එළකිරි භූත කොටුව.........

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වැඩක් නැ බන් හොල්මන් අත්දැකීම් තිබ්බ ඔක්කොම වගේ යක්කු ගහලා මැරිලා ගියා... අපරාදේ තරුණ ජිවිත...
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මම නම් සිරාවටම හොල්මන් අවතාර සීන් විශ්වාස කරන්නේ නෑ මචන්ස්.නමුත් මට පොඩි සීන් එකක් උනායින් පස්සේ පොඩ්ඩක් ඒ හිතන එක වෙනස් වුනා.ඒක තමයි මේ ලියන්නේ.
    මම අදටත් හිතන්නේ මේ නම් හොල්මන් නෙමේ මගේ හිත තමයි කියලා.අනික අපි කැමතිම සින්දුවක් අහලා අහලා පස්සේ පාළු ටයිම් එකක මතක් කරනකොට කරනකොට ඒක ඇහෙනවා වගේ වෙන්නේ අපේ මොළෙන් ඒවා rendering කරන නිසානේ.ඉතින් මම මේ ගැන හිතන්නේත් ඒකමයි.ඒ නිසා බයනම් වෙන්න එපා මේක කියෝලා.
    මේක උනේ ලංකාවේ ඉන්න කාලේ අවුරුද්ද කියනවානම් හරියටම 2010 වගේ.මම ඉන්නේ සපුගස්කන්දට කිට්ටුව.අහලා ඇති නේද බටලන්ද කියලා පැත්තක් එහෙම ආන්න ඒ හරියට ලඟ.මම අම්බානක පොත්පත් කියෝන එකෙක්.. අනික "එලියකන්ද වධකාගාරය" වගේ පොත් "ගිනිඅවි ගිනිකෙලි1-2-3-4" පොත් එක හුස්මට කියෝලා දාපු එකෙක්.ඉතින් ඔව්වා ඔලුවේ තියෙනවා කොයි වෙලෙත්.අනික බටලන්ද ගැන ඇහුනු කතා සෙට් එකත් ඒ වගේමයි.අනික හොල්මන් කතාපොත් එහෙමත් ලෙසටම කියෝලා ඒවයෙත් හොරර් ෆිල්ම්ස් බලලා කරවුණු එකෙක්.හිතාගනින් ඉතින් මම පොඩ්ඩක් පසුබිම කිව්වේ.

    මේක වෙන්නේ පෝයට කලින් දවසක් හද එලිය පට්ට විදිහට තිබ්බ දවසක.මම ඔෆිස් ඇරිලා එනවා.. එන්නේ කොටුවෙන් 143 බස් එකේ ඇවිත් පරණ පාරේ වැලිවිට හංදියෙන් බැහැලා ඇතුලත් ඇවිදන් ගිහින්.. තියෙනවා ගඟ හරස් කරපු පාලමක් ඒකේ එගොඩ වෙන්නේ.මේක දන්න අය දන්නවා ඉස්සර භීෂණය කාලේ එක්තරා පක්ෂයක් කැරැල්ලක් මර්ධනයෙදි සෑහෙන්න ප්‍රයෝජන ගත්ත පාලමක්.කොල්ලො ඇස් ගැටගහලා බටලන්දෙන් අරන් ඇවිත් මේකට නග්ගලා මේකේ පාලම කැඩුණු තැනක් තියෙනවා එතනදි තියනවා ඔලුවටම කෙලින්ම කැළණි ගඟට වැටෙන්න.ඉතින් කවුරුත් රෑ වෙනකොට මේකේ නෑ තනියම නම් යන්නේ එන්නේ 7pm වගේ පහු වෙනකොට.
    hYJUbHz.png

    කැළණි ගඟ ලංකාවෙම පලළම ගඟ නිසා හිතාගනිල්ලා පාලමේ පලළත්..
    ඉතින් මම නම් වැඩිය ඔව්ව විශ්වාසයක් නැති නිසා ආවා එදත් වැලිවිට පාලමෙන්ම මාරුවෙන්න..එතකොට මට බියගම පාර ලඟයි.එතනින් පොඩ්ඩක් ගියාම අපේ බස් පාර.මම හෙඩ්සෙට් එකත් ගහන් වැඩ ඇරිලා එන්නේ.. සිංහල මික්ස් රැපක් වගේ අහගෙන.
    පොර වගේ වෙනදා පුරුද්දට පඩි ටික නැඟලා පාලම මේ පැත්තෙන් නැඟ්ගාම දැක්කේ බලු බල්ලෙක් නෑ පාලම උඩ.අනික ගෙවලුත් ලයිට් නිවන් ගොඩක් ඒවයේ.. මිනිස් පුළුටක් එනකොට දැක්කෙත් නෑ.. උඩට නැග්ගම දැක්කේත් නෑ..අනික පහුවදා පෝය නිසා හද එලිය වැටිලා පාලම මැද හරිය අග නම් කරුවල වගේ වදුල වගේ ගස් හෙවණ නිසා.මම පොඩ්ඩක් ගැස්සුණා කොච්චර පොර මානසිකත්වෙන් උන්නත්.ඉතින් පඩි නැග්ගනම් යන්නත් එපැයි කියලා අඩිය ඉක්මන් කලා.

