මෙවැනි තරඟයක් සංවිධානය කරන එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකට ද කියනවනම් හැම පැත්තෙන් ම විවිධ චෝදනා, ගැරහීම් වගේ දේවල් එන්න පුළුවන්. එවැනි දේවල් වලක්වා ගනිමින්, එවැනි ගැටලු ඇති නොවෙන අයුරින් නීති සකස් කරමින්, නොබියව තරඟයේ අවශ්‍යය සංවිධායකත්වය දෙමින් ඒ සඳහා දායක වුණ නම් වශයෙන් සඳහන් නොකරන සංවිධායක මඩුල්ලට මගේ විශේෂ ස්තූතියි පිරිනමනව.
ජය පරාජය කොසේ වෙතත් තරඟයට ඉදිරිපත් වීම හා තරඟය සාමකාමිව හා සහෝදරත්වයෙන්, කණ්ඩායම් හැඟීමෙන්, තරගකාරීව පවත්වාගැනීමට කටයුතු කිරීම තමයි මගේ පෞද්ගලික මතය අනුව ජයග්‍රහණය විදියට මම දකින්නෙ. ඒ නිසා මේ කණ්ඩායම් දෙකේ ම සාමාජික සාමාජිකාවන් හා ඔවුනට සහය දැක්වූවන් ඉතා ම අගය කොට සලකනව.
හැමදෙනා ම උපරිම සතුටක්, විනෝදයක් ලැබුව කියල හිතනව. යම් යම් හිත අමනාපකම් ඇතිවෙන්න ඇති. ඒ දේවල් සේරම අමතක කරල නැවත එකා වගේ එළකිරි සාමාජිකයන් විදියට සතුටින් සහෝදරත්වයෙන් ඉඳියි කියල බලාපොරොත්තු වෙනව.
එළකිරි පාලනාධිකාරියේ සියලුම දෙනාටත් සතූතිවන්ත වෙනව මේ වගේ සයිට් එකක් පවත්වාගනිමින් ලෝකයේ කොහේ සිටියත් ලාංකිකයන් ලෙස එකමුතුව මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්න අවස්ථාවක් සලසල දෙනවට.
ජයග්‍රාහී කණ්ඩායමට හා සියලුම දෙනාට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! සුභපතනව සෑම දෙනාටම