එළකිරි භූත කොටුව.........

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    දෙන්නට වයස අවුරුදු දහයක් වගේ ඇති. ඒ එක්කම අල්ලපු සීට් එකේ ඒ ලමයින්ගෙ ආච්චි කියලා ලමයින්ම කතා කරපු වයසක ගෑණු කෙනාත් ඉඳගත්තා. යශෝධා ඒ ලමයි දෙන්නා එක්ක කතා කර කර ආවේ. ඉතිං යශෝධා බහින තැනත් ලං උණා. යශෝධා බහිද්දි වෙනදා වගේම එයාගෙ මහත්තයා සුනන්ද එයාව ගන්න ඇවිත් හිටියා.

    අද මොකෝ පරක්කු? සුනන්ද ඇහුවා
    අද ලමයෙක් හම්බවෙන්න ආව ලේඩි කෙනෙක් මළ දරු ප්‍රසූතියක් කලා. ‍ඒ ලේඩි හුගක් ඇඩුවා. පුදුමෙ කියන්නෙ හස්බන්ඩ් වත් පවුලෙ වෙන කෙනෙක් වත් ආවෙ නෑ. එයාට බෙහෙත් දීලා වාට්ටුවට දාගන්න හුගක් අමාරු උනා. යශෝධා කිව්වා.
    පව්... සුනන්ද කියාගෙනම බයික් එක ස්ටාට් කලා.
    ලොකූ ක්ලාස් ගිහින් ආවද අය්යේ? යශෝධා ඇහුවා
    ඔව්. ලොකු පුතා චූටි දූ එක්ක සෙල්ලම් කරලා දෙන්නම කකා හිටියෙ. දැන් නං අම්මා එක්ක ටීවී බලනවා ඇති

    සුනන්ද බයික් එකේ යන ගමන්ම කිව්වා. පහුවදා උදේත් සුනන්ද යශෝධාව බස් එකට නග්ගලා වැඩට යන්න පිටත් උණා. සුනන්දත් යශෝධා වැඩ කරන ඉස්පිරිතාලෙ ලග තියෙන කච්චේරියට මාරුවක් ගන්න හැදුවට ඒක හරි ගියේ නෑ. නැත්තං දෙන්නටම එකට එන්න තිබ්බා. යශෝධාගේ දුව පබලි දෙක වසරේ හිටියේ. පුතා සහස් හිටියේ පහේ ශිෂ්‍යත්වෙ ලියන්න. අමාරුකම් මැද්දෙ සුනන්දගෙ අම්මා තමා ලමයි බලාගත්තේ.

    මොනවා සමන්තිකා හොරෙන්ම ගිහින් ද

    යශෝධා උදේ කන ගමන් කතා උනේ යාලුවා වෙච්ච නයනා එක්ක.

    ඔව්. පාන්දර සද්දයක් නැතිව හිටියා. ගෙදරින් එයාව බලන්න ආව කියල එලියට ආව ආවමයි ගෑනි මිසිං.

    බත් කන ගමන් නයනා කිව්වා.

    මාස ගාණක් බඩේ තියාගෙන බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්න ඇති ලමයා ගැන. යශෝධා කිව්වා.

    සති දෙකක් ගත වෙලා ගියා. සති අන්තෙ යෙ‍දුනෙ පෝය දවසක්. එදා සමන්තිකාව ආපහු රෝහලට අරං ආවා. ඒ එයා සියදිවි නසා‍‍‍ගෙන කියලා දැනගත්ත යශෝධා හුඟක් අප්සට් ගියා. ඒ අතරෙ යශෝධාට මහත්තයා වැඩ කරපු නගරයේ රෝහලකට මාරුවීම ලැබුනා. මාතෘ සායනයෙන් අයින් කරලා වෙනත් වාට්ටුවකටත් යොමුකලා . හා හා පුරා කියලා එතනට යද්දි වාට්ටුවෙ එකම ගෝසාවයි. ගෑණු කට්ටියක් විලාප දීලා අඩනවා. යශෝධා ඒ පැත්තට ගියා. යශෝධාව දැක්ක අනික් අයත් බය වෙලා වගේ බලං හිටියා.

    පේෂන්ට් මැරිලා

    අනික්පැත්ත හැරිලා හිටපු දොස්තර ‍ලෙඩාගෙ පපුවට අල්ලපු මැෂිම ඉවතට අරං යශෝධා පැත්තට හැරුනා. දොස්තරත් යශෝධා දැකලා බය උණා. ඊට වඩා යශෝධා බය උණා. මොකද මැරුණ ලෙඩා එකපාරටම එයාගෙ අත අල්ලගත්තහම. එයා තවත් බය උණේ ඒ ඇඳ උඩ මැරිලා හිටියෙ තමන්ගෙම රූපෙ තියෙන ‍කෙනෙක් නිසා

    මතු සම්බන්ධයි

    (සමන්තිකාගෙ කතාව කියවන්න -->https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/page-175 )
    සුපිරි... සුපිරි...
    ඉතිරි කොටස එනකල් බලාගෙන ඉන්නෙ...
     
    • Love
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    වර්ණා 3

    යශෝධා.. යශෝධා.. ඔයා හොඳින්ද?

    යශෝධා හිටියෙ සුනන්දට එහා පැත්තෙන් නිදාගෙන. යශෝධා සුනන්ද කතා කරපු ගමන් එකපාරටම නැගිට්ටා.

    මොකද ලමයො කෑ ගහන්නෙ ලමයිනුත් ඇ‍හැරෙනවා තව ටිකෙන්.. කාටද බය උනේ?

    සුනන්ද යශෝධාගේ ඔළුව අතගානගමන් ඇහුවා.

    මේ වතුර එක බොන්න

    හැමදාම රෑට ඇඳ ලඟ මෙසේ වතුර ජොග්ගුවකුයි වීදුරුවකුයි තියාගත්ත නිසා රෑ මැදියම වතුර තිබහක් ආවොත් ආයෙ කුස්සියට යන්න දෙන්නටම උවමනාවක් ආවෙ නෑ. සුනන්ද වතුර දුන්න ගමන් එක හුස්මට වතුර බීලා වීදුරුව සුනන්දට දුන්න යශෝධා කිසි දෙයක් නොකියා සුනන්දගෙ පපුවට තුරුලු උණා. යශෝධාව තුරුලු කරගත්ත සුනන්ද වතුර වීදුරුව මේසෙන් තියලා වෙලාව බැලුවා. පාන්දර 1 යි. එහෙම්මම සුනන්දත් ඇල උණා.

    අද එලි උණ ගමන් යශෝධාට අලුත් ඉස්පිරිතාලෙ වැඩ බාරගන්න තියෙනවා. දැකපු හීනෙත් එක්ක යශෝධා ටිකක් බයෙන් හිටියෙ. ඒත් කියන තරම් යකා කලු නෑ කිව්වා වගේ යශෝධාට පලවෙනි දවසෙ ඉස්පිරිතාලෙ හොඳට අල්ලල ගියා. එයා සතියක් විතර වැඩ කරද්දි වෙන වාට්ටුවකින් එයාගෙ වාට්ටුවට අලුතින් නර්ස් කෙනෙක් ආවා. එයාගෙ නම ලයානි. ඒ දෙන්නා ඉක්මණින්ම හොඳ යාලුවො උණා. හැබැයි ලයානි යශෝධාට වඩා සුනන්ද ගැන උනන්දුවක් දක්වන්න ගත්තා. ඔහොම දවස් කීපෙකුත් ගෙවිල ගියා.

    කාලෙකින් පාර්ක් ආවෙ..

    යශෝධාට උදේ වරුව ඕෆ් තිබ්බ සෙනසුරාදාවක පාර්ක් එකට ගියපු සුනන්ද නුග ගහ යට බංකුවෙ ඉඳගෙන හිටපු යශෝධාට ලඟ හිටපු අයිස්ක්‍රීම් කාරයාගෙන් ගත්ත අයිස්පලම දෙන ගමන් කිව්වා.

    ඔව්.. යශෝධා අයිස් පලම කන ගමන් ඇහුවා.

    ආදරේ කරන්නවත් වෙලාවක් නෑනෙ අප්පා... කියපු සුනන්ද යශෝධාට හාද්දක් දුන්නා. ඒ එක්කමයි යශෝධාගෙ යාලුවා ලයානි කොල් කලේ.

    ඔය ගෑනිට නිවාඩු වෙලාවටවත් පාඩුවෙ ඉන්න බැරිද? මොකද හැම තිස්සෙම මම ගැන අහන්නෙ? කොල් එක ඉවර උණාට පස්සෙ සුනන්ද අකමැත්තෙන් වගේ කිව්වා

    අය්යෝ.. එයා නිකං අහන්නෙ..

    ඔය නිකං ඇහිල්ල මට දිරවන්නෑ එච්චර... ඔයත් පොඩ්ඩක් පරිස්සං වෙලා ඉන්න.

    අයිස් එක ඉක්මණට කාපු ජෝඩුව බයික් එකට නැගල ගෙදර යන්න පිටත් උණා. ජෝඩුව හිටි තැනට පිටිපස්සෙ තිබ්බ නුග ගහ පිටිපස්ස ඉඳන් කෙනෙක් එයාල යන දිහා බලාගෙන හිටිය‍ා. ඔහොම කාලයක් යද්දි යශෝධා ආයිමත් ප්‍රෙග්නන්ට් උනා. ‍ලයානි නිතර නිතර යශෝධලාගෙ ගෙදර එන්නත් ගත්තා‍. සුනන්ද මේ වැඩේට කැමති උනේ නෑ. යශෝධාත් එන්න එපා කියන්න බැරි කමට හිටියෙ. එක දවසක සුනන්ද තනියම හිටපු වෙලාවක් බලල ලයානි යශෝධාලගෙ ගෙදර ගියා.

    ආ CC මහත්තයා.. කෝ නර්ස් නෝනා අපේ..

    ලයානි කඩාගෙන බිඳගෙන ගෙට ආවා. සුනන්ද කමිසයක්වත් නැතුව ටීවී එක බල බල කකා හිටියෙ.

    මොකෝ ලයානි හදිස්සියේම. වයිෆුයි අම්මයි බබාලයි පන්සල් ගියා. මට පොඩ්ඩක් සනීප මදි නිසා ගෙදර නැවතුනේ. පොඩ්ඩක් ඉන්න මම කුස්සියට ගිහින් අත සෝදං ඇඳුමක් දාගෙනම එන්නං.

    කියපු සුනන්ද ඉක්මණට කුස්සියට ගියා. වටපිට බලපු ලයානි ඉස්සරහ දොරත් වහගෙන සුනන්දව හොයාගෙන ගියා. සුනන්දගෙ පිටිපස්සෙන් ගියපු ලයානි එකපාරටම සුනන්දව බදාගත්තා.

    මොකද ගෑණියෙ මේ??

    සුනන්ද යක්සාවේස වෙලා ලයානිව තල්ලු කලා‍.

    සුනන්ද අය්යෙ මට ඔයාව ඕන.. ලයානි සුනන්ද ලගට කිට්ටු කලා.

    පිස්සුද? මම බැඳපු මිනිහෙක්.. තමුසෙ ඔච්චරටම ඔල මොට්ටලද? තමුසෙත් බැඳල නේද. ලමයෙක් ඉන්න අම්ම කෙනෙක් නේද? ඔහොමද අම්මලා හැසිරෙන්නෙ. අනික තමුසෙගෙ මිනිහ ගැන මම දන්නෑ මම මගෙ වයිෆ්ට ආදරෙයි. මට ලස්සන පවුලක් තියෙනවා. ඒත විනාස කරගන්න මට උවමනාවක් නෑ

    අය්යේ මම කියන දේ අහන්න..

    මට උඹ කියන කිසි දෙයක් අහන්න ඕන නෑ. දැන් නොගියොත් උඹෙයි මගෙ ගෑනිගෙයි තියෙන ඇයි හොදැය්යත් නැති වෙයි.

    ලයානිගෙ අතින් ඇදගෙන සාලෙට ගියපු සුනන්ද දැක්කෙ ඉස්සරහ දොර ඇරගෙන ඇතුලට ඇවිත් හිටපු යශෝධාව. බඩත් උස්සගත්ත යශෝධා බයවෙලා වගේ සුනන්ද දිහා බලාගෙන හිටියා.

    මොකද සුනන්ද මේ... යශෝධා පුදුමෙන් ඇහුවා.

    මං කිව්වා මේ ගෑනිව වද්දගන්න එපා කියලා. තමුසෙත් නැති වෙලාවෙ මේ ගෑණි ගෙට රිංගුවෙ ඇයි කියල මේකිගෙන්ම අහනවා. ම‍ගෙන් අහන්නැතුව

    කියපු සුනන්ද ලයානිව ගෙදරින් එලියට තල්ලු කරල තරහෙන් කාමරේට ගියා. බිම වැටුණු ලයානි ලැජ්ජාවෙන් නැගිට්ටෙ යශෝදාගෙ උදව්වෙන්‍. ඉන් පස්සෙ යශෝධා අහපු කිසි දේකට උත්තර නොදී බිම බලාගෙන යන්න ගියා. යශෝධාට වෙච්ච කිසිම දෙයක් ගැන හිතාගන්න බැරිඋණා. සුනන්ද යශෝධාට වෙච්ච‍ දේ පැහැදිලි කරා. ඒත් යශෝධා ට ‍සාමාන්‍ය විදිහට සුනන්දව දකින්න කාලයක් ගියා. ඒ අතරෙයි ලයානි වස බීල මැරුණේ. ඒක හැමෝටම ෂොක් එකක් උණා. මලගෙදර බැනර් එකේ ලයානිගෙ ලස්සන රූපයක් එක්ක ලස්සන නිදඳැස් කෑල්ලක් තිබුනා

    ඉපිදෙන මිය යන මේ ලෝකේ
    ඔබ ආ මග හරි කෙටියි වගේ
    නැවතත් ආපසු හමුවන අටියෙන්
    පතනමි සුබ ගමනක් මෙලෙසේ

    ඔබට නිවන්සුව ලැබේවා!
    ලයානි වර්ණා මධුරපුර

    මතුසම්බන්ධයි
     
    Last edited:

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    වර්ණා 4

    එදා මහ මූසල රැයක්. හවස හතර පහ වෙද්දිම වැහිමන්දාරම දැම්මා. ඒත් එක්කම පරිසරයත් මාරම සීතලයි. ලයානිගෙ බොඩි එක ෆයිනල් චෙකප් වලට ඉස්පිරිතාලෙට ගෙනාව දවසෙමයි යශෝධාගේ මාතෘ නිවාඩුව පටන් ගන්න තිබුනේ. ලයානිගෙ ගෙදර අය මල ගෙදර කටයුතු ලෑස්ති කරන්න පටන් ගත්තා. බබා එක්ක අමාරුවෙන් හිටපු යශෝධා අවසාන පාරට තමන්ගෙ යාලුවව බලලම නිවාඩු යන්න කියල හිතාගෙන මෝචරියට ගියා. මෝචරියෙ කවුරුවත් හිටියෙ නෑ. යශෝධාට මෝචරිය නුහුරු තැනක් උනේ නෑ. වෙලවෙ අට පහු වෙලා නිසා තවත් රෑ වෙනකං සීතලේ නොඉඳ ආපහු යන්න හැරුණා‍. ඒ සයිඩ් එකේ කිසිම ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් නර්ස් කෙනෙක්වත් හිටියෙ නෑ. යශෝධා ටිකක් අද බය වෙලා වගේ. එයාටම පුදුම හිතුනා. පහුගිය ටිකේ ලයානි එයා එක්ක හිත හොඳින් නෙවේ හිටියෙත්. ඒත් යශෝධාට ලයානි ගැන අපහැදීමක් තිබුනෙ නෑ කියන්නත් බෑ. යශෝධා මෝචරිය ඇතුලට යන්නැතිව ආපහු එන්න හැරිලා අඩි දෙකයි ගියේ. එයාට මුමුණන සද්දයක් ඇහුණා.

    මාව බලන්නෙ නැතිවම යනවද?

    යශෝධා ක්ෂණිකව පිටිපස්ස හැරුණා‍. කවුරුවත් පේන්න හිටියෙ නෑ. ඒ අතරේ තමා ලයිට් ගියේ. ඉස්පිරිතාලෙ ජෙනරේටර් නිසා ගියපු ගමන් ලයිට් ආවා. එයා දැක්කා ඇතුලෙ කෙනෙක් ඇවිදගෙන යනවා. එයා හිතුවේ ඒ සුදර්ශන කියන ඇටෙන්ඩන්ට් කියලා‍.

    සුදර්ශන.. ඔයා ඉන්නවද??

    කියාගෙන යශෝධා මෝචරිය ඇතුලට ගියා. කිසි කෙනෙක් පේන්න හිටියෙ නෑ. එකපාරම මෝචරියෙ දොර දඩස් ගාල වැහුනා. ඒ පාර නං යශෝධා හොඳටම බය උණා. එයා දොර අරින්න උත්සාහ කරත් දොර ඇරගන්න බැරි උණා.

    ඔයා මාව බලන්නෙම නැතිව යනවද කෙල්ලේ‍‍..

    ආපහු මුමුණන සද්දෙ ඇහුණා‍. ඒත් එක්කම මෝචරියෙ තිබුන මල මිනී තිබ්බ රාක්කයක් එකපාරටම ඇරුණා. යශෝධා එයාගෙ අතේ බැඳල තිබුණ පිරිත් නූල අත ගගා බුදුගුණ කියන්න ගත්තා. රාක්කය ඇතුලෙන් ලයානිගෙ ඔළුව මතු උණා. යශෝධා විලාප දීලා කෑ ගැහුවා. ඒ අස්සෙ ආපහු ලයිට් ගියා. මේ පාර නං ඉක්මණට ලයිට් ආවෙ නෑ. යශෝධා හොඳටම බය වෙලා හිටියෙ. එයා දොරට ගහ ගහ කෑ ගැහුවා. එකපාරම ලයිට් එද්දි ලයානි එයාගෙ මූණ ගාවටම එබිල හිටියා. එයාගෙ සුදුමැලි වෙච්ච මූණයි. කඩාදාපු කොණ්ඩයයි සුදු ගවුමයි නිසා යශෝධාගෙ බය තවත් වැඩිඋණා. ලයානි යශෝධා දිහා විලිත්තගෙන බලං හිටියෙ.‍ යශෝධා ඇස්පියාගෙන බුදුගුණ කියන්න ගත්තා. ඒ ගමන්ම මෝචරියෙ දොර ඇරුණා.

    මිස් මොකෝ මේ...

    කියපු සුදර්ශනයි ගිහානුයි යශෝධාව නැගිට්ටෙව්වා.

    මට පොඩි ක්ලාන්තයක් ඇල්ලුවා.

    කියලා යශෝධා බැලුවෙ ලයානි මතුවෙච්ච රාක්කෙ දිහා. එතන වහලයි තිබ්බෙ. යශෝධා ඉක්මණට ඒ රාක්කෙ ගාවට ගිහින් ඒක ඇරල බැලුවා. එතන ලයානිගෙ මල මිනිය නිසොල්මනේ තිබ්බා. ලයානිගෙ කට හරිය වසට හොඳටම තුවාල වෙලයි තිබුනෙ.

    මිස් තනියම ආවද යාලුව බලන්න. මිස් ඉක්මණට ආපහු යන්න. අද හුඟක් සීතලයි. අපි දෙන්න ඇරලවන්න එන්නම් වෝඩ් එක ලඟටම.

    සුදර්ශන කිව්වා. යශෝධා වැඩකලේ 78 වාට්ටුවෙ. ඒක තිබුනෙ පස්වෙනි තට්ටුවෙ. එදා ලෙඩ්ඩුත් අඩු දවසක්. පඩිපෙලෙන් නගින්න අමාරු නිසා යශෝධා ලිෆ්ට් එකේ යන්න ලිෆ්ට් එකට නැග්ගා. ලිෆ්ට් එක බිම් තට්ටුවේ ඉඳන් පලවෙනි තට්ටුවට ගියාම ලිෆ්ට් එකේ දොර ඇරුණා. ඒත් කවුරුවත් උඩට යන්න නැග්ගෙ නෑ. එන්න එන්නම සීතල වැඩි නිසා ලෙඩ්ඩුත් පොරවගෙන නිදාගෙන හිටියෙ‍. නර්ස්ලත් තේ බිබි හිනාවෙන සද්දෙ ලාවට වගේ යශෝධාට ඇහුණා. හැම තට්ටුවකම ලිෆ්ට් එකේ දොර ඇරුණට කිසිම කෙනෙක් නැග්ග නැති නිසා යශෝධාට ඒ පාරත් පොඩි බයක් ආවා. ලිෆ්ට් එක පස්වෙනි තට්ටුවට ආවා. යශෝධා කෙලින්ම වෝඩ් එකට ගියා. වෙලාව 9 පහුවෙලා. සේරමල්ලා කවදාවත් නැතුව කලින්ම නිදි. යශෝධාට නං නින්දක සේයාවක් වත් තිබුනෙ නෑ. යශෝධා හිටපු මේසේ ගාව කවදාවත් දැකල නැති නර්ස් කෙනෙක් හිටියා. යශෝධා එද්දිම එයා යශෝධාට පිටුපාල වොෂ්රූම් එක පැත්තට ගියා. ය‍ශෝධා පරිස්සමට මේසෙ ගාව පුටුවෙන් ඉඳගත්තා. ඒ අතරෙයි නන්දායි දේවිකායි ආවේ.

    අද අලුතින් නර්ස් කෙනෙක් ෂි‍ෆ්ට් උණාද මෙහාට

    යශෝධා හිනාමුසු මූනෙන් ඇහැව්වා

    කවුරුත් ආවෙ නෑ. අද වෝඩ් එකේම අපි තුන්දෙනයි ඉන්නෙ. දේවිකා කිව්වා

    මොකක්? මේ දැන් නර්ස් කෙනෙක් වොෂ්රූම් පැත්තට ගියානේ.... යශෝධා කිව්වා.

    මතුසම්බන්ධයි
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138

    අඩෝ ඉක්මනින් දාපන් මචන්😍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara

    කොහෙන්ද බන් ලයානියෙක් මතුවුනේ? 🤔
     
    • Love
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අඩෝ ඉක්මනින් දාපන් මචන්😍
    රෑ දානව මචං
    කොහෙන්ද බන් ලයානියෙක් මතුවුනේ? 🤔
    තුන්වෙනි එපිය ටයිප් කරද්දි වැරදිලා ඩමිය සේව් උණා. එඩිට් කරලා පෝස්ට් කරද්දි වෙලාවක් ගියා. ඒ අතරේ මචං උඹ කතාව කියවන්න ඇත්තෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    රෑ දානව මචං

    තුන්වෙනි එපිය ටයිප් කරද්දි වැරදිලා ඩමිය සේව් උණා. එඩිට් කරලා පෝස්ට් කරද්දි වෙලාවක් ගියා. ඒ අතරේ මචං උඹ කතාව කියවන්න ඇත්තෙ.
    ඒක තමා මාව කරකවලා අතැරියා වගේ වුනා ලයානියෙක් වස බීලා මැරිලා කිව්වම.. 🙄
     
    • Love
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    වර්ණා 5

    යශෝධා බය වෙලා වගේ නැගිට්ටා. නැගිටලා එයා වොෂ්රූම් පැත්තට අමාරුවෙන් ඇවිදගෙන ගියා. නන්දායි දේවිකායිත් යශෝධා පස්සෙන්ම ගියා. වොෂ්රූම් එකට ගියත් කිසි කෙනෙක් හි‍ටියෙ නෑ. ඒ අස්සෙයි වෝඩ් එක පැත්තෙන් කෙනෙක් හය්යෙන් කෑ ගහන්න ගත්තේ.

    කවුද ඒ පාර ආයිම කෑ ගහන්නේ??.

    දේවිකා එහෙම කියා‍ගෙන අඩියට දෙකඩ වෝඩ් එකට ගියා. නන්දාත් ඒ පස්සෙන්ම ගියා. ඒත් යශෝධා වොෂ්රූම් එකේ නතර උනා. වොෂ්රූම් එක තිබුනෙ වෝඩ් එකෙන් සෑහෙන දුරක් ඇතුලට ආවම. වහපු කාමර දෙකක් එක්ක තිබුන උඩ තට්ටුවෙ කෙලවරේම බැල්කනියට ලඟයි තිබුනෙ.

    මට සුනන්දව ඕන කෙල්ලේ..

    ආපහු මුමුණන සද්දෙ ඇහුණා. යශෝධා ට ඒ සද්දෙ ඇහුනෙ බැල්කනිය ලගින්. යශෝධා වොෂ්රූම් එකෙන් එලියට ඇවිත් කොරිඩෝව දිගේ බැල්කනියට ආවා. එලියෙ සීතලේ යශෝධාට පිටුපාල ඈත දිහා බලාගෙන හිටපු නර්ස් කෙනෙක් යශෝධා දැක්කා.

    කවුද ‍ඔයා.. මොකද්ද මේ කරන විහිළුව

    බැල්කනියෙ දාල තිබ්බ කහ පාට එලිය සුදු බිත්තියයි ටයිල් පොලවයි මත මූසල විදිහට විහිදුනා. ඒ අතරේ එලියෙ චූටියට වැස්සකුත් යනවා. යශෝධා බයෙන් බයෙන් නර්ස් දිහාවට ලං උණා. එයා අර නර්ස් ගෙ කර මතට අත ලං කරද්දිම ඒ නර්ස් යශෝධා දිහාට හැරුණා. ඒ හිටියෙ ලයානි. මූණ හොඳටම ඉදිමිලා සුදුමැලි වෙලා. ඇස් වටේට හොඳටම කලු වෙලා. යශෝධා පස්සෙන් පස්සට යන්න ගත්තා.

    මට මගෙ සුනන්දව ඕන.. මගෙ සුනන්දව ඕන...

    කියාගෙන කේන්තියෙන් ලයානි යශෝධාගේ ඇඟට පැන්නා. යශෝධා බිම වැටුණා. ලයානි යශෝධාගෙ බෙල්ල මිරිකන්න ගත්තා. ඒ අතරේ එතැනට ආපු පුංචි ගෑණු ලමයෙක් ලයානිව යශෝධාගෙන් ඉවතට තල්ලු කලා. බෙල්ල මිරිකපු පාර සැරට යශෝධාට සිහිය නැති උණා. අර ගෑණු ලමයා යශෝධාගෙ ඔළුව අතගාන්න ගත්තා‍ ටික වෙලාවකින් යශෝධාට සිහිය ආවා. ඒ එද්දි එයා හිටියෙ වෝඩ් එකේ ඇඳක.

    ඇති යාන්තං සිහිය ආවා‍‍‍‍.. කියපු දේවිකා යශෝධාව කෙලින් කරවලා එයා ට වතුර එකක් දුන්නා.

    මොනවද ලමයෝ මේ මහ රෑ බැල්කනියෙ කරන්නේ‍‍.. ඒකත් අර පාලු කාමර පැත්තෙ.. කාව හොයාගෙනද ගියේ.??

    කියපු නන්දා යශෝධාගේ ඔළුව අතගාන්න ගත්තා. ඒත් යශෝධා වටපිට බල බල හෙව්වෙ එයාව බේරගත්ත ලමයා කොහෙද කියලා.

    කෝ අර පොඩි ලමයා. මාව බේරගත්ත දරුවා..

    කියද්දි නන්දායි දේවිකායි මූණෙන් මූණ බලාගත්තා‍

    කවුද අනේ? දේවිකා ඇහුවා

    ඇයි අනේ හැමදාම මා එක්ක හිනාවෙවී හිටපු ලමයා. අර ඔළුවෙ අමාරුයි කියල සතියකට කලින් ඇඩ්මිට් කලේ‍? මාව මෙතනට ගේන්න එයා නේද ඔයාලට කතා කලේ. අර සුදු පාට කොණ්ඩෙ දිග ලස්සන පොඩි ගෑණු ලමයා?? යශෝධා බය වෙලා ඇහුවා.

    ආ මාදවී නෙ. එයා කොහොමද ඔයාව බේරගන්න එන්නෙ අනේ.. ඔයා ගිය වෙලේ අර කෑ ගැහුවෙ ඒ ලමයාගේ අම්මා. ඒ ලමයා මැරුණා. ගිහානුයි සුදර්ශනයි එයාව මේ දැන් මෝචරියට අරං ගියේ ...

    මොකක්?? යශෝධා බයවෙලා මාදවී හිටපු ඇඳ දිහා බැලුවා. එයා දැක්කා අර ගෑණු ලමයා ඇඳ උඩ එයාගෙ පුරුදු ක්‍රීම් පාට මල් මල් ගවුම ඇඳන් ඉඳගෙන එයා දිහා බලාගෙන හිනාවෙවී ඉන්නවා. හැබැයි යශෝධා ඇස්පිය ගහන ක්ෂණයෙන් ඒ ලමයා අතුරුදන් උණා. ඒ අතරේයි ලිෆ්ට් එකේ දොර ඇරුණේ. සුනන්දට දාඩියත් දාල. කොණ්ඩෙත් අවුල් වෙලා. එයා වෝඩ් එකට ඇවිත් වටපිට බලල යශෝධාව හොයාගෙන එතැනට ආවා.

    මොකද්ද ලමයෝ මේ කරන්නේ... අද ඉන්න ඕන කියපු නිසාමයි මම ඔයාට ඉන්න දුන්නෙ. නැත්තං ඩොක්ටර්ත් කිව්වා ගෙදර යන්න පුලුවන් කියලා.

    සුනන්ද යශෝධාගෙ ඔළුව අතගාන්න ගත්තා.

    මේ මහ රැ ඔයා කොහොමද ආවේ. යශෝධා සුනන්දගෙන් ඇහුවා

    අපියි කතා කලේ.. ඔයා හිටපු හැටි දැකලා අපි හොඳටම බය උණා. අපි ඩොක්ටර්ටත් කතා කලා. ඔයාට යන්න අවසර දුන්නා. දේවිකා කිව්වා

    ඒත්??? යශෝධා කට අරින්න හදද්දිම සුනන්ද කතාව වැහුවා.

    ඒත් මේත් නෙවේ‍. ඩොක්ටර්ට මාත් කතා කලා. ඔයාව අදම අරං යන්න කිව්වා. නිවාඩු වැඩේ එයා බලාගන්නං කිව්වා. දැං යමු.

    කියපු සුනන්ද යශෝධාට තවත් ටිකක් ලං උණා. සුනන්දගෙ අත අල්ලගෙන අමාරුවෙන් ඇ‍දෙන් බැස්ස යශෝධා සුනන්දත් එක්කම නර්ස්ල‍ාගෙ රේස්ට් රූම් එක පැත්තට ගියා. ඒ යන ගමනුත් එයා බැලුවෙ මාදවී ගෙ ඇඳ දිහා. අනික් ලෙඩ්ඩුත් යශෝධා එනවට එයා දිහා බලාගෙන හිටියා. යශෝධා ඒ හැමෝම එක්ක හිනා උණා.වෝඩ් එකන් පිටවුන දෙන්නා ගියේ කාර් පාක් එකට. යශෝධා ප්‍රෙග්නන්ට් උණ ගමන්ම සුනන්ද ෆික්ස් එකෙන් කෑල්ලක් අරං ගත්ත කාර් එක නිසා යශෝධාට ගමන් බිමන් යන්න අමාරු උණේ නෑ. පරිස්සමට යශෝධාව කාර් එකට නග්ගගත්ත සුනන්ද ගෙදර යන්න ඩ්‍රයිව් කරන්න ගත්තා. කාර් එකේ කවදාවත් නැතිව හරි නිහඩව තිබ්බෙ. යශෝධා බලාගත්ත අත බලාගෙන හිටියා. ඒ අතරෙයි සුනන්ද යශෝධාට කතා කලේ.

    බබා.. ඉස්සරහ පාර වහලා අපිට අර ප්‍රභාෂ් ලගෙ ගෙවල් වලට යන පාර පැත්තෙන් දාල යන්න වෙන්නෙ.. සුනන්ද කිව්වා. යශෝධා සුනන්දගෙ මූණ දිහා බලාගෙන හිටියා. වාහනේ අතුරු පාරට හරවපු සුනන්දගෙ කට ආයෙත් සැරයක් ඇරුණා‍.

    මල කෙලියය්‍.

    ඇයි? යශෝධා ඇහුවා.

    ආයෙම ඇක්සිඩන්ඩ් එකක්‍.

    ඔව් මයි මිනිස්සුත් පිරිලා.

    ඔයා මෙතන ඉන්න.. මම බලල එන්නං.. මේ පාරත් ප්‍රභාෂ් මොනවහරි කරගෙනද දන්නෑ..

    කියපු සුනන්ද වාහනේ පැත්තක නතර කරල යශෝධාට වාහනේ ඉන්න කියල බැහැලා ගියා. යශෝධා ෆෝන් එක අතට අරං ෆේස්බුක් එක පැත්තෙ රවුමක් දාන්න හදද්දිම එයාට අමුතුම මල් සුවඳක් ආවා. එයා බැලුවෙ ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ කණ්නාඩිය දිහා. ගෑණු ලමයෙක් එයා දිහා හිනාවෙලා බලාගෙන හිටියා. යශෝධා පොඩ්ඩක් තැතිගත්තාත් ඒ බව නොපෙන්වා හිටියා. ඒ එක්කම එයාගෙ සීට් එක පැත්තෙ ජනේලෙට කවුද තට්ටු කලා.

    මතු සම්බන්ධයි.

    (ගෑණු ලමයා කවුද කියල දැනගන්න මේ කතාව කියවන්න - https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/page-180)
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420

    එල එල ඔහොම යං
     
    • Love
    Reactions: Ayesh Sachintha

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    වර්ණා 6 අවසාන කොටස

    යශෝධා බයවෙලා එයාගෙ පැත්තෙ ජනේලෙ දිහා බැලුවා. කවුරුවත් හිටියෙ නෑ. අර ආපු සුවඳත් එකපාරටම නැති වෙලා ගියා. එයා ආපහු ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ කණ්නාඩිය දිහා බැලුවා. ඒත් කවුරුවත් හිටියෙ නෑ. එයා හිටියෙ කැලෑවක් ලඟ නිසා ටිකක් බය විතර බය උණා.

    අම්මේ...

    කැලෑව ඇතුලින් ඇහුනේ එයාගෙ දූගෙ කටහඩ.

    අම්මේ...

    තවපාරක් ඇහුණා.

    මගෙ දූ

    කියාගත්ත යශෝධා අමාරුවෙන් වාහනෙන් බැස්සා. සුනන්ද ඈත කට්ටිය එක්ක ලොකු කතාවක්. ඇම්බියුලන්ස් එකක් ඇවිත් කෙනෙක් ගෙ මිනියක් ඇතුලට දාගත්තා. ඒ අතරේ ආයෙම යශෝධාගෙ දුව කෑ ගහන සද්දෙ ඇහුණා. ෆෝන් එකේ ටෝච් එක දාගත්ත යශෝධා කැලෑව පැත්තට ෆෝන් එක ඇල්ලුවා. පොඩි ලමයෙක් ගහක බැඳලා වගේ පේන්න ගත්තා. යශෝධා හිමීට අඩිය තිය තිය කැලෑව ඇතුලට යන්න ගත්තා. ඒ අතරේ සුනන්ද ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට ඇවිත් හිටපු ලඟ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කර කර හිටියෙ.

    මේ හරියෙ හරියට අමනුස්ස දෝස තියෙනවා පුතා

    ඇයි අපෙ හාමුදුරුවො එහෙම කියන්නේ.

    අර දැරිවියක් දෙන්න තියෙන දසවද දීලා මරල දාල තිබ්බෙ අන්න අර පේන අම්බලම ඇතුලෙ.

    හාමුදුරුවෝ පාරෙන් එහා පැත්තෙ කැලේ ඇතුලට වෙන්න තිබ්බ පරණ ගෙයක් පෙන්නුවා.

    මේ හරියෙම නේද අපෙ හාමුදුරුවනේ ප්‍රභාෂ්ට කරදරත් උණේ?

    ඔව්.. ඒ ලමයා හරි අහිංසක ගුණවත් ලමයෙක්. ඒ ලමයටත් මොන අපලයක් පලදීලද මන්දන්නෑ පිස්සු නොහැදි බේරුනා ඇති මේ වෙච්ච කරදර වලින්. මේ ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙත් ඒ ලමයගෙ වැඩ කරන තැන යාලුවෙක්.

    එහෙමයි අපේ හාමුදුරුවනෙ.

    ඒ අස්සෙ යශෝධා කැලෑව පීරගෙන ඇතුලට යන්න ගත්තා. ඒ හරියෙ කැලෑව උණාට පරණ ගෙවල් තිබිච්ච ‍තැනක්. ගහක බැදිල යශෝධාගෙ අතේ බැඳල තිබ්බ පිරිත් නූල කැඩුනා. ඒක නොදැන යශෝධා ගියේ වහලදාල ගියපු පරණ මැටි ගෙයක් ලඟට.

    දූ...

    යශෝධා කතා කරා. ඒ ගමන්ම එයාට මහ අමුත්තක් දැනුනා. ඔය අස්සෙයි සුනන්ද වාහනේ ලඟට ඇවිත් බෙරිහන් දෙන සද්දෙ යශෝධාට ඇහුණේ. යශෝධා ආපහු හැරිලා හිමින් හිමින් සින්දුවක් කියාගෙන සුනන්ද ගාවට ගියා.

    මොනවද යශෝධා කරන්නෙ.. මම කීවෙ කාර් එකේ ඉන්න කියලනෙ.

    ඒ වෙනකොටත් කාර් එක ලඟට ගොඩක් අය ඇවිල්ල හිටියෙ. හාමුදුරුවොත් ලඟ හිටියා. යශෝධා හාමුදුරුවො දිහා රවල බලල කාර් එකට නැග්ගා. සුනන්දත් ආපු හැමෝටම ස්තූති කරල හාමුදුරුවන්ට වැන්දා. යශෝධා වාහනේ ඇතුලෙ ඉඳන් හාමුදුරුවෝ දිහා රවල බලං හිටියා මිසක් වඳින්න ගියේ නෑ. හාමුදුරුවොත් යශෝධා දිහා බලාන ඉඳලා ආපු අයත් එක්ක යන්න ගියා. සුනන්දත් වාහනේට නැග්ගා‍.

    මම හොඳටම බය උණා. ඇයි හාමුදුරුවන්ට වඳින්නවත් බැස්සෙ නැත්තෙ??

    කියද්දි යශෝධා කවදාවත් නැතුව සුනන්දට ලිප් කිස් එකක් දීලා කතා කරන එක නැවැත්තුවා. ඉන් පස්සෙ හිනාවෙවී ඉස්සරහ බලාගෙන හිටියා.

    අනේ මන්දා අද මෙයාට මොනව වෙලාද කියලා.

    කියපු සුනන්දත් හිනාවෙවී වාහනේ ස්ටාට් කලා. යශෝධා එයාගෙ පැත්තෙ කණ්නාඩියෙන් මූණ බලාගත්තා. එයාගෙ මූණෙ අමුතු හිනාවක් තිබුනා.

    ඉවරයි????????????
     
    ehema iwara une komada ban
     
    • Love
    Reactions: Ayesh Sachintha

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    යශෝධා
    01 කොටස

    සුනන්ද තාමත් නැති නිසා යශෝධා වාහනෙන් බැස්සෙ "අම්මා" කියල එයාගෙ දූ කෑගහපු සද්දෙ ඇහුන නිසා. ඒ අතරෙ හැමදාම අඳින රෝස පාට මල් වැටිච්ච සුදු පාට ගවුම ඇඳගත්ත යශෝධාගේ දූ කැලෑව අස්සෙන් අත වනන්න ගත්තා. ඉන් පස්සෙ එතන තිබ්බ ගෙය ඇතුලට ගියා. යශෝධා නිකං වශියකට අහු උනා ‍වගේ කැලෑව පීරගෙන කැලෑව ඇතුලට යන්න ගත්තා. ඒ හරියෙ කැලෑව උණාට පරණ ගෙවල් තිබිච්ච ‍තැනක්. ඈතින් දූ ගිය පරණ ගෙය පේන්න තිබුණා. ඒ ගෙදර ඇතුලෙ කුප්පි ලාම්පුවක් දැල්වුනා. පසලොස්වක පෝයට කලින් දවස නිසා හොඳට පැහැදිලිව කැලේ පෙනුනා. ෆෝන් එකේ ටෝච් එකත් අල්ලගෙන ගෙදර මිදුලටම යශෝදා ගියා. එහෙම යද්දි මිදුලෙ තිබ්බ මැලවිලා ගිය රෝස පැලයක ගහක බැදිල යශෝධාගෙ අතේ බැඳල තිබ්බ පිරිත් නූල කැඩුනා. යශෝධාට ඒක ගාණක්වත් නෑ‍ ඒක නොදැන යශෝධා ගියේ වහලදාල ගියපු පරණ මැටි ගෙය ඇතුලට

    දූ...

    යශෝධා කතා කරා. ඒ ගමන්ම එයාට මහ අමුත්තක් දැනුනා. මැටි ගෙදර ඉස්සරහ දොර ඇරුණා.

    අම්මා...

    ආයිමත් ඒ හඩ ඇහුණා.

    දූ...

    කියාගෙන එයා මැටි ගේ ඇතුලට ගියා. ගේ ඇතුලෙ මාරම මූසලයි. කාලෙකින් කවුරුත් හිටි බවක් පේන්නත් නෑ. කුස්සිය පැත්තෙන් චිමිනි ලාම්පුවෙ එලිය වැටෙන්න ගත්තා.

    ගෙදර කවුද??

    කියද්දිම ඉස්සරහ දොර වැහුණා. යශෝධාට නිකං පියවි සිහියට ආවා වගේ. එයා බයවෙලා දොර ගාවට ගිහින් දොර අරින්න බැලුවා ඔය අස්සෙයි සුනන්ද වාහනේ ලඟට ඇවිත් බෙරිහන් දෙන සද්දෙ යශෝධාට ඇහුණේ.

    මාව බේරගන්න සුනන්ද..

    යශෝධා කෑ ගැහුවා. ඒත් ඒ හඩ ඇහුනේ නෑ. යශෝධාට ඇහුනා කෙනෙක් සින්දුවක් කියාගෙන ඈතට ඇදෙන සද්දෙ. එයාට ඒ සින්දුව හොඳට හුරුයි. යශෝධා බඩත් අල්ලගෙන බිම වාඩි උනා. යශෝධා විලාප දුන්නා. කාටවත් එයාගෙ සද්දෙ ඇහුනෙ නෑ. ඒ එක්කම දොර ඇරුණා. ටික වෙලාවකින් යශෝධා වාහනේ තිබ්බ තැනට ගියා

    මොනවද යශෝධා කරන්නෙ.. මම කීවෙ කාර් එකේ ඉන්න කියලනෙ.

    ඒ වෙනකොටත් කාර් එක ලඟට ගොඩක් අය ඇවිල්ල හිටියෙ. හාමුදුරුවොත් ලඟ හිටියා. යශෝධා හාමුදුරුවො දිහා රවල බලල කාර් එකට නැග්ගා. සුනන්දත් ආපු හැමෝටම ස්තූති කරල හාමුදුරුවන්ට වැන්දා. යශෝධා වාහනේ ඇතුලෙ ඉඳන් හාමුදුරුවෝ දිහා රවල බලං හිටියා මිසක් වඳින්න ගියේ නෑ. හාමුදුරුවොත් යශෝධා දිහා බලාන ඉඳලා ආපු අයත් එක්ක යන්න ගියා. සුනන්දත් වාහනේට නැග්ගා‍.

    මම හොඳටම බය උණා. ඇයි හාමුදුරුවන්ට වඳින්නවත් බැස්සෙ නැත්තෙ??

    කියද්දි යශෝධා කවදාවත් නැතුව සුනන්දට ලිප් කිස් එකක් දීලා කතා කරන එක නැවැත්තුවා. ඉන් පස්සෙ හිනාවෙවී ඉස්සරහ බලාගෙන හිටියා.

    අනේ මන්දා අද මෙයාට මොනව වෙලාද කියලා.

    කියපු සුනන්දත් හිනාවෙවී වාහනේ ස්ටාට් කලා. යශෝධා එයාගෙ පැත්තෙ කණ්නාඩියෙන් මූණ බලාගත්තා. එයාගෙ මූණෙ අමුතු හිනාවක් තිබුනා.

    අපි ඉක්මණට යමු සුනන්ද..

    සුනන්දගෙ ඇස් දිහා බලං යශෝධා කිව්වා. ඒ අතරේ කෙනෙක් බෙ‍ාහොම අමාරුවෙන් සුනන්දගෙ වාහනේ පැත්තට එනවා. සුනන්ද වාහනේ ස්ටාට් කරගෙන ගියා.

    සුනන්ද......

    කැලේ ඇතුලෙ ඉඳන් අමාරුවෙන් ආපු යශෝධා වාහනේ නවත්තලා තිබුන තැනට ඇවිත් ඈත යන වාහනේ දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකින් එයා බිම ඇදගෙන වැටුණා. එතකොට කාර් එකට නැග්ගෙ කවුද????

    Ado ela ela.
    Ikmanata dapan