    පියවර හයක් හතක් යනකොට මගේ හෙඩ්සෙට් එකේ සද්දෙත් එක්ක මික්ස් වෙලා ඇහෙනවා පිටිපස්සේන් තව කොල්ලෝ දෙන්නෙක් කයියක් ගහනවා වගේ සද්දයක්.මට මාර හිතට හයියක් ආවා මොකද පොඩ්ඩක් දෙගිඩියාවෙන් වගේනේ උන්නේ මම විතරක් නිසා පාලමේ.කොයි එකටත් අඳුරන උන් දෙන්නෙක්ද බලන්නත් එක්ක හැරුණා පිටිපස්සට බෙල්ල පොඩ්ඩක් හරෝලා.
    මචන් ඇඟම සීතල උනා මචන්ස්ලා කවුරුත් නෑ සද්දෙ ඇහුනට.මම ඩිම් උනා.ඒ ගැම්මටම ගියා ඉස්සරහට දෙපැත්තෙම ඉතින් පැන්නත් ගඟ නිසා..අනික මම පාලම මැද වගේ.පට්ට දුරක් තියෙනවා අනිත් කොනට.අනික දිව්වත් එහා කොනේ ආයිමත් පඩි කලබලේ බැස්සොත් බිම තමයි..ඒ නිසා මම හෙඩ්සෙට් එක ගැලෙව්වා.මට දැන් හොදට ඇහෙනවා මගෙත් එක්කම ලඟ පිටිපස්සෙන් කොල්ලො දෙන්නෙක් කතාකර කර එනවා..
    හරියටම අර පාලම කැඩුණු තැන ලංවෙනකොට මාව ඉස්සර කලා ඒ දෙන්නම.ඒක දැනුනේ අඩිසද්දෙයි, අර කවුරු හරි ලඟින් යනකොට වදිනවා වගේ දැනෙන හුලං පාරෙනුයි..මට කිසිම දෙයක් පෙනුනේ නම් නෑ මොකද මොනව උනත් මම මීටරෙන් උන්නේ.කරන්න දෙයක් නෑ දන්න ගාථා ටිකත් මටම ඇහෙන්න කියා ගත්තා පඩිටික රූන් ගාලා බැස්සා ගෙදර ගිහින් ශේප් එකේ විස්තරේ කිව්වා.ආයිත් ඉතින් ඒ පාරේ නම් රෑ වෙලා ආවෙ නෑ ඒ පාරෙන් දවාලක හවසක මිසක්.
    එතන පහලම ගෙදර කලින් උන්නු කට්ටියකුත් රෑට ලමයි වතුරට වැටෙන සද්ද ඇහෙනවා කියලා ගෙවල් දාලා ගිය කතාවකුත් මම දැන ගත්තා ඕක අපේ තව කට්ටියක් ඉන්න තැන කියන්න ගිය වෙලාවක.
    හැබැයි ඒ හොල්මන් නෙමේ මචන් අනිවාර්යෙන්ම මම ඒ විකාර ඔලුවේ තියන් ඉන්න නිසා ඇහුණු එකක්ම වෙන්න ඕන.මොකද මොලේට පුළුවන් ඇහැට නොපෙනුනත් දේවල් මවල දෙන්න,කනට අස්සවන්න..ඒ වගේ නිසා..
    අනික මම පොඩි කාලේ 88-89 කාලේ තාත්තා අපිව අරන් ගිහින් දවසක් පෙන්නුවා පිටවල් වලට ඉස්ත්‍රික්ක කරලා මරලා දාලා උන්නු කොල්ලොන්ව ඒ පාලම යට.ගඟේ පා කරලා යැව්ව කොල්ලොන්ව.ඒව ඔලුවෙත් තිබ්බ නිසා වෙන්න පුළුවනි..
    එලකිරියේ මේ ලඟ තව අය ඉන්නවා නම් කතා දායි මේ පාලමේ ඒවා..ඒ තරමට මේ පාලමේ කතා තියෙනවලු.
    මේ කතාවට සමාන කතාවක් මටත් වෙලා තියෙනවා. 2013 වගේ අපේ තාත්තට බයිපාස් එකක් කරන්න උනා.මම තමා තාත්තගේ ළග හිටියේ ඒ හොස්පිටල් එකේ.

    එක දවසක් මගේ වැඩක් තිබිලා මට ගෙදර යන්න උනා. එදා අපි කුලියට කෙනෙක් ව තාත්තා ළග තියෙලා ගියේ ඒත් පොර රෑ 9 විතර මට කෝල් එකක් දීලා කිව්වා පොඩි හදිස්සියක් වෙලා තියෙනවා එයාට ගෙදර යන්න ඕනේ කියලා .

    දැන් මොකද කරන්නේ මම රෑම යාලුවෙක් එක්ක හොස්පිටල් එකට ගියා යන කොට රෑ 11 විතර කිට්ටුයි ඊට පස්සේ මම තනියම වාට්ටුවට යන්න ගියා මීටර් 900 විතර යන්න තියෙනවා . ඒ වෙලාවේ කවුරුත් නෑ ඒ යන පාරේ මම ඔහොම යනකොට මට පස්සෙන් මනුස්සයෙක් එනවා වගේ තේරුණා මම ගනන් ගත්තේ නැතුව ටිකක් හයියෙන් අවා පිටිපස්සෙන් එන මනුස්සයත් මගේ වේගෙන්ම එනවා මම ඒත් පස්ස බැලුවේ නැතුව දිගටම එනකොට මට මාර ගදක් අවා කොහෙන් ආවද දන්නේ නෑ මම එතකොට ටිකක් බයවෙලා පස්ස නොබලම තාත්තා හිටපු දෙවනි තට්ටුවේ කොරිඩෝවට ඇවිල්ලා පල්ලෙහා බැලුවා කවුද එන්නේ කියලා .

    පල්ලෙහා කවුරුත් නෑ පේන්න විනාඩි 10 ක් විතර බලලා කවුරුත් නැති හින්දා වාට්ටුව ඇතුළට ආවා. කට්ටීය දන්නවා වගේ ඒ වාට්ටුවේ නාලා තමා ලෙඩා ඉන්න ඇද ගාවට යන්න ඔනේ ඉතිම් මම නාලා තාත්තා ගාවට ඇවිල්ලා හිටියා ඔහොම ඉන්නකොට මට උදේ හතරට කිට්ටු කරලා කෝල් එකක් අවා අපේ නැන්දා ගෙ පුතා නැති වෙලා කියලා, ඒ මල්ලිට ඒ වෙනකොටත් ලියුකේමියාව හැදිලා තිබුනේ .

    මම තාම හොල්මන් විශ්වාස කරන්නේ නෑ ඒත් එදා ගැනනම් උනේ මොකද කියලා තාම හිතාගන්න බෑ මල්ලී නැතිවෙන්න පැය 5කට විතර කලින් මගේ ගැන ඇහුවා කියලා මළගෙදරින් පස්සේ නැන්දා කිව්වා.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    අලුත් හොල්මං අත් දැකීම් මුකුත් නැද්ද. 🤓🤓
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේක උනේ 1980 දශකයේ. අපේ ගමේ, මගේ යාළුවෙක් මැරුණා. ඒ යාලුවත්, මමත් පෙනුමෙන්, ශරීර ප්‍රමාණයෙන් ටිකක් එක සමානයි. එයාගේ ඔළුවේ (මොළයේ) ගෙඩියක් හෝ පිළිකාවක් වැනි දෙයකට කරපු ශල්‍යකර්මයක් අසාර්ථක වෙලා තමයි එයා මැරුණේ. ශල්‍යකර්මයේ කැපුම් නිසා, මිනියේ ඔළුව බැන්ඩේජ් කරලා තමයි තිබුනේ.

    ආදාහනයට කලින් දවසේ රෑ ශෝක ප්‍රකාශ බැනර් අඳින කොට එයින් කිහිපයක් මහලා තිබුනේ නැහැ. රෑ 1-2 වගේ වෙලාවේ, මේවා මහන්න මම ගෙදර ආවා. පාරෙන් එන්නේ නැතුව, අනුන්ගේ වතු උඩින්, වැටවල් වලින් පැනලා එන එක ළඟ නිසා, මම ආවෙත් එහෙමයි. ඒ කාලේ දන්නා අඳුනන අය එහෙම යන එන එක සාමාන්‍ය දෙයක්.

    පොද වැස්ස හෝ පින්න නිසා මම ඒ සුදු රෙදි බැනර් කිහිපය ඔළුවට දාගෙන ආවා. ගෙදර ඇවිත් ඒවා මහගෙන, කනත්තට ගිහින් දීලා මම ගෙදර ආවා.

    මල ගෙදර හත් දවසේ දානේ දීලා ඉවර උන දවසේ රෑ, ටෙන්ට් ගලවලා, පුටු වගේ දේවල් පිළිවෙලක් කරන කොට අර මම ඉහත කියාපු "වැටෙන් පැනලා" ආපු ගෙදර තොවිලයක්. ඒක අපිට අදාළ නැහැනේ.

    හත් දවසෙන් පස්සෙත්, අපි කොල්ලෝ කට්ටිය හැමදාම රෑට ටික වෙලාවකට හරි ඒ ගෙදරට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා එනවා. එහෙම ගිය දවසක අර තොවිලය තිබුන ගෙදර මෑන් එක්ක මම කතාවට සෙට් උනා.

    ඒ තොවිලය කරලා තියෙන්නේ, මැරුණ කොල්ලාගේ හොල්මන, ආදාහනයට ඉස්සෙල්ලා දවසේ රෑ, ඒ මෑන් ගේ වයිෆ් (ටොයිලට් එකට යනකොට) දැකලා, බයවෙලා නිසා කියලයි කිව්වේ.

    ඕවා විශ්වාස කරන්න එපා අයියේ, එයා වෙන මොනවා හරි දැකලා බයවෙන්න ඇති කියපුවාම මෑන් කිව්වේ, එහෙම කියන්න එපා මල්ලි, xxx(මියගිය යාළුවා) මල්ලිගේ මිනියේ ඔළුව බැන්ඩේජ් කරලා තියනවා වගේම (හොල්මනෙත්) ඔළුව බැන්ඩේජ් කරලා තියනවාත් එයා හොඳටම දැකලා තියනවා, xxx මල්ලි කම්බි පොට පාත් කරලා, වැටෙන් පැනලා රබර් වත්තට යනවත් එයා හොඳටම දැකලා තියනවා කියලයි .
     
    Last edited:

    උබ තමා හොල්මන
     
    • Like
    Reactions: NRTG and 1sam

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රොබට් අයියා අම්බලන්ගොඩ අපේ ගම පැත්තෙ වෙච්ච සිදුවීමක් කිව්ව නිසා
    පොඩි සිදුවීමක් කියන්නම්
    මේක උනේ මම 4 වසරෙ වගේ ඉද්දි
    බලපිටියෙ ඉසවුව අන්කල් කෙනෙක් හිටියා 47ක් වගේ ඇති
    වාහනයක් තියෙනවා හයර් කරන කන බොන ඩයල් එකක් එහෙම නෙවෙයි
    අපේ පැත්තෙම මල ගෙදරක් ඉවර වෙලා කොල්ලො කට්ටියකුයි තව ඇන්ටිලා පොඩි උන් වගේකුයි ට්‍රිප් එකක් ගිහින්
    කතරගම තමයි යන්න ගහින් තියෙන්නේ
    කොහොම හරි වීරවිල කිට්ටුවාදී වාහනේ ට්‍රිප් කාරයෝ බිලා සුපිරියට
    ඉස්සරහ යන එකත් හොඳට බුදිලු
    විරවිර පාර පට්ට කෙලින් පාර කොහොමහරි ඉස්සරහින් ආපු AC බස් කාරයට පෙනිලා
    වාහනයක් එනවා නිකන් කසිප්පු ගහල වගේ කියලා
    වාහනේ එක පාරටම බස් එක පැත්තට ඇවිල්ලා කඩාගෙන ඇතුලට ගිහින්
    වාහනේ අත දරුවෙක් ඇරෙන්න කවුරුත් බේරුණේ නැහැ
    පස්සෙ කොහොමහරි ආරංචි උනේ ඩ්‍රයිවර් අන්කල් කලින් මැරිලා වාහනේ හැප්පුනා කියලා
    තව සමහරු කිව්වා කතරගම දෙයියො වදින්න මල ගෙවල් වල කිලි අහුවෙලා ගිය නිසා රුට්ටාවටවත් එන්න දුන්නේ නෑ බලේ පෙන්නුවා කියලා
    වාහනේ ඉස්සරහම ගිය පොඩි එකා බේරුණේ ඌ පව් කරල නැති නිසාලු

    පස්සෙ කොහොමහරි එකම ළඟ ගෙවල් වල පෙට්ටි 12ක් ගෙනාවා
    අම්මෝ පිස්සු හැදුනා මම නම් ලොවෙත් බලන්න ගියේ නැහැ
    ඊට පස්සෙ කොහොමහරි මරණ වැඩ කරලා
    සොහොන තියෙන්නෙත් පාරෙ කිට්ටුව
    කීප දෙනෙක්ම දැකල තියෙනවා මහ රෑට පෙට්ටි 12ක් පාර දිගේ උස්සන් එනවා
    වාහන තුන හතරකුත් ඔනත හැප්පුනා උන් කියන්නෙ වංගුව ගන්නකොට මිනිස්සු කට්ටියක් පෙට්ටි උස්සන් යනවා දැක්ක කියලා බ්‍රේක් කරගන්න බැරි උනාලු

    මම අහපු සිදුවීමක් තමයි ඔය
    මොන අවුරුද්දෙද බන් මේ සීන් එක උනේ
     
    • Like
    • Sad
    Reactions: Dubairox and NRTG

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අදුසුමන් - 01

    මේක ටයිප් කරන්න පටන් ගද්දි වෙලාව රෑ 10.53. කියන්න යන සිද්ධියෙන් සතියකට පස්සෙ.

    ඊයෙ සෙනසුරාදා නිසා වෙනදා වගේ ගොඩක් සෙනග රෑ බස්වල හිටියෙත් නෑ. මම වැඩ ඇරිලා යාලුවෙක් ගෙ දිහා ගිහිල්ල එද්දි බයික් එක කැඩුන නිසා බස් එකකට නැග්ගෙත්. සාමාන්‍යයෙන් මම වීක්එන්ඩ් වැඩට යන්නෙ බයික් එකේ. කොහොමහරි බස් එක ස්ටාට් කරං ටවුමෙ හෝල්ට් හෝල්ට් වල නැවැත්තුවත් මහ සෙනගක් නැග්ගෙ නෑ. මම පිටිපස්සෙම සීට් එකේ ඉඳගෙන සින්දුවක් අහ අහ ආවේ හැන්ඩ්ස්ෆ්‍රී එකෙන්. ලස්සන නංගියෙක් පිටිපස්සෙ දොරෙන් බස් එකට නැගල ඉස්සරහ සීට් තුනකට එහයින් එකක ඉඳගත්තා. මම ජනේලෙන් එලිය බලාගෙන එද්දි මට තේරුණා මම දිහා කවුරුහරි බලං ඉන්නව කියලා. මම හැරිලා බලද්දි අර නංගි මම දිහා බලාගෙන හිනාවෙවි උන්නා. මාත් පොඩ්ඩක් හිනාවෙලා ආපහු සින්දු සීන් එකට එන්ටර් උනා. පස්සෙ මේකි මම ගාවට ඇවිත් ඉඳගත්තා. එයා ගාව ආව සුවඳ හරි අමුතුයි. නිකං අරලිය මල්වල සුවඳ වගේ. මෙයා ඇස්පිල්ලන් නොගහ දත් පෙන්නගෙන හිනාවෙවී මම දිහා බලං හිටියා. එයා පාරක නමක් කියලා එතැන පහුවුනාද කියල මගෙන් ඇහුවා. ඒ පාර පහු කරං යන නිසා මම එයාට කිව්වෙ තාම පාර පහු උනේ නෑ කියලා. එයා ඇඳල හිටිය ඇඳුම මීටර් උනේ මට එතකොට. කහ පාට ගවුමක් ඇඳල හිටියෙ සුදු පාට අරලිය මල් තිබුණ. කළු බාට දෙකක් දාල හිටියෙ කොණ්ඩෙ තනි කරලට ගොතලා. කොහොම හරි කතාවට සෙට් උණා අපි. එයා කිව්වා එයාගෙ යාලුවෙක් එයාලගෙ ගෙදර එන්න කියලා පාරක් කිව්වලු. ගෙදර හොයාගෙන යන ගමන් කියලා. ඒත් එක්කම බස් එක හය්යෙන් බ්‍රේක් ගැහුවා. මම ගිහින් ඉස්සරහ සීට් එකේ වැදුනා. බස් එකේ සීට් ගාණටවත් කට්ටිය හිටියෙ නෑ. මම සීට් එකෙන් නැගිටිද්දි හැමෝම මම දිහා බලාගෙන හිටියා. කොන්දොස්තරත් බිරාන්ත වෙලා බලං හිටියා. ටිකට් ගන්නෙ නැද්ද? පොර මගෙන් ඇහුවා. මම ටිකට් ගත්තා. ඒත් මිනිස්සු අමුතු විදිහට මා දිහා බලාගෙන හිටියෙ. කොන්දත් වැඩිය කතාවක් නැතිව ඉස්සරහට ගියා. බස් එක ස්ටාට් උණා. අර නංගිත් ඒ වෙද්දි බැහැලද කොහෙද.. මටත් චුට්ටක් අවුල් ඉතිං නංගි නොකියම බැහැපු එකට. මමත් මට බහින්න ඕන තැන ලං උණාම බෙල් කරල බස් එකෙන් බැස්සා. අපේ ගෙදර පාරෙ නෙවේ තියෙන්නෙ. වෙල් යායක් මැද්දෙන් තියෙන පාරක කිලෝ මීටරයක් වගේ ඇතුලට යන්න ඕන. මම සින්දුවක් කිය කිය පාරෙ යද්දි කවුද එනව වගේ දැනුන. මහ අමුතු ගඳකුත් ආවා. අය්යේ... කියල කතා කරන හඩ ඇහෙද්දි මට ඒ කවුද කියල අඳුනගන්න පුලුවන් උණා. මම ඒත් එක්කම හැරුණා. කවුරුවත් හිටියෙ නෑ. රෑ නිසා මොකවත් හරියට පේන්නෙවත් නෑ. මම චුට්ටක් වේගෙන් දුවගෙන දුවගෙන වගේ ගෙදරට ගියා. යද්දි ගෙදර අය සේරම මම එනකල් බලං හිටියා. ඇයි පුතේ මෙච්චර පරක්කු? අම්මා අහද්දි මම විස්තරේ කිව්වා. ඊට පස්සෙ තමා මට රත්වෙන විස්තරේ අය්ය කිව්වේ. මල්ලි උඹ එද්දි ආරංචියක් ආවෙ නැද්ද?.. නෑ... මොකද්ද? මම ඇහුවා. තාත්ත අය්යට අමුතු රැවිල්ලක් රැව්වා.. ඉන් පස්සෙ එයා මුකුත් නොකිය ගෙට ගියා. මූණ කට හෝදං කාපං පුතා.. තාත්තා කියල මිදුලට බහිද්දිම ටෝච් අරං තාත්තගෙ යාලුවො සෙට් එක ආවා... ‍එයාල මොනාව මොනව හරි කිව්වා.. දෙතුන් සැරයක් කෙල්ලෙක්ගෙ නමක් කිව්වා වගේ මතකයි.. ඒත් එක්කම මම දැක්කෙ අර නංගි තාත්තගෙ පිටිපස්සෙ ඉන්නවා. එයාගෙ මූණ ඉදිමිලා තිබුනා. ඇඳුම ඉරිලා.. බාටා දෙකක් වත් නෑ.. ලස්සනට ගොතල තිබ්බ කොණ්ඩෙ ගැලවිලා. මම එයාව ඕනි නං තප්පර දෙකක් වගේ දකින්න ඇති. ‍පොලිස් ජීප් සද්දෙත් එක්ක ඇම්බියුලන්ස් එකක් පාරෙ යන සද්දෙට අවට හිටපු හැමෝම අපේ මිදුලට එකතු උනා. මට මේ වෙන කිසි දෙයක් හිතාගන්න බෑ. මම ඇඳුම් මාරු කරල නාල එහෙම කාල ඇඳට ගොඩ උනා. ටික වෙලාවක් යද්දි මට නින්ද ගියා. පහුවදා නිවාඩු දවස උණත් යාලුවෙක් ගෙ දිහා යන්න උනා. එහෙ ගිහිං එද්දි යාලුවගෙ තවත් යාලුවෙක්ගෙ මලගෙදරක යන්න සෙට් උණා. මට මල ගෙවල් වල යන්න හොඳ නැති නිසා මම යාලුවට මල ගෙදර යන්න කියල යාලුවගෙ වාහනේ නැප් එකක් දාං හිටියා. ඒ වෙද්දි නවය පහු වෙලා. යාලුවා වාහනේ නවත්තපු ගෙදර අයත් ගෙවල් දෙකකට එහා මල ගෙදරට ගිහිං හිටියෙ. එක පාරටම ජනේලෙට තට්ටු වැදුන නිසා මොන හුයන්නක්ද කියාගෙන මම ඇහැරුණා. අර නංගි කලින් දවසෙ වගේම ඇවිත්. දැන් නං මට පොඩ්ඩක් විතර අවුල්. එයා මට ජනේලෙ අරින්න කිව්වා. මම ඇරියෙ නෑ. එයා දිගටම ජනේලෙට තට්ටු කලා.. ඇරපං කියලත් කිය කිය බෙරිහන් දුන්නා. මම ඒ වෙද්දි නං පට්ට බයකින් හිටියෙ. ඒ ගෙදර මිදුල රෑට පට්ට මූසලයි. තනිකර ගස් තියෙන්නෙ.. මම පට ගාල වාහනේ ස්ටාට් කරගෙන රිවස් ගහල මල ගෙදර ඉස්සරහ නැවැත්තුවා.. යාලුවාට කොල් කරල ගෙදර යන්න ඕන කියල කිව්වා. පොර කිව්වා අද රෑ ඌ මෙහෙ නවතින නිසා කාර් එක අරං ගිහිං හෙට ගේන්න කියලා. මම සුටුස් ගාල ගෙදරට පියෑඹුවා. ගිහින් නාල කාල ‍ ඇඳට ‍ ගොඩ උණාම යාලුවා මට වට්ස් ඇප් එකට පොටෝ එකක් එවල තිබුනා. ඒක මැරුණ කෙනෙක් වෙනුවෙන් හදපු නිසඳැසක්.. ඒක දැක්ක විතරයි මට මතක

    මතු සම්බන්ධයි.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ

    ඉතුරු ටිකත් ඕනේ බොස්
     
    • Like
    Reactions: NRTG

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420

    කෝ ඉතුරු ටික👍👍
     
    • Like
    Reactions: NRTG

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අදුසුමන් - 02

    ලයිටුත් ඕෆ් කරගෙනයි මම ෆෝන් එක ඔබ ඔබ හිටියේ. වෙල පැත්තට තිබ්බ ජනේලෙ එකපාරටම ඇරුණා. හමාගෙන ආපු හුලඟ එක්ක අරලිය මල් සුවඳත් ආවා. ජනේලෙන් එහා පැත්තෙ අර නංගි හිටගෙන හිටියා. ෆෝන් එක දඩස් ගාල ඇතෑරුණා. ෆෝන් එක අතට අරං ජනේලෙ දිහා බලද්දි කෙල්ල මම ඉස්සරහ හිටගෙන හිටියා. මම එක පාරම බැලුවෙ දොර දිහා. දොරත් අගුලු දාලයි තිබ්බෙ‍. මම තිගැස්සුන තිගැස්සිල්ල කොහොමද කියනවනං ඇදෙන් වැටුණා. ඒත් කෑ ගහන්න ගියෙ නැත්තෙ මේ වෙද්දිත් අපේ ගෙදර අය හොඳටම නිදි නිසා.

    අපේ ගෙදර හතර ඉස්සරහ පැත්තෙනුයි පිටිපස්සෙනුයි තිබ්බෙ වෙල. වම් පැත්තෙ ගෙවල් දෙකකින් පටන් ගත්ත අපේ ගෙවල් පෝලිම අවසන් උනේ තවත් ගෙවල් දහ ‍පහලොවක් ගියාමයි. හැම ගෙදරටම යන්න තිබුනේ අපේ ගෙදරට එන පාරෙන්. අඹ කොස් වගේ දැවැන්ත ගස් නිසා රෑට නං එළියට බහින්න හිතෙන්නෙම නෑ. අපේ ගෙදර හුගක් ලොකු පරණ තාලෙ ගෙයක්. අම්මයි තාත්තයි නිදාගත්තෙ සාලෙන් වමට තිබ්බ කාමරේ. ඒ පැත්තෙ ගස් තිබුනෙ ඈතින්් ඈත. නංගි හිටියෙ සාලෙන් ඇතුලට ආවම තිබ්බ දෙවනි කාමරේ. මේ ටිකේ නංගි කැම්පස් නිසා කාමරේ වී පුරවල තිබුනේ. ටිකක් ඇතුලට ආවමයි අය්යගෙ කාමරේ තිබුනේ. එතනින් පිටිපස්සෙ වෙනම කාමරයක් තිබුණා ෂීයා ගෙනාවට පස්සෙ හදපු. පොඩි කාලෙ නං අය්යය් මායි එක කාමරේ හිටියේ. ඒත් අපි දෙන්නගෙ වෙනස් දින චර්යා නිසාත් සීයා නිසාත් මම එයාගෙ කාමරෙන් අයින් උණා.

    මම හිටියෙ අපේ මැරිච්ච සීයා ඉඳපු කාමරේ. මම කැම්පස් ඉද්දි තමා ආච්චි නැතිවෙලා හත් දවසක් යද්දි තාත්තා සීයාව අපේ දිහා ගෙනාවේ. ඒ‍ වෙද්දිත් සීයා හොඳටම ලෙඩ ගානේ හිටියෙ. මම කැම්පස් එකේ තුන්වෙන් අවුරුද්දෙදියි සීයා නැතිඋනේ. සීයා මැරිච්ච දවසෙ ඉඳන් මේ කාමරේට කවුරුත් කිසිම දේකට ආවෙ නෑ. කොටින්ම කිව්වොත් මම හිටියෙ ගෙදර පිටිපස්සෙම කාමරේ. නිසාත්, ‍ඒක වෙනමම වගේ තිබුන නිසාත්, සීයාගෙ කෙඳිරිල්ල නිතරම ඇැහෙනවා කියලා අම්මා කියපු නිසාත් යන කාරණා ඒකට හේතු උණා. ඒත් මට නං අද වෙනකං කිසිම අවුලක් වෙලා තිබුනේ නෑ. හැබැයි එකම අවුලකට තිබුණ දෙයක් තිබ්බා. මගෙ කාමරේ පිටිපස්සෙ ලොකු මූසල අඹ ගහක් තිබුණා. හුලගට ඒකෙ අතු හෙලවෙද්දි නං මහ මූසල සද්දයක් එනවා. මම වැඩ ඇරිලා ඇවිත් නාල ඇඳට වැටුණම මොන සද්දයක් වත් ඇහෙන්නෙ නෑ නිදිමත දැනෙනවා මිසක්. මගෙ කාමරේට ඇතුලු වෙන්න තිබුනෙත් පිටින්. හැබැයි කාමරේ ඉස්සරහ බිත්තියෙන් වෙන් උනේ අය්යගෙ කාමරේ නිසා මම කෑ ගැහුවොත් මුලින්ම අය්යට ඇහෙනවා. දවල් තිස්සෙම කුඹුරු වැඩ කරල ආපු අය්යව නැගිට්ටවන්න මට උවමණාවක් තිබුනේ නෑ.

    අර කෙල්ල ගෙ මූනේ කිසි හිනාවක් තිබ්බෙ නෑ. ඇඳං හිටියෙත් අත් දිග සුදු ගවුමක්. කොණ්ඩෙ උඩට පීරලා මූණ හොඳටම සුදුමැලියි. මම අමාරුවෙන්ම ෆෝන් එක හොයාගෙන කාමරේ ලයිට් දැම්මා. ඒ කෙල්ල හිටියෙ ජනේලෙන් එහා පැත්තෙ. පස්සෙන් එන්න.. කියපු කෙල්ල ජනේලෙන්ම එලියට ගියා. මම ඇඳං හිටපු සරමට බැනියමක් දාගෙන කාමරේ දොරත් ඇරං එලියට බැස්සෙ ෆෝන් එකෙන් ටෝච් එකත් පත්තු කරං. මම එලියට බහිද්දි අර කෙල්ල ටිකක් දුර ගිහිං හැරිල බලං හිටියා. මමත් පස්සෙන්ම ගියා. වෙල මැද්දෙන් ආපු හුලගටයි පස්සෙන්ම එන මේ කෙල්ල නිසායි දැනිච්ච අමුතු හැඟිමත් එක්ක මම තාර පාරටම ආවා. පාරෙන් එහා පැත්තෙ තිබ්බෙ කැලේ. කෙල්ල කැලේ ඇතුලෙ ඉඳන් මට කතා කලා. ඒත් කෙල්ල පේන්න හිටියෙ නෑ. මොන සත්තු ඉඳියිද කියල බයෙන් මම වේගෙන් ආපහු ගෙදර පැත්තට වෙල මැදින් තිබ්බ පාරේ දුවන්න ගත්තෙ පස්ස වත් නොබලා. දුවද්දි කවුදෝ කකුලෙන් අදිනව වගේ දැණුනා. ඒත් එක්කම මම බිමට ඇදං වැටුණා.

    මතු සම්බන්ධයි.
    ලබන සෙනසුරාදා හමුවෙමු
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අදුසුමන් - 03

    මගෙ ඇ‍‍ගට හොඳටම දාඩිය දාල. කවදාවත් නැතිව මම ඇ‍දෙන් බිමට වැටිල හිටියෙ. මම එවෙලෙම බිත්ති ඔරලෝසුව බැලුවා. වෙලාව හරියටම උදේ පහයි පනස් තුනයි. ඊයෙත් මම ඇහැරුණේ මේ වෙලාවටමයි නේද කියල මට පස්සෙයි මීටර් උනේ. ඊයෙ රෑ අන්තිමට ෆෝන් එක එබුවට මට ගාණක් තිබ්බෙ නෑ මොකද උනේ කියලා. මල ගෙදර හරියෙදි වෙච්ච සිදුවීම නිසා ඇතිවෙච්ච තැතිගැන්ම නිසා දවස පටන්ගද්දිම දැනුනෙ මහ මූසල කමක්. මම ෆෝන් එක හෙව්වා. ෆෝන් එක බිම වැටිල‍‍. අප්පටසිරි ඩිස්ස්ප්ලේ එකත් ගිහිං. මටම කියවුනා. මට අරූ එවපු මැසේජ් එක වත් බලාගන්න බැරි උණා හරියට. නිසදැසේ තිබිච්ච වචන ටික විතරයි මට කියවගන්න පුලුවන් උනේ. යට තිබිච්ච රූපෙන් මැරුනේ කවුද කියලවත් මට හරියට බලාගන්න බැරි උණා. ඒක කෙසේ වෙතත් ෆෝන් එකට ෂොට් එක හම්බෙලා නිසා උදේම අය්යගෙ බටන් ෆෝන් එකෙන් යාලුවට කෝල් එකක් දීල එද්දි පරක්කුවෙයි කියලා කිව්වා. උදේට ඇඟ සෝදගෙන කාල එහෙම මම රස්සාවට යන්න පිටත් උණා. පෙරේදා හමුවෙච්ච කෙල්ල නිසා මේ ටිකේ මට මහ මූසල ගතියක් දැනුනෙ. මම සින්දුවකුත් දාගෙන වාහනේ ඩ්‍රයිව් ක‍ලේ. එහෙම ඩ්‍රයිව් කරං යද්දි මට දැණුනා කාර් එකේ පිටිපස්සෙ සීට් එක ඇ‍ඹරෙනවා වගේ. මම ඉස්සරහ කණ්නාඩියෙන් පිටිපස්ස සීට් එක බැලුවට කිසි අවුලක් පෙනුනෙ නෑ. ඒත් මට නෝටිස් වෙච්ච දෙයක් නිසා මම කාර් එක පැත්තකට කරල නවත්තලා කාර් එකේ පිටිපස්සෙ දොර ඇරල සීට් එක ගාව බැලුවා. එතන තිබුනේ කහ පාට ලේන්සුවක්. මම ඒක අතට ගද්දිම දැනුනෙ මට පුරුදු අරලිය මල් සුවඳ. මම බයටම ඒක සීට් එක ගාවටම දාල දොර වැහුවා. ‍ඔලුවෙ අත ගහගෙන කල්පනා කලේ මොකද්ද මේ වෙන්න යන්නෙ කියලා. ටවුන් එක ලඟ හිටපු නිසා පටස් ගාල වාහනේට නැගල ඩ්‍රයිව් කලේ යාලුවෙක් ගෙ ෆෝන් කඩයක් ලඟට. ෆෝන් එකත් දීලා මම ගියෙ ඔෆිස් එකට. ඊයෙ රෑ බං මිනිය ගෙනාවේ. කොහෙද උඹ ගියානෙ මිනිය ගේන්න කලිං. යාලුව කිව්වෙ කැන්ටිමේ තේකක් බොන ගමං. හැබැයි උගෙ වෙනසක් තිබුනා. කවුද බං ‍ඒ මැරිච්ච කෙල්ල. මම එහෙම අහද්දි ඌ මම දිහා බිරාන්ත වෙලා බලං හිටියා. නලලට චූටියට හීන් දාඩියකුත් දාලයි තිබ්බෙ. උඹ අද යන්නැද්ද බං මලගෙදර?. මම ඇහැව්වා. ඌ ඒකට උත්තර දුන්නෙ නෑ. ඒපාරයි මට ලේන්සුව මතක් උණේ. මචං උඹේ පිටිපස්සෙ සීට් එකේ ලේන්සු කෑල්ලක් තිබ්බා. මේ පාරවත් අපිට කේක් කන්න පුලුවන් වෙයිද බං. මම විහිළුවට කිව්වෙ. ඌ එකපාරම මගෙ ඔළුව ගිනි අරං ඉන්න වෙලාවෙ යකා අවුස්සන්න එපා කියාගෙන වේගෙන් යන්න ගියා. මටත් හරි පුදුමයි වෙච්ච දේ ගැන. එදා දවසම ඌ හිටියෙ නුරුස්න ගතියෙන්. කා එක්කවත් කතා කලේ නෑ. එදත් මට යන්න සෙට් උනේ බස් එකේ. එද්දි පරක්කු උන නිසා අදත් රෑ බස් එකේම යන්න ලෑස්ති උණා. ෆෝන් එකත් ලන්ච් බ්‍රේක් එකේ අතටම ලැබුන නිසා පුරුදු වගේම මම බස් එකේ පිටිපස්සෙම සීට් එකේ ජනේල අයිනෙ වාඩි උණා. කලින්ම කොන්දගෙන් ටිකට් එකත් ඉල්ලගෙන හෑන්ඩ්ස්‍‍ෆ්‍රී දෙකත් ගහගෙන සින්දුවක් අහන්න ගිය මට සින්දුවක් දෙකක් ඇ‍හෙන්න ඇති. එහෙමම නින්ද ගියා. මාව ටස් ගාල ඇහැරුනේ මට පුරුදු අරලිය මල් සුවඳ මගෙ ලගින්ම දැනුන නිසා. අදත් බස් එකේ සෙනග හිටියෙ නෑ. බස් එකටම දහ පහලොවක් ඉන්න ඇති. කොන්දයි ඩ්‍රයිවර් මහත්තයයි බර කතාවක. අර නංගි බය හිතෙන විදිහට මම දිහා බලාගෙන හිනා වෙවී හිටියා. ඇත්තටම මේ පාර නං මට චුට්ටක් බය හිතුනා. මම වටපිට බැලුවා. පෙරේදත් මේ නංගි නැග්ගෙ ගරා වැටිච්ච අම්බලම හරියෙ පාලු ඉඩම් ගාවින්. අද නං මේ කෙල්ල බහින තැන බලාගන්න ඕනමයි කියල මට හිතුනා. නංගි අදත් බස් එකේ.. මම ඇහුවා. එයා හිනාවෙවී මම දිහා බලං හිටියා මිසක් වචනයක් වත් කිව්වෙ නෑ. ඔහොමම ටික දුරක් යද්දි බස් එකේ ලයිට් ටික එකපාරටම නිවුණා.

    මතු සම්බන්ධයි.

    අදුසුමන් 04

    තප්පරයක් වගේ ලයිට් නිවිල තියෙන්න ඇති. ආයෙම ලයිට් පත්තු උනා. අර නංගි පේන්නවත් හිටියෙ නෑ. අපේ ගමේ පන්සලට යන පාර ගාවින් තමා හැමදාම මේ කෙල්ල අතුරුදන් උනේ. පන්සල ලග ඉඳන් අපේ ගෙදරට කිලෝමීටරයක් වගේ ඇති. ඒ හරියෙ ගෙවල් කිසිම එකක් තිබුනේ නෑ අපේ ගෙවල් වලට යන පාර එනකම්ම. මම කෝකටත් කමක් නෑ කියල බෙල් එකත් ගහල බස් එකෙන් බැහැගත්තා. බස් එකෙන් බැහැල බස් එක යනවත් එක්කම මම දැක්කෙ අර නංගි පාරෙන් එහා පැත්තෙ ඉන්නවා. මම එයා එක්ක හිනා උනා. එයා මට එන්න කියන්නා වාගේ අතවනාගෙන බස් එක ආපු පැත්තට ඇවිදන් යන්න ගත්තා. නංගි කොහෙද මේ තනිපංගලමෙ යන්නේ.. මම කියාගෙනම එයා පස්සෙන් යන්න ගත්තා. ඒ වෙද්දි රෑ නවය වගේ ඇති. එදා ලස්සනට හද පායලා තිබුණ දවසක්. පන්සලේ බණ දාලයි තිබුනෙත්. පාරෙ කිසි කෙනෙක් නැති උනාට පන්සල ඇතුලෙ කීප දෙනෙක් ඉන්න වග දැනුනෙ පත්තු කරල තිබ්බ පහන් වල එලිය මීටර් පන්සීයක් විතර පාරෙන් ඇතුලට තිබ්බ පන්ස‍ලේ ගේට්ටුව ගාව තිබ්බ පහන් වැට දිහාවෙන් ආව නිසා. මම ඒ නංගි පස්සෙන්ම ගියා. ඒ යන ගමන් යාලුවා එවපු වට්ස්ඇප් මැසේජ් එක මට එකපාරටම මතක් උනා. ඒක ඔන් කරල බලද්දියි මම රත් උනේ. මෙච්චර වෙලා මම පස්සෙන් ආපු කෙල්ල මේ වෙද්දි මැරිලා. අර නංගි ඉස්සරහ බලාගෙන නතරවෙලා හිටියෙ ගරා වැට්ච්ච අම්බලම ගාව. එයා මට පිටුපාලයි හිටියෙ. මම ආපස්සට අඩියක් දෙකක් යන්න හදද්දිම මේ කෙල්ල මගෙ ඇඟට කඩන් පැන්නා. එයාගේ ලඟින් ආවෙ මහ කුණු ගඳක්. ඇඟ පත සේරම කුණු වෙලා තිබ්බෙ. මම බිම ඇදගෙන වැටුනා. එයා මගෙ ඇඟ උඩට පැන්නා. ඒත් මට කිසිම බරක් දැනුනෙත් නෑ. මම බයටම හය්යෙන් කෑ ගැහුවා. මගේ කෑ ගැහිල්ලෙ සද්දෙට ඊට ටිකක් දුරින් දුම් බිබී හිටපු කොල්ලො සෙට් එකක් දුවගෙන ආවා. මහත්තයා මොකද අස්පට් එක? දෙන්නෙක් මාව උස්සන ගමන් කිව්වා. මම ගොත ගහන්න ගත්තා.. බයටම වචන පිට උනෙත් නෑ. එතන හිටපු කොල්ලෙක් මට වතුර බොන්න ගෙනත් දුන්නා. මට එතනින් එහාට සිද්ද උණ දේවල් මතක තිබුනේ නෑ. මම පියවි සිහියට එද්දි හිටියෙ පන්සලේ. ඒ වෙද්දි දවස් දෙකක් විතර ගිහින්. මගෙ අතේ පිරිත් නූලක් බැඳල තිබුණා. ඉන් පස්සෙ කමා මම වෙච්ච සිද්ධිය දැනගත්තේ. ‍හර්ෂනී කියල ගෑනු ලමයෙක් අම්බලම ඇතුලෙ මරල දාලා. මිනිය කුණු වෙලා එන ගඳ හොයාගෙන යද්දියි දුම් බොන කොල්ලො සෙට් එකට මිනිය හම්බ වෙලා තියෙන්නෙ. ඒත් මුලදි ඒ කෙල්ල මට කිසි කරදයක් කලේ නැති උණත් පස්සෙ මට ජීවිතේ එපා කරවන තරමටම මේ කෙල්ලගෙන් වදයක් දැනෙන්න ගත්තා. මට සතියකට බොස් ගෙ අවසරෙන් නිවාඩු හම්බඋනා. මාව ගෙදරට අරං ගියත් මගෙ යාලුව නිකමටවත් මාව බලන්න ආවෙ නෑ. කෝල් ගත්තත් මිනිහා අන්සර් කලෙත් නෑ. පිරිත් නූල ගාව රතුපාට ලප වගේ දාල තිබුනේ මම අසිහියෙන් ඒක කටෙන් කපන්න උත්සහ කරපු නිසා අම්ම කිව්වා. කරට යන්නරයක් දාල තිබුනේ. නංගි නැති නිසා මට ඉස්සරහ කාමරේ ඉන්න චාන්ස් එක ආවා. දවසම කකා බිබි නිකං ඉන්න එකත් මාරම වදයක් උනා. ටීවී එකෙත් පෙනුනෙ චැනල් දෙකයි. ඒකෙනුත් රූපවාහිනිය කමා ටිකක් හරි හොඳට පෙනුනෙ. දවල් වරුවෙම ඒක දිහා බලං හිටියෙ මාර කම්මැලි කමින්. වැඩට යන්න ඕන කිව්වත් දැම්ම එන්න එපා කියලා බොසුත් කිව්වා. එදා රෑ කොහොමහරි එකපාරටම යාලුවගෙන් මට කෝල් එකක් ආවා. කාර් එක පන්සල ගාව කැඩිල කියලා. ඒ වෙද්දි රෑ නවයය්. මට ගෙදරින් අඩියක්වත් එලියට තියන්න අවසර තිබ්බෙ නෑ. මං වෙනුවට අය්යා මදුරුව පැදගෙන පන්සල පැත්තට ගියා. ටික වෙලාවකින් කෝල් එකක් ආවා. ඒක අය්යගෙන්. කෝ බං මෙතන මොකෙක්වත් නෑනේ.. කියද්දිම අය්ය ෆෝන් එක කට් කලා. මට දැන් මාර බයය්. අම්මයි තාත්තයි දෙන්න මට හොඳටම බණින්න ගත්තා. පැයක් විතර ගියාට පස්සෙ අය්යගෙන් කෝල් එකක් ආවා. යාලුවාගෙ කාර් එක අම්බලම ගාව ගහක හැප්පිලා කියලා. අය්ය කිව්වා යාලුව වාහනේ ඇතුලෙම මැරිල හිටිය කියලා. ඔළුව දෙබෑ වෙන්නම පැලිල. වෙච්ච කිසි දෙයක් කවුරුවත් දන්නෙ නෑ. ඒ වෙලාවට පාරේ වාහනත් යනව අඩුයි. මරණ පරීක්ෂණයෙන් කියවුනෙත් බීමත්ව රිය පැදවීමක් කරල නෑ කියලා. හැබැයි මොනයම් හෝ දේකට හුස්ම හිරවෙන්න ඇතිලු.

    ***

    අද මේ කතාව ලියන අන්තිම දවස. මේ සිදුවීම වෙලා දැන් මාසයක් විතර ගිහින්. සුරේ ගලවපු තැනක් හොයාගන්නත් නෑ. මට කවදාවත් අර නංගිව ආයෙ හම්බ උනෙත් නෑ. එයාට ‍මැරුණට පස්සෙ චුත නොවී ඉන්න හේතුවක් තියෙන්න ඇති. සමහර විට දැන් ඒ හේතුව නැතිවෙලා ඇති. ඒක වෙන්න ඇති ආපහු මට එයාව දකින්න ලැබුනෙ නැත්තෙ. එයාට වෙච්ච දේ ඇත්තටම අභිරහසක් හැබැයි මට අදටත් අරලිය මල් ගස් ගාවින් යන්න බයය්. මොකද ඒ සුවඳට. ඒ අමිහිරි මතක වලට.

    නිමි????
     
    Last edited: