Answered "කියවීමෙන් මිනිසා අසම්පූර්ණ බව හඟවයි"

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    Part - 1

    කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියලා කියමනක් අපි හැමෝම අහලා තියෙනවනේ. මට මතකයි මේ කියමන ඉස්කෝලේ බිත්තිවල අපේ නෙත් ගැටෙන විදියට ලියලා තිබුණා. මම පොඩි කාලේ ඉඳන් කියවීමට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් . අධිමාත්‍රාවෙන් කියවපු කාලයක් තිබුණා . කියවීම මනසට ව්‍යායාමයක් කියලා කවුදෝ දාර්ශනිකයෙක් කියලා තිබුණා මතකයි . පොත් කියවීම පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන මම කැමතිම හරි ලස්සන අදහසක් ඒක. පොත් කියවීම ගැන කොයිතරම් හරවත් ලස්සන අදහස් ඉදිපත් වෙලා තිබුණත් "කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ" කියන අදහස මේ සමාජය ඇතුළේ පුදුමාකාර විදියට මුල් බැහැගෙන තියෙනවා . ඇත්තටම මට මේ කියමන ගැන තියෙන්නෙ ටිකක් ප්‍රතිවිරුද්ධ අදහසක්. මේ ලිපිය කියවන ඔයා ඒ අදහසට එකඟ නොවෙන්න පුළුවන් . ඒකෙ ගැටලුවක් නැහැ. ඒක ඔයාගේ නිදහස. ඒක ඔයාගේ අයිතිය.

    ඇත්තටම සම්පූර්ණත්වය කියන්නේ මොකද්ද? සම්පූර්ණයි කියන තැන්වල ඇත්තටම සම්පූර්ණත්වය තියෙනවද? සම්පූර්ණත්වය මනින්නේ කිනම් මිනුම් දණ්ඩකින් ද? වගේ තර්ක විතර්ක ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් . නමුත් ඒ වගේ අනවශ්‍ය තර්ක විතර්කවලින් මේ ලිපියට අනවශ්‍ය සංකීර්ණත්වයක් ආරෝපණය කරන්න මට අවශ්‍ය නැහැ. "කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි" කියන කියමන පිළිබඳ මගේ අදහස තර්ක විතර්කවලින් මැදිවුණ බරසාර අදහසක් නම් නෙවෙයි.

    පොත් කියවීම එක්ක වයසින් මුහුකුරා යද්දී තේරෙනවා කියවීමට මිනිසා සම්පූර්ණ කරන්න බෑ කියලා. නමුත් කියවීමට පුළුවන් මිනිසා අසම්පූර්ණයි කියලා කුනිත්තලා මතක් කරලා දෙන්න.

    මම පොඩි කාලේ මුලින්ම කියෙව්වේ ළමා කතන්දර පොත්. ඊට පස්සේ අබිරහස් පොත් කියවන්න පටන් ගත්තා . කියවන්න කියවන්න මට දැනුණේ අත්දැකීම් හා දැනුමෙන් මා තුළ අසම්පූර්ණ හැගීමක්.

    සරලව හිතන්න. පොත් කියවන්නෙ නැති ඉහළ අධ්‍යාපනයක් නැති කෙනෙක් තමන් සියල්ල දන්නවා වගේ හැගීමකින් ජීවත් වෙනවා කියලා. නමුත් පොත් කියවන කෙනෙක් පොත් කියවන්න ඇබ්බැහි වුණ කෙනෙක් එහෙම සිතීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි කියවන පුද්ගලයා දන්නවා තමන් අත්දැකීම්වලින් දැනුමෙන් අසම්පූර්ණ පුද්ගලයෙක් කියලා. නමුත් කියවන පුද්ගලයෙකුට මේ දැනෙන අසම්පූර්ණ බව එම පුද්ගලයා ඍනාත්මක කරවන අදහසක් නොවේ. දැනුමෙන් අත්දැකීම්වලින් තමන් තුළ රික්තයක් අඩුවක් තියෙනවා කියලා දැනෙනකොට ඔහු තව තවත් කියවීමට පෙලඹෙනවා. පොත් කියවන පුද්ගලයා විතරයි දන්නේ තමන්ට හඹා යන්න විශාල දැනුම් සම්භාරයක් මෙන්ම අත්දැකීම් සම්භාරයක් තිබෙන බව.

    මට මේ ලඟදි දවසක් පොත් කියවීමට ලැදි මගේ මිතුරෙක් හමුවුණා . ඔහු මට මෙහෙම කිව්වා. "මම මීට අවුරුදු තුනකට විතර කලින් ත්‍රිපිටකය පුළුවන් විදියට කියවන්න ගත්තා ඊට පස්සෙ මම බයිබලය කියවන්න ගත්තා. මේ දවස්වල බයිබලය කියවන ගමන්.මම ඊළගට කුරාණය කියවනවා."කියලා. ඔහු එහෙම කියනකොට දැනුණේ මේ තරම් ආසාවෙන් උද්යෝගයෙන් කියවන තරුණයන් ඉන්නවා නේද කියලා සතුට මුසු හැගීමක්. ඒ තමයි පොත් කියවන්නන්ගේ ස්භාවය. ඔවුන් තුළ තියෙන්නේ දැනුම් පිපාසයක්.

    ඇත්තෙන්ම කියවීමට මිනිසා සම්පූර්ණ කරන්න පුළුවන් නම් මිනිස්සු පොත් කියවලා කියවලා සම්පූර්ණ වුණාට පස්සේ කියවීම අතාරින්න ඕන. නමුත් පොත් කියවන්න හුරු වුණ කෙනෙක් අවසන් හුස්ම පොද දක්වා කියවනවා. මිනිස්සු ජීවිතේ අවසානය දක්වා කියවීම අතාරින්නේ නෑ කියන්නේ ඔවුන් කියවීමෙන් තෘප්තිමත් නෑ කියන එක. ඒ තුළින් පැහැදිලි වෙන්නේ අසම්පූර්ණයි කියන අදහස.

    කියවීමට කෙනෙක් පොලඹවාගන්න සාර්ථකම ක්‍රමය "කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ" කියන අදහස හැඟවීම නොව "කියවීමෙන් මිනිසා අසම්පූර්ණ බව හඟවයි" යන අදහස අවබෝධ වෙන්න ඉඩහැරීමෙන් කියලා මම විශ්වාසය කරනවා. කියවීම ප්‍රගුණ කිරීම තුළින් අපේ ජීවිතවලට ලැබෙන අත්දැකීම් දැනුම අපිට කවදාවත් මිල කරන්න බෑ. එමනිසා අප කළ යුත්තේ කියවීම ප්‍රගුණ කිරීමයි.

    —————————————————————

    Part - 2

    කියවීම මිනිසා පරිපූර්ණත්වයට පත් කරයි යන්න අප හොඳින් දන්නා කරුණකි. එහෙත් වත්මන් පරපුර කොතෙක් දුරට කියවීමෙන් පරිපූර්ණත්වයට පත්වන්නේද යන්න පැහැදිලිව නිශ්චය කරගත හැකි කරුණක් නොවේ. මෙම අදහස පෙරදැරිව වත්මන් තරුණ පරපුර කෙරෙහි අසාධාරණ නිගමනයකට පැමිණීමද නොකල යුතුය. ඒ සාහිත්‍ය මාසය තුල බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාව අතුරු සිදුරු නැතිව පිරී යන්නේ කියවීමේ පිපාසාවෙන් පෙලෙන තරුණ තරුණියන්ගෙන් වීම නිසාය.

    පොත පත කියවීමෙන් උකහා ගන්නා බුද්ධිය ආකල්පමය පරිවර්තනයකට යොමු නොවීම වත්මන් සමාජ ක්‍රියාවලියේ අයහපත් පැතිකඩකි. මෙම තත්ත්වය

    නිසා සමාජමය ගැටලු හමුවේ බුද්ධිමත් ලෙස ඉදිරිපත් වීමේ හිඩැසක් තරුණ පරපුරට උරුම වී ඇත. එබැවින් මෙම තත්වයන් පිළිබදව සමාජ කතිකාවක් ගොඩ නැගීම වැදගත්ය.

    සාහිත්‍ය කියවීමෙන් විවිධ ගැටලුවලට මුහුණ දුන් විවිධ පුද්ගලයන් ගැන අවබෝධ කර ගැනීමටත් ඒ අනුව තමන් මුහුණ දෙන අභියෝගවලට ඉදිරිපත් වීමේ

    බුද්ධිමය මාර්ගයට ප්‍රවේශ වීමත් සිදුවේ. මෙම නිසා සාහිත්‍ය කියවන පුද්ගලයා සෙසු පුද්ගලයන්ට වඩා වෙනස්ය. බුද්ධිමත්ය. එසේම ගැටළුවට ස්වාධීනව මුහුණ දීමට හැකි අයෙකු වන්නේය.

    කියවීමේ පුරුද්ද අප ඇති කර ගත යුත්තේ සෙමින්ය. එසේ කියවීමට හුරුවන පුද්ගලයා ක්‍රමිකව ප්‍රායෝගික මනෝ විද්‍යා පොත් පත් පරිශීලනයට යොමු වීමද වැදගත්ය. මනුෂ්‍ය ජීවිතය හා සබැඳිබොහෝ ගැටලු විසඳා ගැනීම සදහා වූ මානසික ප්‍රවේශය ලබා ගත හැක්කේ ඒ තුළිනි. බොළඳ සාහිත්‍ය කෘති කියවීමෙන් සිදුවන්නේ පුද්ගලයා සමාජ මානසික ගැටලු රැසක හුදකලා කිරීමකි. නැතහොත් කෘතිය කියවා අවසන් වන විට පාඨකයාගේ හිස මතට ප්‍රශ්ණාවලියක් පැටවීමකි.

    වර්තමානයේ කාර්ය බහුල ජීවිතයක් ගත කරන පුද්ගලයන් හට පොත පත කියවීමට තරම් කාලයක් නැති තරම්ය. ලැබෙන කුඩා හෝ විවේකයත් දුරකතනයට

    යොමු වී ගත කරන අයුරැ සුලබ දසුනකි. කරුණු කෙසේ වුවද ලද විවේකයෙන් කොටසක් හෝ ජීවිතාබෝධය ලැබීමට හැකි පත පොතක් කියවීමට යොමු වීම

    වැදගත්ය. කියවීමෙන් ලැබෙනුයේ දැනුම පමණක් නොව ජීවිතාබෝධයක් වන බවද සිත්හි තබා ගත යුතුය.

    —————————————————————

    Part - 3

    කාලීන සමාජයේ පොතට ඇලුම් කරන්නෝ කවුරුන්ද? පොතක ඇති වටිනාකම පිළිබඳ යමෙකුගෙන් විමසුව හොත් කුමන ආකාරයේ පිළිතුරක් ලැබේවිද කියා සිතාගත නොහැකිය. වත්මන් සමාජය තුළ පොත් කියවීම සඳහා මිනිසුන් රුචිකත්වයක් දක්වන්නේ ඉතාමත් අඩුවෙනි. පොත් කියවීම විනෝදාංශයක් කරගත් අයවලුන් ද සිටිති. පොත නැතුවම බැරි පරිසක් ද සිටිති. ඒ අතර මැද පොත් කියවීම කම්මැලිකමක් සේ සලකන පිරිසක් ද සිටියි. එමගින් පෙනී යන්නේ එකිනෙකා පොතට ලබාදෙන වටිනාකමයි. පොතක් කියවීමට නිදහස් වටපිටාවක් අවශ්‍යම නැත. නමුත් මානසික වටපිටාව අප විසින්ම ගොඩනගාගත් තැන පොතක් කියවීමට තරම් නිදහස් පරිසරයක් අප නොදැනුවත්වම නිර්මාණය වේ. බණ පොතක් අපි කියවනු ලබන්නේ මානසික නිදහසක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. එබැවින් පොතක් කියවීම භාවනාවකට සමාන කළ හැකිය. මනස නිරවුල් නම් අප කියවන දේවල් අපගේ මනසේ තැන්පත් වන අතර නිදහස් මනසක් නොමැති වූ කල කොපමණ පොත් සංඛ්‍යාවක් කියවූවද කිසිදු කරුණක් මතකයේ රැඳෙන්නේ නැත. පොතක් කියවීම තුළින් මානසික නිදහසක් අප බලාපොරොත්තු වුවද අපගේ මානසික ඒකාග්‍රතාවය ද අනිවාර්ය වේ. ඔබ කිසිම විටෙක කාලය අපතේ අත් නොහරින්න. හැකි සෑම විටම පොතක් අතට ගන්න. රූපවාහිනිය, අන්තර්ජාලය, ජංගම දුරකථනය අභිමුව ඔබේ වටිනා කාලය බිලිනොදෙන්න. හැකි සෑම විටම ඔබට ප්‍රයෝජනවත් යැයි සිතන දෙයක් වෙනුවෙන් කාලය වැය කරන්න. පොතක් කියවීමට සිතේ උනන්දුව තිබීම අනිවාර්ය වේ. ඔබේ සිතෙත් උනන්දුව ඇති කරගන්න. පොතක් කියවීම තුළින් ඔබට නැතිවන්නට දෙයක් නැත. එමගින් ඔබට දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කරගත හැකිය. එය ඔබේ ජීවිතයට යමක් එකතු කරගත හැකි තෝතැන්නකි. ඔබ කිසිම විටෙක පොතක පිටකවරය දෙස බලා පොතෙහි ඇතුළාන්තය නිගමනය නොකරන්න. හැකි සෑම විටම පොතෙහි හරය පමණක් ලබාගන්න. පොතෙහි අභ්‍යන්තර සාරය පමණක් උරා බොන්න. කියවීමෙන් ඔබේ ජීවිතයට පන්නරය ලබාගන්න. එමගින් ඔබ ඔබව දකින්න. ඔබ ඔබම නිර්මාණය කරගන්න. ඔබ තුළින් අනෙක් අයට ආදර්ශයක් මතු කර පෙන්වන්න.

    “කියවීම මිනිසා සම්පූර්ණ කරයි”

    නම් ඔබ තුළින් සම්පූර්ණ මිනිසෙකු ඉස්මතු කර ලෝකයාට පෙන්වන්න. ඔබ නිතර පොත් ගුල්ලෙකු වන්න. ඔබ පොතට ආදරය කරන්න. “පොත නුඹ හොඳයි මිතුරන දහසකට වඩා” යැයි සෑම විටම සිතන්න. පොත මිතුරෙකුව කරගන්න එතුළින් ඔබට සම්පූර්ණ මිනිසෙකු වියහැකි බව නොඅනුමානය.



    Additional:

    එන්න අපි පුස්තකාල ගැන කථා කරමු
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    කියවීම කියන්නෙ තමන් කොච්චර අසම්පූර්ණ ද කියලා අවබෝධ කරලා දීලා ඒ අසම්පූර්ණබව නැති කරගන්න උදව් වෙන හොදම මාර්ගයක් තමයි. :yes:

    127fd1919fa2e11fd5719336266e1f65.jpg
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,074
    2,388
    113
    22
    It was Francis Bacon who said that Reading Maketh a Full Man....

    But note that Einstein said - “Any man who reads too much and uses his own brain too little falls into lazy habits of thinking.” :ROFLMAO:
    Mata me Einstein kiyapu eka therenne naane. E mokadda kiyala kaata hari kiyanna puluwanda
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    Mata me Einstein kiyapu eka therenne naane. E mokadda kiyala kaata hari kiyanna puluwanda
    ඇත්තටම මේක සිහලට පරිවර්තනය කරලා නියම අදහස ගන්න අමාරුයි මෙතන පොඩි උපහාසාත්මක ගතියකුත් තියනව, ටිකක් මේ වගේ,
    ඕනෑවට වඩා කියවන සහ තමාගේම මොළය අඩුවෙන් භාවිතා කරන ඕනෑම මිනිසෙක් කල්පනා කිරීම නැමති කම්මැලි පුරුද්දට වැටේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    Bmich ඒකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ යන්නේ පොත් කියවන්න නෙමේ බන්. රුල්ලට. උන් ටික මාස්ටර් ගයිඩ් එකට රිංගන්න තමා වැඩි හරියක් බලන් ඉන්නේ. අනික ඔය ගෙනියන පොත් බලන උන් පට්ට අඩුයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,491
    113
    Mother Earth
    අඩේ මම දන්නවා මේ thread එක වැදගත් කියලා. ඒත් මෙච්චර හෑලි මට කියවන්න හිතෙන්නේ නෑනේ. වෙලා තිබ්බත් කියවන්න හිතෙන්නේ නෑ. 🙁
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    @SHEHAN_GIWANTHA



    mata issella hithuneth meka sure nathi hindai ahuwe. mage wataheemata anuwa wada niwearadi theruma meka wennone
    ඇත්තටම අපිට කරන්න පුලුවන් ආසන්න තේරුමක්දෙන එක විතරයි. හොඳ භාෂා දැනුම හා ආගන්තුක රටේ සංස්කෘතිය ගැනත් ලොකු දැණුමක් ඕන නිවැරදි අදහස තේරුම්ගන්න හා අපේ අයට තේරුම්ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරන්න.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Bmich ඒකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ යන්නේ පොත් කියවන්න නෙමේ බන්. රුල්ලට.

    උන් ටික මාස්ටර් ගයිඩ් එකට රිංගන්න තමා වැඩි හරියක් බලන් ඉන්නේ. අනික ඔය ගෙනියන පොත් බලන උන් පට්ට අඩුයි.
    Ea kiwe ban
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ඇත්තටම මේක සිහලට පරිවර්තනය කරලා නියම අදහස ගන්න අමාරුයි මෙතන පොඩි උපහාසාත්මක ගතියකුත් තියනව, ටිකක් මේ වගේ,
    ඕනෑවට වඩා කියවන සහ තමාගේම මොළය අඩුවෙන් භාවිතා කරන ඕනෑම මිනිසෙක් කල්පනා කිරීම නැමති කම්මැලි පුරුද්දට වැටේ.
    Also Confucius said “Learning without thinking is useless. Thinking without learning is dangerous.” :unsure: