා තිබුනෙ එයාට අවුරුදු පහේදි. තාත්තා වෙන කසාදයක් කරගෙන. කොහොමහරි ආච්චි (අම්මගෙ අම්මා) තමා හර්ෂනීව බලාගෙන තියෙන්නෙ. එයාගෙයි මගෙයි දෙන්නගෙම බලාපොරොත්තුව උනේ අපෙ මැනේජ්මන්ට් ඩිග්‍රියෙන් පස්සෙ පොඩියට බිස්නස් එකක් පටං ගන්න. අපි කොච්චර සමීප උණාද කියනවනං අපි දෙන්නා සහෝදරියො වගේ හිටියෙ. එයා නිවාඩු කාලෙ හිටියෙත් අපේ දිහා. එක දවසක් අය්යගෙ යාලුවෙක් අපේ දිහා ආව දවසෙන් පස්සෙයි එයාට නරක කාලෙ උදා උණේ. ඒ අය්යා හොඳ මනුස්සයෙක් නෙවේ කියල දැනං හිටිය නිසාම අපේ පොඩි අය්යත් එයා ඉන්න වෙලාවට මට වැඩිය කතාවට එන්න දුන්නෑ. මම චුට්ටකට කෝල් එකක් ගත්ත වෙලාවෙ පොඩි අය්යගෙ ලියුම් වගයක් ගන්න මේ අය්යා ආවා. ලොකු අය්ය මට ඒක ගේන්න කිව්වට මම කෝල් එකේ හිටිය නිසා ගියේ හර්ෂනී. හර්ෂනී හරි බොලඳ කෙල්ලක්. අය්යට හදිස්සියෙම පියදාස මාමා කතා කරපු නිසා අය්ය වැට ගාවට ගියා. ඒ අතරේ අර ජගත් අය්යා හර්ෂනීව දැලේ දාගෙන තිබුනා. විනාඩි පහලොවක් විතර මටත් අය්යටත් හර්ෂනී ගාවට එන්න බැරි උනා. මම කොල් එක ඉවර වෙලා එද්දි ජගත් අය්යා ගිහින් තිබුණා. එතන ඉඳන් හර්ෂනී පාඩම් වැඩ නොකර පැය ගණන් කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරං ජගත්ට කෝල් කරන්නයි, ජගත්ව බලන්න යන්නයි පුරුදු උනා. හොඳට හිටපු කෙල්ල එන්න එන්නම විනාස වෙන්න ගත්තා. දවසක් එයාගෙ ඇඳුම් අස්සෙ තිබිල මට ප්‍රෙග්නන්සි ටෙස්ට් කරන්න ගෙනපු ස්ටික්ස් වගයක් හම්බුනා එදා තමා මට හොඳටම බය හිතුන දවස. මම මේ ගැන කියල රණ්ඩුත් කලා. අවසානෙ අපේ යාලුකම ට සමුදීලා එයා අතුරුදන් උනා. පස්සෙ ආරංචි උනා එයා ගමේ ගිහින් කියලා. ඒත් ඒ දවස්වලම අපෙ අය්යටත් මහ අමුතු දේවල් වගයක් වෙන්න අරං තිබුණා. මට ගෙදර යාගන්නවත් විදිහක් තිබුනෙ නෑ. මම යද්දි අය්ය හිටියෙ පන්සලේ. සිහියක් තිබුනෙ නෑ. හදිස්සියෙම ආපහු එන්න උන නිසා ලොකු අය්යා මාව කැම්පස් ගෙනත් දාල ආයෙම ගියා. ඒ වෙද්දි මගෙ වෙන යාලුවෙක් හර්ෂනී වෙනුවට මා ඒ එදදියි මම දැනගත්තෙ හර්ෂනී මැරිල කියල.
    ------ Post added on Sep 9, 2023 at 7:24 PM

    මතු සම්බන්ධයි
    ------ Post added on Sep 9, 2023 at 7:28 PM
    සුපිරි... "අදුසුමන්" කතාවයි මේකයි එකම කතාව කෝණ දෙකකින් නේද ලියල තියෙන්නෙ...

    ඉතුරු ටික දෙන්න...
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    හර්ෂනී ගේ අභිරහස - 03 කොටස
    (හර්ෂනී ‍ගේ යෙහෙලියක් විසිනි.)

    හර්ෂනී කියන්නෙ මට කැම්පස් එකේ හම්බඋණ යාලුවෙක්. එයායි සුමේධා කියන ගෑණු ලමය යි හොඳම යාලුවො දෙන්නෙක්. එක කාමරේමයි හිටියෙ. හැබැයි ටික දවසකට කලින් දෙන්න අතර රණ්ඩුවක් වෙලා මෙයා මම හිටපු බොඩිමට ආවා. මම වැඩකලේ හෝටලේක. ගෙදර ප්‍රශ්න නිසා ඉගෙනගන්න එක පැත්තක දාල මට කොලඹට එන්න උනේ නංගිටයි මල්ලිටයි උගන්නන්න. හර්ෂනී මගෙන් නවතින්න තැනක් අහද්දි බෑ කියන්න බැරි කමට මම එයාට ඉන්න දුන්නා. ඒත් මේ කෙල්ල කලින් වගේ නෙවෙයි කියල තේරුනේ කොල්ලෙක් නිතරම මෙහෙ යන්න එන්න ගත්ත නිසා. සමහර දාට හර්ෂනී එද්දි හුඟක් රෑ උණා. ඒ හැම දවසෙම කෙල්ල අඩ අඬා වගේ ගෙදර ආවේ. දවසක් උණ කියල හර්ෂනී දවසම බෝඩිම අස්සට වෙලා නිදාගෙන හිටියා. ඒ දවස් කීපයේ කොල්ලා ආවෙත් නෑ. බෝඩිමේ ඇන්ටිත් බර බරේ දාන්න ගත්තා කොල්ලො ගෙන්න ගන්න එපා කියලා. මම ඒක හර්ෂනීට කියද්දිමයි මේකි විලාප තියල අඩන්න ගත්තේ. එතනදියි මම දැනගත්තෙ හර්ෂනීට ලමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා. කොල්ලා ලමයව නැති කරන්න කියනවලු. ඒත් කෙල්ල ඒකට කැමති නෑ කිව්වා. මොකද ඒ වෙද්දිත් ලමයව අයින් කරන්න බැරි තරමට වැඩිලලු. එතකොටයි මට සුමේධා කියපු දෙයක් මතක් උනේ. හර්ෂනී එක දිගට දවස් ගාණක් වමනෙ දැම්මා කිව්වා. මම හිතන්නේ සුමේධාටත් ඉඟියෙන් ව‍ගේ මේක තේරෙන්න ඇති. කොහොමහරි එදා රෑ වෙනකං අපි කතා කරා. අඬල අඬලම කෙල්ලට නින්ද ගියේ මගෙ ඔඩොක්කුවෙ. මමත් උදේ ඉඳන් ඉඳුල් පිඟන් එක්කල ඔට්ටු වෙලා හරිම මහන්සියෙන් හිටියේ. ඒ නිසා මමත් ඉක්මණට නින්දට ගියා. පහුවදා පාන්දර මට ඇහුණා හර්ෂනී සද්දෙන් සද්දෙන් ෆෝන් කෝල් එකක කතා කරනවා. මම හොඳටම නිදිමතේ හිටිය නිසා මට එච්චර ගාණක් තිබුනෙ නෑ වෙන්නෙ මොනවද කියලා. මම එදා ඇහැරෙද්දි පරක්කු වෙලා. හර්ෂනී පේන්න හිටියෙ නෑ. ඒ වෙනුවට ලියුමක් කණ්නාඩි මේසෙ උඩ තිබුනා. ඒකෙ තිබුනෙ "උදව් කලාට පින්, මම යනවා" කියලා. දවස් ගාණක් මම කෝල් ගත්තත්, කැම්පස් එක‍ෙ යාලුවොන්ගෙන් ඇහුවත් කවුරුත් එයා යන තැනක් දැනං තිබුනෙ නෑ. මම අර කොල්ලව හොයං ඒ කොල්ලගෙ ඔපිස් එකටත් ගියා. මිනිහ දවස් දෙකකට ගමකට ගිහින් කියල ආරංචි උණා. මටත් නංගි‍ට හැදුන හදිසි අසනීපයක් නිසා හර්ෂනී හොයන වැඩේ නවත්තන්න උණා. ඔහොම දවස් කීපයක් ගෙවිල යද්දියි මටත් ආරංචි උනේ හර්ෂනී මැරිලයි කියලා. හැබැයි ඒ මැරිච්ච විදිහ කාටත් අභිරහසක්

    අවසන් කොටසින් හමුවෙමු.

    හර්ෂනී ගේ අභිරහස - 04 කොටස (අවසාන කො‍‍ටස)
    (හර්ෂනී විසිනි)

    මම මගේ හොඳම යාලුවා සුමේධා කියපු දේ අහන්නෙ නැතිව ලොකු අමාරුවක වැටුණා. මට එයාට මූණ දෙන්න ශක්තියක් නෑ. මම එයා එක්ක රණ්ඩු වෙලා හොස්ටල් එකෙන් ගියා කාටත් රහසේම. එහෙම මම ගියේ කොලඹට. මගෙ පරණ යාලුවෙක් වෙච්ච සිතාරා ලඟට. එයා මට කන්න බොන්න දීලා බලාගත්තා. මට නිතරම ජගත් අය්යා කෝල් කලා. ඒක සිතාරාට දැනෙන්න ඇති. ජගත් අය්යා නිතරම යන්න එන්නත් ගත්තා. දවසක් බෝඩිමේ ඇන්ටි මට කියන්න ඕන අවලාද සේරම කිව්වෙ සිතාරාට. ඒත් සිතාරා මට මුකුත් කිව්වෙ නෑ. එක දවසක් ජගත් අය්යා මගෙ දරුවව මරන්න කිව්වා. මට එහෙම කරන්න බෑ. මම හුගක් අසරණ උණා. දවසක් මම නොකා නොබී හොඳටම අසනීප වෙලා දවසක්ම නිදාගෙන හිටියා. පස්සෙ සිතාරා මට අම්මෙක් වගේ සලකපු නිසාම එයාට මම ඉන්න තත්වෙ කියල හිත නිදහස් කරගත්තා. ඒත් දැන් මට එයාටත් මූණ දෙන්න ලැජ්ජයි. මම පහුවදාම වාහනයකට කතා කරං ගමට යන්න පිටත් උණා. සිතාරා ඒ වෙද්දි හොඳටම නිදි. පව්. රෑ වෙනකං මගෙ කරදර කතා නිසා එයාට නිදාගන්න උනේ නෑ වේලපහින්. මම කොලඹට ගිහින් කොටුවට යන ඒ අතර මග යද්දි මගෙ පස්සෙන් ආපු ජගත් අය්යා කාර් එකෙන් බැහැල මම ගාවට ආව.. එයා මට දණ ගහල වැඳල සමාව ගත්තා. එයා එක්ක එන්න කිව්වා. මාව පරිස්සමට බලාගන්න පොරොන්දු උනා ලමය ලැබෙනකම්ම. මට හුගක් සතුටුයි. අපි දෙන්නා එදා හවස ගත කරේ හෝටලේක. පහුවදා උදේම එයාලගෙ ගෙදර යන්න පිටත් වෙනවා කිව්වා. ඒ අතරේ කෙ‍ල්ලෙක්ගෙන් එයාට කෝල් එකක් ආවා. එතකොටයි මම දන්නෙ මෙයාට බඳින්න කෙනෙක් ඉන්නවා කියලා මට බය හිතුනා. මම ජගත් අය්යට කිව්වා ඒ ගෙදරට යන්න බෑ කියලා. එයා සද්ද නැතිව හිටියා. ඉන්පස්සෙ මම ගමේ යන්න ලෑස්ති වෙද්දි එයා මාව නවත්තන්න හැදුවා. රෙදි ලෑස්ති කරද්දි අත්තම්ම මට දුන්න ලේන්සුව හොයනකොට ජගත් අය්යා මගෙ අතින් අල්ලගත්තා. මම එයාගෙ අත ගසල දැම්මා. ජගත් අය්යට ඒකට කේන්ති ගියා. එයා මට හොඳටම ගැහුවා. මට පර බැල්ලි කියල බැන්නා. මම එයාගෙ ගුටි වලක්කගන්න හදද්දි මගෙ ඔළුව අල්ලල බිත්තියෙ දෙතුන් සැරයක් හැප්පුවා. එතනින් නැවතුනේ නෑ මගෙ බඩට හය්යෙන් පාරක් ගහල මාව වැට්ටුවා. ඒ වැටිච්ච පාරත් එක්කම මට සිහි නැතිඋණා.

    සිහිය එද්දි මම හිටියෙ ප‍ාලු ගෙදරක. හොඳටම රෑ වෙලා. මම ගෙදරින් එලියට දුවගෙන ඇවිත් පාරෙ යන අයගෙන් උදව් ඉල්ලුවා. හැමෝම මාව දැක්කෙ නෑ වගේ ගියා. ඒ වෙලාවෙ නවත්තපු බස් එකේ පිටිපස්සෙ සීට් එකේ හෑන්ඩ්ස්ෆ්‍රී දෙකක් ගහගෙන සින්දු අහ අහ ගිය අය්යා කෙනෙක් මම දැක්කා. මම එයාගෙන් උදව් ඉල්ලුවා. එයාවත් මම දිහා හැරිල බැලුවෙ නෑ. ඒත් එක්කම මගෙ ඇඟ ඇතුලින් බයිසිකලයක් ගියා. මම මගෙ බබාව බේරගන්න බඩ අල්ලගත්තා. ඒත් මගෙ බඩ සාමාන්‍ය විදිහටයි තිබුනේ. මම හැරිල බලං හිටියෙ පාලු ගෙදර දිහා. ඒක අම්බලමක්. ලග තිබ්බ පන්‍සලේ හඳුන්කූරු සුවඳ මට දැනුනා. මේ ගම මට හුරුයි. මම අම්බලම ඇතුලට ගියා. ලණුවක ගැටගහල උළුවස්සෙ එල්ලල තිබ්බ මගෙ මිනිය මම දැක්කා. මට පොලව පලාගෙන යන තරමේ වේදනාවක් ආවා. මම හුඟක් ඇඩුව. බස් එක තාම නතර කරලා. කරන්න ඕන දේ හිතාගන්න බැරිව මම පාරට ගියා. බස් එකේ ලයිට් එකපාරම නැති වෙලා ගියා. මගෙ මූණට හිනාවක් ආවා. මට කරපු දේට ජගත් ගෙන් පලිගන්න මම හිතාගත්තා. ඒක තවත් අභිරහසක්.

    නිමි.??
    ------ Post added on Sep 17, 2023 at 8:06 PM
     
    නියමයි...👍
    නිමි කියල කිවුවට, තව කොටසක් තියෙන්න ඕනෙ පොතේ හැටියට...
     
    • Like
    Reactions: Grey Walker

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මට දැන් මතක් වෙච්ච දෙයක් .දවසක් මම අනුරාධපුරයේ ගිහින් train එකේ එද්දී මට අන්කල් කෙනෙක් හම්බුනා.කතාවට වැටුණා.පොර හිටපු රෝහල් සේවකයෙක් .මිනුහගෙ අත්දැකීමක් අනුව අලුත බබාල ඉපදුනාම ඒ බබාලගෙ සමහර නෑයො අවිත් සල්ලි දීල හරි උපන් වෙලාවල් ඉල්ලනවලු.හේතුව විදිහට කිව්ව හොද වැඩවලට නම් නෙවෙයි කියල.නරක වෙලාවල් බලල දේවල් කරන්න .මේක මෙතන දැම්මෙ කාටහරි වැදගත් වෙයි කියල.
     
    Last edited:

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138

    Eka aththa.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    වර්ණා 1

    වෙලාව 8.30. ගමට යන අන්තිම බස් එකේ කොන්දොස්තර එකදිගටම ගමේ නම කිය කිය කෑ ගහනවා. යශෝධා හෑන්ඩ් බෑග් එකත් අරගෙන වේගෙන් දුවගෙන ඇවිත් ප්‍රයිවට් බස් එකට නැග්ගා. උදේ ෂිෆ්ට් එක ඉවර කරලා හරි මහන්සියෙන් හිටපු නිසා බස් එකට නැගපු හැටියේම යශෝධා හෙව්වෙ සීට් එකක්. බස් එකේ සෙනඟත් හිටියෙ නෑ. පේලියක දෙකයි තුන විදිහට බස්සෙ එකේ සීට් බෙදලා තිබ්බේ‍. හැම සීට්එ කේම එක්කෙනෙක් හරි ඉන්න ගානට බස් එකේ සෙනග හිටියා.

    මම ලඟ බහිනවා

    එතන හිටපු වයසක අම්මා කෙනෙක් හිනාවෙලා කවුළුව අයිනට යන්න යශෝධාට ඉඩ දුන්නා. හිනා මුසු මූනින් යශෝධා ඉඳගෙන ජනේලෙ ඇරියා. ඒ ආපු සීතල හුලඟට යශෝධා ගෙ මහන්සිය ටිකක් අඩු උණා. යශෝධා උදේ ඉඳන් ඉස්පිරිතාලෙ වෙච්ච දේවල් කල්පනා කරන්න ගත්තා. වෘත්තියෙන් හෙදියක් වෙච්ච යශෝධාට අද කාර්ය බහුල දවසක්. අර වයසක අම්මා බැස්සට පස්සෙ ඒ හෝල්ට් එකෙන්ම නැගපු කොල්ලො දෙන්නෙක් යශෝධාගේ සීට්එකේම ඉඳගත්තා.

    මතු සම්බන්ධයි

    ප.ලි - ෂීට් --> සීට් විදිහට හැදුවා
     
    Last edited:

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    වර්ණා 1

    වෙලාව 8.30. ගමට යන අන්තිම බස් එකේ කොන්දොස්තර එකදිගටම ගමේ නම කිය කිය කෑ ගහනවා. යශෝධා හෑන්ඩ් බෑග් එකත් අරගෙන වේගෙන් දුවගෙන ඇවිත් ප්‍රයිවට් බස් එකට නැග්ගා. උදේ ෂිෆ්ට් එක ඉවර කරලා හරි මහන්සියෙන් හිටපු නිසා බස් එකට නැගපු හැටියේම යශෝධා හෙව්වෙ ෂීට් එකක්. බස් එකේ සෙනඟත් හිටියෙ නෑ. පේලියක දෙකයි තුන විදිහට බස්සෙ එකේ ෂීට් බෙදලා තිබ්බේ‍. හැම ශීට් එකේම එක්කෙනෙක් හරි ඉන්න ගානට බස් එකේ සෙනග හිටියා.

    මම ලඟ බහිනවා

    එතන හිටපු වයසක අම්මා කෙනෙක් හිනාවෙලා කවුළුව අයිනට යන්න යශෝධාට ඉඩ දුන්නා. හිනා මුසු මූනින් යශෝධා ඉඳගෙන ජනේලෙ ඇරියා. ඒ ආපු සීතල හුලඟට යශෝධා ගෙ මහන්සිය ටිකක් අඩු උණා. යශෝධා උදේ ඉඳන් ඉස්පිරිතාලෙ වෙච්ච දේවල් කල්පනා කරන්න ගත්තා. වෘත්තියෙන් හෙදියක් වෙච්ච යශෝධාට අද කාර්ය බහුල දවසක්. අර වයසක අම්මා බැස්සට පස්සෙ ඒ හෝල්ට් එකෙන්ම නැගපු කොල්ලො දෙන්නෙක් යශෝධාගේ ෂිට් එකේම ඉඳගත්තා.

    මතු සම්බන්ධයි
    ඉතුරු ටිකත් දාපං මචං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara

    ශීට් වෙනයි සීට් වෙනයි.
     
    • Love
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    දෙන්නට වයස අවුරුදු දහයක් වගේ ඇති. ඒ එක්කම අල්ලපු සීට් එකේ ඒ ලමයින්ගෙ ආච්චි කියලා ලමයින්ම කතා කරපු වයසක ගෑණු කෙනාත් ඉඳගත්තා. යශෝධා ඒ ලමයි දෙන්නා එක්ක කතා කර කර ආවේ. ඉතිං යශෝධා බහින තැනත් ලං උණා. යශෝධා බහිද්දි වෙනදා වගේම එයාගෙ මහත්තයා සුනන්ද එයාව ගන්න ඇවිත් හිටියා.

    අද මොකෝ පරක්කු? සුනන්ද ඇහුවා
    අද ලමයෙක් හම්බවෙන්න ආව ලේඩි කෙනෙක් මළ දරු ප්‍රසූතියක් කලා. ‍ඒ ලේඩි හුගක් ඇඩුවා. පුදුමෙ කියන්නෙ හස්බන්ඩ් වත් පවුලෙ වෙන කෙනෙක් වත් ආවෙ නෑ. එයාට බෙහෙත් දීලා වාට්ටුවට දාගන්න හුගක් අමාරු උනා. යශෝධා කිව්වා.
    පව්... සුනන්ද කියාගෙනම බයික් එක ස්ටාට් කලා.
    ලොකූ ක්ලාස් ගිහින් ආවද අය්යේ? යශෝධා ඇහුවා
    ඔව්. ලොකු පුතා චූටි දූ එක්ක සෙල්ලම් කරලා දෙන්නම කකා හිටියෙ. දැන් නං අම්මා එක්ක ටීවී බලනවා ඇති

    සුනන්ද බයික් එකේ යන ගමන්ම කිව්වා. පහුවදා උදේත් සුනන්ද යශෝධාව බස් එකට නග්ගලා වැඩට යන්න පිටත් උණා. සුනන්දත් යශෝධා වැඩ කරන ඉස්පිරිතාලෙ ලග තියෙන කච්චේරියට මාරුවක් ගන්න හැදුවට ඒක හරි ගියේ නෑ. නැත්තං දෙන්නටම එකට එන්න තිබ්බා. යශෝධාගේ දුව පබලි දෙක වසරේ හිටියේ. පුතා සහස් හිටියේ පහේ ශිෂ්‍යත්වෙ ලියන්න. අමාරුකම් මැද්දෙ සුනන්දගෙ අම්මා තමා ලමයි බලාගත්තේ.

    මොනවා සමන්තිකා හොරෙන්ම ගිහින් ද

    යශෝධා උදේ කන ගමන් කතා උනේ යාලුවා වෙච්ච නයනා එක්ක.

    ඔව්. පාන්දර සද්දයක් නැතිව හිටියා. ගෙදරින් එයාව බලන්න ආව කියල එලියට ආව ආවමයි ගෑනි මිසිං.

    බත් කන ගමන් නයනා කිව්වා.

    මාස ගාණක් බඩේ තියාගෙන බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්න ඇති ලමයා ගැන. යශෝධා කිව්වා.

    සති දෙකක් ගත වෙලා ගියා. සති අන්තෙ යෙ‍දුනෙ පෝය දවසක්. එදා සමන්තිකාව ආපහු රෝහලට අරං ආවා. ඒ එයා සියදිවි නසා‍‍‍ගෙන කියලා දැනගත්ත යශෝධා හුඟක් අප්සට් ගියා. ඒ අතරෙ යශෝධාට මහත්තයා වැඩ කරපු නගරයේ රෝහලකට මාරුවීම ලැබුනා. මාතෘ සායනයෙන් අයින් කරලා වෙනත් වාට්ටුවකටත් යොමුකලා . හා හා පුරා කියලා එතනට යද්දි වාට්ටුවෙ එකම ගෝසාවයි. ගෑණු කට්ටියක් විලාප දීලා අඩනවා. යශෝධා ඒ පැත්තට ගියා. යශෝධාව දැක්ක අනික් අයත් බය වෙලා වගේ බලං හිටියා.

    පේෂන්ට් මැරිලා

    අනික්පැත්ත හැරිලා හිටපු දොස්තර ‍ලෙඩාගෙ පපුවට අල්ලපු මැෂිම ඉවතට අරං යශෝධා පැත්තට හැරුනා. දොස්තරත් යශෝධා දැකලා බය උණා. ඊට වඩා යශෝධා බය උණා. මොකද මැරුණ ලෙඩා එකපාරටම එයාගෙ අත අල්ලගත්තහම. එයා තවත් බය උණේ ඒ ඇඳ උඩ මැරිලා හිටියෙ තමන්ගෙම රූපෙ තියෙන ‍කෙනෙක් නිසා

    මතු සම්බන්ධයි

    (සමන්තිකාගෙ කතාව කියවන්න -->https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/page-175 )
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මට දැන් මතක් වෙච්ච දෙයක් .දවසක් මම අනුරාධපුරයේ ගිහින් train එකේ එද්දී මට අන්කල් කෙනෙක් හම්බුනා.කතාවට වැටුණා.පොර හිටපු රෝහල් සේවකයෙක් .මිනුහගෙ අත්දැකීමක් අනුව අලුත බබාල ඉපදුනාම ඒ බබාලගෙ සමහර නෑයො අවිත් සල්ලි දීල හරි උපන් වෙලාවල් ඉල්ලනවලු.හේතුව විදිහට කිව්ව හොද වැඩවලට නම් නෙවෙයි කියල.නරක වෙලාවල් බලල දේවල් කරන්න .මේක මෙතන දැම්මෙ කාටහරි වැදගත් වෙයි කියල.
    Huniyam karannada
     
    • Sad
    Reactions: sahan50

    නියම මචං